web 2.0

Tuesday, March 29, 2011

කවි කතාවක්[ඉංග්‍රීසි මිසී.]



කඩු මිස්ලට හරි අපලයි කියාල හිතෙනව මිතුරේ
ඒක හිතුනෙ ඇසගැටුනම සිහින ලියපු කතන්දරේ
හිතුන මටත් පද බඳින්න කවියෙන් මේ කතන්දරේ
කියවාලා කමෙන්ට් එකක් දානවනම් තුති මිතුරේ



අපිත් නවය වසරේ ඉන්නාවිට ඉස්කෝලේ
ඒ දෙදහස් අට වසරයි මගෙ මතකේ
අපේ කොල්ලො ටික ආතල් අංක එකේ කොළු රෑනේ
කලා මෙන්න මෙහෙම වැඩක් හිනා වෙන්න පුංචි පහේ



එකෙක් හිටිය අපෙ පන්තියෙ ක්‍රිකට් ගහන හවස් වෙලේ
ඌ ගෙනල්ල තිබ්බා බඩු මුට්ටු ඕන කරන අනේ
තවත් එකෙක් හිටිය ඇත්ලටික් කරනා පන්ති කොනේ
උගේ ශෝට උඩ දානව අපේ කොල්ලො අනිත් කොනේ



හිටිය අපට ගුරුතුමියක් ජාතිය වූයේ මුස්ලිම්
අපේ උන්ට පෙන්නන්නට බෑ ගුරුතුමි කිසිම දිනේ
ඉගැන්නුවේ කඩ්ඩ තමයි පන්ති වලට ඉස්කෝලේ
එදා අපට ආවේ රිලිෆ් කාලඡේදයක මිතුරේ



ආපු ගමන් අපේ කොල්ලො ටික ෆුල් සයිලන්ස් උනා
"ගුඩ් මෝනිං" කියල ගුරුතුමී පැතුවා සුභ උදයක්
අපේ උන්ගෙ ගොං කටවල් ඇරුනා මිතුරනි මෙවෙලේ
"ආයුබොවන්" කීව අනිත් පැත්තට කොල්ලන් හිනා වෙවී



"ආයුබොවන්"කියල අපේ කොල්ලන් ටික හිනා කතී
මිස්ට කරපු බලු වැඩේට ගියා මටත් හිනා බොලේ
මිස්ගේ රතු කටු පැන්නා අපේ උන්ට බැන්න වෙලේ
කොල්ලො ටිකත් බ්‍රේක් නැතුව හිනා වෙනවා කටවල් කන්වල එවෙලේ



මිස්ට ඉන්න බැරි විය මේ වෙලාවෙ අපේ කරුමෙට
ගියා අංශ භාර සර් ලඟට කිව්වා සිද්ධියෙ තතු මෙලෙසේ
සර් ආව වේවැලකුත් උස්සාගෙන මේ වේලේ
දුන්න එකෙක්ගේ කණ හරහට වේවැල් පාර අනේ



ඌ විතරයි ගුටි කෑවේ අපේ කොල්ලො ඩිම් වුනා
ආයි ඔහොම දෙයක් වෙන්න බෑ කියලා සර් කිව්වා
බයට අපේ අයත් එදා කටවල් වහගෙන උන්නා
එදා දිනය ඔන්න ඔහොම දන්නැතුවම ගෙවිල ගියා



තවත් දිනක් ඒ වසරෙම කලා මිස්ට බලු වැඩක්
මතකද මම පෙර කිව්වා  ක්‍රිකට් ගහන මිතුරෙක් ගැන
ගුටි කෑමෙන් පසු අපේ උන් හිටියේ මිස් එක්කල මල වෙලා
ගනන් ගන්නෙ නෑ මිස් මොනවා කිව්වත් කෑ ගසා



දෙවැනි දිනෙ අපේ එකෙක් ගත්ත ක්‍රිකට් ගහන බඩූ
ඔය අස්සේ තිබුනා ආරක්ශක කොටසක් පළඳින මිතුරූ
හිතමි දන්නවා කියලා මොකකද මේ කියන්නේ
"ගාඩ් එක"ය කියලයි ඕකට කියන්නේ



පෙර අවුලට රිටන් එකක් දෙන්න අපේ උන් ටික
දැම්ම ඒක මිස් ගාවට උඩින් ගිහින් මිස් ළඟ
මිස්ට කියාගන්න දෙයක් නැතුව හිටිය අන්තිම
අපේ එවුන් හිනා වෙවී අහනව කඩු පාඩම 



අස් කරනා හැඩක් නැතේ අපේ එවුන් සෙට් එක
මිස්ට මෙවේලේ නම් රතු කටු පැන්නා ලෙසටම
"බූරු පැටව් තමුසෙල මොනවද කරනා ගොං වැඩ?
අරන් යනව අයිති එකෙක් ඇවිල ඉස්සරහට"



කියාල මිස් බැන්නා කොල්ලන් සෙට් එකටම එදා
අයිති එකා ඉස්සරහට ඇවිල්ල අරගෙන ගියා
අපේ එවුන් හිනාව ගිලගෙන හිටියා රතු වෙලා
දෙවෙනි දිනේ අපේ එවුන් එහෙමයි කලෙ බලු වැඩේ



දන්නැතුවම සිද්ධිය ලියා ඉවරයි මිතුරනේ
සිතමි රසක් ඇත කියලා මේ පඳ බැඳි සිද්ධියේ
අදහස් උදහස් දැම්මොත් පුදනෙමි තුති හදේ
අමනාපය නෑ ඔයා නොදැම්මත් මගෙ හදේ



තවත් මතක ආවෝතින් රසවත් වැදහත් සිද්ධී
ඔබට කියන්නට ලියනෙමි මගෙ බ්ලොග් එකේ
රැඳී ඉන්න දිගටම මා හා මේ බ්ලොග් කරනයේ
මේ කවි පෙළ නවත්වනව මා අද දින මේ ලෙසේ

Sunday, March 27, 2011

ස්තුතියි(හෙවත් 200 වන ලිපිය.)



බ්ලොග් එකට ලිපිත් ලියල තියෙනව.කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව මෙච්චර අමාරුවක වැටුණු පළවෙනි වතාව.ඔය උඩ රූපේ තියෙනවත් වගේ මේ තමයි මගේ බ්ලොග් පලවෙන 200 වෙනි ලිපිය.
ඉතින් පොඩියට පටන් ගත්ත බ්ලොග් එක හරියටම දවස් 610 කට පස්සේ ලිපි 200 සම්පූර්ණ කරනවා.මේ වෙලාවේ මතක් කරන්න ඕන ගොඩාක් අය ඉන්නවා.මුලින්ම මාත් එක්කම මේ බ්ලොග් එකේ ලිපි ලියන,මේ දවස් වල පලවෙන "ඔය හිතට අමතක ද?" ලිපි පෙළ ලියන ගජං මල්ලි(ගීනාත් දිලංක අයියා.)
මට බ්ලොග් කෙරුවාවට ගේන්න මග පෙන්නපු,සිංහලෙන් හොඳ බ්ලොග් ලියන මනුශාන් අයිය.මුල්ම පෝස්ට් එකට දාන්න මොනව හරි ඉල්ලුවහම ලස්සන පොටෝ එකක් එවපු සඳමිනී ට.
ලිපි ලියන්න අදහස් දීපු,අඩුපාඩු කියලු මගේ අයි.ටී සර්,චමින්ද සර්.
මුල්ම කමෙන්ට් එක දාපු ඩොලී.

ඊට පස්සේ මාව ඇතුලත් කරගනිපු සියලුම සින්ඩි වල ඇඩ්මින්වරුන්ට.
ෆලෝවර්ස්ල විදිහට මාත් එක්ක සෙට් වුන හැමෝටම.
දාන හැම රෙද්දම කියවපු,ප්‍රතිචාර දාපු,නොදාපු හැමෝටම මගේ හිතේ තියෙන හැමදේම ලියද්දි ඉවසගෙන කියෙව්වට.
ඒ වගේම කොට ජීවිතේ,පාසල්,ගෝල්ඩ් ෆිශ්,කතන්දර,මනුශාන්,ප්‍රමුක,රත්ගමයා,මාරෙය,කුක්කු පැටියා,ඉෂාර,ගයාන්,නිම්ශා,අපරාජිතයා,රෙඩියෙ,ඩිලොන්,හිශාන්,බීට,කදිරා,දේදුණු මැක්ස්,පුලා,පිණි බිඳු,ලකී,පොඩි මහත්තය,සුදු මහත්තය,දීඝායු,පූසා,නීශා,සංජු,වික්‍රමේ,හිරාන්,රොශාන්,තාරා,සසීන්ද්‍ර,සහන්,මලී එම්.එස්.ජී ඇතුලු එකී මෙකී නොකී සියලුම අක්කලා,අයියලා සහ මගේ වයසේ හැම දෙනාට...
දිගටම මගේ බ්ලොග් එක කියවල,මට අඩුපාඩු පෙන්නල දිගටම රැඳී ඉන්න කියල ඔන්න හැමෝටම ආරාධනා කරනවා. 

මම,කුරුං ගුරුං
(හෙවත් දිලංක මාධව)

Saturday, March 26, 2011

අනේ කෙල්ලේ කාපාං

ලියන්දෝ නොලියන්දෝ කියලත් හිතුව.ඕන රෙද්දක් වේං කියල ලියල දානව.
ඔහෙල දන්නවනේ මං අර අවුරුදු 5ක් විතර කෙල්ලෙක්ට කියල කවව ගන්න(ඔව් ඔව් බොලව්.ගෝල්ඩ් පිස්සයියගේ බාසාවෙන් තමා ඔය.පොල් පැළේ කවව ගන්ට.) ට්‍රයි කොලා කියල.කෑවේ නෑනේ ඒ කෙල්ල.
කොහොම හරි දන්න සෙල්ලං ඔක්කොම දාල කොල්ල ඒ නස්පැත්තියෙන් ගැලවුනා කියලත් දන්නව ඇතිනේ.
දවසක් දෙකක් පොල් පැළේ හිටියට මොකෝ නිකං ආයි සාංකාව වගේ.පොල් පැළේ කවව ගන්න කාට හරි පැටික්කියෙක්ට කියල...
ඕං ඔය අතරේ තමා ඕං අර වැඩිම ඒ සාමාර්ථ කෙමා පන්තියේ පුංචි පහේ පැටික්කියෙක්ට හිත උස්සන්න ඇහැක් වෙලා තියෙන්නේ.
කිව්වට මොකෝ තාම මම නමවත්,ඒ පැටික්කි මේ වෙනකොටත් පොල් පැළයක් කනවද කියලවත් දන්නේ නෑ නෙව.
වෙලාවකට හිතෙනවා මුළු ලෝකෙටම ඔන්ලයි වගේ ඉන්නවට වඩා හොඳයි අර හඳ පලුව(අයිඩල් එක.)දාගෙන ඇත්නම් කියල.
ඒත් මොන?අපේ එකෙක්ට ඕක කිව්වහම කිව්ව "තොට කියල වැඩක් නෑ ඕව.අපි වගේ උඩ බලාගෙන පළ." කියල.
කියන දෙයක් අහන එකෙක්ට ඕන ඒක කියන්නත්.සීකේ.මොන රෙද්දක්ද මන්දා වෙලාවකට.
වෙලාවකට හිතෙනවා කොලු හිත කොයි තරම් දෙපිට කාට්ටුද කියලත්.අනේ අම්මප.
කොහොම හරි බලමුකෝ මේ පාරවත් මේ හා පැටික්කි(අපේ බ්ලොග් කියන අක්කණ්ඩි නෙවේ හොඳේ.)ට කියල බිමට නැවිල හරි පොල් පැලේ කවව ගන්ට ...

නැත්නම් ඉතින් මේ ගෝඨයිම්බරයා(එයා මං තරං නිදාගන්නවද මන්දා.)ගේ නින්දටත් කෙළ වෙලා තමා නවතින්නේ.කරුමෙක මහත කියන්නේ අදත් උදේ 5.30 වෙනකොට ඇහැරුනා හා පැටික්කිව හීනෙන් දැකලා.නිකම්මත් නෙවේ උඩ ගිහින් වැටිලම...

Thursday, March 24, 2011

ආදර හටන





ආදර සටනක් කිව්වහම හැමෝටම හිතෙන්නේ ආදරේ දෙදරලා ගිහින් ඇතිවෙන වළියක්.හැබැයි මම මේ කියන්නේ ගාල්ලේ ආදර වන්තයන්ගේ සටන ගැන.ගාල්ලේ අය නම් දන්නවා මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා..
ඔව්.ඒ තමයි හෙටයි අනිද්ද්යි ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවත්වන්නට නියමිත රිච්මන්ඩ්-මහින්ද බිග් මැච් එක.106 වෙනි වතාවට තමයි හෙට මේ මැච් එක පැවැත්වෙන්නේ.බිග් මැච වලට මනා ආදර්ශ සපයමින් ගාල්ලම කළ එළි කරන අපේ බිග් මැච් එක බලන්න ඔයාලත් එන්න කියල ආරාධනා කරනව.
මැච් එකේ රිච්මන්ඩ් ටෙන්ට් එකට ඇවිල්ලා

Come Alone RICHMOND
Keep It Up RICHMOND
කියලා කෑගහන්න ලෑස්ති වෙලාම එන්නකෝ.

Wednesday, March 23, 2011

පැංචො එන්න තේ ටිකක් බීල යන්න

මේ සිදුවීම වෙන්නේ අපි 11 වසරේ ඉඳිද්දී.එදා කොහොම හරි අපේ මිස් ඉස්කෝලේ ආවේ නෑ.ඉතින් උදේම රිජිස්ටරේ මාක් කරන්න ආවේ අලුතෙන් ආපු සර් කෙනෙක්.සර් හෙන පොඩියි.ඉතින් අපේ උන් සර්ට නම දාලා තිබ්බේ "පැංචා" කියලා.කවුරු,කොහොම,මොන හේතුවකට දැම්මද මන්දා.
ඉතින් කොහොම හරි සර් ඇවිල්ලා රෙජිස්ටරෙත් මාක් කලා කියමුකෝ අවුලක් නැතුව.
ඊට පස්සේ "ආයුබොවන්" කියලා පන්තියෙන් එළියට ගියා ඔපිසියට යන්න.සර් පන්තියෙන් එළියට බහිද්දිම අපේ එකෙක්
"පැංචො එන්න තේ ටිකක් බීල යන්න" කියපි.
මහ වැසේ වෙලා.සර්ට ඇහිලා.
එහෙමම ආව පන්තියට.ඒක කියපු උන් උන්නු හරියට ගිහින් ඇහුවා "කවුද කිව්වේ?"කියල.
අපේ උන් කියයි.පිස්සු යක්කුනේ ඉන්නෙ අපෙත්.
එකෙක්වත් කිව්වේ නෑ.සර්ටත් තද වෙලා.උදේ පාන්දර අපේ උන් සර්ව බයිට් එකට ගත්තට.අනික ගුරුවරයෙකුට සලකන්න දන්නව කියලාය අර වගේ කතාවක් කිව්වේ.

"තමුසෙලගෙ අම්මල අප්පලට තේ වතු ඇතිනේ.තොපිලට ඕන විදිහකට තේ හදාගෙන බීපල්ල.මට ඕන නෑ."

[ඉතිරි ටික මෙහෙම කියන්ට බෑ හරිය.හිතාගන්නවලකෝ...]

පුතා මේ මගේ පුතා...

මේ ලිපිය ලියන්නේ සිතෙහි සිතුවම් බ්ලොග් එකේ බස් එකේ ඇබැද්දිය දැකලා.අදනම් ඇත්ත නම් දාලම ලියනවා.මොකෝ මේ කතාවේ චරිත වලට ඒ හැටි නෝන්ඩියක් නැති නිසා.
ඕං එහෙනම් කතාව...

අපේ බුවෙක් ඉන්නවා වවුලා කියලා.හෙන ආතල් පොර.සෝ ඉතින් දවසක් අපි ගාල්ලේ පන්තියකට යන ගමන් බස් එකක මල්ලි කෙනෙක් සෙට් උන.පොඩි කියන්නේ 6/7 වගේ පන්තියක වෙන්න ඕන.අපිත් 10 වසරෙ හරි ඊට පොඩි පන්තියක මිසක් වැඩි වෙන්න බෑ.පොඩි එකා සෙට් උනේ පිටිපස්සේ ම සීට් එකේ.වැඩේ දෙබස් වලින්ම දෙන්නම්කෝ මෙතන ඉඳන්.




වවුලා:මල්ලි,කොහෙද යන්නේ?
මලය:පන්ති යනව අයියේ
වවුලා:කීය වසරෙද?
මලය:7 වසරේ
වවුලා:අපෝ පොඩි වැඩියි නේ.ඉක්මනට ලොකු වෙලා එනවකො හලෝ...
මලය:සයිලන්ස්
වවුලා:මල්ලිගේ ඉස්කෝලේ?
මලය:****(ගාල්ලේ තරු පායපු ඉස්කෝලේ.)
වවුලා:අපෝ වැඩක් නෑනේ.කවුද ඒ ඉස්කෝලෙට දැම්මේ ඔයාව?වෙන ඉස්කෝලයක් තිබ්බෙම නැද්ද?





ඔහොම සීන් එක යනවා.ඒ මදිවට අංකල් කෙනෙක් කතාව අහගෙන හිනා වෙවී.උපේතට එහා පැත්තෙන් වාඩි වෙලා.
තවත් ටිකක් ගියා.
අංකල්:(වවුලාට.)අහ් පුතා මේ මගේ පුතා...

ආයි ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.

Thursday, March 17, 2011

අවුරුදු 11 ක් නටපු පිස්සු වල ප්‍රථිඵල ආවා.......




කියන්නත් වගේ ඊයේ සා.පේ ප්‍රථිඵල ආවනේ.ඕක එන්න කලින් කොහොම හරි බොලොගේ පිලි 200 ක් ලියන්න හිතන් හිටියේ.මොන?අපේ බන්දුල මාම දන්නවනේ..ඔව් ඔව්.එයා තමයි.කෝ ඉතින් කැඩේ වෑවනේ.හිටු කියල ප්‍රථිඵල දුන්නනේ....
මේ කොලුවටත් ඉතින් ප්‍රථිඵල වල අවුලක් නෑ.ආගම බේරගත්තා ගොඩින්ම.ජාතියත් එහෙමයි.අහ් එතකොට වනන්න දන්නේ නැති එක.කඩ්ඩ කඩ්ඩ්.ඒකත් අමුණල කරල ගොඩේ ගොඩ...පෙන්නන්නම බැරි එක ගණන් ඒකත් අවුලක් නෑ.ඔක්කොම අන්තර්ගත ගුරුහේ,ඉතිහාසේ තමා පොඩ්ඩක් බයෙන් හිටියේ.ඉතිහාසෙට තිබිච්ච ආසාවටම බී එකක් හරි,සී එකක් හරි එයිම කියලා...
මොන මම එච්චර වාසනාවන්ත නෑ නෙව...කඩ්ඩේ මුල්ම අකුරක් ඒකටත්...
හැමෝම චාආආආආටර් කියපු විද්‍යාවත් ගොඩ.ව්‍යාපාර අධ්‍යයනයත් ගොඩ,අයි.ටී ත් ගොඩේ ගොඩ.(පැය 24 ම පේස් බුකිය අස්සේ රිංගගෙන ඉන්න හින්ද්ද මන්දා...)
චාරට් උනේ ඉංග්‍රිසි සාහිත්‍ය විතරයි.ඒකට මුහුද...
ඒ කිව්වේ සී එකක්..අනිත් අටම ඒ.(මම හොඳයි නේද?)මමනම් ඔච්චර එකක් හිතන් හිටියේ නෑ(
ඉංග්‍රිසි සාහිත්‍ය වලට).එස් තමා බලන් හිටියේ...

දැන් මේ ලිපිය මාගල වගේ උනත් මාව ගොඩ දාන්න උදව් කොරපු අයව මතක් කොරන එක මගේ යුතුකමනේ...මෙන්න ඒ අය.(හැමෝම නෙවේ.මේ වෙලාවේ මතක් වෙන අය.අමතක වුනානම් සමාවෙන්න.)

මුලින්ම මගේ අම්මටයි,තාත්තටයි.එයාලට පින් සිද්ධ වෙන්න මාව ඇහැක් වගේ පරිස්සම් කරලා මෙච්චර කලක් මගේ ඕනෑ එපාකම්(මංගල්ලයක් හැර.ඕනම නෑ ඒකනම්.) හොයල බැලුවට.
ඊට පස්සේ මගෙ පෙර පාසලේ හිටපු ගුරුවරුන්ට.(නම් මතක නෑ නෙව.)
එක වසරේ ඒ පන්තියේ සහ දෙක ඒ පන්තියේ උගන්නපු දම්මිකා මිස්ට.(තාමත් මං ගැන හොයලා බලනවාටත් එක්කම.)
තුන,හතර ඒ පන්ති වල උගන්නපු මගේ මම්මට.දීපිකා මිස් ට.(තාමත් මං ගැන හොයලා බලලා උදව් කරනවාටත් එක්කම.)
පහ වසරේ පන්ති භාර හිටපු,ශිෂ්‍යත්ව විභාගෙට පස්සෙන්දම ඔයාට ලකුණු 163 ක් ඇති.(ඒ ගානම තිබ්බා.)කියපු,විභාගෙට යන්න පරක්කු වුනා කියල මගේ ඇඟට කඩාගෙන පැනපු සිරිමා මිස් ට.
හය වසරේ පන්ති භාර හිටපු වාසනා මිස් ට.ඒ වගේම මම ඒ ඉස්කෝලේ ඉන්නකම්ම 6 වසරේ උගන්නපු සියලුම ගුරු තුමන්ලට,ගුරුතුමියන්ට...
අලුත් ඉස්කෝලේ 6 ජී පන්තියේ පන්ති භාර හිටපු,මගේ උපන්දිනේ දවසෙම පිට මැද්දට එකක් කෙලල ඇරපු සෙනවිරත්න සර් ට.ඒ වගේම 6 වසරෙදී උගන්නපු සියලු ගුරුවරුන්ට.
6ශ්‍රේණිය භාරව හිටපු,මම තාමත් වැඩිපුරම ආදරේ කරන වර්ණා මිස් ට.
හත වසරේ ඩී පන්ති භාර වගේම,විද්‍යාව උගන්නපු චන්ද්‍රිකා මිස් ට.උගන්නපු සියලු ගුරුවරුන්ට.
අට  වසරේ සී පන්ති භාර හිටපු නාලිනී මිස් ට.උගන්නපු සියලුම ගුරුවරුන්ට.
නවය වසරේ ජී එකේ පන්ති භාර හිටපු වගේම 10,11 වසර වල කොමස් උගන්නපු පියසීලි මිස් ට.
නවය වසරේ අංශ භාර ප්‍රියන්ත සර් ට.
උගන්නපු සියලුම ගුරුවරුන්ට.
10,11 වසර වල අපේ පන්ති භාර ඉඳපු,අපි වෙනුවෙන් හැමදාම බැනුම් අහපු,අපිට දඬුවම් කරන්න ගිහිපු වෙලාවට බේර ගනිපු,අපි නිසා අඬපු,අපේ මංගලිකා මිස් ට.
10 වසරේ සිංහල උගන්නපු,09,10 සහ 11 වසර වල අංශ භාර හිටපු නාගහවත්ත සර් ට.
10,11 විද්‍යාව උගන්නපු,පිළිවෙලකට වැඩක් කරන්න උගන්නපු,හිතට වදින්න හොඳටම උගන්නපු(අපට ඉගෙන ගන්න බැරි උනත්.),මම වැඩිපුරම ගරු කරන,ආදරේ කරන සර්,නාලක සර් ට.
ඇතුලු සියලුම පාසලේ ගුරුවරුන්ට...
ඒ වගේම ටියුශන් ගුරුවරුන්ගෙන්,
මගේ කඩ්ඩ මුවහත් කරන්න උදව් කරපු,ඊයේ උදේ පන්තියේදී(රිසල්ට්ස් එන්න කලින්ම) "ඔයාට A 8 යි C 1 යි" කියපූ අපේ කමල් සර් ට.
ගනන් ගොඩ දාන්න උදව් වෙච්ච,අපි හැමෝම ආදරේට "පියා" කියන පියසිරි නානායක්කාර සර්.
ඇතුලු සියලුම ගුරුවරුන්ට...
නොදන්න දෙයක් කියාදීපු,පන්ති නොගිය දවසට නෝට් පොත දීපු,නෝට්ස් බලාගන්න පොත ඉල්ලගෙන මාස ගානක් තියාගෙන ඉඳල ආයි දෙනකොට මුකුත් නොකියපු,කරට අත දාගෙන "මචන් ඕක ඔහොම නෙවෙයි,මෙහෙම"කියපු අපේ ගැන්සියේ දසුන්,සොහාන්,හසිත,තුසර සහ මාදව ඇතුලු සියලුම යාලුවන්ට...
අපි පාඩම් කරන්න ගෙවල් වල රෑට රෑට නවතුන දවස් වල බඩ කට පිටෙන්න කන්න දීපු,ඒ යාලුවන්ගේ දෙමාපියන් ඇතුලු එකී මෙකී නොකී හැමෝටම...

Tuesday, March 15, 2011

සර්,කවුද බඳින්නේ?

මේ සිදුවීම වුනේ අපේ(කිව්වට අපේ උන් එකෙක්වත් යන්නේ නෑ.මම විතරයි.) පියෝ ක්ලාස් එකේ දි.කියවලම බලන්නකෝ....
පසුබිම ගැනත් කියන්නම්කෝ.පන්තිය තියෙන්නේ ගාල්ලෙ කලේගාන හංදියේ තියෙන ආයතනයේ.සර් හෙන හොඳයි.අපේ ඉස්කෝලේ නෙවෙයි.
දැන් සීන් කෝන් එක.....
මම කිව්වනේ සර් හෙන හොඳයි කියලා.අපේ උන් ඉතින් සර්ව මඩවන්න ගත්තා.ප්‍රශ්න තියෙනවනම් චිට් එවන්න කියලනේ තියෙන්නේ...

අපේ අයත් යවනව දැන් චිට්.
"සර්,වතුර බොන්න යන්න දෙන්න කෝ."
චිට් 5ක් විතර යනකොට යන්න කිව්වා.

දැන් වතුර බීල ඇවිල්ල
"අනේ සර් මැච් එකේ ලකුණු කියන්නකෝ"(එදා තමයි අර ලංකාව පල්ලෙකැලේදි ගහපු මැච් එක තිබ්බේ.)

"නෑ.නෑ.මැච් ඕන නෑ"
කියලා සර් ඒ ප්‍රශ්නෙන් ගැලවුන...

හැබැයි ඉවරයක් නෑ.දිගටම චිට් යනව.අන්තිමට සර් ට ඇතිවෙලා කිව්වා,
"ළමයි එවන ප්‍රශ්න පාඩමට කිසිම අදාලත්වයක් නෑ.හරියට මෙන්න මේ වගේ....
ඔන්න එකමත් එක කාලෙක ගමක අම්ම කෙනෙක් හිටියා.එයාට පුතෙක් හිටියා.ඉතින් ඒ අම්මා මහන්සි වෙලා පුතාට උගන්වලා පුතාට හොඳ රස්සාවක් හම්බ වුනා....
දැන් ඔය ලමයි එවන ප්‍රශ්න හරියට අර අම්මට මොකද උනේ? අහන්න වගේ තමයි....
හහ් හා..."[අපේ උන් වැඩිපුරම හිනා වෙන්නේ සර්ගේ හිනාවට.සෝ ඔතනදි ඔක්කොමත් එක්ක හිනා වුනා.]

ටික වෙලවකින් තව චිට් වගයක්..සර් කියවනවා.[සර් මයික් එකත් අල්ලගෙනමයි කියවන්නේ.]
"සර් ඇත්තටම අර අම්මට මොකද වුනේ?"

ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ සර්ට..කොහොම හරි ඔහොම වැඩේ ගියා.....


එදා සර් කිව්වා,
"ළමයි මට තමයි ඔයාලගේ උගන්නන එකේ ලොකුම බරක් දරන්න වෙන්නේ.ශිෂ්‍යත්ව ටීචර් කියපුවයි,ඕලෙවල් ටීචර් කියපුවයි,ඇප්ලයිඩ් ටීචර් කියපුවයි ඔක්කොම සමානයි.ඒ නිසා ඔයාල එයාලට ගොඩක් ආදරෙයි.[ඒක වෙනම කතාවක්. ;) ]මම කියන ඒවා ඇහුවහම ඔයාලට මේ සර් පිස්සෙක්ද කියලත් හිතෙනව ඇති නේද?"

කියලා උගන්නගෙන ගියා.ඔන්න දැන් තමයි හොඳම චිට් එක ගියේ...

"සර්,තුන්දෙනෙක්ට ආදරේ කරලා කවුද බඳින්නේ?"

තවත් රස කතා පස්සේ කියන්නම්කෝ....

අදහසක් එහෙම දාල යන්න..

Friday, March 11, 2011

මූණු පොතෙන් ඊමේල්




ඊයෙත් අයියා කෙනෙක් මේ ගැන ලියල තියෙනව දැක්ක.මටනම් ඕං ඊයේ තමයි  මූණු පොතෙන් ඊමේල් ඇඩ්‍රස් එකක් හම්බුනේ.දැනටනම් අවුලක් නෑ.ඇටෑච්මන්ට් එක්ක නම් තාම මම ට්‍රයි කලේ නෑ ඒ නිසා ඒ ගැනනම් ඔයාලට කියන්න තරම් දැනුමක් නැහැ.
චැට් එක නම් සේප්.මට පේන්නේ නම් මේ අලුත් විදියට චැට් එක යන එක හොඳයි වගේ.අවුල තියෙන්නේ පැය 24 ම ඔන්ලයින් කියලා පේන එක.(ඒක මගේ ඊ බඩ්ඩගේ වැඩක්ද කියල හරියටම දන්නේ නෑ.)
කොහොම හරි මට ඔය වැඩේ සෙට් උනේ අපේ සිංහල බ්ලොග් ලියන කෙනෙක් ගේ ලිපියක් මගින්.(දැන්නම් කාගේ බ්ලොග් එකෙන්ද කියලා මතක නෑ.සමාවෙන්ට.)ඉතින් ඒ අයියට ස්තුතියි...
ඔයාලත් ට්‍රයි එකක් දාලා මූණු පොතේ ඊමේල් ඇඩ්‍රස් එක හදාගන්න...

Tuesday, March 8, 2011

නංගියේ නුඹ...[කෙටි කතාව].....

මා රේල් පාර දිගේ කෙතරම් වේලාවක් ගමන් කළාදැයි මතක නැත.කෙදිනකවත් එකට හමු නොවන රේල් පීලි දෙස බලමින් කෙතරම් වේලාවක් කල්පනා කලද,නැවත නැවතත් එකම තැන කැරකෙනු හැඟීමක් දැනේ.බැස යන මළ හිරුගේ රක්ත වර්ණයෙන් ආලෝකමත් වුණු පරක් තෙරක් නැති ආකාසය දුටු මා හට,තවමත් වචන වලට පෙරළිය නොහැකි අමුතු හැඟීම් පොදියක් පොරකමින් හදවත පුරාම දිව යන්නාක් මෙන් හැඟේ.


මීට 20 වසරකට පෙර අම්මා අප නිවසට රැගෙන ආවේ මාගේ පුංචි අම්මාගේ සිඟිත්තියයි.ඒ වනවිට මට වයස අවුරුදු 5 ක් හා ඇයට මාස 8ක් පමණ යැයි අම්මා කියනු ඇසීමෙන් මා දැනගතිමි.එදා අප නිවසට ආ පටන් ඇය මගේම නැගණිය වූවාය.ඇ ඇගේ දෙමාපියන් කොහිදැයි ඇසූවිට අම්මා නිවැරදි උත්තරයක් නොදී මඟහැර ගියද,ඇගේ දෙමාපියන් රිය අනතුරකින් මිය ගිය වග පසුව දැනගත්තා ය.


කුඩා කල් සිටම අප ඉතා ළඟින් සිටි බැවින් අප දෙදෙනා දුල සහෝදර බැඳීම ප්‍රබල විය.අම්මා ඇයත් මමත් දෙපසින් තබාගෙන කුඩා කල බත් කවන විට,
"සුදු අයියටත් කවන්න" 
යැයි ඇය පැවසූ වදන් තුල ගැබ්ව තිබූ සහෝදරත්වය අදටත් මා හට තේරුම් ගත නොහැකි තරම් ප්‍රබල ය.


අප ගමේ සිටිනා කාලයේ දී පිණි වැටුනු නියර දිගේ දිවගොස් සෙල්ලම් කරන ආකාරය අද මතක් වන විට විට අතීතයේ ගතවූ සුන්දරත්වය හදවතට නැගෙන්නේ ඇසට කඳුලක් ද නංවමිනි.


මෙසේ කාලය ගෙවී මාගේ උසස් පෙළ ප්‍රතිඵල වලට අනුව විශ්ව විද්‍යාලයට යාමට නොහැකි ව රැකියා සොයමින් සිටි මට
"අයියේ මෙන්න හොඳ රස්සාවක් තියෙනවා.ඔයාටම ගැලපෙනවා.මේකට ඉල්ලන්න.ඔයාට මේක හම්බෙනවාමයි"...



ලැබුණ මුල්ම පඩියෙන් සැමටම තෑගි ගන්නට ඈ කැටුව ගොස් ඇයට අවශ්‍ය දේ ගන්නට කියූ විට,
"අයියට සල්ලි ඕන වෙනවනේ.මට තෑගි එපා.ඔයාගේ වියදම් වලට තියාගන්න"
කියූ විට මා එසේ කිරීමට පාලනය වූයේ කෙසේදැයි නොදනිමි.



"මම උඹේ මගුලට මේකටත් එක්ක හොඳ රත්තරං බඩු ටිකක් අරං දෙනවා."
හිතට නැඟුනු හැඟීම වචන වලට නො පෙරලුවද,අදිටන් කරගතිමි.



අදට උඹ අප නිවසින් වෙනත් නිවසකට නික්ම ගොස් දින 5කි.ඈ නැති පාලුව හදවතට දැනෙන්නේ අමුතුම නිහැඬියාවක් සමගිනි.නිවසින් පිටව යනවිට මගේ උරට හිස තියාන හැඬූ කඳුලින් කමීසය පමණක් නොව හදවත ද තෙත් විය.නමුත් උඹේ හිස අතගාන්නට තරම්වත් මගේ හදවත සංවේදී නොවූයේ ඇයිදැයි නොදනිමි.ඒත්,
"උඹට බුදුසරණයි! මගෙ නංගියේ."
මම සිතින් නුඹට පතමි.



මා තෑගි දුන් ආභරණ පැළඳ,හැඬූ කඳුලින් නිවසෙන් නික්මෙන විට පසෙකින් ඇසුණු,
"අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා 

යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා 
මෙතෙක් සිනාවෙන් සිටි මා කොහිදෝ තනිවීලා 
නෙතේ කඳුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා......"
ගීතය තවමත් මගේ කන්වල රැව් දේ......

එවේලේ හිතට නැඟුණු හැඟීම සතුටක්ද,දුකක්ද යන්න තවමත් හදවතට නොදැනේ....




ප.ලි._පුලුවං හැටියට ඊයේ රෑ හිතට ආපු අදහස් ටිකක් වචන වලට පෙරලන්න ගනිපු පුංචි උත්සාහයක් මේක.ඔයාලගේ හදවත් වලට කොච්චර ලං වෙන්න පුලුවන් උනාද කියල නම් සැකයි.කොහොම උනත් අදහසක් උදහසක් දාල යන්න කෝ....

Sunday, March 6, 2011

පවර්ඩ් විත් එම්5{Powered with M5} ...

ඊයේ මම කිව්වනේ මම පවර්ඩ් විත් එම් 5 කියල ලිපියක් ලියනව කියල.ආන්න ඒ පොරොන්දුව තමා මේ ඉටු කොරන්නෙ.මුලින්ම ඔය පහළ බලල ඉන්නකෝ එම් 5 කියන්නේ මොකක්ද කියලා.....






ආන්න ඒක තමයි ඒක.මම ඕක දැක්කේ මැච් එක බලද්දී නරඹන්නෙක්ගේ අතේ තියෙනව දැකල.ලස්සන අදහසක් එක්ක තිබුණ නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව...

Saturday, March 5, 2011

මඤ්ඤං ඇස්.ඇම්.ඇස්

මේ නම් ඔයාලට දෙන්නේ මීට පොඩ්ඩකට කලින් මට ආපු ඇස්.ඇම්.ඇස් දෙකක්.කියවලම බලන්නකෝ.ආදරවන්තයින්ට එහෙමත් පළවෙනි එක වැදකත් වෙන්න පුලුවන්.


1. (Forward Only to dear friends)
At this second,
Lets take a promise that we will be frnds and maintain our contacts
atleast through sms even after getting jobs, and after getting married,
till the last second of your life....
If you want to take this promise,
send it  2 ur dear frnds whom u want 2 b with u throughout ur life....
if you r treating me as ur dr frnd,send also 2 me.
just find how many msgs will reach u and how many frnds want u...
* I Promise U*


ඔන්න ඕකයි පළවෙනි මැසේජ් එක.දෙවෙනි එක නම් විභාග ලියල ප්‍රතිඵල එනකම් බලන් ඉන්න අයට හොඳයි.හැබැයි මේක ජෝක් එකක් විතරයි.සීරියස් නම් බෑ.


2.If u fail in xam
mother will tel 3 wrds
"aayeth xam karanna"


dad wil tel 3 wrds
"buuruwa fail neda?"


Gf wil tel 3 wrds
"maawa amathaka karanna"


Bt ur best frnd wil tel 5 wrds
"MACHAN AWLAK NA MAMATH FAIL"

මගේ ආර් සී පිස්සුව ආයෙත්.....

අපේ බොලොග් ලියන කට්ටිය මේ දවස් වල අර මොහොමඩ්ගේ සීන් කෝන් එකට ටිකක් අප්පට් ගහල නේ.සමහරු තමන්ගේ බොලොග් වලත් ඒ පිළිබඳව අදහස් එහෙමත් පල කරලා තිබුනා නෙව.අනේ ඕං මමනම් ඕකට මුකුත් කියන්නේ නෑ.(මට හොඳ අදහස් ටිකක් හිතට එනව.තද කරගෙනම ඉන්න එක ඇඟට ගුණයි.නැත්නම් මේක සින්ඩි වලිනුත් එලියට ගිහින් අන්තිමට 18+ වෙනව.හික්z.)
තව කස්ටියක් මේ මේ රිමෝට් කොන්ට්‍රෝල් හෙලිකොප්පර් ගැන අවධානය යොමු කරලනේ.මම දැක්ක ලිපි දෙක තුනක්ම.කොහොමින් හරි ඔය ලිපි දැකල මටත් ඕවට ආසාවක් ඇති වුනා ආයුබොවන්ඩ.

යූටියුබ් එක පීර පීර ආර් සී සෙල්ලම් බඩු ගැන හෙව්වා.හැබැයි මටනම් වැඩිපුරම ආස හිතුනේ ඕෆ් රෝඩ් ජීප් වලට තමා.
ආසාව කෙසේ වීද කිව්වොත් කබඩ් එකේ දාල තිබිච්ච මගේ පරණ ආර් සී ජිප් එකත් එළියට ගත්ත.
පොඩි නැති වුනාට මට තාම ආසයි ඕක පද්දන්න.හැබැයි විකිනෙනව.බැටරි කෑලි 4ක් ඕන එක පාරකට.
ඕං මම පොටෝ ටිකක් දාන්නම්කෝ.










ඔය තියෙන්නේ එළටම...
ඕව ගැන ඉන්ටරස් අය එහෙම ඉන්නවනම් කියන්නකෝ මට පොඩ්ඩක් ඕකේ බැටරි සෙට් එක වෙනුවට රීචාර්ජබල් ක්‍රමයක් අටවගන්න.

අදට ඇතිත් වගේ.ආහ්..පොඩ්ඩක් ඉන්නකෝ....මම ඊළඟ ලිපිය ලියන්නේ "වී පවර්ඩ් විත් එම්5 [POWERED WITH M5" කියන නමින්.පුලුවන්නම් ඔය ලියන්න යන්නේ මොකක් ගැනද කියලා හිතල බලල කොමෙන්ටුවක් එහෙම දාන්නකෝ.

Wednesday, March 2, 2011

කඩ්ඩ සහ සිංහල

දැන් ලියන්නේ අපේ අය කඩ්ඩ වනද්දි නා ගන්න තැන් කීපයක් ගැන.අද මේ වගේ අවස්තා 3 ක් ලියනවා.3 වෙනි එක තොපි කියවල,පොඩියට හිටියට "කැත හිත" කියලවත් කියනව නෙවෙයි.එහෙම කියවන උන් ඉන්නවනම් දැන්මම කියවිල්ල නවත්තලා වෙන වෙලාවක මේක බලපිය. [ : දිව දොට්ට]

1.Baton  පොල්ලෙන් ගුටි කෑම_අහන අහන හැම එකාම කියන්නේ අන්න අදත් විස්ස විද්‍යාල සිස්සයොන්ට බැට්න් පොලු වලින් ගැහුවා කියලා.පොඩ්ඩක් හිතහල්ලකො.බැට්න් කියන්නේ පොල්ල(පොලිස් මාමලාගේ අතේ තියෙන එක.) තමා.ඉතින් එතකොට මේ කියලා තියෙන්නේ පොල්ලෙන් පොල්ලෙන් ගුටි කෑවා කියල නේද?(කැත හිත් තියෙන උන් එතනින් එහාට ඕන කුණුහරුපයක් හිතාගනිල්ල.මට කියන්න එපා.මම සතා කියන්නත් එපා.)



2.ඇත්තද?_මේකනම්  කඩ්ඩ නෙවෙයි.හැබැයි මේක මතක තියා ගනිල්ලකෝ.තව එකෙක් එක්ක කතා කරද්දි "ඇත්තද?"කියලනම් වැඩිපුර අහන්න එපා.මොකද උඹ(ස්ත්‍රී පාර්සවේටත් එක්ක කිව්වේ.ඔය වචනේ ස්ත්‍රී ලිංග පදේ දන්නේ නෑ.) ඒ කියන්නේ ඒකා ඒතරමටම කෙබ්බ ඇද බානවා කියලා දන්න බව නොකියා කියන එක නේ.....


3.කස්ටිය ඉතින් කඩ්ඩ වනන්න රුසියො නෙ.ඉතින් ඔය ගමන් සද්ද කෝස එහෙමත් පාවිච්චි කොරනවානේ.ඔය වගේ වෙලාවක ඔබ තුමා යනව කඩේට.අනාගතේ පොඩි එකාට පාවිච්චි කරන්නත් බැරිය.
ගිහින් කඩේ කෙල්ලගෙන් හෝ අක්කාගෙන් හෝ ඉන්න එකෙක්ගෙන් ඉල්ලනවා "මට ඩික් එකක් දෙන්න".ආං පුතෝ තෝ එතනදිම වැඩේ ඇනගත්තා.
තෝ පිරිමියෙක්නම් අනිව කෙන්ඩි හිනාවක් හම්බෙයි.(ඉංග්‍රිසි දන්න එකෙක් හිටියොත්.)කෙල්ලෙක් උනොත් නම් මොකක් වෙයිද මම දන්නේ නැතෝ.ඊට පස්සේ මොකක් වෙයිද කියලත් මමනම් දන්නේ නැතෝ.  

ආං ඒ නිසා හම්බෙන හම්බෙන හැම වචනයම කොට කරන්නනම් යන්න එපා.රෙද්ද නැතුව තමයි එන්න වෙන්නේ....


* ටියුබ් ලයිට් වලට නම් 3 වෙනි එක තේරෙන එකක් නෑ.උන්ගේ කරුමේ උනත් මමනම් ඕක ඔයිට වඩා සරල කරන්නේ නෑ.

Tuesday, March 1, 2011

ෆෝන් භාවිතා කරන්නන්ට.......

ඔයාලා ෆෝන් පාවිච්චි කරනවනම් මම මේ පෙන්නන පුංචි පහේ සිදුවීම වටීවි.මේක අපේ අක්ක කෙනෙක්ට වෙච්ච සිදුවීමක්...
අක්කගේ ෆෝන් එක නොකියා එකක්.කොහොම උනත් මේ ළඟදි දවසක එයාගේ යාලුවෙක්,එයා එක්ක ටික දවසකට බැට්‍රිය මාරු කරගෙන.අක්කත් ඉතින් හිතන්නේ මතන්නේ නැතුව දීල.ඊට පස්සෙන්දා බලද්දි බැට්‍රිය අල්ලන කාලේ අඩු වෙලා.බලද්දී බැට්‍රිය පිපිලා.මට ඕක දවසක් පෙන්නුවා.(අපේ පවුල් වල කොම් එකක් කැඩුනත්,ෆෝන් වැඩකට උනත් මම තමා.)මම කිව්වා ඉතින් බැට්‍රියක් දාන්න වෙයි කියලා.කොහොම උනත් චාජ් කරන්න දාපු නිසා තවත් පිම්බිලා.
බැරිම තැන අද මට කෝල් කරලා ගාල්ලට ගෙන්නගෙන පෝං සොප් එකට ගිහින් චෙක් කොරා.
පෝං එකේ අවුලක් නෑ.බැට්‍රියක් දාන්න වෙනවා.(පුපුච්ච පිපිල්ලට පෝං එකේ පිටිපස්සේ වැහැන කෑල්ලත් ප්‍රසාරණය වී ගෙන තමයි පිපිලා තියෙන්නේ.යන්තම් හවුසින් එක නම් බේර ගත්තා.අන්තිමට උනේ නොකියා ඔරිජිනල් බැටරිය යාලුවෙක් නිසා පූජ කරලා රු.400 ට නෝමල් බැටරියකුත් අරන් ගෙදර ආව එක.

උපදේශය...
1.යාලුවන්ට බැටරිය දෙද්දී ප්‍රවේසම් වෙන්න.මොකද එයා ගේ ෆෝන් එකේ අවුලක් උනොත් ඒක බැටරියටත් බලපාන්න පුලුවන්.(මේ උනා වගේ.)
2.බටරිය පිපිලා නම් වැඩිය සෙල්ලම් දාන්න යන්න එපා.හොඳම දේ තමයි ඉක්මනටම බැටරිය මාරු කරන එක.(බැටරිය ඔර්ජිනල් එකක් දාන්න පුලුවන්නම් ගොඩාක් හොඳා.ඒ වුනාට අපේ ආර්ථිකේ එච්චර හොඳ නැති නිසා අඩුම ගානේ නෝමල් බැටරියකටවත් මාරු කරන්න.(නැත්නම් බැටරිය පිපිලා අන්තිමට හවුසින් එකටත් හානි වෙන්න පුලුවන්.)

පස්සෙන් එන්න