web 2.0

Tuesday, March 29, 2011

කවි කතාවක්[ඉංග්‍රීසි මිසී.]



කඩු මිස්ලට හරි අපලයි කියාල හිතෙනව මිතුරේ
ඒක හිතුනෙ ඇසගැටුනම සිහින ලියපු කතන්දරේ
හිතුන මටත් පද බඳින්න කවියෙන් මේ කතන්දරේ
කියවාලා කමෙන්ට් එකක් දානවනම් තුති මිතුරේ



අපිත් නවය වසරේ ඉන්නාවිට ඉස්කෝලේ
ඒ දෙදහස් අට වසරයි මගෙ මතකේ
අපේ කොල්ලො ටික ආතල් අංක එකේ කොළු රෑනේ
කලා මෙන්න මෙහෙම වැඩක් හිනා වෙන්න පුංචි පහේ



එකෙක් හිටිය අපෙ පන්තියෙ ක්‍රිකට් ගහන හවස් වෙලේ
ඌ ගෙනල්ල තිබ්බා බඩු මුට්ටු ඕන කරන අනේ
තවත් එකෙක් හිටිය ඇත්ලටික් කරනා පන්ති කොනේ
උගේ ශෝට උඩ දානව අපේ කොල්ලො අනිත් කොනේ



හිටිය අපට ගුරුතුමියක් ජාතිය වූයේ මුස්ලිම්
අපේ උන්ට පෙන්නන්නට බෑ ගුරුතුමි කිසිම දිනේ
ඉගැන්නුවේ කඩ්ඩ තමයි පන්ති වලට ඉස්කෝලේ
එදා අපට ආවේ රිලිෆ් කාලඡේදයක මිතුරේ



ආපු ගමන් අපේ කොල්ලො ටික ෆුල් සයිලන්ස් උනා
"ගුඩ් මෝනිං" කියල ගුරුතුමී පැතුවා සුභ උදයක්
අපේ උන්ගෙ ගොං කටවල් ඇරුනා මිතුරනි මෙවෙලේ
"ආයුබොවන්" කීව අනිත් පැත්තට කොල්ලන් හිනා වෙවී



"ආයුබොවන්"කියල අපේ කොල්ලන් ටික හිනා කතී
මිස්ට කරපු බලු වැඩේට ගියා මටත් හිනා බොලේ
මිස්ගේ රතු කටු පැන්නා අපේ උන්ට බැන්න වෙලේ
කොල්ලො ටිකත් බ්‍රේක් නැතුව හිනා වෙනවා කටවල් කන්වල එවෙලේ



මිස්ට ඉන්න බැරි විය මේ වෙලාවෙ අපේ කරුමෙට
ගියා අංශ භාර සර් ලඟට කිව්වා සිද්ධියෙ තතු මෙලෙසේ
සර් ආව වේවැලකුත් උස්සාගෙන මේ වේලේ
දුන්න එකෙක්ගේ කණ හරහට වේවැල් පාර අනේ



ඌ විතරයි ගුටි කෑවේ අපේ කොල්ලො ඩිම් වුනා
ආයි ඔහොම දෙයක් වෙන්න බෑ කියලා සර් කිව්වා
බයට අපේ අයත් එදා කටවල් වහගෙන උන්නා
එදා දිනය ඔන්න ඔහොම දන්නැතුවම ගෙවිල ගියා



තවත් දිනක් ඒ වසරෙම කලා මිස්ට බලු වැඩක්
මතකද මම පෙර කිව්වා  ක්‍රිකට් ගහන මිතුරෙක් ගැන
ගුටි කෑමෙන් පසු අපේ උන් හිටියේ මිස් එක්කල මල වෙලා
ගනන් ගන්නෙ නෑ මිස් මොනවා කිව්වත් කෑ ගසා



දෙවැනි දිනෙ අපේ එකෙක් ගත්ත ක්‍රිකට් ගහන බඩූ
ඔය අස්සේ තිබුනා ආරක්ශක කොටසක් පළඳින මිතුරූ
හිතමි දන්නවා කියලා මොකකද මේ කියන්නේ
"ගාඩ් එක"ය කියලයි ඕකට කියන්නේ



පෙර අවුලට රිටන් එකක් දෙන්න අපේ උන් ටික
දැම්ම ඒක මිස් ගාවට උඩින් ගිහින් මිස් ළඟ
මිස්ට කියාගන්න දෙයක් නැතුව හිටිය අන්තිම
අපේ එවුන් හිනා වෙවී අහනව කඩු පාඩම 



අස් කරනා හැඩක් නැතේ අපේ එවුන් සෙට් එක
මිස්ට මෙවේලේ නම් රතු කටු පැන්නා ලෙසටම
"බූරු පැටව් තමුසෙල මොනවද කරනා ගොං වැඩ?
අරන් යනව අයිති එකෙක් ඇවිල ඉස්සරහට"



කියාල මිස් බැන්නා කොල්ලන් සෙට් එකටම එදා
අයිති එකා ඉස්සරහට ඇවිල්ල අරගෙන ගියා
අපේ එවුන් හිනාව ගිලගෙන හිටියා රතු වෙලා
දෙවෙනි දිනේ අපේ එවුන් එහෙමයි කලෙ බලු වැඩේ



දන්නැතුවම සිද්ධිය ලියා ඉවරයි මිතුරනේ
සිතමි රසක් ඇත කියලා මේ පඳ බැඳි සිද්ධියේ
අදහස් උදහස් දැම්මොත් පුදනෙමි තුති හදේ
අමනාපය නෑ ඔයා නොදැම්මත් මගෙ හදේ



තවත් මතක ආවෝතින් රසවත් වැදහත් සිද්ධී
ඔබට කියන්නට ලියනෙමි මගෙ බ්ලොග් එකේ
රැඳී ඉන්න දිගටම මා හා මේ බ්ලොග් කරනයේ
මේ කවි පෙළ නවත්වනව මා අද දින මේ ලෙසේ

10 ප්‍රතිචාර:

Anonymous said...

ඔහොමත් විහිළු කරනවද බොල මිස්ලට...?

Anonymous said...

නොදා බැරිය කමෙන්ටු මේ කතාවට
දැකලා සිතුනි දෙයක් නුඹෙන් අහන්නට
මෙලෙසට වෙන කැතම සීන් හැම ලෙසට
ඇය් ද වෙන්නේ කඩ්ඩ මැඩම් ලා හටම....?


මචන් උබේ පෝස්ට් වලට පේස් බුකි ලය්ක් බටොන් එකක් ඔබපන්
කතාව එලට කවියට ගෙනල්ලා තියනවා

~:: My Cottage ::~ said...

එබුවත් කී පුවරු කිසිවක් ලියන්න ට
නැත අදහසක් එන්නේ මගේ සිත් අග ට
මොන මොනවා හරි ලියපන් දිගට ම
කවුරු නැතත් මම ඉන්නව කියවන් ට

Dilanka Madhawa said...

@ ප්‍රසන්න86කේ-ආයි පිස්සුවක් ඇතෑ? :)

Dilanka Madhawa said...

@ බීටා
තුති මිතුරේ කවියෙන් දුන් කමෙන්ටුවට ඔබ එදා
ඔබේ පැනය මටත් තවම ප්‍රශ්නයක්මය
පේස් බුකිය මේක ඇතුලෙ ඔබන්න බැරිය
ටෙම්ප්ලේට් එකේ අවුලක් කියලා කියත

Dilanka Madhawa said...

මගේ කොටෙජ් කියලා නම ඇති ඔබගේ
ප්‍රතිචාරයට තුති මම පුදනෙමි මෙලෙසේ
හැකි ලෙස ලියමි කියවන්නට ඔබ සැමටේ
නැවතත් තුති ඔබෙ දුන් අදහසටේ
:දිව දොට්ට

Anonymous said...

හික් කික්... කුරුං මෙලේ බොලා නෙව දවසකටවත් ළමයි ඈ....

අනේ බං ඇයි උඹල අපි සේරම ඔය ඉංගිරිස් මිස්ලත් එක්ක මල හැම තිස්සෙම? අපි අමු ගොඩයො හන්දද බං ?

Ishan Yapa said...

අනෙ පව් අසරණ කඩ්ඩ මැඩම්...... හික් හික් හික්

Dilanka Madhawa said...

@ නවම් අයියා-අනේ මන්ද අයියේ...ගොඩයො හින්ද වෙන්න ඇති.හික්z
@ කුක්කු පැටිය-අනේ මන්ද බං.අපේ උන් තාමත් ඔය මිස් ව බයිට් එකට ගන්නව.මල්ලිලත් ඒ වැඩේම තමා කරන්නේ...

Anonymous said...

මරු කථාව මල්ලී, අපි ඒ කාලේ කරපුවා මතක් වෙනවා

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න