web 2.0

Friday, October 30, 2009

"හන්තාන-ලිනක්ස්" වැඩමුළුව


රිච්මන්ඩ් විද්යාලීය ලිනක්ස් සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරන ලිනක්ස් වැඩමුළුව මෙවර "හන්තාන-ලිනක්ස්"පිළිබඳව පැවැත්වේ.මෙම වැඩසටහනට රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුපිඨයේ ආචාර්ය ගුණවීර මහතාගේ සහ දක්ෂිණ ලිනක්ස් භාවිත කරන්නගේ සංගමයේ සහයෝගිත්වයෙන් සිදු කෙරේ.












Sunday, October 25, 2009

තාල වර්ගේ

මේක ලියන්නේ අද දැක්ක ටීවී ප්‍රෝග්‍රෑම් එකක් දැකලා.අද හවස 6.00 ට ඔලුව(ටීවී)එකේ ගිහිපු 5 වසරේ තරඟේ දකින්න ඇති නේද?ඒකේ 4 වෙනි ප්‍රශ්නය මට ගැටලුවක්.ප්‍රශ්නේ මේකයි.

අඹ,පොල්,තල්,කජු යන ශාක මුල්වල වෙනස්කම් අනුව වර්ග දෙකකට වර්ග කළ හැක.ඒ මොනවාද?

තරඟකරු උත්තරේ විදිහට දුන්නේ.....

අඹ,කජු__________> තාල වර්ගයට අයත් නොවන
තල්,පොල්_______>තාල වර්ගයට අයත් වන


පස්සේ උත්තරේ බලලා කියපි උත්තරේ වැරදියි ලු.අන්තිමට අර මොකක්ද උපකාරයක්(හුංගෙක් වගේ.)දීලා තරඟෙන් ඉදිරියට යැව්වා,
ඔලුවෙන් දුන්න උත්තරේ.....


මුදුන් මුලක් සහිත
මුදුන් මුලක් රහිත


කියලා.මගේ අදහසනම් උත්තර දෙකම හරි කියන එක.එතකොට තරඟකරු දුන්න උත්තරේ හරි නිසා ඔලුවෙන් කරපු වැඩේ කැතයි.....
මොකක්ද මේ ගැන ඔයාලගේ අදහස?


 

මාවත් සිංහල බ්ලොග්කරණ තරඟාවලියට.....

තේරෙනවනේ?මටත් රාජකීය විද්‍යාලයෙන් පත්වන සිංහල බ්ලොග්කරණ තරඟාවලියට සෙට් වෙන්න පුළුවන් උනා.සාහිත්‍ය.එල්කේ එකට ගිහයම දැක්කා තරඟෙට එන්න පරක්කු නෑ කියලා දාලා තියෙනවා.ඉතින් ඇප්ලිකේශන් එකක් යැව්වා.දැන් හරි.මාව සෙට් කර ගනිපු රාජකීය විද්‍යාලේ හැමෝටම තුති!

Saturday, October 24, 2009

කල්පනා සාගරේ කිමිදුනා මම

හලෝ මචංලා,(මචංලා කිව්වහම අක්කලා නංගිලා තරහ වෙන්න එපෝ.)
          මේ දවස් වල කොල්ලට ඇති වෙලා ඉන්නේ.අපේ විභාගේ ලබන මාසේ 17 නේ.ඉතින් දිගටම පාඩම් වැඩ කරන්න වෙලා ඉන්නේ.එළ වැඩේ.මැසිම ඉස්සරහට එන්නවත් වෙලාවක් නෑ.(මොකක් හරි ජිල් මට් එකක් දාලා කොහොම හරි පැය බාගයක් හරි ඉන්නවා.)ඒ තරමට පාඩම.
         කොහොම හරි පාඩම් කරන ගමන් සිංහල සාහිත්‍ය පොතේ "කිඳුරු වලප" කවි ටික බලද්දී පොඩ්ඩක් කල්පනා සාගරේ කිමිදුනා මම දන්නෙත් නැතුව.
:P
එහෙමත් වෙච්ච එකේ කවි දෙක තුනක් දාන්න හිතුනා.


නොවී දුකක් සමගි වැ ඉඳැ මන          නදිනේ
පෙවී මුව තඹරැ මී නිබඳ නොම             දිනේ
තැවී අද වියෝ ගින්නෙන් ලැම          තදිනේ
ගෙවී ගියේ දෝ ඉරණම හිමි               සඳිනේ

නොවී දුකක් සමගි වැ සැප විඳ              ඉන්ට
දාසක් ආයු ඇත අප සඳ                   කිඳුරන්ට
දෝසක් නැති වැ අතරෙකැ වියැ     මියැයන්ට
මේ සක් නොදුටු කලැ කියනෙමි      කවුරුන්ට

ඇඩ් එකේ විදිහට හැමෝගෙම හිතේ කහටක් තියෙනවනේ.ඒ කහට ගැන හරි,මේ ලිපිය ගැන හරි මොකක් හරි අදහසක්,උදහසක්,යෝජනාවක්,චෝදනාවක්,විවේචනයක් දාලා යන්ට.ඒක මට මාර හයියක්....


මේක කොච්චර ලේසි ප්ලෑන් එකක්ද?




Friday, October 23, 2009

ප්ලේන්ටිය

අදත් මේ පැත්තේ ආවේ අපේ UN ගැන ටිකක් ලියන්න කියලා.කොටින්ම කිව්වොත් කරන වැඩ නිසා නොලියා බෑ.අද මම ගියා කෑම කන්න කැන්ටිමට.(ගියේ 5වන කාලච්ඡේදයේ මැද හරියේ.මොකද වැඩමුළුවක වැඩ නිසා මේ දවස් වල මම මාර කට්ටක් කනවා.බොහෝවිට ඉන්ටර්වල් එකට.)කොහොම හරි යනකොට පබසරයා කකා ඉන්නවා.මාර කේස් එක.මම ඇහුවා "උඹ තාම කනවද?" කියලා.

      මෙන්න දීපු උත්තරේ....

ඔව් බං.ගෙදරින් ගෙනාපු බත් එක කාලා දැන් කැන්ටිමට ඇවිල්ලා කනවා.....
එළ නේද?කොහොම හරි කකා ඉන්නකොට ආවා උත්පලයා.මිනිහත් එළ මෑන්ස්.ඕකා කැන්ටිමට ආවේ 6 වෙනි කාලච්ඡේදයේ.දැන් ඉතින් තුන්දෙනා කතා කර කර කනගමන් ප්ලේන්ටි බොන්න සෙට් වුනා.ප්ලේන්ටියක් රු.10.00 යි.ඉතින් රු.30.00 ක් දීලා ප්ලේන්ටි ගත්තා.කැන්ටිමේ වෙනද නම් සීනි දා ගන්න මේසෙකට හැන්ද ගානේ තමයි තියලා තියෙන්නේ.කැන්ටිමේ වැඩ කරන අංකල් අපිත් එක්ක ෆිට් නිසා එකාට හැන්ද ගානේ ලැබුනා.සීනි බෝතලුත් දෙකක් හම්බ වුනා.
දැන් මම සීනි දිය කරනවා.පබසරයා අර තේ පැකට් එකෙන් තේ හදනවා.උත්පලයට හැන්ද දුන්නා අර වැඩ කරන අංකල්.මේ ගොං වස්සා හැන්ද නොගෙන සීනි බෝතලෙන් 1/4 ක් දමා ගත්තා.පස්සේ හැන්ද අරගෙන තව සීනි හැඳි 3ක් දා ගත්තා.මමනම් දා ගත්තේ සීනි හැඳි 5යි.පබසරයත් 5ක් විතර දා ගත්තා.
අර වැඩ කරන අංකල් ඔය කේස් එක බලාගෙන.අංකල්ගේ හිතේ තිබුනා කැන්ටිම කරන්න.අදනම් අංකල්ට එපා වෙන්න ඇති.
ප්ලේන්ටිය බොන ගමන් අපි එකකට යන වියදම ගනන් බැලුවා.....

තේ පැකට් 50ක් --------------------------------- රු.160.00
එකක් ------------------------------------------- රු.  3.20

සීනි කිලෝ 1ක් --------------------------------- රු.105.00
ප්ලේන්ටියකට අපේ විදිහට සීනි ග්‍රෑම් 100 ----- රු.10.50

උණු වතුර වලට ගාන දන්නේ නෑ.නමුත් ඒ ගානත් එකතු වුනහම ප්ලේන්ටියක් රු.15.00ක් විතර.....

අනේ කැන්ටිමේ අංකල් පව් අප්පා.ඊයේ සීනි කිලෝ 3ක් ඉවරයිලු...අද කිලෝ 1.5ක්.....



Sunday, October 18, 2009

මමත් ඇදගෙන නෑ වෙමි.

කට්ටිය කොහොමෙයි?මමනම් හොඳින්.හොඳින් කිව්වට පොඩ්ඩක් සනීප නෑ.කොම්පියුටරේ ඉස්සරහ ඉන්නව වැඩි නිසා ඇස්වල අමාරුවක්.කණ්ණාඩි ගන්න කියලා කිව්වනේ.දුක තමා. :(
 
ඇදගෙන නාපු කතාව මම දැන් කියන්නම්.එදා තුසර.අද මම.
මෙහෙමයි කේස් එක.

අද ඉරිදනේ.මමත් 100 දදා තමයි දහම් පාසල් ගියේ.(100 කිව්වේ සතියක් ගිහින් සති දෙකක් ගෙදර කියන ක්‍රමේ.ඕක 1000 උනොත් නම කපනවනේ ;) )කොහොම හරි අද යන්න ඕන දවස නිසා ගියා.ගිහිල්ලා ටිකක් වෙලා ඉන්නකොට අපේ එකෙක්(සහන්) කියපි "මචන් දිලංක,ඔන්න ඔය පේළියේ මෙහා කොනෙංම ඉන්න කෙල්ලගෙන් "ධම්ම චින්තා" පොත ඉල්ලපං"කියලා.
මමත් ඉල්ලයි???
පුහ්!
මම ගත් කටටම කිව්වා"පිස්සුද බං.එහෙම පුළුවන්ද?වැඩිපුරම ආදරේ එක්කෙනාගේ නම දාන එකනේ"කියලා
.

තුඃ නොදෝකිං

එපාර මට පොත ගන්න කියපු සහන්ම පොත අරගෙන බලලා මට කියපි"මචං,උඹේ නමයි,මගේ නමයි දාලා"කියලා.

මළා...

මොනව කරන්නද?ගියා පොත තිබුණු තැනට.ගිහින් බැලින්නම් වැඩේ ඇත්ත. :O බැලුවා ටිපෙක්ස් එකක්.මොන???අපේ කොල්ලෝ ගෙනෙයි ටිපෙක්ස්.ගේන්නේ එක පෑනයි.පොත් ටිකයි විතරනේ.
අපේම කියපු වෙලාවට....
ඩෙස් එකක් උඩ ටිපෙක්ස් එකක් තියලා.
කෙල්ලෝ ඔක්කොම එළියට ගිහිල්ලා.
ගියා.ටිපෙක්ස් එක ගත්තා.ගෙනාවා.නම මැකුවා.



මැකුවා වගේද?දාපල්ලකෝ නම් ඒ හිස්තැන් වලට.තවත් කවර කතාද?දැම්මා අපේ නම් දාපු කෙල්ලෝ දෙන්නෙකුගේ නම් දෙක.දාලා පොත අපේ ළඟින් තියාගත්තා.පොත දුන්නොත් වෙනස් කරන නිසා.



(ඒ ගමන් ඉතින් ඒ කෙල්ලො දෙන්නට ඇහෙන්න කිව්වා ලබන සතියේ දෙන්නත් එක්ක පුංචි රස කතා දෙකක් පාඩං කරං එන්න කියලා.කොච්චර උනත් මහන්සි වෙලා කරපු වැඩෙන් ආතල් එකක් ගන්නත් එපාය.)



පොත තියාගෙන ඉඳලා දුන්නා සර් කෙනෙකුට.සර් අපිත් එක්ක ශේප් නිසා සර්ට කිව්වා"සර් පොත ඒගොල්ලන්ට දෙන්න එපා.අපි අපේ කතාව කරලා තියෙන්නේ.එයාල තමයි කතාව කරන්නේ නැත්තේ"කියලා.(මමනේ දන්නේ මම කතාව කරපු හැටි. ;) )

මම අන්තිමට කතාව කරලා තියෙන්නේ පෙබරවාරි මාසෙද කොහෙද...(ඒකත් දවස් 4ක් පොලු තියලා. ;) )
සහන් අන්තිමට කතාවක් කරලා තියෙන්නේ ගිය මාසේ.
කෙල්ලෝ දෙන්නත් ගිය මාසේ.

කොහොම හරි ශේප් කරලාපොත සර්ට ලඟ නිසා බය නැතුව හිටියා.....

දැන් එන වෙලාව.(මට හවස පන්ති නිසා මම 10.45 ට එනවා.)ඔෆිස් එකට ගිහින් ඉල්ලුවා කලින් යන පොත.පොත අරගෙන කිව්වා.බැලින්නම් අපේ පන්තියේ කෙල්ලෝ පොත අරගෙන....

දැන් මම බලං ඉන්නවා පොත එනකම්...කෙල්ලෝ ඔක්කොම ලියලා ඉවරයි.පොත ඉල්ලුවට දෙන්නේ නෑ.....
මොනව කරන්නද?ආතල් එකටත් එක්ක මම කෑ ගැහුවා "අපේ ගෙදර මනුස්සයා බලන් ඇති.පරක්කු වෙනවා.ඉක්මනට දෙන්න ;) "කියලා.
මොන ???
දෙන්නේ නෑනේ මේ යෝදියෝ සෙට් එක.
මට කියපි"පොත ඕනනම් ධම්ම චින්තා පොත ගෙනත් දෙන්න"කියලා.
මම කිව්වා"බෑ"කියලා.
"එහෙනම් දෙන්නේ නෑ"
"මට පොත එපා...."
(ටික වෙලාවකින්)
"අනේ පොත දෙනවකෝ.මට පරක්කු වෙනවා"
"පොත කෝ?"
"සර් ළඟ"
"ගෙනත් දෙනකම් දෙන්නේ නෑ"
"එහෙනම් තියාගන්න.මම යනවා"

ඔන්න ඔහොමයි අද කලින් ගෙදර ආවේ.අන්තිමට ලියන්නෙත් නැතුව ආවා.ලෙඩක් ගියාද දන්නේ නෑ.
එහෙනම් අදට ඇති.ආයෙත් පස්සේ හම්බෙමු.




Saturday, October 10, 2009

අපේ UN

අපේ කියන්නේ ඉතින් අපේ කොල්ලෝ set එක තමයි.නම් වලින් කිව්වොත් දsun, සොhan, Haසිත, මම, තුsara, මාdawa තමයි.{තව ඉන්නව.බොක්කෙන්ම ඉන්න ඔය ටික තමයි.}කොහොම හරි දැන් කියන්න යන්නේ අපේ තුsara දා ගනිපු බකට් එකක් ගැන.

තුsara ටිකක් කටකාරය.මිනිහා මේ ළඟදි දවසක ඉංග්‍රිසි පන්තියකට ගිහිල්ලා.එදා පාඩම වෙලා තියෙන්නේ "Embroidery"{10 වසරේ ඉංග්‍රිසි පොතේ පාඩමක් තියෙනවා.}ඉතින් මේ ඉංග්‍රිසි සර් බුද්ධිනී කියලා කෙල්ලෙක්ගෙන් අහලා තියෙනවා මොනවද "Embroidery" කියන්නේ කියලා.මේකි කියලා තියෙනවා "Embroidery"කියන්නේ නූල් වලින් මහලා කරන...."මොකක්ද එකක් කියලා.

ඕක අහපු අපේ තුsara ෆුල් ෆෝම් වෙලා.මූ නැගිටපු ගමන් කියල "ඔව් ඉතින් මේකි කොහොමත් ගාමන්ට් යන්න ඉන්න එක්කෙනානේ" කියලා.

තුsara ගේ කරුමෙට අර කෙල්ලත් කට ඇරලා.මේකි කියලා "ඔව් ඉතින් මම යන්නේ ඔයා එක්කනේ"{ගාමන්ට් ද කියලා දෙන්නේ නෑ ;) }කියලා.
කොහොමද ඇදගෙන නාපු නෑම.වැඩිය නෑ.කෙල්ලො 25 ක් ව්තර ඉස්සරහලු.

{ප.ලි._ බුද්ධිනීගේ අම්මා වැඩ කරන්නේ ගාමන්ට් එකක කියලා {මම} දන්නේ පස්සේ.}



Friday, October 9, 2009

මූණු පොතේ වීඩියෝ බාගන්න.....



මෙන්න අද දවසට දාන දෙවෙනි පෝස්ට් එක.දැන් මම කියන්න යන්නේ මූණු පොතේ වීඩියෝස් ලේසියෙන් බාගන්න[කොටින්ම මම වෙන ක්‍රමයක් දන්නෙ නෑ.] පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැන.මේ සොෆ්ට්වෙයාර් එකෙන් මුහුණු පොතෙ විතරක් නෙවෙයි.තවත් බොහොමයක් සයිට් වල වීඩියෝස් බාගන්න පුළුවන් එළ භාණ්ඩයක්.මේ සොෆ්ට්වෙයාර් එක දා ගත්තහම රූපේ විදිහට කෑල්ලක් එනවා.එතනින් තමයි වැඩේ කරගන්න පුළුවන්.

ආහ්! කියන්න අමතක වුනානේ සොෆ්ට්වෙයාර් එකේ නම.මේකේ නම රියල් ප්ලේයර් එස්පීජී ඕල්ඩ්.ඔයාලත් කරලම බලන්නකෝ.

මතක් වෙලා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරද්දී ඒ මතුවෙන කෑල්ල ඉන්ස්ටෝල් කරන්න කියලා ටික් එක දාන්න ඕන.

මෙතන කොටලා සොෆ්ට්වෙයාර් එක බාගන්න.

බ්ලොග් එකේ වෙනස





කට්ටියට සුභ උදෑසනක්!මම ඊයේ කිව්වනේ බ්ලොග් එක වෙනස් කලා කියලා.ඒක ඉතින් කියන්නත් ඕන නෑනේ.දකින්න ඇති නේ?කොහොම හරි මාර ගේමක් දීලා හොඳ ටෙම්ප්ලේට් එකක් හොයා ගත්තා.මාර දුකක් තමයි ටෙම්ප්ලේට් හොයන එක.කොහොම හරි වැඩේ හරි.
දැන් වෙන අවුලක්.යන්තම මම බ්ලොග් එකේ කවුන්ටර්ස් බේර ගත්තට දාල තිබුන ලින්ක්ස් ටික බේරගන්න බැරි වුනා.ඒ නිසා පොඩි උදව්වක් ඕන.ඔයාලත් බ්ලොග් කරනවා ඇතිනේ.ඔයාලගේ බ්ලොග් ඇඩ්‍රස් එක දීලා යනවනම් මට ලින්ක් එකක් දාන්න පුළුවන්.
....


අළුත් ආරංචිය

අළුත් ආරංචිය.....මේකයි.දැන් අපේ යාළුවො හැමෝම වගේ පොටෝ බ්ලොග් කරනවනේ.මටත් හිතුනා නිකන් ඉන්න වෙලාවට කරගෙන යන්න කියලා පොටෝ බ්ලොග් එකක් කරන්න.දෙපාරක් හිතන්නේ නැතුව පටන් ගත්තා.
මෙන්න මෙතන කොටන්නකො ඒක බලන්න.
අන්තර්ජංජාලෙම රවුමක් දාලා ටෙප්ම්ලේට් එකකුත් දැම්ම.දැන් වෙලා තියෙන ප්‍රශ්නේ පොටෝ ගන්න හොඳ කැමරාවක් නෑ.මට තියෙන්නේ ඩබ්ලිව් 200 එකක් නිසා ඒකෙන් තමයි පොටෝ බ්ලොග් එක කරන්න වෙන්නේ.කමක් නෑ.ඕනකම ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ නේ?ඒ නිසා පුළු පුළුවන් විදිහට බලමුකො....



පොටෝ බ්ලොග් එක බලලා අඩුපාඩු කියනවනම් ලොකු හයියක්...

Thursday, October 8, 2009

අබුද්දස්ස කාළේ...... කිව්වලු......

අදනම් කියන්න යන්නේ අමුතු කතාවක්!මගේ අත්දැකීමක්...දැක්ක ගමන් මතක් වුනේ මගේ බ්ලොග් එකේ ලිපියක්...මෙන්න ලිපිය.[බ්ලොග් එකේ වෙනස ගැන සහ අලුත් ආරංචියක් පස්සේ කියන්නම්...]

ස්ථානය_ගාල්ල සිට බද්දේගම දක්වා දිවෙන පාසල් සිසුන් ප්රවාහනය කරන බස් රථය...
වේලාව_පස්වරු 2.00 ත් 2.30 ත් අතර......
දිනය_2009/10/07
සිද්ධිය_අපි ඉතින් ඉස්කෝලේ යන්නේ ඔය මම කියපු බස් එකේ.මේ දවස් වල සවුත්ලන්ඩ් එකයි,සංඝමිත්තෙයි 2.30 වෙනකම් තියෙන නිසා බස් එක සාමාන් ටර්න් එකක් දාලා එන්නේ.ඊයේ කට්ටිය වැඩි නිසා අපට නගින්න වුනේ ඉස්සරහා දොරෙන්.ඉස්සරහ වැඩිය කට්ටිය හිටියේ නැති නිසා සීට් එකක් අල්ල ගන්නපුළුවන් උනා.(වාඩි වෙන්න නෙවෙයි.නොවැටී අල්ල ගන්න.)එතන හිටියා සීයලා 3 දෙනෙකුයි තව අයියා කෙනෙකුයි.මමත් වෙන වැඩක් නැති කමට ඔහේ හිටියා.....

යකඩෝ....මෙන්න වැඩක්.....

එක සීයා කෙනෙක් අතේ මයිල් ගස්(ඔය රෝම කූප කියන්නේ )ඔක්කොම කපලා....දැන් කාලේ කෙල්ලො කරන වැඩනේ මේ සීයලා කරන්නේ....මාර ඩයල් තමයි....
මදිවට සීයලා දෙන්නෙක් තරඟෙට ප්රශ්න අහනවා.(කතාවෙන් මට තේරුනා කාලෙකට පස්සේ තමන්ගේ ගම් බිම් වලට යන කට්ටියක් කියලා.)මොනවද දන්නවද ප්රශ්න???

මේ කොහෙද?
   මේ කොහි හරියෙද??
      පුළුවන්නම් කියන්න බලන්න???

පට්ට ආතල්.....

තව ටික වේලාවක් යනකොට අනිත් සීයා.(සීය කිව්වට එහෙමම නෑ.)කියනව,
"මටනම් දැන් සෝඩ බීලා ඇති වෙලා ඉන්නේ"
කියලා.
අනේ හෆොයි!
මේ සීයා සෝඩා ලීටර් 1.5 බෝතලයක් බදාගෙන ඉන්න හැටි දැක්කහම..... මටනම් ඇති...

මම මේ කල්පනා කළේ දැන් සීයලා මෙහෙමනම්???තව කාලයක් යනකොට..... කෙල්ලෙක් සෙට් කර ගන්නත් සීයා කෙනෙක් එක්ක ඇරගන්න වෙයි....පොලීසියටත් වෙන්නේ නාකි මනමාලයෝ අල්ලන්න තමයි...
අනේ ,අපට බුදුසරණයි!

මම මේ ලිපියෙන් වැඩිහිටියන්ට පහරක් ගහනවා නෙවෙයි.හාස්යට ලක් කරනවා නෙවෙයි.....මම මේ කිව්වේ මම දැක්ක දෙයක්.... එච්චරයි.....

ලේසියි....පහසුයි....කදිමයි....

Sunday, October 4, 2009

පුංචි {රස} කතාවක්.....


හලෝ ඉතින් කස්ටියට කොහොමද?කාළෙකින් මුකුත් ලියන්නත් බැරි වුනා.මොන? වෙලාවක් තියෙනව කියලද?උදේට ඉස්කෝලේ හවස පන්ති.වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ.හැබැයි මාව දන්න කට්ටිය දන්නවා මම කොහොමහරි දවසකට පැය 2ක් විතර ඔන්ලයින් කියලා.....අඩුගානේ මේල් ටික බලන්න හරි මම ඉතින් එනවා.

ගිය සති දෙකනම් ෆුල් චාටර්... කියලා වැඩක් නෑ.කොම්පියුටරේ ඉස්සරහ ඉන්න වෙලාව වැඩිද මන්දා දිගටම {ගිය මාසේ 28 ඉඳන්} ඔලුව කැක්කුමක් එනවා සැරෙන් සැරේ.මොනවා කරන්නද?"ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද?" කියලා ඉවසගෙන ඉන්නවා...

ඒ මදිවට ඉස්කෝලේ දෙමාපිය රැස්වීම තිබුනා නෙව ගිය සතියට කලින් සතියේ සිකුරාදා.මටනම් ඉතින් හෙන ෆන්... එපා උනා... ඒ මදිවට ඒකෙදි කියලා කොහොම හරි දවසකට පැය 2ක් පාඩම් කරන්න යොමු කරන්න කියලා.හපෝයි...!මොනව කරන්නද?ගෙදරින්නම් කෑ ගහනව....මොනව කරන්නද මම ඒ වගේ වැඩක් ඇති වැඩක් කරනව කියලද?

මේ සතියේ වැස්ස නිසා ඔක්කොම වැඩ අල වෙලා තියෙන්නේ...කුඩේ බෑග් එකේ දාගෙන තෙමි තෙමී යනවා.....මොකෝ මාසෙකට දවසක්වත් නානව කියලද? :-) කොහොම හරි ගිය සතියේ ඉස්කෝලේ වැඩමුළුවක් තිබුනා ආදි ශිෂ්‍ය සංගමයෙන් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන අපේ ඉස්කෝලේ අයියලාටයි,සංඝමිත්තා විද්‍යාලේ අක්කලටයි,තව මොකක්ද {සිරාවටම නම බලාගන්න බැරි වුනා.බලන්නේ කොහොමද අක්කලාගේ ටයි එක දිහා බලනව දැක්කොත් ඉවරයි නේ.කියන්න බෑනේ මේකාලේ ;-) }ඉස්කෝලෙකටයි.ඉතින් එදා උදේ පාන්දරම අයියලා ඇවිල්ලා එක්කගෙන ගියා අපේ {10 වසරේ} ශිෂ්‍ය නායකසෙට් එකයි.යනකොට 17 යි.වැඩමුළුව ඉවර වෙනකොට 5 දෙනයි. :-( මොනව කරන්නද?කට්ට කාගෙන හිටියා.

අපේ උන් කට් එක දාපු එකෙන් කියන්න ගිය කතාවත් අමතක වුනා...කොහොම හරි ඒ වැඩමුළුවට ගිහිල්ලා හෙන ඇඩ් එක වුනා.{අක්කලා වුනත් 400 ක් විතර ඉස්සරහා} ඒ වැඩේ නිසා මම මූණු පොතේ නොදන්න අක්කලා වගේකුත් මාව අඳුරගෙන...{ඒකත් එල වැඩේ නේද?එයාල මාව දන්නව.මම එයාලව දන්නේ නෑ. :-) }එදා ඉන්ටර්වල් එකට කන්න වුනෙත් නෑ.බඩගින්නේ ඉන්න බැරිම තැන කිරි පැකට් 2ක් බිව්වා.කිරි පැකට් වලට පින් සිද්ද වෙන්න හෙම්බිරිස්සාවත් හදාගෙන පන්තිත් නොගිහින් කොල්ලා ගෙදර. :-(

ආහ්...! මේ මාසේ 6 වෙනිදා "ලෝක ගුරු දිනය" නේද?ඒකට මොකක් හරි සිහිවටනයක් දෙන්න කියලා තීරණය කලා අපේ පන්තියේ කොල්ලො සෙට් එක.සිහිවටනයක් විදිහට බුක් මාර්ක් එකක් දෙන්න කියලයි හිතුවේ.{අපට පුලුවන් විදිහට.කොහෙන් හරි රෝලක් ගහගෙන. :-) }බුක් මාර්ක් එක හදන්න බාර වුනෙත් මට.දැන් වෙනකොට හදලත් ඉවරයි.ප්‍රින්ට් කරන එක තමයි අවුල.මොකද තාම සනීප නැති නිසා ටවුන් එකට යන්නත් බෑ.නොගිහිනුත් බෑ.බාර දුන්නු වැඩේ කොහොම හරි කරන්නත් එපාය.

ඔය ඔක්කොම දන්න සෙල්ලම් දාන අතරේ මගේ මූණු පොතේ පොටෝ එකටත් එඩිට් පාරක් දුන්නා.දැන් මගේ මූණේ තිබුණු වැව් ටිකයි,කඳු ටිකයි නෑ.පොටෝෂොප් වල පිහිටෙන්.එහෙනම් මේ ලිපියට මේ ඇති.තව රස කතාවක් තියෙනවා.ඒකත් අද හෙටම දාන්නම්.එතකම් හැමෝටම ආයුබෝවන්!

Saturday, October 3, 2009

ශිෂ්‍ය නායකයෝ පිළිබඳ මත විමසුමක් හා කතිකාවතක්

emeData">
ශිෂ්‍ය නායකයෝ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
ඒ පිළිබඳව කතිකාවතකට ඔබ සැමට   සුහද  ඇරයුම්.......


පස්සෙන් එන්න