web 2.0

Saturday, March 26, 2011

අනේ කෙල්ලේ කාපාං

ලියන්දෝ නොලියන්දෝ කියලත් හිතුව.ඕන රෙද්දක් වේං කියල ලියල දානව.
ඔහෙල දන්නවනේ මං අර අවුරුදු 5ක් විතර කෙල්ලෙක්ට කියල කවව ගන්න(ඔව් ඔව් බොලව්.ගෝල්ඩ් පිස්සයියගේ බාසාවෙන් තමා ඔය.පොල් පැළේ කවව ගන්ට.) ට්‍රයි කොලා කියල.කෑවේ නෑනේ ඒ කෙල්ල.
කොහොම හරි දන්න සෙල්ලං ඔක්කොම දාල කොල්ල ඒ නස්පැත්තියෙන් ගැලවුනා කියලත් දන්නව ඇතිනේ.
දවසක් දෙකක් පොල් පැළේ හිටියට මොකෝ නිකං ආයි සාංකාව වගේ.පොල් පැළේ කවව ගන්න කාට හරි පැටික්කියෙක්ට කියල...
ඕං ඔය අතරේ තමා ඕං අර වැඩිම ඒ සාමාර්ථ කෙමා පන්තියේ පුංචි පහේ පැටික්කියෙක්ට හිත උස්සන්න ඇහැක් වෙලා තියෙන්නේ.
කිව්වට මොකෝ තාම මම නමවත්,ඒ පැටික්කි මේ වෙනකොටත් පොල් පැළයක් කනවද කියලවත් දන්නේ නෑ නෙව.
වෙලාවකට හිතෙනවා මුළු ලෝකෙටම ඔන්ලයි වගේ ඉන්නවට වඩා හොඳයි අර හඳ පලුව(අයිඩල් එක.)දාගෙන ඇත්නම් කියල.
ඒත් මොන?අපේ එකෙක්ට ඕක කිව්වහම කිව්ව "තොට කියල වැඩක් නෑ ඕව.අපි වගේ උඩ බලාගෙන පළ." කියල.
කියන දෙයක් අහන එකෙක්ට ඕන ඒක කියන්නත්.සීකේ.මොන රෙද්දක්ද මන්දා වෙලාවකට.
වෙලාවකට හිතෙනවා කොලු හිත කොයි තරම් දෙපිට කාට්ටුද කියලත්.අනේ අම්මප.
කොහොම හරි බලමුකෝ මේ පාරවත් මේ හා පැටික්කි(අපේ බ්ලොග් කියන අක්කණ්ඩි නෙවේ හොඳේ.)ට කියල බිමට නැවිල හරි පොල් පැලේ කවව ගන්ට ...

නැත්නම් ඉතින් මේ ගෝඨයිම්බරයා(එයා මං තරං නිදාගන්නවද මන්දා.)ගේ නින්දටත් කෙළ වෙලා තමා නවතින්නේ.කරුමෙක මහත කියන්නේ අදත් උදේ 5.30 වෙනකොට ඇහැරුනා හා පැටික්කිව හීනෙන් දැකලා.නිකම්මත් නෙවේ උඩ ගිහින් වැටිලම...

9 ප්‍රතිචාර:

Anonymous said...

අනේ හා පැටික්කි......
නොරිදවා හිත කුරුංගේ.....
කෑවනම් ඔය පොල් පැලේ........
බුවත් ගොඩනේ මෙමා වාගේ......

ඉෂාර l Ishara said...

"කොලු හිත කොයි තරම් දෙපිට කාට්ටුද" :D

duliponline said...

කොල්ලට හෝමෝන කුලප්පුව ගහල වගෙයි දෙකොනෙං බේරෙන්න . . .. .

Anonymous said...

ඔය අම්මලා තාත්තලා අමාරුවෙන් පොහොරදාලා හදපු පොල් පැලේ නේද බොල... කොහෙවත් යන වැස්සියෙක්ට පුදන්න හදන්නේ...

අම්මලාටම කියපං බං හොඳ නාඹර වැස්සියෙක්ව ගෙනත් පොල් පැලේ බඳින්න කියලා....

Dilanka Madhawa said...

ඇට් බීටා...
කවව ගන්නට ආ නේ
විඳින දුක පේන වා නේ
අදහසට තුති රාලේ
එවන්නම් මංගල ආරාධනා වේ...

Dilanka Madhawa said...

ඇට් ඉශාර,
ආයි ඉතින් විග්‍රහ කුමටද?

Dilanka Madhawa said...

ඇට් ඕනයා,
ඔව් ඔව්.හෝමෝන වැඩ කරනව නියමෙටම...

Dilanka Madhawa said...

ඇට් ප්‍රසන්න56කේ,
අපෝ බෑ බෑ.මමම මටම ගැලපෙන වැස්සියෙක් හොයාගන්න එක ඇඟට ගුණයි.අනික අම්මලට තාත්තලට වද දෙන්නේ මොකටද?
:දිව දොට්ට

ගජං මල්ලි said...

උඹේ උණ ගැන කවර කතාද?....දන්නෝ දනිති කිව්වලු...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න