web 2.0

Thursday, December 31, 2009

සැමට සුභ නව වසරක්.....

ඕං එහෙනම් 2009 වසරත් ඉවරයි.මමනම් කරපු දෙයක් නෑ.අලුතෙන් මැසිමක් ගත්ත එක තමයි මටනම් විශේෂිතම අත්දැකීම.(මතක විදිහට.)ආහ් අනිත් එක මම බ්ලොග් කලාවට ආවෙත් මේ අවුරුද්දේ.කොහොම උනත් දැන් වෙනකොට මට අන්තර්ජාලය හරහා ගොඩක් හොඳ යාලුවො හම්බ වුනා.විශේෂයෙන්ම කියන්න දෙකුත් නෑ.හැබැයි 2010 නම් මට තීරණාත්මක වෙයි.මොකද මම 2010දී විභාගේ ලියන්න ඕනනේ.මේ වෙනකොටත් වෙලාව මදි වෙලා ඉන්නේ.උදේ,දවල්,හවස,රෑ පන්ති පන්ති.ඒක නිසා අන්තර්ජාලේ රස්තියාදු ගහන්න වෙන එකක් නෑ.ඒ නිසාම හෝම් පැකේජ් එකේ ඉඳලා එන්ට්‍රී එකට මාරු වෙන්න හිතාගෙන ඉන්නේ.බ්ලොග් ලියන එකත් ගොඩක්ම අඩු වෙයි.කොහොම නමුත් පුළු පුළුවන් හැටියට ලියන්නම්.

මේ මේ.....කියන්න අමතක වුනා.2010 නව වසරේ ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.එහෙනම් අදට ඇති...



Saturday, December 26, 2009

ඒ අඳුරු දිනය......

අද දවස ලංකාවේ අපි හැමෝටම අමතක නොවන දවසක්.2004 දෙසැම්බර් මස 26 වෙනි ඒ අඳුරු දිනය ගතවෙලා අද දවසට අවුරුදු 5ක් ගෙවෙනවා.මමත් දකුණේ කෙනෙක් නිසා මෙහේ වුන දේවල් දැක්ක කෙනෙක්...එදා මගේ අත්දැකීම අද මගේ බ්ලොග් එකේ දාන්න හිතුන...
 එදා මම හිටියේ හික්කඩුවේ අපේ අම්මගේ මහ ගෙදර...නත්තල් දවසේ එහේ ගියේ නත්තල් සිරි බලන්න.25 වෙනිද හවස අපි (මායි,ලොකු මාමලහ අක්කලයි ඒ ලඟ ගෙදරක අක්ක කෙනෙකුයි.)හික්කඩුවේ නත්තල් සිරි නරඹල වෙරලට ගිහිල්ලා සෙල්ලම් කලා.පොටෝස් ගත්ත...
එදා රෑ මම නැවතුනා ලොකු මාමලහ.නැවතිලා ඊට පස්සෙන්දා උදේට බීච් ගිහිල්ලා නාල,අක්කගේ කඩේටත් ගිහින් එන්න හිතන් හිටියේ....
25 වෙනිද රෑ චූටි අක්ක පාඩම් කරන්න සෙට් උනා.මම ටීවී එක දාගෙන ෆිල්ම් එකක් බැලුව.කොහොම හරි නිදාගන්නකොට පාන්දර වෙන්න ඇති.
26 වෙනිදා නැගිටින්න හිතාගෙන හිටියේ කළින් නැගිටින්න.කොහේ නැගිටින්නද?උදේනේ නිදාගත්තේ...මම නැගිටිනකොට කොහොමත් 8.30 විතර වෙන්න ඇති.අක්කනම් බැන්නලු. :)කොහොම හරි මම ගිහිපු නිසා අක්කල දෙන්නෙක් පන්ති ගියේ නෑ.
ටික වෙලාවකින් මිනිස්සු දුවගෙන ආව.ඒවෙලාවෙත් මම හිටියේ ලොකු මාමගේ ගෙදර.(ගෙදර තියෙන්නේ කන්දක් උඩ.ඒ නිසා අවුලක් වුනේ නෑ.නමුත් මුහුද ගොඩ ගලනව කිව්වහමනම් මොකක්ද උනා වගේ.)
බය වුනා වුනත් මොනව කරන්නද?ගල් වෙලා වගේ හිටියා.මිදුලට වෙලා.
එහෙම ඉන්නකොට තමයි තාත්තයි බාප්පයි ආවේ.ඒ වෙලාවෙනම් මට ඇඬුනා.(හිනාවෙන්න එපා.ඒ කාලෙ මම 5 වසරේ.)ඊට පස්සේ ඒ දෙන්නත් එක්ක බයිසිකොලෙන් ගෙදර.


ඊට පස්සේ දවස් වල තාත්තගේ ඔපිස් එකේ තමයි තාත්තත් එක්ක.අම්මටත් ඩියුටි.කොහොම හරි දෙසැම්බර් 28 විතර තත්තත් එක්ක හික්කඩු යන්න සෙට් උනා.ආධාර වගයක් දෙන්න.ඒ ගමන් වාගනේ අංකල් කතා කළා පෙරලිච්ච කෝච්චිය බලන්න යන්න.කොහෙන්ද මන්දා රවුම් ගොඩාක් ගැහුවත් යන්න වුනේ නෑ.නමුත් සුනාමියට අහුවෙලා මැරිච්ච මිනී නම් දැක්කා.වතුර පෙවිලා ඉදිමිලා තියෙනව දැක්කහම එපා වෙනව.මමනම් වැඩිපුරම බිම බලාගෙන(වාහනේ ඇතුලේ.)හිටියේ.ඔහොම තමයි ඒ දවස් ගෙවුනේ....

විශේෂ ඉල්ලීමයි.....
අද දින සුනාමියෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා පෙරවරු 9.25 සිට 9.27 දක්වා පවත්වන නිශ්ශබ්දතාවයට සහයෝගය දක්වන්න...

සුනාමි වීඩියෝ කිහිපයක්......(ඒ අඳුරු අතීතය.)









Friday, December 25, 2009

පහන් සිළුව....

අද මට අලුත් සින්දුවක් හම්බ වුනා.නිකමට වගේ අහල බැලුවා.සිංදුව තියෙන්නේ අපේ රට ජාතිය බේරගත්ත රණ විරුවන් ගැන.වීඩියෝ එක බලද්දී ඇහැට කඳුලක් ආව දන්නේම නැතුව.එයාල රට ජාතිය බේරගන්න තමන්ගේ ජීවිතේ පූජා කරා කියල දැනෙන විදිහට වීඩියෝ එක තියෙනවා.කොහොම උනත් මේ වෙනකොට ආයෙත් අපට නිදහස් රටක් හදල දුන්න රණ විරුවන්ව අපේ මතකයෙන් ටිකක් ඈත් වෙලා කියලා දැනෙනෙවා....ඔයාලත් සින්දුව අහලම බලන්නකෝ.... 




 බලන්න වීඩියෝ එකේ ඉන්න රණ විරුවා(ඇත්ත රණ විරුවෙක්ද දන්නේ නැ.)අර අතදරු ළමයව වඩාගෙන තමන්ගේ ජීවිතේ ගැන පවා නොසිතා කටයුතු කරන ආකාරය...ඇත්තටම මේ වගේ අවස්ථා ගොඩක් සිද්ද වෙන්න ඇති මේ යුද්ධය කාලේ.කොහොම උනත් ඒ තිත්ත අතීතය දැන් මතක් කරලා වැඩක් නෑ.නමුත් ඒ වගේ සේවයක් කරපු රණ විරුවන්ට කලගුණ සලකන්නටනම් ඕන...

සින්දුවේ නම පහන්සිළුව.සින්දුව කරලා තියෙන්නේ බෙටෘම්,නදීක සහ දුලීක කියලයි සින්දුවේ ටයිට්ල් එකේ තියෙන්නේ.....මම සින්දුව ගත්තේ එළකිරි එකෙන්...(බ්ලොග් එකට දාපු වීඩියෝ එකේ කොලිටිය අඩු කරන්න වුනා අප්ලෝඩ් කරන්න අමාරු නිසා....සමාවෙන්න ඕන ඒ වැරැද්දට. සින්දුව ගන්න ඕනනම් එළකිරි උඩ කොටන්න. )

Thursday, December 24, 2009

දුරකථන සරණං

අද කොල්ල ගියා ගාලු.යන්න හේතුව වුනේ අපේ නැන්දලහ සන්ටෙල් පෝං එක ලෙඩ වෙච්ච එක.අම්ම නර්ස් කෙනෙක් උනාට අම්ම පෝං වලට බෙහෙත් දන්නේ නැති නිසා ඔපීසියටම යන්න උනා.අපරාදේ කියන්න බෑ ගිහිපු ගමන් කෙළින්ම කස්ටමර් කෙයර් එකේ ඇන්ටි කෙනෙක් ලඟට.(ඇන්ට් කිව්වට අවුරුදු 30ක් විතර ඇති මහිතේ.)කොහොම හරි ගිහිපු ගමන් පෝං එක චැක් කොලා.කොරල බැටරියත් මාරු කරලා අලුත් චාජර් එකකුත් දුන්නා.

ඊට පස්සේ ටෙලිකොං එකට.ඒකට ගියේ ඒ.ඩී.ඇස්.ඇල් හෝම් පැකේජ් එකෙං එන්ට්‍රී එකට මාරු වෙන ක්‍රමේ හොයන්න.ගිහිල්ල ඒක බැලුව.ඒ ගමන්ම ඒ.ඩී.ඇස්.ඇල් එකට දෙන ඊමේල් ඇඩ්‍රස් එකත් ඉල්ලුව.අංකල් කෙනෙක් දුන්න ඇප්ලිකේශන් එක.පුරවගෙන ගියා.එපාර අහනව "මොකක්ද ඕන යූසර් නේම් එක?" කියල.කොල්ල ගත් කටටම කිව්ව "කේ...........@එස්එල්ටීනෙට්.එල්කේ "කියල."ඔහොම කියන්න එපා පුතා.චෙක් කොරල බලන්න ඕන."කොහොම හරි ඒකත් කොරගත්ත.


එන ගමන් මතක් උනා එයාර් ටෙල් සිම් එකකට කෙළ උනා කියල.එහෙමම ගියා එයාර් ටෙල් එකට.ගිහින් දුන්න සිම් එක."මේක අයිති කටද?" ඇහුවා."අක්ක කෙනෙකුට.""එයා ආවොත් වෙන සිම් එකක් දෙන්න පුළුවන්.නැත්නම් බෑ."එපාර තාත්ත අහපි"දැන් වෙන සිම් එකක් ගන්න පුළුවන්ද?" කියලා."ගන්න පුළුවන්."කියලා කියපි අර අක්ක.එපාර තාත්ත ඇහුව මගෙන් ගන්නද කියල.මම කිව්ව එපා කියල.ඔහොම දෙතුන් පාරක් උනා.අන්තිමට සිම් එකක් ගත්තේ නෑ.ආව එන්න.(මට පිස්සුද ආයෙත් හුළන්ටෙල් ගන්න???)

එන ගමන් තාත්ත ඇහුව මොකක්ද කරන්නේ අනිත් පෝං එකට කියල.මම කිව්ව ටීගෝ ගමු කියල.එපාර එන ගමන් ටීගෝ සිම් එකකුත් අරගෙන ආව.ආපු ගමන් අර කෝල් කලෙක්ටර් දාගත්ත.දැන් තාත්ත කතාකරන ඒවට කෝල් කලෙක්ටර් එන්නේ මගේ පෝං එකට......

Tuesday, December 22, 2009

ගියපාර "දුම්රියේ වෙනස........."ලිපිය ලියල එවපු සචිත් අයිය ජපානේ දුම්‍ රිය සේවය ගැන පොටෝස් ටිකක් එවලා.මම ඉතින් ඒ ටික හැමෝටම බලන්න කියලා දානව. සචිත් අයියාට ස්තුතිය.





Sunday, December 20, 2009

මඩ






ලබන මස 26 වන දින අප රටට ඉතා වැදගත් වන දිනයකි.අරහෙන් මෙහෙටත්,මෙහෙන් අරහෙටත් ගහන මඩවලට ජනතා ප්‍රතිචාර එදිනට අපට බලාගත හැකිය.එතෙක් අපට කරන්නට තිබෙන්නේ දෙපාර්ශවයේ මඩ ගසාගැනීම දෙස බලා විනෝද වන්නටය.

Tuesday, December 15, 2009

එයයි ලොව ඇති දහම....




මදනලට සුවඳ දෙමි 
දස අතට ගෙනයන්න  
වර්ණවත් කරමි මම
හරිත පැහැ තුරු වදුල

තනිකම දුක්බරද මෙතරම්
වැටගේද ප‍්රිය සබඳ
හෙට පිපෙයි මල් කැකුළ 
තනිකමට ළඟ ඉන්න

මියැදේවි මම එදින 
සිපගනිමි මිහි මඬල 
නොහඬන්න ප‍්රිය සබඳ  
එයයි ලොව ඇති දහම....

Monday, December 14, 2009

දූම්රියේ දූටු වෙනස

අලූත් ලැප් ටොප් එකක් ගන්න කියල මාස ගානක් හිත හිතා හිටිය. කෙහෙද ඉතින් වෙලාවක්? බොහොම අමාරුවෙන් වෙලාව හදාගෙන සෙනසුරාදා දවසක උදේ ලැප්ටොප් එකක් බලන්න කියල ගෙදරින් පිටත් වුණා. තාක්ෂණෙනුත් වැඩක් ගන්න ඕන නිසා කල්තියා ඔක්කොම විස්තර ඉන්ටනෙට් එකෙන් හොයල බලල තමයි වැඩේට බැස්සෙ. කොටින් ම කියනවනම් ලැප්ටොප් එක තියෙන කඩේ නම විතරක් නෙවෙයි තියෙන තැනත් ගූගල් මැප් එකෙන් බලලා. ඒකෙ ෆොටෝ එකකුත් මගේ ෆෝන් එකට දාගෙන තමයි ලකලෑස්ති වුණේ.
කොහොමෙන් කොහොම හරි උදේ ඇහැරෙන කොටත් හොඳටම පරක්කුයි. දඩිබිඩි ගාලා ලෑස්ති වෙලා ගෙදර ඉඳලා ඉස්ටේෂමට බයිසිකලේ පැද්දෙ ගිනස් වාර්තාවක් කඩන්න වගේ. මොකද උදේ වරුව ඇතුළත වැඩේ කරගන්න බැරි වුණොත් හවස දාගත්ත වැඩ සේරම අප්සට් යන නිසා. ඉස්ටේෂමට යනකොට කෝච්චිය අද්දන්න ඔන්න මෙන්න… කොහොම හරි නැගගත්තා. හොඳවෙලාවට සෙනසුරාදා නිසා වැඩි සෙනගක් හිටියෙ නෑ. අයිනක හිස් සීට් එකක් බලල මමත් වාඩිවුණා. දැන් කෝච්චිය යනවා.මමත් ඉතින් වටපිට බල බලා යනවා. වැඩි වෙලාවක් යන්න වුණේ නෑ. මට ආවෙ මාර නිදිමතක්. කලින් දවසෙ රෑ යුනිවසිටියෙ පාටියක් තිබුණා.ඒ පාටිය නිසා රෑ හරියකට නිදාගන්න ලැබුණෙත් නෑ. මගේ ඇස් දෙකත් ටික ටික පියවීගෙන යනවා.

මට ළඟදි දවසක කෝච්චියෙන් කොළඹ යන්න ගිහින් වෙච්චි සිද්ධියක් මතක් වුණා. කොහොම හරි එදාට කලින් දවසෙ ඉන්ටර්නෙට් එකෙන් දුම්රිය කාලසටහනේ නියම වෙලාවත් බලාගෙන තමයි ගාල්ල ඉස්ටේෂමට ගියේ.අපිට යන්න ඕන කරන තැනයි වෙලාවයි දැම්මම ගාල්ලෙන් ගන්න ඕන කෝච්චිය කියනවා. පොතේ හැටියට නම්, ඒ කියන්නෙ දූම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකේ හැටියට නම් 1.45ට කෝච්චියක් තියෙන්න ඕනෑ.මම එතනට ගියාම කෝච්චියක් තියා ඩක්කුවක්  වත් එන පාටක් නෑ. බැරිම තැන එතැන හිටිය චෙකර් මහත්තයෙක්ගෙන් ඇහුවා.එයා කියනවා හෙට  සඳුදා නිවාඩු නිසා අද කෝච්චිය හෙටට දාලා කියලා. එහෙනම් මොන මගුලකටද අර ඉන්ටර්නෙට් එකේ දාලා තිබුණේ? මට යකා නැග්ගා. මේ ඉතින් ලංකාව නේ මොනව කරන්නද? මං හිත හදාගෙන බස් එකට නැග්ගා.අතීත සිදුවීම් මතකෙට එන ගමන් මටත් නොදැනිම ඇස්දෙක පියවුණා.

මමත් අද නැගල තියෙන්නෙ අලූතෙන් ම දාපු කෝච්චියකටද කොහෙද? මාරයි.ඇතුළ සේරම ඒසී කරලා. ජනෙල් දොරවල් සේරම වහලා. පොඩ්ඩක්වත් ගැස්සෙන්නෙ නෑ.අර දඩබඩ සද්ද මොනවත් නෑ. කියල වැඩක් නෑ. මට හරිම සතුටක් දැනුණා. මෙන්න එක පාරටම කෝච්චියෙ හයිකරපු ඉස්පීකර්වලින් කවුද කතාකරන්න පටන්ගත්තා.

"ඔබ සැමට සුබ උදෑසනක්" අද දිනයේත් ශ්‍රී ලංකා දූම්රිය සේවය භාවිතා කිරීම පිළිබඳව ඔබට ස්තුතියි. මෙම දූම්රිය ගාල්ලෙන් පෙරවරු හතයි විසිතුනට ගමන් ඇරැඹි කොළඹ බලා ධාවනයවන ශීඝ්‍රගාමී දූම්රියයි. මීළඟ නැවතුම හික්කඩුව දූම්රිය ස්ථානයයි. හික්කඩුවෙන් පසුව මෙම දූම්රිය අම්බලන්ගොඩ දූම්රිය ස්ථානයේ නවත්නවනු ඇත”.

එකම නිවේදනේ දෙමළෙනුයි ඉංග්‍රිසියෙනුයිත් කියනවා. මම හිතන්නෙ රෙකෝඩින් එකක් වෙන්න ඇති. 

"තව ස්වල්ප වේලාවකින් දූම්රිය හික්කඩුවට ළඟාවේ. හික්කඩුවෙන් පසුව අම්බලන්ගොඩ තෙක් ඇති අනෙකුත් දූම්රිය ස්ථාන කරා ගමන්ගන්නා මගීන් දෙවන වේදිකාවේ නවතා ඇති මන්දගාමී දූම්රියට මාරුවන්න. දූම්රිය ගමන් පථය මාරුකරන බැවින් ගැස්සීමක් ඇතිවිය හැකියි. පරීක්ෂාකාරී වන්න. දූම්රියේ වම්පස දොරටු විවෘතවනු ඇත”.

ස්පීකරේ නම් සද්දෙ නවත්තන පාටක් නෑ. උපදෙස් දෙන්නෙ පොඩි ළමයින්ට වගේ. කෝච්චිය හික්කඩුවෙ නවත්තලත් කථාවෙ නම් ඉවරයක් නෑ.

'මේ හික්කඩුවයි - මේ හික්කඩුවයි’ ගමන්මලූ ආදිය අමතක නොකරන්න”. දොරවල් වැසෙන බැවින් ප්‍රවේසම් වන්න’ දැන් ගොඩවීම හෝ බැසීම අනතුරැදායක බැවින් එසේ කිරීමෙන් වළකින්න”.
කෝච්චිය ආයෙත් යන්න පටන්ගත්තා.තාමත් අර කන්දොස්කිරියාවනම් ඉවරයක් නෑ.

"මෙම දූම්රිය තුළ ආබාධිතයින් ඇතුළු විශේෂිත පුද්ගලයන් වෙනුවෙන් ප්‍රමුඛතා ආසන වෙන්කොට ඇත විශේෂිත පුද්ගලයන් වෙතොත් එම ආසන ලබාදීමට කාරුණික වන්න. තව ද මෙම දූම්රිය තුළ ජංගම දූරකථන නිශ්ශබ්ද කොට තැබිය යුතු ය. ප්‍රමුඛතා ආසන අසලදී ඒවා ක්‍රියා විරහිතකොට තබා ගැනීමට ද කාරුණිකවන්න”.
ඒකනම් මාර නීතියක් තමයි. මගේ ෆෝන් එක වැදූන වෙලාවෙ කෝච්චියෙ සේරම මං දිහා කන්න වගේ බලන් හිටියෙ ඒකයි එහෙනම්…  
කෝච්චි පෙට්ටිය ඇතුළෙ හයිකරල තිබුණ ටීවී ටික මීටර් වුණේ දැනුයි. ඒවත් කියල වැඩක් නෑ. ප්‍රවෘත්ති ඇරුණහම ගියපු තරමක් ගියේ ඇඩ්වටීස්මන්ට්ස්. මිනිස්සුත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ඒවා බලන් ඉන්නවා. තව කෝච්චියෙ ඇතුළෙ බිත්තිවලත් ඇඩ්වටීස්මන්ට්ස් පුරවලා. දූම්රිය දෙපාර්තමේන්තුව මේවයින් හොඳට හම්බුකරනවා ඇති. මම කල්පනා කලා. සැරෙන් සැරේට අර ටීවී එකෙන් කෝච්චිය ගැන විස්තර පෙන්නනවා.  ඉන්න තැන, යන තැන, නවත්වන තැන්, වෙලාවල්, තව වෙන කෝච්චිවලට මාරුවෙන අයට ඕනකරන විස්තර වගේ දේවලූත්… මම හිතුවා ඉතින් මිනිස්සුන්ට මේ ටීවී එක බල බල ගියාම වෙලාව යනව දැනෙන්නෙ නෑනෙ කියල.ඒත්, වෙලාව යවන්න මිනිස්සු ගොඩක් දේවල් කරනබව මම දැක්කෙ උනන්දූවෙන් වටපිට බැලූවාමයි. ළඟින් ම හිටිය අයිපෝඩ් අයියා අයිපෝඩ් එක කණේ ගහගෙන තව පොතකුත් කියවනවා. ඊට එහා පැත්තෙ හිටිය අංකල් ලැප්ටොප් එකෙන් බර වැඩක්. හරියට පාර්ලිමේන්තුවෙ අයවැය හදනවා වගේ. අංකල් ළඟ හිටිය මල්ලි මොක්ද්ද ගේම් එකක් ගහනවා. තව ගොඩක් දෙනෙක් ගල් ගිල්ලා වගේ නිදි. මම විතරයි නිකං අරමුණක් නැතිව වටපිට බල බල හිටියේ. 

"අනතුරු වැළැක්වීම් වැනි අවස්ථාවලදී හදිසියේ තිරිංග ක්‍රියාත්මක වියහැකි බැවින් සිටගෙන යන මඟීන් ප්‍රවේශම්වන්න”.
අසූවට-සීයට යනගමන් එකපාරට බ්‍රේක් ගැහුවොත් කොහොම වෙයිද? මටත් හිතුණා. කොහොමත් දැන් යන වේගෙනම් සීය පැනල වගේ. මට හිතුණෙ මේක කොයි වෙලේ ගුවන්ගත වෙයිද කියලා. ඒතරම් වේගෙකිනුයි ගියේ. කොහොමත් මේ යන වේගෙට ගාල්ලෙ ඉදල කොළඹට යන්න පැය එකහමාරකට වැඩිය යන එකක් නෑ.මම නිකං ගණන් හදල බැලුවා. 

පිටිපස්සෙ සීට් එකක හිටපු දෙන්නෙක් අලුත් සර්විස් එක ගැන බර කථාබහක්. 

"මේ ට්රේන් එක යන්නෙ කරන්ට් එකෙන්නෙ. දූම්රියක් කියන්නත් බෑ . අර දෙවුන්දර තුඩුව කිට්ටුව මුහුද මැද හදපු න්‍යෂ්ටික බලාගාරෙන්ලු කරන්ට් එක දෙන්නෙ. ලංකාවටම අවුරුද්දක් පුරා කෝච්චි දූවන්න ඕන න්‍යෂ්ටික ඉන්ධන පොඩි ග්‍රෑමි ගානක් ව්තරලු. පරණ ඩීසල් එන්ජින් අයින් කරලා සේරම කරන්ට් එකෙන් යන ඒව කරන්නලු හදන්නෙ. මේ වැඩෙන් ආණ්ඩුවට ගොඩක් ලාභයි. දැන් රට වටේම අන්ඩර්ග්‍රවුන්ඩ් ලයින් එකක් දාන්නලු යන්නෙ. ඉඩම් වලට වන්දි ගෙවන්නත් ඕනෙ නෑනෙ. හිහ්. හිහ්. "
"මුහුද යටින් ඉන්දියාවටත් කෝච්චි යන එකේ ඕව මොනවද? නැව් යන්නෙ කෝච්චි වලට උඩින්ලු”.
ඒ කථා අහලා මටත් හිතුණා අපි දැන් කොච්ර නම් දියුණුද කියලා. කොහොම කොහොම හරි කොළඹටත් ඇව්ල්ලා.

"දැන් දූම්රිය ගමනාන්තය වූ කොළඹ කොටුවට ළගාවනු ඇත. තලෙයිමන්නාරම හරහා ඉන්දියාව හා දිවයින තුළ සියලුම ප්‍රධාන නගර බලා ධාවනය වන්නාවූ දූම්රියන් සදහා මෙම දූම්රිය ස්ථානයේදී මාරුව්ය හැකිය. අධික සුළං තත්වය හේතුවෙන් මෙම දූම්රිය ව්නාඩි 4ක් පමණ ප්‍රමාද වීම පිළිබදව සමාව භජනය කරමු”.
    "ගමන් මළු ආදිය කිසිවක් අමතක නොකරන්න. ශ්‍රී ලංකා දූම්රිය සේවය භාව්ත කළ ඔබට ස්තූතියි. ඔබට සුබ දවසක්”.
    කෝච්චිය නැවැත්තුවා. මට ඇහෙනවා දොරවල් ඇරෙන සද්දෙ. මිනිස්සු බැහැල යන සද්දෙත් ඇහෙනවා.ඒත් එක්කම කවුදෝ මගේ ඔලුවට තටිටු කරනවා වගේ දැණුනා. මම බොහොම අකමැත්තෙන් ඔලුව උස්සලා ඇස්දෙක ඇරියා. 
 
"සුමිමසෙන් මෝ තෝකියෝ නි සුයිත යෝ"
 ජපන් ආච්චි කෙනෙක් මොනවද කියනවා. ඒ කිවිවෙ සමාවෙන්න ටෝකියො වලට ආවා. කියලයි.එහෙම කියලා එයත් බැහැල ගියා.කෝච්චිය ඇතුළෙ කවුරුවත්ම නෑ. සේරම බැහැල ගිහිල්ලා. මමත් දඩිබිඩි ගාලා බැහැගත්තා. බැහැල වටපිට බලනකොටයි මට තේරුණේ මම ඉන්නෙ ටෝකියෝවල කියල. නිවාඩුවට ලංකාවට ගිහින් ඇව්ත් මාසයක්වත් ගෙව්ල නැති නිසා තාමත් ලංකාවෙ ඉන්නව වගෙයි දැනෙන්නෙ. මටත් කෝච්චියෙදි මාර හීනයක් තමයි පෙනිල තියෙන්නෙ. ටෝකියෝ වලට කලින්ඉස්ටේෂමෙන් බහින්න හිතාගෙන හිටියත් හොදටම නින්දගිහින් හීනෙකුත් බලබල ටෝකියෝ ඉස්ටෙෂමටම ඇවිත්. කලින් දැකපු හීනෙ ගැන හිතහිතා අනිත් පැතත්තට යන කෝච්චියක නැග්ගා. අපේ රටටත් මේ වගේ දූම්රිය සේවයක් තිබුණනමි මම කල්පනා කලා.


ලිව්වේ_ දැනට ජපානේ ඉන්න අපේම අයියා කෙනෙක් වෙන සචිත් ලියනගේ අයියා.අයියාට විශේෂ ස්තුතිය.

දේශපාලන දැන්වීම් සම්බන්න්ධව මෙම ලිපියේ කතෘ ගේ කිසිම අදහසක් නිරූපනය නොකෙරේ. එම දැන්වීම් සමඟ ලිපියේ කිසිදු සම්බන්ධතාවයක් නොමැත.

Tuesday, December 8, 2009

හෙට......

හෙට පාසල් නිවාඩු දෙනවනේ.කොහොම උනත් ඒ ප්‍රවෘත්තිය අපේ ගොඩාක් අයට සුභදායක එකක්.මොකද දවස් වෙනකම් නිදාගන්න පුළුවන්නේ???
හෙට මගේ මතක හිටින දවසක් වේවි.මොකද හෙට මට දැනෙන සිදුවීම් දෙකක් වෙනව.
එකක් තමයි අපේ ICT උගන්නපු දනුෂ්ක සෙනෙවිරත්න සර් හෙටින් පස්සෙ වෙන ඉස්කෝලෙකට යනවා.සර්ගේ ගෙවල් නුවර එළියේ.ඒ පැත්තෙම ඉස්කෝලයක් ඉල්ලුවා කියලා තමයි කිව්වේ.අපේ ඉස්කෝලෙට සර් ආවේ විද්‍යාපීඨ පුහුණුවෙන් පස්සේ උගන්වන්න දාන පළවෙනි අවුරුද්ද වෙනුවෙන්.කොහොම උනත් සර් අපට ගොඩක් කිට්ටු වුනා.වෙලාවකට ගුරුවරයෙක්.තවත් වෙලාවකට හොඳ යාලුවෙක් වගේ.
ඉතින් හෙට අපේ ඉස්කෝලෙන් යන දනුෂ්ක සර් ට සුභ අනාගතයක්!.

මම කිව්වනේ හෙට මට මතක හිටින සිදුවීම් දෙකක් වෙනවා කියලා.ඒකෙන් එකක් කිව්වා.දැන් දෙවෙනි එක.ඒ තමයි හෙටින් මගේ ශිෂ්‍ය නායක තනතුර අහෝසි වෙනවා.අපේ කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙකුට එක වරකට සේවය කරන්න පුළුවන් උපරිම අවුරුදු දෙකයි.11 ශ්‍රේණියේ ශිෂ්‍ය නායකයන් නැති නිසා 10 වසරේ එන අය අවුරුද්දයි.
මම මේ පදවිය ලැබුවේ 9 ශ්‍රේණියේදී.ඒ කියන්නේ 2008 වසරේ.මම හිතන විදිහට බොහෝම අවස්ථා වල මම මගේ උපරිමෙන්ම කටයුතු කලා.මෙ වගේ තනතුරකදි මම දරපු ආකල්පය තමයි,"අපට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ අපි ඉගෙනගන්න තැනට වැඩක් කරන්න.වෙන කෙනෙකුට තියෙන අවස්ථාවක් තමයි අපට ලැබෙන්නෙ.ඒ නිසා අපි අපේ උපරිමෙන්ම සේවය කරන්න ඕන.නැතිනම් ඉල්ලන්නෙ නැතුව ඉන්න ඕන"කියන එක.
ඒ නිසා මම හිතනවා මම හොඳින් කටයුතු කලා කියලා.
මම ඕන තරම් කට්ට කාලා තියෙනවා.බොහොමයක් වෙලාවට අපේ 24 දෙනාගෙන් 5 දෙනයි 6 දෙනයි.නමුත් වැඩේ කලා.
ඉවසන්නම බැරි තැන අයිස් පප්පලාට ලෙඩේ ඇද්දා.කොහොම උනත් ඒ ඔක්කොම හෙටින් ඉවරයි.හෙටින් පස්සෙ ආයෙත් මම සාමාන්‍ය සිසුවෙක්.
ලබන අවුරුද්ද මට ගොඩක් වැඩ තියෙන අවුරුද්දක් වේවි.මොකද මම ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළට ලියනවා.කොහොම උනත් බොලොග් එක පැත්තේ පුළු පුළුවන් වෙලාවට එනවා.නිවාඩු කාලෙනම් පුළුවන් තරම් ලිපි ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.
ආදර කතාවක් ලිව්වා.ඒක කොටස් වශයෙන් පල කරන්නත් හිතිලා තියෙන්නේ.කොහොම නමුත් ඒක දානවද නැද්ද කියලා ප්‍රශනයක් නම් තියෙනවා.එහෙනම්,,,,,
                               නිවාඩුවෙන් පස්සේ හම්බෙමු!

Sunday, December 6, 2009

අපේ කස්ටිය @ BMICH

අද කියන්න යන්නේ අපි පෙරේද ඊ-ඒෂියා ප්‍රදර්ශනය බලන්න ගිහිපු ගමන ගැන විස්තරේ.
අපේ පන්තියෙනුත් ප්‍රදර්ශනය බලන්න යමු කිය සර් ට යෝජනාව දැම්මේ මම.කෝච්චියෙන් යමු කියලයි මුලින් තීරණය වුනේ.ගමන යන්න අපේ කොල්ලො 5 දෙනෙක් විතර ෂුවර් කියල සෙට් වුනා.පස්සේ ගමන ගැන විස්තරේ කිව්වහම මගේ තව යාලුවෙක් වෙන හසිතත් එනවා කිව්වා.හසිත පන්තියට එන්නේ නැති නිසා මම සර්ගෙන් ඇහුවා ආවට කමක් නැද්ද කියලා.සර් හා කිව්ව නිසා එයත් අපේ ගමනට සෙට් වෙන්න හිටියේ.
කෝච්චියෙන් යන්න සෙට් වුනාට පස්සේ සර් කෝල් එකක් දීල කිව්වා ගෑණු ළමයිත් එක්කන් යන්න කියලා එයාලගෙන් ඉල්ලීමක් තියෙනවා ඒ නිසා වෑන් එකක් කතා කරගෙන යමු කියලා.පස්සේ එහෙම සෙට් වුනා.
ගමන යන්න කලින් දවසේ සොහාන්ට කිව්වහම කිව්වා එයත් එනවා කියලා.
මුළින් පොරොන්දු වුන එක්කෙනෙකුට එන්න වුනේ නෑ.කොහොම හරි ගමන යන්න කොල්ලෝ 6 දෙකෙන් සෙට් වුනා.කෙල්ලොත් එනවා කිව්වට කීයක් එනවද කියලවත් සර් කිව්වේ නෑ.
කොහොම හරි ගමන යන්න කොල්ලොන්ගෙන් මම,හසිත,දසුන්,සොහාන්,තුසර,නිපුන සෙට් වුනා.නිපුන සර්ගේ ගෙදරින් නගිනවා කිව්වා.අපේ අනිත් 5දෙනාම ඔරලෝසු කණුව ලඟින් නැග්ගා.අපරාදේ කියන්න බෑ නිපුන ගෙදරින් නැගලත් පිටිපස්සේ සීට් දෙකම කෙල්ලොන්ට පූජා කරලා.කොහොමහරි ඉස්සරහ සීට් දෙකේ තමයි කොල්ලෝ ගියේ.එනකොට කොල්ලොන්ට පිටිපස්සේ සීට් එක ගන්න විදිහට සර්වත් සේප් කර ගත්තා. ස්ටෑන්ඩ් එකෙන් තවත් ගෑණු ළමයෙක් නැග්ගා.එයත් එක්ක අපේ ගමනට සෙට් වුන හැමෝම දැන් වෑන් එක ඇතුලේ.
ගමන පටන් ගනිද්දිම පිටිපස්සෙන් රබානක සද්දයක් ආවා.ලාවට සින්දුවකුත් ඇහුනා.අපිත් ඉතින් මුල් සින්දු දෙක තුනේ වලියටම හිටියා.අන්තිමට කොල්ලොන්ගෙන් එකෙක්වත් කට හොල්ලන්නේ නෑ.මම ගෙනිහින් තිබුන සින්දු පොතත් මම උන්ට දුන්නා.මොන??? කටක් හොල්ලන්නේ නෑ.සින්දු පොත දැක්ක කෙල්ලෝ ටික සින්දු පොත ඉල්ලුවා.මටත් මොකෝ මම දුන්නා.ටිකකින් පොත පිටිපස්සේ රබාන මගේ කරේ.අරගෙන ඔලුවට දාන්න බැරි කමට ලාවට තාලයක් දුන්නා.පස්සේ හසිත ගාව තියාගෙන මිනිහා තමයි තාලේ දුන්නේ.
දැන් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා කොළඹට කිට්ටු වෙනකොට අපේ ජෝකර් වෙච්ච හසිතයා විලාප තියපි.මොකද දන්නවද වෙලා තියෙන්නේ?මිනිහට සිළුදිය අඩස්සියක්.කියලා වැඩක් නෑ.පාර අයිනෙන් හරි බස්සන්න කියලා හරි වදේ.කොහොම හරි ශේප් කරගෙන BMICH එකටම එක්කගෙන ගියා.

හැබැයි එතකනුත් මාර දුකක් වින්දේ.මුත්‍රාශේ පීඩනේ වැඩි වෙලා අරූට ඉන්න බෑ.ඌට විතරක් නෙවෙයි මටත් ඉන්නම බෑ.යන්තම් අමතක කරන කොටම හසිතයා විලාප තියනවා.අපෝයි හිනා යනවා නෙවෙයි අරූගේ බෙල්ල ගලවන්න බැරුව හිටියේ.තවත් ඒ මදිවට හසිතයා බෝලයක් ඉල්ලලා අඬනවා.අනේ මෙහෙමත් එකෙක් නේද එක්කගෙන ගියේ කියලා මටත් නිකන් මොකක්ද වගේ.
මුත්‍රා බරයි කියලා කියලා නැවැත්තුවනම් ඉවරයි.පිටිපස්සේ කෙල්ලෝ ඉන්නවා කියලවත් නොහිත මූ තියපු විලාපේ මතක් වෙනකොට තාම හිනා.
BMICH එකට ගිහිල්ලා බැහැපු ගමන් මම තමයි ඉස්සෙල්ලාම බර අඩු කරගන්න දිව්වේ.අපරාදේ කියන්න බෑ නිදහසේ වැඩේ කර ගත්තා.පොඩි වරදකට තිබුනේ අපේ එවුන් ඇවිල්ලා දොරට තට්ටු කරන එක විතරයි.
දැන් හැමෝම තමන්ගේ බරවල් අඩු කරගෙන ප්‍රදර්ශනේ බලන්න යන්න රෙඩී.ඇතුලට ගිහිල්ලා ප්‍රදර්ශනේ බලනවා.ඒ වෙලාවේම මම අපේ සුදු මහත්තතයාත් හම්බෙන්න ප්ලෑන් කරන් හිටියේ.කෝල් තොගයක් දීලා හම්බ වුනා.හැබැයි අපේ නඩෙ මග ඇරෙන නිසා මට වැඩි වෙලාවක් කතා කරන්න වුනේ නෑ.අනේ වැඩි වෙලාවක් කතා කරන්න බැරි වුනාට සමා අවසර සුදු මහත්තයෝ.ප්‍රදර්ශනේ බලලා ඉවර වෙනකොට හවස 2.30 විතර වෙලා.ගමන ගිහිපු අපේ හැම එකාටම (කෙල්ලොත් එක්ක.)කකුල් කකියනවා කියලා වාඩි වෙන්න ඕන කිව්වා.මොනවා කරන්නද?මමයි සර් ගියා වාහනේ නවත්තපු තැන හොයන්න.මොකද අපිව බස්සලා වෑන් එක වෙනතැනකට ගෙනිච්චා කියලා ඩ්‍රයිවර් අයියා කියලා තිබුනා සර්ට කෝල් එකක් දීලා.
අපරාදේ කියන්න බෑ ඒකත් මාර ආතල්.මොකද මමයි සර් එකතු වෙලා කස්ට අව්වේ වෑන් එක හොයනවා.අරුන් ටික සැපට වාඩිය දාගෙන.කියපු පැත්තට ගිහිල්ලා බැලුවා වෑන් එක නෑ.පස්සේ ආයි කෝල් එකක් දුන්නා.එපාර කැන්ටිම පැත්තේ කිව්වා.එපාර එහේට ගියා.ඒත් නෑ.අන්තිමට එක වටේම ඇවිදලා වෑන් එක හොයා ගත්තා.මමම ගිහිල්ලා අපේ ගමනට සෙට් වුන රාජ කුමාරයෝ ටිකටයි,රැජිනියෝ ටිකටයි එන්න කිව්වා.
(අපේ එවුන් ටික වාඩි වෙලා.සැපෙන්.)

කියලා කට්ටියත් එක්ක වෑන් එක තියෙන පැත්තට එක්කගෙන යනකොට සර් ආවා.ඇවිල්ලා සර් කිය අපේ අයට කියනවා "දිලංකට BMICH එකේ හතර මායිම් බලාගන්න ඕන වෙලා ඇවිදිනවා" කියලා.අපරාදේ කියන්න බෑ නියම කතාව.හිකස්.....
හැමෝටම බඩගිනියි දැන්.ගහක් යටට වෙලා කන්නත් බෑ.උඩින් ඉන්න කපුටු රාළහාමිලාට බඩේ අමාරුවද දන්නේ නෑනේ.
අන්තිමට කෙල්ලෝ ටික වෑන් එකේ පිටිපස්සේ සීට් වල සෙට් වෙලා කෑවා.මමයි නිපුනයි වෑන් එකේ ජම්පින් සීට් දෙක දිග ඇරගෙන.සර්ගේ අම්මා ඉස්සරහ දොර ඇරගෙන සීට් එක උඩින් බත් එක තියාගෙන කෑවා.සර් ඩ්‍රයිවින් සීට් එකට බත් එක තියාගෙන.හසිතට අල්ලලා දුන්නා ඊට එහා පැත්තේ නවත්තලා තිබුනු ත්‍රීවීල් එකක ඩ්‍රයිවින් සීට් එක.
දසුනුයි,සොහානුයි,තුසරයි ඒ ත්‍රීවීල් එකේම පිටිපස්සේ සීට් එකේ.
අපරාදේ කියන්න බෑ හසිතයා බත් එක අතට ගත්ත ගමන් ආයි කෑ ගහපි.එපාර මොකද දන්නවද?මගේ තම්බපු බිත්තරෙන් පැටියෙක් ඇවිල්ලා වගේ කියලා.කොහොම හරි අල්ලලා කට්ටියම කෑවා.හසිතයානම් කනවට වඩා ත්‍රී වීල් සීට් එකේ වපුරලා.



(වපුරපු බත් අස් කරන හසිත)

කන ගමන් වෑන් එකේ කෙල්ලෝ අතරේ පොඩි හින්ට් එකක් පාස් වුනා එක්කෙනෙක්ගේ ගානේ යෝගට් කියලා.මගෙත් පොඩි කොක්කක් තිබුන නිසා කාල ඉවර වුන ගමන් මම යෝගට් අරගෙන දුන්නා.ඒක ගන්න සොහානුත් සෙට් වුනා.
කඩේ එකාගෙන් අහුවා යෝගට් එකක් කීයද කියලා.රු.20 යි කිව්වා.මම 15ක් ඉල්ලුවා.මිනිහට වැරදිලා 16ක් දුන්නා.(ගන්නකොට 16ක් තිබුනා කියලා දැන ගත්තේ මම විතරයි.අපේ අයගේ කටවල් දන්න නිසා කට වහගෙන හිටියා.හැඳි ගන්න කියලා තුසරට කිව්වා.ඒකා හැඳි 25ක් විතර උස්සලා.)අපේ අයගේ යෝගට් 6 අරගෙන මම ඉතුරු ටික සර්ගේ අම්මට දුන්නා හැමෝටම දෙන්න කියලා.
හැමෝටම බෙදලා වැඩි වුනාට පස්සේ තමයි අපේ උන් දන්නේ යෝගට් 16ක් තිබිලා කියලා.හැබැයි එකක්.ඒ වැඩි වෙච්ච යෝගට් එකට වෙච්ච දෙයක් මම තාම දන්නේ නෑ.
යෝගටුත් කෑවට පස්සේ ආයෙත් පොඩි ඕනකමක්.සර්ට කියල අපේ අය ගියා.සර් කිව්වා ගිහිල්ලා එන්න කියලා.කොහොම හරි ගිහිපු නඩේම ආයෙත් ටොයිලට් වන්දනාවේ.අපේ එවුන් ටික ගිහිල්ලා ටොයිලට් එකට ඇතුල් වෙන ප්‍රධාන දොර වහ ගත්තා.වෙලාවට වෙන කාටවත් ඒ වෙලාවේ ඇතුලට එන්න ඕන වුනේ නෑ.
ඒ වැඩෙත් කරගෙන ගියා කෞතුකාගාරය බලන්න.බලලා අපි ආයෙත් වෑන් එකට සෙට් වුනා.පොඩි රණ්ඩුවකුත් වෙලා වෑන් එකේ පිටිපස්ස අල්ල ගත්තා.දැන් අපි පිටිපස්සේ කෙල්ලෝ ඉස්සරහා.
එපාර තව අවුලක්.එකෙක්වත් සින්දු කියන්නේ නෑ.(අපි ඉස්සරහ ඉඳිද්දී කෙල්ලොන්ට කිව්වා පිටිපස්ස අල්ල ගත්තානම් සින්දු කියන්න කියලා.දැන් අපි පිටිපස්සෙනේ.එපාර කිව්වා ඉස්සරහට ගියේ සින්දු කියන්න නේද?සින්දු කියන්න කියලා.)කොහොම හරි ලාවට තාලයක් අල්ල ගත්තා.
මොරටුව හරියට එනකම් එක්ක්වත් ෆෝම් වුනේ නෑ.කෙල්ලෝ ටික පරණ ලස්සන සින්දු ටිකක් පටන් ගත්තා.උදේ දීපු රබාන මෙච්චර වෙලා හසිත ගාව තිබුනේ.මම ඒක ඉල්ල ගත්තා.එළටම රබානෙන් සද්දේ දුන්නා.රබානෙන් තාල දාලා කොහොම හරි හැමෝඅල ෆෝම් කර ගත්තා.දැන් හැමොඅම සින්දු කියනවා.ඒ සින්දු සෙට් එක ඉවර වුනාට පස්සේ කට්ටියටම නිදි මතයි.ඔක්කොටම වඩා රබානෙන් වැඩ දාපු මගේ අතේ ඇඟිලි ඔක්කොම රිදෙනවා.
ඒ අතරේ සර්ට මැසේජ් එකක් ගැහුවා මෝනිස් එකේ සෙට් වෙමු කියලා.ආයෙ මෝනිස් එකෙන් කාලා  නෙස්කැෆේ බිව්වා.
හසිතයා ආයෙත්:
                  නෙස්කැෆේ එකේ රස්නෙට කට පුච්චගෙන.හැමෝම කෑවට පස්සේ බිල ආවා.සෙල්ලන්ද?රු.1150ක්.සර් ඒක ගෙවලා ආයෙත් ගමන එන්න පටන් ගත්තා.එන ගමන් කෙල්ලොන්ට නෝන්ඩිය දුන්නා එක්කෙනා මාළු පාන් තුන ගානේ කාලා කියල.
කොහොම හරි ඒ අතරේ පොඩි අවුල් කතාවක් කියවුනා හසිතගේ කටින්.ඒ කතාව ටිකක් මාව අප්සට් යන එකක්.පස්සේ මම කට වහගෙන පැත්තකට වෙලා.පාඩුවේ.
ඒ කතාව ගිහිපු අයගෙන් නොදන්නේ සර්,සර්ගේ අම්මා සහ ඩ්‍රයිවර් අයියා විතරයි.
ඒ නිසා ඒ කතාව හැමෝටම වගේ බලපෑවා.එතනින් එහාට.එකෙක්ගෙවත් කතාවක් බහක් නෑ.අන්තිමට බහිනකනුත් ගොඩක් එවුන් කතා කලේ නෑ.
මම හසිතයා එක්ක කතා කලේ බහින වෙලාවේ.එතකම් කතා කලානම් කතා කලේ දසුන් බහිනකොට විතරයි.මම බැස්සට පස්සේ හසිත සොහාන් එක්ක කියලා තියෙනවා දිලංක ෆුල් අප්සට් ගහලා.ඌ මාත් එක්ක කතා කලේ බහින වෙලාවේ කියලා.
ඔහොම තමයි අපේ ගමන.අන්තිම ටික අල වුන නිසා මටනම් ගමනේ එච්චර ආතල් එකක් නෑ.අනිත් අයටනම් කොහොමද මන්දා......

ගමනෙ පොටෝ ටික ඔන්න.



මේ පින්තූරේ සර් ඉන්න තැන ඉන්නේ මම.



 
 
 


    Tuesday, December 1, 2009

    50 වෙනි ලිපියෙන් පෙරළිකාර වැඩක්!!! (ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සංශිප්ත සිංහල පරිවර්තනය.)




    අද මම දාන දෙවෙනි පෝස්ට් එක.මේ පෝස්ට් එකක්ත් එක්ක මගේ 50 වෙනි ලිපිය මේක වෙනවා.අද වෙනකොට දවස් 132 ක් වෙනවා.මෙච්චර කල් මාත් එක්ක හිටපු හැමෝටම ස්තුතියි.ෆලෝවර්ස්ලා 36 ක් සෙට් වෙලා ඉන්නවා.එයාලටත් තුති.
    ඉතින් 50 වෙනි පෝස්ට් එකෙන් ටිකක් පෙරළිකාර දෙයක් දෙන්න තමයි හිතුවේ.මම හිතන විදිහටනම් ටිකක් නෙවෙයි ගොඩාක් පෙරළිකාර වෙයි.
    ඔක්කොටම කළින් කියන්න ඕන මම දේශපාලන යක් ගැන කියනවා නෙවෙයි.(තාම බට්ටා.අයිඩින්ටිවත් නෑ.)වැඩි විස්තර.....



    (රූපය විශාල කර බැලීමට රූපය මත කොටන්න. )

    මෙච්චර කල් හයියක් වෙච්ච ඔයාල හැමෝටම ස්තුතියි!ඔයාලගේ සපෝර්ට් එක මට දිගටම ඕන.මගේ බ්ලොග් එකේ අඩුපාඩු එහෙම තියෙනවනම් කියන්න.

    අල ඒ.ඩී.එස්.එල්

    අද කියන්න යනදේ මාතෘකාවෙන්ම තේරෙනවනේ.....
    මේකයි ඇති වුන ප්‍රශ්නය.ටෙලිකොම් එකේ ඒ.ඩී.එස්.එල් වල පොඩි අවුලක් තිබුනා.ඒ නිසා නෙට් එකට සම්බන්ද වුනාට විනාඩි 10 කින් විතර ටයිම් අවුට් වෙන එක.(වින්ඩෝස් 7 වලනම් කියන්නේ නෙට් ඇක්සස් නෑ කියලා.)
    කොහොම හරි මේ සීන් එක නිසා මම එපා වෙලා හිටියේ.ඔය අතරේ අපේ යූනියන් එකේ අයියා කෙනෙක්(කවුද කියලා නමනම් මතක නෑ.සමාව.කොම්.)ලියලා තිබුනා මේ ගැන.ඊට පස්සෙ මට හිතුනා මේක මුළු ලංකාවටම බලපාන ගැටලුවක් වගේ කියලා.මොකද ඒ අයියා කුරුණෑගල.මම ගාල්ලේ නිසා.
    මම ඒ.ඩී.එස්.එල් භාවිතා කරන කීප දෙනෙක්ගෙන්ම ඇහුවා මේ ගැන.ඒයාලටත් එහෙමයි.මේ වෙනකොට නෙට් එකට සම්බන්ද වෙන්නම බැරි වෙලා තිබුනේ.මම කෝල් එකක් දුන්නා කස්ටමර් කෙයාර් එකට.මගේ ප්‍රශ්නෙ අහගෙන ඉඳලා මගෙ මොබයිල් එකේ නොම්බරෙත් ඉල්ල ගත්තා.විනාඩි 10 කින් විතර කෝල් එකක් දීලා කිව්වා "අපි ඔයාගේ එකවුන්ට් එක රී සෙට් කරනවා.හරියනවද බලන්න" කියලා.
    එහෙම කලා කියලා හරි ගියේ නෑ.පස්සෙ තව කෝල් එකක් දුන්නා.අපරාදේ කියන්න බෑ ඒ වෙනකොට අක්කල ටික මගේ නමයි,නොම්බරෙයි කටපාඩම් කරගෙන ;) .මම ආයි සිද්ධිය කිවා.එයාල කිව්වා අපි ඔයාට "කෝල් කරන්නම්" කියලා.
    දෙවෙනි පාර කෝල් කරලා කිව්වා "ස්ප්ලිටර් එක චෙක් කරන්න" කියලා.පස්සෙන්දා මම කෝල් එකක් දීල කිව්ව "ඒකේ අවුලක් නෑ" කියලා.(මගේ වෙලාවට ඒක වැඩ.මම චෙක් නොකරමනේ කෝල් එක දීලා කිව්වේ වැඩ කියලා. ;) )
    ඊට පස්සෙ මට ආයි වද දෙනවා කෝල් දීලා.එපාර අහනවා "අපි කට්ටිය එවන්නද?"කියලා.(කෝල් එකක්නම් කමක් නෑ.විනාඩි 10 ක් ඇතුලත කෝල් 3ක්.)මම කිව්වා මම තව පාරක් බලලා ඕන වුනොත් කියන්නම් කියල.පස්සෙ මට කෝල් කරන්න වුනේ නෑ.කොහොම වුනත් ඊට පස්සෙන්දාම ගාල්ලෙ ටෙලිකොම් එකෙන් ආවා.ආපු ගමන් ස්ප්ලිටර් එක චෙක් කලා.ඒක වැඩ.ඊට පස්සේ රවුටර් එක.
    බලපු ගමන් මිනිහා අහපි,
    "ඔයා යූ.එස්.බී කේබල් එකත් යූස් කරනවද?" කියලා.
    මම කිව්වා,
    "ඔව්" කියලා.මොකද වැඩකට නැත්නම් එහෙම කේබල් එකක් එවන්නේ නෑ නේ.(හැබැයි ඒකෙන් මොකක්ද වෙන්නේ කියලනම් මම දන්නේ නෑ.දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දීලා යන්න. :) )
    පස්සෙ මිනිහා කියපි,
    "මම ඔයාට යූ.එස්.බී කේබල් එක නැතුව නෙට් යන්න හදල දෙන්නම්" කියලා.
    (ඒ.ඩී.එස්.එල් කනෙක්ශන් එක හදන්න ආපු එකා රවුරට් එක කන්ෆිග් කරන්න යනවා.හිකස්.මමත් මට මොකෝ කියලා බලාගෙන හිටියා.)
    යූ.එස්.බී කේබල් එක ගලවලා ඩයල් එක නෙට් එකට ගියා.ට්විස්ටඩ් පෙයර් එකෙන් පුළුවන්නේ.
    උපරිම විනාඩියයි.මම අර මුළින් කියපු ලෙඩේ.ඇක්සස් නැතුව ගියා.එපාර කියපි,
    "මල්ලී,ඔයාගේ මැෂින් එකයි රවුටරෙයි අතෙරේ කනෙක්ශන් එක නෑ.අපේ වරදක් නෙවෙයි"කියලා.(ඒ නිසා වෙන්න ඇති නෙට් ගියේ. ;) )
    ටිකකින් ආයෙත් හරි ගියා මිනිහා ෆයර් ෆොක්ස් එකෙන් ගිහිල්ලා රවුරරේට ඇක්සස් කලා.
    මම ඇහුවා,
    "ඕකට මොකටද ගියේ?" කියලා.මිනිහා කියපි,
    "ඇයි මල්ලී,නැතුව රවුරටේ කන්ෆිග් කරන්නේ කොහොමද ?"කියලා.
    මම කිව්ව,
    "ඕකට යන්න ඕන නෑ" කියලා.

    දැන් තමයි මිහිහගේ පඬි ටෝක් එක පරන් ගත්තේ.
    මිනිහා කියපි,
    "මල්ලී මොනවද කියන්නේ මම අවුරුදු දෙකක් කරපු එකනේ මේක"කියලා.මමත් අහගෙන ඉඳලා අන්තිමට රවුරටේට හම්බ වුන සී.ඩී එක දාලා කන්ෆිග් කරලා පෙන්නුවා.
    ඩයල් එකට කට උත්තර නෑ.පස්සෙ ආපු වාහනේ ඩ්‍රයිවර් කියපි,
    "මල්ලී,ඔයාගෙ මැශින් එකේ වයිරස් ඇති.ඒ නිසා තමයි නෙට් යන්න බැරි"කියලා.
    මමත් දුන්නා උත්තර.
    "අයියේ මේක පෙරේදා ෆෝමැට් කලේ.තාම එක සී.ඩී එකක්වත් පෙන් එකක්වත් ගහලා නෑ.වයිරස් ගාඩ් එක අප් ටු ඩේට් අප්ඩෙටඩ්"කියලා.

    "මල්ලි ඔහොම කිව්වට මල්ලි නෙට් යනවනේ.අනික වයිරස් ගාඩ් වලට ඔක්කොම වයිරස් අල්ලන්න බෑනේ" කියලා
    මම මිනිහට කියලා දුන්නේ නෑ ෆෙස් බුක් එකෙයි,යාහු මේල්,ජීමේල් සහ සිංහල බ්ලොග් කියවනයේ තියෙන වයිරස් ගැන.එපාර මිනිහා වයිරස් ගාඩ් එකට බනින්න ගත්තා.මමත් අහගෙන හිටියා.පස්සේ හරි මමම හදාගන්නම් කියලා යන්න ඇරියා.(මඩවන එකේ සීමාවක් තියෙන්නත් එපාය.අනික ගෙදරටම ගෙන්නගෙන. ;) )
    නෙට් එකට යන්න දැන්නම් අවුලක් නෑ.හැබැයි හිටිගමන් ටයිම් අවුට් වෙනවා.ඒකත් හරියාවි කියලා බලන් ඉන්නවා.මොකද අපට සල්ලි වැඩි වෙලානේ 1650+වැට් ගෙවන්නේ. ;)

    පස්සෙන් එන්න