web 2.0

Sunday, February 27, 2011

කරුවලේ ජරමරේ......

මේක වුනේ අපි රෑ පංතියකට සහභාගී වෙලා ගෙදර එනකොට.ඉතින් අපි 4ක් තමයි රෑ එන්නෙ.
ගෙවල් පැත්තෙ අපේ සෙටාර් එක.ඔතන ඉන්න එක ඩයල් 1ක් ඉන්නව ඌට හෙන කට.කට වගේ උගේ වැඩ නෑ.(කයියයි පඩ ගඳයි විතරයි.)
ඉතින් මමයි අනික් උන් ටිකයි මූට පොඩි ආතල් 1ක් දෙන්න හිතා ගත්ත.අපි කලින්ම ප්ලෑන් 1ක ගහල තිබුනෙ.අපි එන පාර ටිකක් කලුවරයි.ඉතින් පාර අයිනෙ හැංගෙන්න තැන් ඕන තරම්.අපි එදා පංති ඉවර වෙලා බස් එකෙන් බැහල මූ දාල දිව්ව.
එදා අපි බස් එකේ එනකොට හොල්මන් කතා කිය කිය ආවෙ.ඉතින් අරූ ටිකක් බය වෙලා හිටියෙ.
ඉතින් අපි තුන් දෙනා දුවල ගිහින් පඳුරක් අස්සෙ හැංඟුනා.(අපිට ඔය පඳුරු අස්සෙ රිංගල පුරුදුයිනෙ.)
අපි දැක්ක ඌත් දුවගෙන එනව.ඒත් අපි කලින් වැඩේට සෙට් වුන නිසා ඌව මඟ ඇරල දිව්ව.
ඉතින් මූ අපි ඉන්න හරියට එනකොට අපි වැඩේ පටං ගත්ත.එතන එකෙක්ට බකමූණ වගේ කෑගහන්න පුලුවන්.ඉතින් අරූ එතනින් යනකොට බකමූණගෙ සද්දෙ දැම්ම.මම පඳුර හෙලෙව්ව.
ඒ වෙලාවෙ උගේ මූන මට දැනුත් මැවිල පේනව.මූ අම්බානෙක බයවෙලා හිටියෙ.ඉතින් අරූ බකමූණ සද්දෙ උපරිමෙන් දැම්ම.අරූ එකපාරට හෙන කුණු හර්ප වැලක් කියල තඩි ගල් පතයක් අරගෙන අපේ පඳුරට කෙලල ඇරිය.
එකපාරටම "අම්මෝ මගේ ඔලුව...." කියල එකෙක් කෑගහුව.අරූ දැනගත්ත මේ ඉන්නෙ අපි තමයි කියල.ඒ පාර ඌ දුවල ඇවිත් අපිට නෝන්ඩිය දැම්ම.උඹලට හොද වැඩේ කියල.මන් කිව්ව උඹ මුගේ ඔලුවට නම් හොද වැඩක් දුන්න කියල.
වෙලාවට උගේ ඔලුවෙන් ලේ ආවෙ නෑ.අපි ඌ ගෙදරටම එක්ක ගිහින් ඇත්ත කිව්ව.උන්ගෙ අම්මයි තාත්තයි ආපු සතුටට අපට පොඩ්ඩක්වත් බැන්නෙ නෑ.
හොඳ පුතාල කියල ඔලුව අතගාල පරිස්සමෙන් ගෙදර යන්න කිව්ව.ඒ සීන් එකෙන් පස්සෙ ඌ අපි එක්ක වැඩිය සෙට් වෙන්න ආවෙත් නෑ.ඔන්න ඔහොමයි අපට වෙන්නෙ.

පාසල් සතිය.......

මේ සීන් එක වුනේ මම 11 පංතියෙ ඉන්නකොට.හරියටම පාසල් සතිය දවසෙ.අපේ පංතියෙ සෙට් එකේ 6ක් ඉන්නව.මමයි,කුට්ටියි,බිත්තරෙයි,චිං බෙට්ටයි,හීන් නූලයි,ගුරයි.මේ තමයි සෙට් එකේ නම් ටික.ඉතින් උදේ ඉදන් වැඩ කරල මට ඉතින් පොඩි බඩගින්නක් ආව.මං අපේ උන් ටිකට බඩගිනියි කිව්ව.උන් ටිකත් ඔව් කිව්ව.හැබැයි අපේ සර් අපට කන්න කිව්වෙ නෑ.ඒ නිසා කන්න වෙන්නෙ හොරාට උන් ටිකත් කිව්ව හොරෙන් කමු කියල.ඉතින් ගෙනත් තිබ්බ පාන් ගෙඩි වලින් 2ක් හොරාට කෑව. චිං බෙට්ට කාල එනකොටම සර්ට වැඩේ මාට්ටු.අපි ටික පට ගාල එතනින් මාරු වෙලා සීන් එක බලං හිටිය.සර් මූට එක කනේ පාරක් දුන්න.සර් හිතුවෙ මූ තනියෙන් කෑව කියල.මූ එක පාරටම කිව්ව සර් තව කට්ටිය කෑව කියල.අපට මල පැන්න ඒක ඇහුවම.කොටින්ම කිව්වොත් සර්ටත් මල පැන්න.සර් ඒ ගැම්මට තව කනේ පාරක් දුන්න.මූ ඒ පාර මගේ නම කිව්ව.මට ආපු සතුටට ඌ මගේ ලඟ හිටිය නම් මං උගේ බෙල්ල මිරිකල මරන්නෙ.දෙයියනේ කියල තව කනේ පාරවල් 2ක් දුන්නම මූ ඔක්කොගෙම නම් කිව්ව.අපට පුදුම සතුටක් ඌත් එක්ක තිබුනෙ.සර් අපි සෙට් එකේම කන් ටික යන්තං අත ගාල කිව්ව පංතියෙ ඩෙස් ටික ඔක්කොම පේන්ට් කරන්න කියල.මොනව කරන්නද ඉතින් අපි චිං බෙට්ටගෙ පරම්පරවෙ අය ඔක්කොම මතක් කරගෙන වැඩේ පටං ගත්ත. ඔන්න ඔහොම තමයි අපිට අන්තිමට වුනේ.          

කෙල්ලො බැලුව හැටි........

මේක වුනේ මම ඕලෙවල් කරන කොට.අපේ පංතියට පහල තිබුන පංතියට කිව්වෙ වලේ පංතිය කියල.කරන්න තියෙන අසමජ්ජාති වැඩ ඔක්කොම කරේ ඒ පංතියෙ උන් ටික තමයි.මේ සීන් එක වුනෙත් ඒ පංතිය හිටපු මගේ යාලුවො ටිකකට.අපේ ඉස්කෝලෙ ඇතුළෙ තමයි ගාල්ලෙ තවත් එක ගෑණු ඉස්කෝලයක් තියෙන්නෙ.ඉතින් අපි කරන්නෙ හැමදාම උදේ පාන්දරම ගිහින් අපේ පංතිය ලගින් යන ගෑණු ළමයින්ට මොනව හරි කියවන එක.අපිටත් ඉතින් කටවල් තියන් ඉන්න බෑනෙ.ඉතින් වලේ පංතියෙ හිටපු සෙට් එකත් උදේට අපේ පංතිය ළඟට එනව.උදේ ඉස්කෝලෙ පටං ගත්තම වලේ පංතියෙ උන්ට කෙල්ලො බලන්න චාන්ස් නෑ.ඉතිං උන්ට අපි එක්ක මාර මළ.අපිත් ඉතින් උන්ට ලෙසටම කියනව මචං අද නම් මාර කෙල්ලො ටිකක් ගියා කියල.ඉතින් උන් කරන්නෙ පංතියෙ උගන්නන්නෙ නැති වෙලවට උඩට ඇවිත් කෙල්ලො බලන එක.අපේ පංතියෙ ගණං උගන්නන සර් මාර සැරයි.තරහ ගියාම කටින් කියන වචනත් ඉතින් මාර ආතල්.ඉතින් සර් ගණං කියල දෙන වෙලාවක ඒ පංතියෙ එකෙක් උඩට දුවල ඇවිත් එකපාරටම කෑගැහුව."ඒයි ජොන්ටි දුවල වරෙන් මෙන්න මරු කෑල්ලක් යනෝ.."කියල.ඕක සර්ගෙ කනේ තිව්ව වගේ අහුන.සර් අනිත් උන් ටික උඩට එනකන් ඉවසගෙන හිටිය.ඒක කියල කෑගහපු එකා සර් හොදට දන්නව.දෙයියනේ කියල එක කනේ පාර ගානෙ ගැහුව.ගහල සර්ට මලම පැනල කිව්ව."යකෝ තොපිලගෙ නැට්ටට කිරි එරෙන්න ඉස්සෙල්ල ගෑණු බලනවද?".එහෙම කියල උන් ටික පැයක් විතර දණගස්සල තිබ්බ.පස්සෙ දණ ගහපු එකෙක් මාත් එක කිව්ව.අඩෝ සර් එල කොල්ල මචං අපිව පැයක්ම කෙල්ලො බලන්න දුන්න කියල.ඒ වගේ නෙමේ උන් වෙන පංති වලට යද්දි කෙල්ලොන්ගෙන් ලැබුන ප්‍රතිචාර.  

පොළොන්නරුව දැකපු සීගිරිය.......

මේ සීන් 1ත් 11දි තමයි සිද්ධ වුනේ.ජීවිතේ රසවත් සිද්ධි ගොඩක් වුනේ ඕලෙවල් කරන කොට තමයි.මේකයි කතාව වාර අවසාන වුනාම විභාග තියෙනවනෙ.ඉතින් අපි ආසම දේ ඒකනෙ.ඒ පාර විභාග ඉවර වුනාම පේපර් දෙනවනේ.ඒක ඉතින් අපේ සතුට තවත් වැඩි කරන දෙයක්නෙ.(මට නම් එහෙම නෑ.මට විතරක් නෙවෙයි ගොඩක් අයට එහෙම තමයි.)ඉතින් අපේ ඉංග්‍රීසි මිස් ඇවිත් පේපර් බෙදුව.මේකත් නොකියම බෑ.අපේ ඉංග්‍රීසි මිස් මාර ලස්සනයි.ඒත් ඉතින් අපිට කොයින්ද පූසො මාලු කියල අපි හිත හදාගෙන හිටියෙ.ඉතින් පේපර් බෙදල 1 පේපර් 1ක් තියාගෙන මිස් හිනාවුනා.හිනාවෙලා මිස් කිව්ව එක ළමයෙක්ගෙ රචනයක් මං දැන් කියවන්නම් කියල.අපිත් හිතුව හෙන මීටරයක්ගෙ රචනයක් කියල.අපට රචනෙ දීල තිබුනෙ සීගිරිය ගැන.ඉතින් ඔන්න දැන් මිස් කියෙව්ව."සීගිරිය ඉස් අ බිග් රොක්.ඉට් ඉස් ලොට් ඔෆ් බඹරු.දෙයාර් ඉස් වෙරි බියුටිෆුල් අප්සරාවො.දෙයාර් ඉස් බිග් පොකුණු.දිස් ටු පොකුණු වෝටර් ගොයින් අන්ඩර්."කියල මූ අන්තිමට ලියල.ඉතින් උගේ රචනාව එච්චරයි.ඕක අහල අපේ පංතියෙ උන්ට මැරෙන්න හිනා.පව් වැඩේ කියන්නෙ මිස් උගේ නමත් පංතියටම ඇහෙන්න කිව්ව.ඌ ඉස්කෝලෙට අලුතින් ආපු ඩයල් 1ක්.පොළොන්නරුවෙ ඉදන් තමයි ආවෙ.ඌට අපි දාපු නමත් පොළොන්නරුව තමයි.මිස් නම කියල උගේ ළඟට ගිහින් පේපර් එක දුන්න.ඌ අහිංසක ගොබ්බ හිනාවක් දාල වාඩි වුනා.

වලේ පංතියෙ සිද්ධියක්.............

මේක වලේ පංතියෙ මගේ යාලුවෙක්ට වුන සීන් 1ක්.මං කලිනුත් කිව්වනෙ අපේ සෙක්ෂන් එකේ කරන අසමජ්ජාති වැඩ ඔක්කොම කරන්නෙ වලේ පංතියෙ උන් කියල.ඉතිං දවසක් මම 
ලැබ් එකේ ඉදල එනකොට වලේ පංතියෙ කොල්ලෙක් උන්ගෙ පංති භාර මිස්ට වැද වැද යනව.

"අනේ මිස් එපා මිස් කියන්න.අනේ...මිස් මොකක්ද මිස් ..."

කිය කිය ඌ මිස්ගෙ පස්සෙන් යනව.ඉතින් මං ඉන්ටවල් දුන්න ගමන් උන්ගෙ පංතියට ගිහින් සීන් එක මොකක්ද කියල උගෙන් ඇහුව.ඒක ඇහුන පංතියෙ කොල්ලො ටිකක් හිනාවුනා.ඌත් හිනා වුනා.මේකයි සිද්ධිය.උන්ගෙ පංති භාර මිස් ඉංග්‍රීසි සාහිත්‍යය තමයි උගන්නන්නෙ.අපේ ඉස්කෝලෙ ඒක අනිවාර්‍ය කරල තිබුනෙ.ඉතින් ඒ පොතේ පොයම් 1ක් තියෙනව පඹයෙක් ගැන තියෙන.ඉතින් මිස් උදේ පාන්දර පාඩම පටන් ගත්තම ඌ කෑගගහ ඉදල.මිස්ට මළම පැනල මූ ඉස්සරහට අරගෙන දණ ගස්සල.ඉතින් ඒ පාර මිස් කරදරයක් නැතුව පාඩම දිගට කරගෙන ගිහින්.පාඩමේ එක තැනක පඹයගෙ මෝඩ කමක් ගැන කියනව.ඒ පාර මිස් අරූ පෙන්නල කියල මේ වගේ මෝඩයෙක් කියල.එකපාරටම අරූ නැගිටල අත් දෙක උස්සල ආචාර කරල හිනාවෙලා ආපහු දණ ගහල.ඉතින් මිස්ට තරහ ගිහිල්ලම නැති නිසා සෙක්ෂන් හෙඩ්ට කියන්න යද්දි තමයි මං දැකල තියෙන්නෙ.සෙක්ශන් හෙඩ් කියල ඌට මිස්ට වැදල සමාව ගන්න කියල.  

ආදරය,විද්‍යා ඇසින් දකින්නට කැමැති අයට.......

ලෝකයේ බොහෝදෙනා මේ පිළිබඳව කතා කරනුයේ සෞන්දර්යයෙනි.මන්ද හැඟීම් පිළිබඳ ප්‍රකාශ කිරීමට හොඳම මාධ්‍ය සෞන්දර්යය වන නිසාවෙනි."ආදරය"ඉතා සංකීර්ණ මාතෘකාවකි.ආදරය ගැන කතා කිරීමට පිටු සියගනනක් වුවද ප්‍රමාණවත් නොවනු ඇත.නමුත් ආදරය නම් වූ ගැඹුරු විග්‍රහ කළ නොහැකි හැඟුම විද්‍යාවෙන් මෙසේ විග්‍රහ කරමු.
නූතන විද්‍යාවට අනුව ආදරය ඉතා කෙටි කලකට පවතින හැඟීමකි.ඉන්පසු එම ආදරය සෙනෙහස නම් වූ හැඟීමෙන් ප්‍රතිස්ථාපනය වේ.එසේත් නැතහොත් ක්‍රමයෙන් ක්ෂය වී යයි.පෙම්වතුන්ගේ ශබ්දකෝශය තුල බොහෝවිට හමුවන "මගේ ජීවිතය ඇති තුරාවට මම ඔයාට පමණයි ආදරේ" යන ප්‍රකාශය නූතන විද්‍යාවට අනුව අසත්‍යක් බවට ඔප්පු කර ඇත.කිසිඳු යුවලක් අතර මාස 30ක් ඉක්මවන ආදරයක් දැකීමට හැකි නොවේ.ආදරයේ ගති ස්වභාවය පිළිබඳ පරීක්ශණ පවත්වනලෝ සුපතල විද්‍යාඥයින්ට අනුව එම කාලය ඉක්ම යාමත් සමඟ තම ආදර සම්ම්බන්ධතාවපවත්වා ගන්නවාද,නැතහොත් බිඳ දමනවාද යන්න තීරණය කිරීමට සිදුවන බව පැවසේ.
විවිධ සංස්කෘතීන් 37කට අයත් පුද්ගලයන් 5000ක් මාර්ගයෙන් ලබාගත් දත්ත අනුව නිව්යෝර්ක් හි කෝනල් විශ්ව විද්‍යාලයේමහාචාර්යවරියක වන "සිඩ්නි හැසාන්" පරමාදර්ශී ආදරය නම් වූ මා පෙර සඳහන් කළ සංකල්පය අභියෝගයට ලක් කරයි.ස්ත්‍රීන් හා පුරුෂයන් කායිකව,මානසිකව ආදරයෙන් බැඳී සිටීමට නැඹුරු වනුයේ මාස 18 ත් 30 ත් අතර කාලයක් සඳහා පමණි.මෙම කාලය යුවලකට එක්වීමට හා තම ගහනයේ පැවැත්මට වන ජනිතයන් බිහි කිරීමට ප්‍රමාණවත් වේ.ඉන් පසුව එකිනෙකා හා ආදරයෙන් වෙලී සිටීමට කිසිත් පරිණාමික අවශ්‍යතාවයක් නොමැත.
මෙම ආදර හැඟුමන් වලට මූලික වන රසායනික ද්‍රව්‍යයයක් ඇතැයි විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.එම රසානයික ද්‍රව්‍යයය DOPAMINE , PHENYLETHYLAMINE සහ QXCYTOCIN යන රසායනික ද්‍රව්‍යයය සංයෝජනයෙන් බව සොයාගෙන ඇත.මෙම රසායනික ද්‍රව්‍යයය නිපදවී අවුරුදු 2ක් තුළ ක්‍රමයෙන් ක්ෂය වෙ යයි.එවිට ප්‍රේමවන්තයින්ට තම ආදරය පවත්වාගෙන යනවාද? නැද්ද පිළිබඳව තීරණය කිරීමට සිදුවනු ඇත.නැවත එම රසායනික ද්‍රව්‍යයය සංයෝගය වීම කලාතුරකින් සිදු වුවද,බොහෝවිට සිදු නොවේ.
ස්ත්‍රීන්ට වඩා ඉක්මනින් පුරුෂයන් ආදරය කිරීමට පෙළඹෙන බවත්,පුරුෂයන්ට වඩා ඉක්මනින් ස්ත්‍රීන් ප්‍රේම සම්බන්ධ හමාර කිරීමට පෙළඹෙන වබත් නූතන විද්‍යාව සනාථ කරයි.ඉන් පැහැදිලි වන්නේ පෙර කී බලපෑමට ගැහැණු සාපේක්ෂව අඩුවෙන් යටත් වන බවයි.
වසර 3ක් ගෙවීයන විට පෙම්බැඳි පුද්ගලයා කරන්නා වූ ප්‍රේමය ක්ෂය වී යයි.නමුත් එම පුද්ගලයා කෙරෙහි විශේෂ කැමැත්තක් පවතී.එම විශේෂ කැමැත්ත මත ආදර සම්බන්ධතාවයක් පැවතිය හැක.පවුලක් ලෙස ගත් කල ද,මෙය සත්‍ය වන බව උපකල්පනය කළ හැක.සමාජගත සත්ත්වයෙකු වන මිනිසා,පවුල නම් වූ විශිෂ්ඨ ඒකකයේ පදනම මෙම ආදරය වුවද,මා පෙර සඳහන් කළ ආකාරයට එය ක්ෂය වී ගියද,සෙනෙහස නම් වූ මානව ගතිගුණය මගින් හා තමා ආදරය කළ පුද්ගලයාට ඇති මා පෙර සඳහන් කළ විශේෂ කැමැත්ත මත පවුල නම් වූ සුවිශේෂී මානව ඒකක විහිවේ යැයි විද්‍යාව හදාරණ ශිෂ්‍යයන් ලෙස උපකල්පනය කළ හැකි වේ.
සැබෑ ආදරයේ කතාව එයයි.මා මේ ලිපිය ලිවීමට අදහස් කලේආදරය නිගරුවට පත් කිරීනට නොව,ආදරයක් තුළ සැබැවින්ම තිබිය යුත්තේ හුදෙක් කායික බැඳීමක් නොව ඉන් එහාට ගිය ආධ්‍යාත්මික බැඳීමක් බව අවධාරණය කිරීම පිණිසමයි.මන්ද යත් මනසින් උසස් ජීවීන් ලෙස අප ආදරය කළයුතු නිසාවෙනි.


ලිව්වේ_එච්.එල්.උදයංග(2011 උසස් පෙළ-ජීව විද්‍යා අංශය.)
උපුටාගත්තේ_රිච්මන්ඩ් විද්‍යාලයයීය විද්‍යා සංගමය මගින් ප්‍රකාශයට පත් කරන ලද "ගවේෂණ 2011" සඟරාවෙන්...

Tuesday, February 22, 2011

බල්ලන්ට බිරීම........


මේකත් ඉතින් අපි කරපු ගොංම ගොං,මැටිම මැටි වැඩක්.
කස්ටිය දන්නවනේ මම ඉතින් දැන් උසස් පෙළට පන්ති කලාස් යනව කියල.පියෝ වලට යන්නේ විමල් සර් ගාවට.(ගාල්ලේ උං දන්නව සර් කොහොම කෙනෙක්ද කියල.)
කලාස් එක ඉවර වෙන්නේ රෑ 8.00ට.ගාල්ලට යන්න බස් තියෙනවය ඒ වෙලාවට.පෙරේද පලමුද ඉතින් ඇද්ද පයින්ම.6 දෙනෙක් විතර
ටිකක් දුර යනකොට තාප්පයක කොනකට වෙලා බල්ලෙක් බුරනව අපට.(නිකන් නෙවෙයි.පට්ට තඩියි.කපුවනම් කිව්වේ ජර්මන් සරම්ප සෙපර්ඩ් කියල.)
අපටත් ඉතින් රෑ ට බල්ලෝ බුරනව කියන්නේ නෝමල්.මොකෝ කෑ ගහ ගහනේ යන්නේ....
බල්ල දැක්ක විතරයි අපේ උන් බල්ලට බුරනවයි,කෑ ගහනවයි එක විකාරයයි.(වෙලාවට දසුන් හිටියේ නෑ.නැත්නම් ඉතින් බල්ල උනත් අම්ම අප්ප මතක් කරල අහගන්නව.
මෙහෙම ටිකක් යනකොට ඒ ගෙදර ගේට්ටුව පෙනුන.බල්ලත් තාප්පෙන් බැස්ස.


බැලින්නම් ගේට්ටුව ඇරල.මළ කෙළියයි.
මායි කපුවයි තමයි ඕක හොඳටම දැක්කේ.මොනව කරන්නද?දැම්ම ටොප්(ගියර්) එකටම.කෙළින්ම මීනුවන්ගොඩ හංදියේ.....

Saturday, February 19, 2011

ෆෝන් එක ටච් ද?

මචන්,මම අලුතෙන් ෆෝන් එකක් ගත්තා.
එළ මචං.මොකක්ද වර්ගේ?
සෝනි එරික්සන්.
මොනවද ෆැසිලිටීස්?බ්ලූටූත්?ඊමේල්?
දෙකම තියෙනව බං.ෆැසිලිටීස් අවුලක් නෑ.
කැමරාව කොහොමද?
මෙගා පික්සල් 2යි.
අහ්,උඹ ගනිපු ෆෝන් එක ටච් ද?
ටච් නම් තියෙනව බං.හැබැයි සෙන්සිටිව් නෑ.

Friday, February 18, 2011

අපි වගේ උන්ගෙන් පාරවල් අහන්න එපා.

මේ ලියන්නේ අපේ දසුන්, අයිය කෙනෙකුට දීපු ආතල් එකක්.වැඩේ මේකයි.
අපි ඉතින් හෙන.........දුරක ඉඳලනේ ඉස්කෝලේ යන්නේ.(හොරා නොවෙයි ඒ ඉස්කෝල වලට ගියේ.සිස්සත්තෙන්.)ඉතින් උදේ 5.45 - 6.00 වෙනකොට අපේ උන් ටික එලියේ.දසුන් වෑන් එකක ඉස්කෝලේ ගියේ.මම බස් එකේ.
කොහොම හරි දවසක් දසුන්ගේ වෑන් එක පරක්කු වෙලා.පොර පාර අයිනට වෙලා බලාගෙන ඉන්නව.මූට සුවර් දැන් වෑන් එක යි.දැන් එයි කියලා.මේ අතරේ කැන්ටර් එකක අයියා කෙනෙක්(ගිංගඟ කිට්ටු ව ඉන්න අපට ඉතින් මේ වෙලාවට කැන්ටර් යන්නේ මොකටද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.) ඇවිල්ලා.

"මල්ලි,සුනිල් අන්කල්ලගේ ගෙදර කොහෙද?"

කියල ඇහුව.දැන් දසුන් දන්න සුනිලෙක් නෑ.හැබැයි මූ දන්නව වෑන් එක දැන් එනව කියල.

"අයියේ ඔහොමම ඉස්සරහට ගිහින් වමට හරවල පාරේ දෙවෙනි ගේ."

"හරි මල්ලි තෑන්ක්ස්."

දසුන් තාම වෑන් එක එනකම් බලන් ඉන්නව.වෙනද නම් වෑන් එක මෙලහකට ඇවිල්ල.

විනාඩි 10 කට විතර පස්සේ අර කැන්ටරේ එනව කෙල මෝලෙන්.දැන් දසුන්ටනම් පණ බයයි.මොකෝ උදේ පාන්දර බැනුම් අහනව කියන්නේ ලොවෙත් නෑ නේ.

අවුලක් නෑ.අර කැන්ටරේ අයියා පුපුර පුපුර රවාගෙන ගිහින් විතරයි.අයියට නම් උදේට ලේ රත් වෙන්නම කෑමක් හම්බ වුනා.

[සුනිල් අංකල් කියන නමනම් දැම්මේ මම.සිද්ධිය ඇත්ත එකක්.මමත් ඊයේ අන්කල් කෙනෙකුට ඔහොම ආතල් එකක් දුන්නා.ඒ නම් ඕනකමින් නෙවේ.කොහොම උනත් ඒ ගැන පස්සේ ලියන්නම්.]

ආදර්ශය_අයියේ,අක්කේ,නංගියේ,මල්ලියේ,ඇන්ට්,අංකල්,සීයේ,ආච්චී, අපි වගේ උන්ගෙන් පාරවල් අහන්න එපා.

Tuesday, February 15, 2011

Disposal Of TOYOTA CAMRY

මේ අද දවසට ලියන 3 වෙනි ලිපිය.මේ ලිපිය නම් වාහන වලට ආදරේ කරන අයට නම් මාර දුකක් වෙයි.
මම මේ පහලින් පින්තූර දාන්නේ ටොයොටා කැම්‍රි වර්ගයේ කාර් එකක් භාවිතයෙන් ඉවත් කරන්නට විනාස කරන හැටි.අපට නම් මේවා දැක්කහම මොනවද වගේ වදීවි.බලල කමෙන්ටුවක් එහෙම දාලා යන්නකෝ...



































බ්ලොග් ලියන්නට මගේ මිතුරෙක්....

මේකනම් කස්ටියට වැඩක් වෙන එකක් නැද්ද මංදා.කොහොම උනත් ඔය උඩින් කිව්වා වගේම මම පුංචි කාලේ ඉඳලම දන්න කියන අයියා කෙනෙක්ටත් බ්ලොග් එකක් ලියන්න කතා කලා.ඔන්න එයත් දැන් බ්ලොග් ලියනවා.ඔයාලත් එයාගේ බ්ලොග් අඩුපාඩු එහම තියෙද බලලා,ලිපි එහෙම දාලා පුංචි සප් එකක් දෙන්න.පොරත් දිලංක. මම වගේම තමයි.හැබැයි ලිපි වෙන ඒවා.
ගොහිල්ලම බලන්නකෝ....

"මොකද තාත්තල අඩුද?"

අද කියන්නේ ඊයේ වෙච්ච සීන් එකක්.හැබැයි වෙච්ච වෙලාවේ කටින් කිව්වා වගේම ආතල් නෑ.
මෙහෙමයි සිද්ධිය.ඊයේ රෑ අපට පන්ති ඉවර වුනේ රෑ 9ට.ඉතින් රෑ වෙන නිසා කොල්ලොයි,කෙල්ලොයි ඔක්කොම එක්කන් යන්න ගෙදරි එනවා.(ඊයේ කපුව නම් පුටාර් එකෙන් ඇවිත් තිබ්බේ.)කොහොම හරි ඉතින් පන්තියකට යන්නේ සෙට් එකක් පිටින්නේ.ඒ නිසාම අපේ උන්ගේ තාත්තලත් ෆිට්.ඉතින් කොහොම හරි ඊයේ රෑ පන්තිය විනාඩි 5ක් විතර කළින් ඉවර වුනේ.
දසුන්ලගේ තාත්තා පරක්කු වුන නිසා අපේ තාත්ත යි නිපුනලයි තාත්තයි හිටියා.ඒ වෙලාවේ ආවා කෙල්ලෙක් එක්කන් යන්න ආපු අංකල් කෙනෙක්.ඇවිල්ලා අහපි,

"මොකද තාත්තල අඩුද?" මෙයත් මගුලක් කතා කරනවා.තාත්තලට නම් සීන් එක තේරුනේ නෑ.මමයි,දසුනුයි නිපුනයි මූනට මූණ බලාගෙන.මමනම් කට හපාගෙන හිටියේ.(අනික ඒ අංකල්ගේ කොහොමත් වයර් ශෝට් වෙනවා.)

"නෑ අංකල් තාත්තා තව පොඩ්ඩකින් එයි."ඒ දසුන්

"ආහ්.ඕන්නම් ෆෝන් එක දෙන්නම්.කෝල් එකක් දෙන්න."
මේක තව බයිලයක් එපාර.

"ඕන නෑ මෙයාල ළඟ ෆෝන් තියෙනවා."
ඒ අපේ තාත්තා.

"ආහ්,එහෙනම් අපි යනව."
පොර යන්තම් ගියා.ගියා විතරයි මමනම් කටේ හිරවෙච්ච හිනාව හොඳට පිට කෙරුවා.....

*මේ කතාව ටියුබ් ලයිට් වලටනම් එච්චර තේරෙන එකක් නෑ.තව එකක් මේක තේරෙන්න ටිකක් විතර කැත හිතක් ඕන වෙනවා....

Monday, February 14, 2011

අයියා පන්නනවෝ...

අද කියන්න යන්නේ නම් හැමෝම වගේ ලබපු අත්දැකීමක් ගැන ලියන්න.
මං හිතන විදියට හැමෝම වගේ කට වරද්දගෙන පණ කඩාගෙන දුවලා ඇතිනේ?

මේ කතාවත් එහෙනම් කියවල බලන්නකෝ.

මෙහෙමයි කතාව පටන් ගන්නේ.අපි සා.පෙ.ට අයි.ටී ලිව්වනේ.ඉතින් ඕකට පන්ති ගියා.ඒ පන්තිය ලඟ ඉන්නවා කෙල්ලෙක්.ඒ කෙල්ලත් අපේ වයසේ.අපි ආපු බස් එකේමයි එදා ආවේ.ඒ කෙල්ලට අපේ එකෙක්ගේ නමක් කියලා කෑ ගහන සීන් එකක් තිබ්බා.කොලු කාලේ එහෙමනේ ඉතින්........

අපිත් වාචාල කමට ඒ කොල්ලගේ නම කියලා කෑ ඇහුවා.
මෙන්න බොලේ මේ කෙල්ල කෙල මෝලෙන් අඬාගෙන ගෙදර දුවනවා.අපි ඉතින් හිමින් සැරේ වල බැහැගෙන එනකොට(ඒ ගෙදර ළඟින් තමයි පන්තියට යන්නේ.) ඒ කෙල්ලගේ අයියා වැට ලඟ.මළ කෙළියයි.වෙලාවට අපේ උන් මුත්‍රා කරල තිබ්බ හින්ද හොඳයි.
කලබල උනහම ඇඩ්‍රිනලින්ද මොනවද නලින් කෙනෙක් ශ්‍රාවය වෙනවලු නේ.ඒවයි පිහිටෙන් තත්පර දෙකෙන් තුනෙන් කිලෝමීටරයක් විතර දිව්වා.(කරුමෙට ඒ පාර හරි කෙලින්.) අන්තිමට හැංගුනේ සම්පකාරෙක.

"පුතාල මොනව ගන්නද?" අහනව කඩේ ඇන්ටි.අපි මේ රැවුල පුච්චගෙන දඟලනව.ඇන්ටි මගුලක් කතා කරනව.
අන්තිමට අනිත් එවුන් හොයද්දි සමහරු ගෙවල් වලට යන පාරවල් වල.

අන්තිමට ගේමක් දීලා කෙල්ලගේ ගේ ඉස්සරහින්ම පන්තියටත් ගියා.
පණ බයේ හිටියේ පන්තියට තිත තමයි කියලා.අවුලක් වුනේ නෑ.....

කලාස් එකේ සර් සමහර විට මේ ලිපිය දකියි.ගණන් ගන්න එපා සර්.කොලුකමට කරපු වැඩක්නේ.

අපේ නංගො,දැක්කට කමක් නෑ.අදාල දැරිවිට ගිහින් කියනව නෙවෙයි හොඳේ....

අහ්.අමතක වුනා නේ.අද ආදරවන්තයන්ගේ දිනයට ඔන්න හැමෝටම සුභපැතුම්!!!
ආදරවන්තයන්ගේ දිනයට විශේෂ ලිපියක්නම් දාන්න වෙන්නේ නෑ.මෙතනින් ගිහින් බලන්නකෝ මම ගියපාර ආදරවන්තයන්ගේ දිනයට දාපු ලිපිය වත්.

Saturday, February 12, 2011

"ලෝක විනාශය 2011"

"ලෝක විනාශය 2011" කියන එක දැන් දැන් සිද්ධ වෙන දේවල් එක්ක ඇත්තක්ද කියලා හිතෙනව නේද?මේ ගැන අද උදේ සිංඩිය බලද්දී අපේ "සියපත" බ්ලොග් එකේ අයියා කෙනෙකුත් ලියල තිබ්බා.
මේ 2012 විනාශය ගැන චන්දන ජයරත්න මහත්මයා කරපු දේශනයක මට මතක ඇති විදිහට වැදගත් කරුණු ටිකක් පෙළගස්වන්න හිතුවේ.

චන්දන ජයරත්න මහත්තයා කියන විදියට,2012 ලෝක විනාශයක් වෙන්නේ නෑ.ඔයාලට මතක ඇතිනේ අර ග්‍රීක ද කොහෙද කැලැන්ඩරයක් 2012 දෙසැම්බර් 21න් ඉවර වෙන කතාව.එතනදී බොහෝ අය අදහස් දක්වලා තිබුනේ ඒ කැලැන්ඩරය එදායින් අවසන් වෙන්නේ එතනින් එහාට ලෝකය පවතින්නේ නැති නිසා කියන එක නේ.
නමුත් චන්දන ජයරත්න මහත්තයා කිව්වේ නම් මේ වගේ කැලැන්ඩර දෙකක් තිබුනා කියලා.එක කැලැන්ඩරයක් එක්දහස් නවසිය ගනන් වලින් ඉවර වුනා ලු.ඒ කැලැන්ඩරය ඉවර වුනා කියලා ලෝකය විනාස වුනේ නෑ වගේම මේ කැලැන්ඩරය ඉවර වුනා කියලත් ලෝකය විනාස වෙන්නේ නෑ.
මෙහෙම කැලැන්ඩර දෙකක් තියෙන්නට හේතුව ග්‍රීකයන් ගණිතයේ භාවිතා කලේ 13 පාදයෙන් සහ 20 පාදයෙන් සංඛ්‍යා වීම.

නමුත් "සියපත" බ්ලොග් එකේ කියන දේ ඇත්තක් කියලා හිතෙන්න,දැන් සිද්ධ වෙන දේවල් මූලික වෙනවා.කොහොම වුනත් "සියපතේ" වීඩියෝ එකේ තිබුනු විදියට ලෝකේ ආගම් ඉතිරි වෙනවා.ආතර් සී.ක්ලාක් මහත්තයා අනාවැකි පල කරලා තිබුනා ලෝකයේ ප්‍රධාන ආගම බවට බුද්ධාගම පත් වෙනවා කියලත්.
ලෝකයෙන් 2/3 ක් විනාශ වෙද්දී,ඉතිරි වෙන්නේ ආධ්‍යාත්මිකව දියුණු පිරිසක් කියලත් අනාවැකි පලවෙන නිසා මේ 2011 ලෝක විනාශය කියන මතය මමනම් දකින විදිහට අච්චාරුවක් වෙලා තියෙන්නේ.බුදුදහමට අනුව ලෝකයේ වැඩිම කලක් බුද්ධාගම පවතිනවා වගේම ලංකාව ලෝකයේ වැඩිම කලක් බුදු දහම පවතින රට විදිහට දැක්වෙනකොට මටනම් හිතෙන්නේ ලංකාව විනාස වෙන එකක් නෑ කියලා.කොහොම වුනත් මම දන්න සහ හිතන දේවල් ඔච්චරයි.කියවන්න ආවට ස්තුතියි.

Wednesday, February 9, 2011

"විදුරුත් නින්නද 2011" රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනය


කවුරුත් දන්නවනේ ඉතින් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය.ඔව් ඔව්.සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්තයා ඉගෙනගත්ත ඉස්කෝලේ තමයි.ඒ විතරද?වර්තමාන ජනාධිපතිතුමාත් අපේ ඉස්කෝලෙන් නෙව ප්‍රාථමික අධ්‍යාපනය ලබල තියෙන්නේ....
ඔන්න ඔහොම ආරම්භයක් ගත්තේ අපේ ඉස්කෝලේ සයන්ස් ඩේ එක ගැන උණු උණුවෙම ආරංචියක් දෙන්න.
"විදුරුත් නින්නද 2011" රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනය හෙට දින(10/02/2011) දින පැවැත්වෙනවා.පැවැත්වෙන්නේ විද්‍යාලීය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර බහුකාර්ය ශාලාවේදී.
මීට සමගාමීව පසුගිය සඳුදා සහ අඟහරුවාදා දින දෙකේ සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩමුළුවක් කෙරුනා.ඒ වගේම අ.පො.ස(උ.පෙ.)සඳහා අවශ්‍ය වන සියලුම ක්‍රියාකාරකම් ඇතුලත් ඩී.වී.ඩී තැටියකුත් නිකුත් කෙරුණා.
හෙට විද්‍යා දිනයේදී රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා සංගමයේ නිළ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි දැනට දැනගන්න ලැබිලා තියෙන්නේ.ඒ වගේම විද්‍යා දින ඉතිහාසයේ පෙරළියක් කරමින් මේපාර විද්‍යා දිනය අන්තර්ජාලය හරහා විහිදුවා හරින්නත් බලාපොරොත්තු වෙනවා.ඒ විකාශනය දැනට දැනගන්න තියෙන විදිහට ෆේස්බුක් පේජ් එක හරහා සහ හෙට එළිදැක්වෙන රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා සංගමයේ නිළ වෙබ් අඩවිය හරහාත් ප්‍රකාශය කෙරෙනවා.(දැනට මේ අඩවියේ ලිපිනය ඇතුලු සියලුම දේවල් රහස්‍යයි.)
හැකියාවක් ලැබුනොත් http://www.facebook.com/richmondcollege හරහා සහ බ්ලොග් අඩවි කිහිපයක් හරහාත් විද්‍යා දිනය නරඹන්න අවකාශය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ පෙරළිකාර විද්‍යා දිනය ඔයාලටත් නරඹන්න කියලා ආරාධනා කරනවා.වැඩි විස්තර හෙට උදේට පල කරන්නම්.

අද ඉඳන් මේ බ්ලොග් එක ලියන්නේ සෙම්පතියා.එක්ස්ප්‍රස් ඉවත් වුනා.අවුලක් නෑ.ගූගල් ටෝක් වල එහෙම එක්ස්ප්‍රස් ඇඩ් කරගෙන හිටපු අය ඔක්කොම සෙම්පතියා ප්‍රොෆයිල් එකට අදාල ඇඩ්‍රස් එක ඇඩ් කරගන්න.කොටින්ම ඊමේල් එකක්වත් එයාට යවන්න එපා.ඔක්කොම මට එවන්න.

එහෙනම් මේ ලිපිය මෙතනින් නවත්වනවා.අපේ ඉස්කෝලේ අයියලාට වගේම අනිත් හැමෝටමත් විද්‍යා දිනය නරඹන්න ආරාධනා කරනවා.

ක්‍රිකට් ලෝකයේ - රජවරුත් අපේ..

වර්ල්ඩ් කප් උනුසුමත් සමග ක්‍රිකට් ගීත හතුපිපෙන්නා සේ මතුවෙන්නට අරන්. එම විවිධාකාර ගීත අතර ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතුරෙන් දීර්ඝ පසුබිමෙක නිර්මාණයවූ ගීතයක් ගැන කියන්නටයි මේ සැරසුම. එනම් මෙම ගීතය සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වාදිය හැකියි.

ඩිල්_ස්කූප් ෆෑන් පේජ් එක කිව්ව ගමන් ලංකාවෙ ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙක් දන්නවනේ... ඉතිං ඔන්න ඒකෙ ෆෑන්ස්ල වෙනුවෙන් ඒ වගේම ලෝක කුසලාන යන අපේ ක්‍රිකට් කණ්ඩායමට උපහාරයක් විදියට මියුසික් ට්‍රැක්1ක් කරල තියනව. 
 
 "සිංහයෝ අපේ - වීරයන් අපේ"  ගී වදන්  සා.පීතර විද්‍යාලයේ ඉගෙනුම ලබන  යශින්ත් යුරේෂ් සොහොයුරා ගෙනි.   දර්ශන ගිම්හාර අතින් මෙම තනුව නිර්මාණය වූයේ ආරාධනා ලැබී දින 3කටත් අඩු කාලයකින් වීම විශේෂයකි.  ගීතය ගායනයෙන් එක්වූයේ දිනිත් අකලංක යි. 

  අංජුල මල්ෂාන් සහ ජනිත් රාජපක්ෂ  සහ දුලිත් කේ.   අතින් නිෂ්පාදිත සින්හයෝ අපේ ගීතය ඩවුන්ලෝඩ් කර ගැනීමට පහත යොමුවන් වෙත පිවිසෙන්න.

ගීතය රස විඳින්න කියා ආරධනා කරමින් මෙම ගීතය ඔබේ මිතුරන් සමග බෙදා හදා ගන්න ලෙසටත් ඇරයුම් කරමි.
"සිංහයෝ අපේ - වීරයන් අපේ...
ක්‍රිකට් ලෝකයේ - රජවරුත් අපේ..." 





Sunday, February 6, 2011

සුළඟේ ලෙලෙනා මල සේ දඟපා, අප පාසැල් ගිය කාලයේ යාලුවො අද නැත.වෙන අය එහි ඇත කලය මැව් වෙනසක අරුමේ

අදත් බ්ලොග් සටහනක් ලියන්න ආමි.වාග් හැසිරවීම වෙනස් කලෙමි.එය හොඳ යැයි සිතේ.(වෙනසකටත් එක්ක.)
මුලින්ම අපේ "ඉලන්දාරියා"අයියා ට සහායක් දක්වන ලෙස කරුනාවෙන්ම ඉල්ලා සිටිමි.(උක්තයක් නැතෙයි කියල කියනව නෙවෙයි මේ වාක්‍යයට.)
ඊලඟට.........
(පොඩ්ඩක් හිටහංකො.ලියනව කිව්වට තාම හිතනව.)
මේ දවස් දෙකක් තිස්සේ කොම්පීතර් මල්ලියා සමඟ (වල් කතා කියන්න එපා.) ගතකොට ටෙලිකොම් මාමලාට ගි.බ.4ක් කොකා පෙන්නන්නට සමත් වීමි.
දැන් තතාව වෙනත් දෙසකට ය.
දැන් කියන්නේ පාරමී ගැනය.මෙතෙක් කල් ඇය ගැන සිතා ලිපි ලිව්වෙමි.අවසන දී අපේ සුදු මහත්තයා කී පරිදි
"උඹ පාරමී ගැන හිතුවට එයා උඹ ගැන සිතන්නේ නැත"
සත්‍යක් බව පසක් කර ගත්තෙමි.එහෙමෙයි කිව්වා ට මම තාම ඈට ආදරේ ය ලු.

දැන් අද ලියන්නට කතාවක් සිතමි.


මතක් විය.අද ලියන්නේ මම අපේ තාත්තාගේ ඔපීසියට ගිය කාලය පිළිබඳව ය.


මා මතක ඇති කාලයේ පටන් අම්මා වැඩට ගියවිට සිටියේ තාත්තාගේ ඔපීසියේ ය.එය එසේ මෙසේ නොවේ ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකි.තාත්තාගේ පුටුව අසලින් මටද පුටුවක් වෙන්කර ම තබා තිබුනි.නමුත් මා එහි ගිය විට එහි සිටියේ කොපමන චුට්ටි වේලාවක්දැයි නොදනිමි.මන්ද යත් මම ඒ දිනවල වේලාව බලන්නට දැන නොසිටි බැවිනි.
මා ඔපීසියට ගියවිට,බය වූයේ ලේකම් තුමාටත්,සහකාර ලේකම් තුමාටත් පමණි.ඒ ඔවුන් වෙනම කාමර වල සිටි බැවිනි.
ඔපීසියේ පුරාම දිනකට කී වතාවක් මම දිව්වාමිද නොදනිමි.ඒ දිනවල මම මොන්ටිසෝරි වයසේ ය ලු.හැබැයි මෙහෙමය.එසේ දුවද්දී ඇන්ටිලා සමඟ කතා කරමින් සිටියෙමි."පුතේ මෙහෙට එන්නකෝ"කිව්වාට මම නොගියේ ඒ දිනවලත් මම ගෑනු මායම් දැන සිටි නිසාදැයි නොදනිමි.නමුත් මා සමඟ සේප් එකේ හිටියේ ඇන්ටිලා සහ අක්කලා ය.ඒ අතර නදීකා අක්කා සහ දිල් රුක්ශි අක්කා නම් හොඳටම මතක ය.
කෙසේ වෙතත් ඒ ඔක්කොම මට ආදරේ ය.හැබැයි තාත්තා ට නම් මා දුවන දිවිල්ල නිසාම ඇහැ ගහගෙන ඉන්නට ම සිදුවිය.ඒ ඇස් ගැසිල්ලේ තරමට මම දුවන ලද්දේ මීටර 10 ක් පමණ විය හැකිය.මන්ද ඒ දිනවල පොඩ්ඩත් මට ලොකුය.(දැන්නම් ගිය විට වටේම දුවා ඇති බව පෙනේ.)
මම ඒ දිනවල ඇන්ටිලාට කේලම් කීමි.වෙනකක් නොව අන්න ඇන්ටිගේ නමට පස්සේ අර පිරමීඩ තියෙන රටේ "මමිය" කියා ලිව්වා කියා ය.අවුලක් නම් වූයේ නැත.
මම තවත් කැත වැඩ කලෙමි.එනම් සහකාර ලේකම් තුමාගේ අත්සන ගැසීමි.හොර වැඩකට නොව,ආසාවට ය.ඔහුගේ අත්සන ඒ දිනවල බෝලයක් ඇඳ මැදින් ඉරක් ය.ඉතින් ඕක ගහන්ට බැරියැ.
හැබැයි වැඩේ මාස්ටු ය.එතුමා හිනාවක් දැම්මේ පමණක් ය.පසු කාලීනව අත්සන් වැඩය නවතා දැමීමි.
ඔපීසෙයේ රයිප් රයිටරේ වැඩ කළ ඇන්ටිලා මාගේ බොක්කවල් ය.එයාලාගේ වැඩේ වැඩ නැති වේලාවට මා කියනා දේවල් ටයිප් කිරීම ය.අවුලක් නැත.
දිනක් මම ඇන්ටී කෙනෙකුට කියා"ඔයාව රස්සාවෙන් අස් කරනවා"කියා කොටවා ගත්තෙමි.
ඉරක් උඩින් අත්සන ගහන්නට ආසාවට යටින් ඉරි ද කොටවා ගත්තෙමි.සහකාර ලේකම් තුමාගේ අත්සන ගසා නදීකා අක්කාගේ ලාච්චුවේ දැමීමි.අවුලක් නැත.ඇතැම් විට ඔවුන්ගේ ලාච්චු වල තිබූ දේවල් ඔවුන්ට වඩා මම දනිමි.


තාත්තා ඇතැම් ලිපි අත්සන් කල විට සීල් එක ගසන්නේ මමය.ආයෙත් ගැහුවොත් ගැහුවාම ය.ඉඳලා හිටලා එකක් හරි පැත්තට ය.නැත්නම් බෙල්ලට වැඩ හරිය.


මගේ වරදක් නැත.මා සීල් එක ගසා ඇත.ලිපියේ අයිතිකරුවන් "හරි හුරතල් පුතා" යැයි කිය කියා යන්නට ඇත.


දිනක් ඇන්ටිලා සමඟ සෙල්ලම් කිරීමට ගොස් පුටුවක් මත දඩාස් ය.පුටුවක් කීවාට ලී පුටුවක ඇන්දේ ය.


නලලෙන් පැණි බේරේ.එය මම නොදනිමි.සාමාන්‍ය විදියට නැගිට්ටෙමි.
"පුතේ...!'
කියා කැගසනවා ඇසුනේ ය.සුරුස් සද්දයටත් බය මම එවිටනම් මම බය වීමි.මාතර කොළඹ බස් දුවන වේගෙන් තාත්තා ලඟ ය.ඔපීසෙයේ කැබයෙන් ම රෝහලේ ය.අම්මා රෝහලේ වැඩය.


කෙසේ හෝ මැහුම් 3කින් සේප් ය.


දැන් මම ටිකක් ලොකුය.තනියම ගෙදර සිටිමි.ඉතින් ඔපීසියට යා යුත්තේ නැත.නමුත් ඉඳහිට යමි.


හොඳටම ලොකු විට යන්නේම නැත....


03 වෙනිදා රාත්‍රියේ නැවත එහි ගියෙමි.ඒ පිරිත් පින්කම නිසාවෙනි.මාව අඳුරන අය ඉන්නේ දෙතුන් දෙනෙකි....


ඔපීසිය වෙනස් වී ඇත.....


මෙලෙසම කෙදිනක හෝ
"සුළඟේ ලෙලෙනා මල සේ දඟපා,
අප පාසැල් ගිය කාලයේ
යාලුවො අද නැත.වෙන අය එහි ඇත
කලය මැව් වෙනසක අරුමේ"


ද කියන්නට සිදුවනු ඇත...

Friday, February 4, 2011

She will be mine?

She will be mine?
I thought since you came to my heart,
Seconds and seconds.....
Minutes by minutes.....
Hours and days.....
Months and years.....
Now its  over five years...
But,
I'm still here.....
Where I was started...
Now I feel I'm fail.....
Because.....
There is no space for me in your heart.
There was an error in this gadget

පස්සෙන් එන්න