web 2.0

Tuesday, March 15, 2011

සර්,කවුද බඳින්නේ?

මේ සිදුවීම වුනේ අපේ(කිව්වට අපේ උන් එකෙක්වත් යන්නේ නෑ.මම විතරයි.) පියෝ ක්ලාස් එකේ දි.කියවලම බලන්නකෝ....
පසුබිම ගැනත් කියන්නම්කෝ.පන්තිය තියෙන්නේ ගාල්ලෙ කලේගාන හංදියේ තියෙන ආයතනයේ.සර් හෙන හොඳයි.අපේ ඉස්කෝලේ නෙවෙයි.
දැන් සීන් කෝන් එක.....
මම කිව්වනේ සර් හෙන හොඳයි කියලා.අපේ උන් ඉතින් සර්ව මඩවන්න ගත්තා.ප්‍රශ්න තියෙනවනම් චිට් එවන්න කියලනේ තියෙන්නේ...

අපේ අයත් යවනව දැන් චිට්.
"සර්,වතුර බොන්න යන්න දෙන්න කෝ."
චිට් 5ක් විතර යනකොට යන්න කිව්වා.

දැන් වතුර බීල ඇවිල්ල
"අනේ සර් මැච් එකේ ලකුණු කියන්නකෝ"(එදා තමයි අර ලංකාව පල්ලෙකැලේදි ගහපු මැච් එක තිබ්බේ.)

"නෑ.නෑ.මැච් ඕන නෑ"
කියලා සර් ඒ ප්‍රශ්නෙන් ගැලවුන...

හැබැයි ඉවරයක් නෑ.දිගටම චිට් යනව.අන්තිමට සර් ට ඇතිවෙලා කිව්වා,
"ළමයි එවන ප්‍රශ්න පාඩමට කිසිම අදාලත්වයක් නෑ.හරියට මෙන්න මේ වගේ....
ඔන්න එකමත් එක කාලෙක ගමක අම්ම කෙනෙක් හිටියා.එයාට පුතෙක් හිටියා.ඉතින් ඒ අම්මා මහන්සි වෙලා පුතාට උගන්වලා පුතාට හොඳ රස්සාවක් හම්බ වුනා....
දැන් ඔය ලමයි එවන ප්‍රශ්න හරියට අර අම්මට මොකද උනේ? අහන්න වගේ තමයි....
හහ් හා..."[අපේ උන් වැඩිපුරම හිනා වෙන්නේ සර්ගේ හිනාවට.සෝ ඔතනදි ඔක්කොමත් එක්ක හිනා වුනා.]

ටික වෙලවකින් තව චිට් වගයක්..සර් කියවනවා.[සර් මයික් එකත් අල්ලගෙනමයි කියවන්නේ.]
"සර් ඇත්තටම අර අම්මට මොකද වුනේ?"

ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ සර්ට..කොහොම හරි ඔහොම වැඩේ ගියා.....


එදා සර් කිව්වා,
"ළමයි මට තමයි ඔයාලගේ උගන්නන එකේ ලොකුම බරක් දරන්න වෙන්නේ.ශිෂ්‍යත්ව ටීචර් කියපුවයි,ඕලෙවල් ටීචර් කියපුවයි,ඇප්ලයිඩ් ටීචර් කියපුවයි ඔක්කොම සමානයි.ඒ නිසා ඔයාල එයාලට ගොඩක් ආදරෙයි.[ඒක වෙනම කතාවක්. ;) ]මම කියන ඒවා ඇහුවහම ඔයාලට මේ සර් පිස්සෙක්ද කියලත් හිතෙනව ඇති නේද?"

කියලා උගන්නගෙන ගියා.ඔන්න දැන් තමයි හොඳම චිට් එක ගියේ...

"සර්,තුන්දෙනෙක්ට ආදරේ කරලා කවුද බඳින්නේ?"

තවත් රස කතා පස්සේ කියන්නම්කෝ....

අදහසක් එහෙම දාල යන්න..

14 ප්‍රතිචාර:

Anonymous said...

ඔය ක්ලාස් චිට් කෙරුවාව ගැනනම් ආයෙ කියල වැඩක් නෑ. බද්දෙගෙ කමෙස්ට්‍රි ක්ලාස් එකේ කවුද එකෙක් කුණුහර්ප චිට් එකක් යවල ආයෙ මොර හොයාගත්ත මොකාද ඒක එව්වෙ කියල, එක්කගෙන ගියා ස්ටේජ් එකට, දෙකට නවල කොන්දට දුන්න අත පුරවල එකක්. එච්චරයි ! ඌ හැබැයි ඊට පස්සෙත් දිගටම ක්ලාස් ආව. අන්තිමට ඌ ක්ලාස් එකේ බෙස්ට් රිසාල්ට් ගත්තු කොල්ලන්ගෙ ඉස්සරහින්ම උන්න එකෙක් !

Dilanka Madhawa said...

සුවර් එකට අර සිංහල බ්ලොග් ලියන,අපේ ඉස්කෝලේ නවම් අයියා වෙන්ට ඇති...

Anonymous said...

Wow malliya...........oya nam hodai

හරී said...

තේරුනේ නැතෝ.......

Dilanka Madhawa said...

@ ආරියනන්ද050- :)

Dilanka Madhawa said...

@ හරී-.ඒ නිසා ඔයාල එයාලට ගොඩක් ආදරෙයි...
......."සර්,තුන්දෙනෙක්ට ආදරේ කරලා කවුද බඳින්නේ?"

හරී said...

දැන්නෙ බොලං මීටර් වුනේ... බලං ගියාම මමත් හරිම ටියුබ් ලයිට් එකක්නෙ...

Dilanka Madhawa said...

@ හරී-ස්ටාටරේ හොඳට තියාගන්න බල්බ් එකේ...
:P

හරී said...

@කුරුං ගුරුං : අලුත් එකක් දා ගන්නම්.....

Dilanka Madhawa said...

@ හරී-මචන් එකක් රු15යි ලු...සල්ලි අරං පල හොඳේ..

හරී said...

@කුරුං ගුරුං :අඩේ...උඹ කිව්වෙ නැත්නම් පට්ට චාටර් එකක් වෙන්නෙ... 13.75යි අතේ තියෙන්නෙ...

Dilanka Madhawa said...

@ හරී-එහෙනම් දැන් ඉඳන්ම 1.25 හොයන්න

prabha said...

oya clz ekemai math inne..eda wechcha de matath mathakai..sir nam paw.eth ithin kammali kame hitiya kattiyama eda hodata hinawuna...ekath hodaine...

Dilanka Madhawa said...

@ ප්‍රභානි-අප්පට සිරි එහෙමද?ඒ කියන්නෙ මාව ත් දන්නවද?කවුද කියලා අඳුන ගත්තද?

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න