web 2.0

Monday, August 26, 2013

දිල්ලි යමු.[අද ගාන්ධි සමාධිය හා අක්ශදාම්]

ඉස්සෙල්ල ලිපියෙන් මම දිල්ලියට එක්කන් ගිය ඔයාලව අද පොඩ්ඩක් එළියෙ ඇවිදින්න එක්කගෙන යන්නම්.බලන්න යන්න හිතං ඉන්නෙ ගාන්ධි සමාධිය සහ අක්ශදාම් කියන පන්සල.

ගාන්ධි සමාධිය කියන්නෙ මහත්මා ගාන්ධි තුමාගෙ සොහොන කිව්වොත් මම හරි.අදටත් එතනට ඉන්දියාවෙ මිනිස්සු ගොඩක් ගරු කරනව.පුද පූජා වගේ කටයුතුත් කරනව.
ගාන්ධි සමාධියට යද්දි අපට හිස්වැසුම්,පාවහන් දාන්න බැහැ.ඒ නිසා ඒව ගලවල,කට්ට අව්වෙ රත් වෙච්ච සිමෙන්ති උඩින් තමයි යන්න තියෙන්නෙ.මේ ගාන්ධි සමාධිය අවට ඒ සඳහාම වෙන් කරල තියෙන්නෙ.පරිසරය හොඳට හදල තියෙනව.ඒ තතු විති මේ පහල තියෙන පින්තූර වලින් බලාගන්නකෝ.











ඔතන බලල ඉවර වෙලා,හොඳටම තැම්බුනාට පස්සෙ අපි ගියේ අක්ශදාම් කියන පන්සල බලන්න.
ඉන්දියාව කියන්නෙ ආගම් 300 ගානකටත් වඩා තියෙන රටක්.ඉතින් මේ මම කියන පංසලත් වෙන ආගමකට අයත් වෙන තැනක්.
මෙතන්ට දවසකට දහස් ගානක් එනව බලන්න.වාහන 1000කටත් වඩා නවත්තන්න පහසුකම් පවා තියෙනව.ඇතුල් කරද්දි හැමෝම පරීක්ශා කරනව.කැමරා,ෆෝන්,හම් වලින් හදපු බෙල්ට්ස්,පර්ස් වගේ ඒව ඇතුලට ගෙනියන්න දෙන්නෙ නැහැ.ගූගල් දෙයියන්ගෙන් සහ අක්ශදාම් පන්සලේ වෙබ් අඩවියෙන් බාගත්ත පින්තූර ටිකක් බලල ඉන්නකෝ..








මේ අක්ශදාම් පන්සලේ නරඹන්න තැන් කීපයක් තියෙනව.ඒ ආගමේ සාස්තෘවරයාගෙ කතාව මෙහිදී අපට කියනව.
පන්සල ලඟදි හදපු එකක්.ගොඩනැගිලි සියල්ල වායුසමනය කරල තියෙන්නෙ.ගොඩනැගිලි අතරෙ මාරු වෙන්න පෝලිමේ ඉන්න ටිකේ සෙල්සියස් අංශක 38-40 ක විතර ඉඳල,ගොඩනැගිලි ඇතුලෙ හොඳට වෙව්ලන්න තියෙනව.අපට ඒක එපා උනා.එච්චර උශ්නත්ව වෙනසක් මට අත්විඳින්න ලැබුන පලවෙනි අවස්ථාව ඒ.

එක ගොඩනැගිල්ලක පිලිම තියල එහෙම කතාව යනව.ඊට පස්සෙ ඊළඟ එකේදි මූර්ති හදල,ඒ මූර්ති වලට අංගචලන හා වචන පටිගත කිරීමෙන් කතාව ගෙනියනව.තුන්වෙනි ගොඩනැගිල්ලෙදි සම්පූර්ණ චිත්‍රපටි ශාලාවක් තියෙන්නෙ.එතනදි කලින් නැවතුන තැන ඉඳන් කතාව චිත්‍රපටියක් විදියට පෙන්නනව.හින්දියෙන් විස්තර කලත් අපට ඉංග්‍රීසි විස්තර ඉල්ලුවොත් හෙඩ්ෆෝන්ස් දෙනව ඉංග්‍රීසියෙන් අහන්න.අන්තිම ගොඩනැගිල්ලෙදි බෝට්ටුවේ යන්න තියෙන්නෙ.බෝට්ටුවේ යනගමන් අදාල සාස්තෘවරයාගෙ කතාවෙ අන්තිම ටික පැහැදිලි කරනව.බෝට්ටුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ යටින් සවි කරල තියෙන බෙල්ට් එකක් මගින්.




අදට ඔය ටිකට විතරයි යන්න වෙන්නෙ..හෙට අනිද්ද නම් ඇවිදින්න බැරි වෙයි.මම ඇවිදින්න යන නිසා.29 විතර ආයි රවුමක් යමුකෝ...


Sunday, August 25, 2013

දිල්ලි යමු.[අද කටුනායක ඉඳන් දිල්ලියට]


හරි..මම ඉතින් කාලෙකට පස්සෙ ලිව්ව කලින් ලිපියෙදි කිව්වනෙ දිල්ලිය වටේ ටිකක් ඇවිදින්න එක්කං යනව කියල.ඉතින් ඒ ගමනෙ පලවෙනි පියවර විදියට අද ලියන්න යන්නෙ ඉන්දියාවෙ යන්න ලක ලෑස්ති වෙන්න ඕනෙ කොහොමද,ගෙනියන්න ඕනෙ මොන වගේ දේවල්ද,ඒ වගේම මට එහෙම දිල්ලි යන්න සෙට් උනේ කොහොමද කියන කාරණා ටික.


ඔන්න ඔය සිතියමෙන් දිල්ලිය තියෙන්නෙ කොයි හරියෙද කියල බලාගන්නකෝ...

මුලින්ම මට දිල්ලි යන්න සෙට් උන හැටිත් කියල ඉන්නම්..
ඇත්තටම මට නම් දිල්ලි යන්න ලැබුනෙ මගේ ඉස්කෝලෙ වෙච්ච ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලය හා ඉන්දියාවෙ නවදිල්ලියෙ අශෝක් විහාර් වල පිහිටල තියෙන මොන්ට්ෆොර්ට් සෙකන්ඩ්‍රි ස්කූල් එක අතරෙ කෙරුනු සිසු හුවමාරු වැඩසටහනකට අනුව.මේ ක්‍රියාවලියට මැදිහත් උනා ඉන්දු-ශ්‍රී ලංකා පදනම.ඒ අනුව පදනම හරහා ගුවන් ටිකට්පත් සහ ලැබුන.ඉතින් මේ වෙලාවෙ ඒ ක්‍රියාවලියට දායක උන සියල්ලන්ටම ස්තූති කරනව අපට එහෙම අවස්තාවක් හදල දුන්නට.

අපි ඔය ගමන ගියේ 2012 වසරෙ ජුලි 21.මේ කාලෙ වෙනකොට දිල්ලියෙ ග්‍රීස්මෙ ඉවර වෙලා වැහි කාලෙ පටන් ගන්න කාලයක්.
සාමාන්‍යයෙන් දිල්ලිය ලංකාවට වඩා රස්නෙයි.ඒ නිසා ඒ පැත්තෙ යනවනම් සන් ක්‍රීම්,සන්ග්ලාස් වගේම සැහැල්ලු ඇඳුම් තෝරගන්න එක තමයි කරන්න ඕනෙ.
ඉන්දියාවෙ තියෙන ස්වරාජ්‍ය සංකල්පයට අනුව අපට ඒ රටට ඇතුල් වෙද්දි ඉන්දියානු රුපියල් අරන් යන්න බැහැ.තහනම්.මාට්ටු උනොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න තත්වයක් තියෙන බව තමයි අපිව නම් දැනුවත් කලේ.ඒ නිසා අපි ගෙනිච්චෙ ඩොලර් වලින්.(මම ලඟදි හොයපු විදියටත් ඒකෙ කිසිම වෙනසක් නෑ.)

ඒ වගේම දැඩි උපදෙස් ලැබුන අපට නම් කෙල්ලො එක්ක කතා කරන්න යන්න එපා කියල.මොකද එහේ කෙල්ලො නපුරුයි කියල.(අපි ඉතින් කොල්ලො 8 ක් නෙ ගියේ.සර්ල දෙන්නෙක් එක්ක.)
ඉන්දියාව රටක් විදියට දියුණු උනත්,මිනිස්සු දුප්පත්.ඒ කියන්නෙ සරලවම සල්ලි ඇති එකා ගාව උතුරන්න තියෙනව.නැති එකා ගාව කීයක්වත් නැහැ.ඔය හේතුව නිසාම ඉන්දියාව තුල අපරාධ සාපේක්ශව වැඩියි.ඒ නිසා අපට උපදෙස් ලැබුනෙ කිසිම විටෙක පිටිපස්සෙ සාක්කු වල පසුම්බි තියාගන්න එපා,කිසිම වෙලාවක තමන්ගෙ කණ්ඩායම මග හැරගන්න එපා,අපේ බෑග් එකක් හරි හොරෙක් උස්සන් ගියොත් ආසාව අත හරිනව මිසක් පස්සෙන් පන්නන්න එපා කියල.

හරි.ඔන්න ඔය උපදෙස් එක්ක තමයි අපට ගමන යන්න ලැබුනෙ...

අද මම කට්ටියව දිල්ලියට එක්කන් යන්නම් නවතින තැනට.ඊලඟ ලිපියෙ ඉඳන් ඇවිදිමු.එහෙම හොඳයිනෙ.

අපට ගුවන් ටිකට්පත් ඉන්දු-ශ්‍රී ලංකා පදනමෙන් ලැබුන කියල මම කිව්වනේ.ඒ අනුව අපට ටිකට්ස් ලැබුනෙ Air India මගින් ඉන්දියාවට යන්න.චෙන්නායි ගුවන් තොටුපලට ගිහින් එහෙන් මාරු වෙලා තවත් Plane එකකින් දිල්ලියට යන්න.

ඔය චෙන්නායි ගුවන් තොටුපල ඇතුලෙ අපට පැය 3 ක් විතර ඉන්න උනා අනිත් Plane එක ගන්න.ගුවන් තොටුපල ගැන කියනවනම් හද්දම හද්ද චාටර් ගුවන් තොටුපලක්.හරියව වාඩි වෙන්නවත් පහසුකමක් නෑ.තියෙන පුටු උනත් කිසිම පිරිසිදුකමක් නෑ.වාඩි වෙන්න අප්පිරිය තරම්.

කටුනායක ඉඳන් චෙන්නායි වලට යන්න පැයකට අඩු කාලයක් තමයි ගත උනේ.ඊට පස්සෙ චෙන්නායි වල ඉඳන් දිල්ලි යන්න පැය 3 කටත් වඩා ගියා මගෙ මතකෙ හරිනම්.

දිල්ලි ගුවන් තොටුපල නම් සුපිරි..පට්ටම ගති.ඒක 2011 දි නවීකරනය කරල.ඒ නිසා පහසුකම් හොඳයි.ඔන්න ඔහොමයි අපි දිල්ලියට ලඟා උනේ.එයාපෝට් එකෙන් එලියට එද්දි පාන්දර 1 විතර වෙන්න ඇති.එතන ඉඳන් නවතින තැනට වෙනකම් කතාව ලියන්න ඕන නෑ නෙ.පින්තූර ටිකක් එහෙම දාන්නම්කෝ කට්ටියට කතාව ටිකක් දැනෙන්නත් එක්කලම...




මේ කටුනායක ගුවන් තොටුපල ඇතුලෙදි.


මේ අපි කටුනායකින් පිටත් වෙන්න ඔන්න මෙන්න කියල ගත්ත photo එකක්.


ඔය Plane එක යද්දි 


Plane එක ඇතුල



චෙන්නායි ගුවන් තොටුපල
 චෙන්නායි ඉඳන් දිල්ලියට යන අතර

චෙන්නායි ඉඳන් දිල්ලියට යන අතර තුර හම්බෙච්ච රෑ කෑම




ඔය වාහනේ තමයි ගුවන් තොටුපලේ ඉඳන් ඉස්කෝලෙට ගියේ.

ආහ් කියන්න අමතක උනා.Air India එකේ ගුවන් සේවිකාවො නම් ලස්සනක් නෑ නෑ වගේ මට.අපේ අනිත් උන්ටත් ඒ වගේ..ඒ නිසා ඉතින් යනවනම් අපේම කියල Srilankan Plane එකක යනවනම් තමයි වඩා හොඳ.. :D

හරි.එහෙනම් ඊලඟ ලිපියෙ ඉඳන් අපි දිල්ලියේ ඇවිදිමු..(පොඩ්ඩක් තරහ නැතුව කියන්න මගේ ගාව තියෙන සමහර වීඩියෝ කෑලිත් අමුනන්න ද කියල..)

Saturday, August 24, 2013

කාලෙකිං

ආයුබෝවන්ඩ හැමෝටම....හද්ද කාලෙකට පස්සෙ බොලොග්ගෙ පැත්තට ආව අපි ආයෙමත්.පහුගිය දොහේ (අ)පරාදෙ (පො)ත් වලට ගිය (ස)ල්ලි (උ.පෙ) කොලා නෙව.ඉවර කල හැටියෙම ආව සුටුස් කියල බ්ලොග් එකට..
මකුණුදැල් කඩල කාරිය ලියන්න බැරි වෙයි වගේ.අවුරුද්දකට විතර පස්සෙනෙ ලියන්නෙ..බ්ලොග් එකට තීන්ත පාරක් එහෙම ගාල ටික ටික ලියන්න ගන්නම්කෝ...

පහුගිය දොහේ ඉතින් ලියන්න නම් කාරනා ගොඩක් එකතු උනත් වෙලාවක් තිබුනෙ නෑ නෙව...කොහොමින් හරි විභාගෙ ඉවර එකේ ලිමින්ම ලිපි මාලාවක්ම ගේන්නයි බලපොරොත්තුව.ඉන්දියාවෙ සංචාරය කරනවනම් මොන වගේ දේවල් ගැනද කල්පන කරන්න ඕනෙ සහ,දිල්ලිය වටේ ඇවිද්ද ගමනක මතක සටහන් ටිකක් වෙදාගන්නත් එක්ක...

දැන් ඉතින් ඔය කවෘ කවෘත් මාව තාම මතකද කියල මතක් කලොත් හොඳා... :D

පස්සෙන් එන්න