web 2.0

Thursday, July 28, 2011

මොනවද මේ Fevicon කියන්නෙ?

බොහොම කෙටි ලිපියක් උනත් බොහොමයක් අය නොදන්න යමක් ගැන කියාදෙන්න හිතුන අදත්.මේ කියන්න යන්නෙ ෆෙවිකොන් [Fevecon] ගැන.
ඇත්තටම මොනවද මේ ෆෙවිකොන්?මේවයින් මොකක්ද වෙන්නෙ?ඉන්නකො එකින් එක කියල දෙන්න.
ෆෙවිකොන් කියන නමින් හඳුන්වන්නේ වෙබ් සයිට් එකේ නමත් එක්ක ටැබ් එකේ සහ ඇඩ්‍රස් බාර් එකේ වැටෙන පින්තූරෙ.හරියට මේ වගේ.

 ඔන්න ඔය රතුපාටින් ලකුණු කරල තියෙන්නෙ ෆෙවිකොන්ස්.

දැන් තේරෙනව නේද දන්න දෙයක් ගැන නොදන්න යමක් තමා මේ මනුස්සය මෙච්චර වෙලා කියල තියෙන්නෙ කියල.
දැන් එකපාරටම මේක මූට මතක් උනේ මොකද?අන්න ඒ අද මම කාලෙකට පස්සෙ බ්ලොග් එකේ ඩිසයින් විව් එකට ගියහම දැක්ක මෙන්න මෙහෙම තැනකින් අපේ බ්ලොග් එකේ ෆෙවිකොන් එකත් ලේසියෙන්ම මාරු කරන්න පුලුවන් කියල.

 ඔන්න ඔය තැනින් තමා ඔය මම මගේ බොලොගේ කලා වගේ ෆෙවිකොන් එක වෙනස් කරන්න හැකියාව ලැබිල තියෙන්නෙ.ඉස්සර නම් ඕක වෙනස් කරන්න Edit HTML ගිහිල්ල සෙල්ලම් ගොඩක් දාන්න ඕන වැඩක්.ඔන්න දැන්නම් නතිං.
අප්පට සිරි....මේ මනුස්පය මේ ගින්දර වගේ ෆෙවිකොන් එකක් දාගෙන තියෙන්නෙ.මූ මාර ක්‍රියේටිව් නේ.කොහොමද මේක හදාගන්නෙ? කියන ප්‍රශ්නය හිතට ආවනම් මෙන්න විසඳුම.
අපට නොමිලේ ෆෙවිකොන් ගන්න සයිට්ස් තියෙනව.නැත්නම් මම කලා වගේ ගූගල් දෙයියන්ගෙන්
[අවශ්‍ය තේමාව] Fevicons කියල ඉමේජ් සර්ච් පාරක් දාගෙන එන ඉමේජ් එක මැසිමෙ සේව් කරගෙන අතනට අප්ලෝඩ් කලානම් හරි.
ආ තව එකක්.මේ ෆෙවිකොන් එක දැම්ම ගමන් සුටුස් ගාල වෙනස් වෙන්නෙ නැ.ටිකක් වෙලා යනව.මගේ එකේ ෆෙවිකොන් එක වෙනස් වෙන්නත් පැය 4 ක් 5 ක් ගියා.
මෙන්න නොමිලේ ෆෙවිකොන්ස් දෙන සයිට්ස්.

Tuesday, July 26, 2011

අලුත් බ්ලොග් ලියන්නන්ට ලියමි.

කාලෙකින් ලියන්න ආවෙ.මේ ලිපියනම් ලියන්නෙ බ්ලොග් කෙරුවාවට එන අලුත් අයට.මේ බ්ලොග් කෙරුවාවෙ මම ලබපු අත්දැකීම් ඔයාලට ඔයාලගෙ බ්ලොග් සාර්ථක කරගන්න උදව් කරගන්න ලැබෙයි කියල හිතනව.
ම්ම්ම්...කොහෙන්ද පටන් ගන්නෙ.අහ්...මේ ලිපිය ලියන්න මුල් වෙච්ච හේතුවෙන්ම පටන් ගන්නම්.
සමහර බ්ලොග් ලියන සහෝදරයො තමන්ගෙ බ්ලොග් එකට කමෙන්ට්ස් නැති නිසා හෝ හිට්ස් නැති නිසා කියන කාරණේ නිසා බ්ලොග් කෙරුවාවෙන් ඉවත් වෙනව කියල ලිපි දාල තිබ්බ.
එහෙම දාපු එක ලිපියකට මම දාපු කමෙන්ටුවක් තවත් ගොඩක් බ්ලොගර්ස්ල සනාථ කරල තිබ්බ නිසා ඒ කතාවම උපුටා දක්වල ඉන්නම්.[ඒ කමෙන්ට් එක ඒ අදාල ලිපියට ලියපු නිසා සමහර තැන් ගැලපිල්ලක් නැ වගේ පෙනෙයි සමහරවිට.]

කුරුං ගුරුං said...
අපිටත් ඔහොම හිතිච්ච කාලයක් තිබ්බා.ඒත් ඔහොම කලේ නැහැ.තව ලියන්න.ගුණත්මක බව වැටිකර ගන්න...එක එක අංශ වලට අදාල වෙන්න ලිපි දාන්න.ඒ වගේම ඒ අතරෙදි බලන්න මොනවද වැඩියෙන්ම හිට් වෙන්නෙ කියලා.ටික දවසක් යනකොට ඉබේම හරියාවි.වැඩිය පින්තූරම දාන්න එපා.කියවන්න වටින,විනෝදාත්මක දේවල් දාන්න..
හොඳම එක-අනිත් අයගේ බ්ලොග් එක්ක ඔයාගේ එක කම්පෙයාර් කරන්න යන්න එපා.එහෙම උනොත් ඔයාට බ්ලොග් ලිවිල්ල තව එපා වෙනවා...ඔයා ඔයාගේ බ්ලොග් එක හොඳට කරන්න...නිකන්ම විසිට්ස් වැටේවි. 
මමනම් පුද්ගලිකව පින්තූර බලන්න බ්ලොග් වලට යන්නේ නැහැ.ගොඩක් අයත් එහෙම ඇති.හිනාවෙන්න දෙයක්,අලුත් දෙයක් ලියන්න... 
  
දිනේශ් දීපාල් said...  
 
මිත්‍රයා අපි ලියන හැමදේම අනික් කෙනාට වැදගත් හෝ ප්‍රියනොවෙන්නට ඉඩ තියෙනවා. ඔයාටත් වැඩිය ඒ ගැන අත්දැකීම් මට තියෙනවා. මම ලියන හැම ලිපියකටම හොද hits ලැබෙන්නේ නැහැ. සමහර අඩු වෙහෙසකින් ලියන ලද ලිපි වලට ඉහල පාඨක අවධානය ලැබෙද්දී හොදට දවස් ගණනක් මහන්සිවෙලා ලියන ලිපි සමහර වෙලාවට එදා දවසෙන් පස්සේ කවුරුවත් බලන්නේ නැති අවස්ථා එමට තියෙනවා. අපි‍ට හැමදාම ගුණාත්මකබවෙන් ඉහලම ලිපි ලියන්න හැකියාව ලැබෙන්නෙත් නැහැ. ඒක නිසා කුරුං ගුරුං මුලින්ම කියල තියෙන අවවාද උපදෙස් ඉතාම වටිනවා. මමත් ඒකට තව පොඩි කාරණයක් එකතු කරන්නම් එක්කෙනෙකුට හිනා යන දේ තව කෙනෙකුට හිනා නොයන්න පුළුවන්. ඒක නිසා හිනා යන දේවල් ගැනම බ්ලොග් සටහන් පල කරන්නේ නැතුව වෙනස් වෙනස් කාලීන මාතෘකා හා පාඨකයන් වැඩිපුර බලාපො‍රොත්තුවෙන්නේ මොනවගේ දේවල් වලටද කියල අවධානය යොමුකරන්න...
 

ඔය තියෙන්නෙ ඒ පෝස්ට් එකට මගෙන් සහ දිනේශ් කියන සහෝදරයගෙන් වැටිච්ච කමෙන්ටු දෙක.ඔය කමෙන්ටු දෙකේ මම මේ කියන්න යන කාරණා ගොඩක් සඳහන් වෙලා තියෙනව. 

1.තමන්ගේ බ්ලොග් එකට අනුන්ගෙ ලිපි[බ්ලොග් අඩවි වල තියෙන ඒව.] දාන්න එපා.


ඔයා කෙනෙක්ගෙ පෝස්ට් එකක් කොපි කරල දානව කියන්නෙ ඔයාගෙ බ්ලොග් එකට විතරක් නෙවේ ඔයාගෙ නමටත් කැළලක් ඇති කරගන්න වැඩක්.ඒ නිසා ඔයාගෙම නිර්මාන දාන්න.

2.ගුණාත්මක බව වැඩි දෙයක් ලියන්න.
බ්ලොග් එකට පෝස්ට් ලියද්දි ඒක කියවන කෙනාට වැදගත්,බ්ලොග් එකට ආව එක පාඩුවක් නෙවේ කියල හිතෙන පෝස්ට් එකක් දාන්න.ජීවිතේට යමක් ගන්න,විනෝදය ලබන්න,අලුත් දෙයක් දැනගන්න,කල්පනා කරන්න වගේ දේවල් දාන්න.


3.පොටෝ වලින් ඉදිරිපත්කිරීම් අඩු කරන්න.
ඒ හරුපෙන් කිව්වෙ ඔයාගෙ බ්ලොග් පෝස්ට් හැම එකක්ම පෝටෝ ටිකක එකතුවක් නැතුව,යමක් හිතල ලියන්න.[පොටෝ කතා අඩු කරන්න.] 
4.තමන්ගෙ බ්ලොග් එක අනෙක් බ්ලොග් එක්ක සංසන්දනය කරන්න එපා. 
වෙන බ්ලොග් වලට දවසකට මෙච්චර විසිට්ස් වැටෙනව.මට මෙච්චරයි කියල හිතල ලියන එක නවත්තන්න එපා.අද එච්චර හිට්ස් වැටෙන බ්ලොග් උනත් පටන් ගන්න දවස් වල ඔයාලට තරම්වත් හිට්ස් තිබුනෙ නැතුව ඇති.[සාපේක්ශව සිංහල බ්ලොග් කියවන පාඨකයන් ගනන දිනෙන් දිනම වැඩි වෙනව.] 
5.බ්ලොග් එක සින්ඩි වලට දාගන්න. 
මේ වැඩේ බ්ලොග් ලියන්න ආව දවසෙම කරන්න බැරි වෙයි.නමුත් ලිපි 5ක් 6ක් වගේ පල කලාට පස්සෙ ඔයාගෙ බ්ලොග් එක සින්ඩි වලට දාන්න ඉල්ලුම් කරන්න.දැන් වෙනකොට සිංහල බ්ලොග් කියවනය,ලාංකීය බ්ලොග් කියවනය,හත්මාලුව,දෙරණ FM එකෙන් කරන සිංහල බ්ලොග් කියවන Bla Bla Bla....... වගේ ගොඩක් සින්ඩි තියෙනව.ඒවයින් ඔයාල උදව් ගන්න. 
ඔයිට අමතරව බ්ලොග් ලියන්න හොඳ අදහස් ගන්න සහ සමීක්ශණයක් කරන්න අනෙක් බ්ලොග් අඩවි වලටත් යන්න.මෙන්න මේ අඩවි මම ගොඩාක් කියවන,ඉන්ට්‍රස්ට් අඩවි.කැමතිනම් පරණ පෝස්ට් එහෙම බලල,මොනවගේ පෝස්ට් වලටද හොඳට හිට්ස්,කමෙන්ට්ස් තියෙන්නෙ කියල අඳුන ගන්න.හැබැයි කොපි කරන්න යන්න එපා.

මාරයාගේ හෝරාව

රත්ගමයා 
අපරාජිතයා:::Aparajithaya
ගෝල්ඩ් Fish ගේ Blog ටැංකිය 
කොට ජීවිතේ

ඔය උඩි දැම්මේ මම ආස කරන එව්වයින් ටිකයි හොඳේ.අනිත් අයගෙ එව්වත් වෙලාවක මම ගානට දාන්නම්කෝ.[හා හා නාඬා හිටපන්.මම ලඟදිම ඇඩ් දාල ලිපියක් දානව.නොමිනේශන් කමෙන්ට් වලින් මේ පෝස්ට් එකේ ම දාන්නකෝ.]

හැබැයි ඔය මොක කලත් පුතෝ මෙන්න මෙහෙම එකක් තියෙනව.ඔයා ඔයාගෙ බ්ලොග් එක තමන්ගේ ට්‍රැක් එකේ හොඳ තත්වෙන් කරනව නම් නිකන්ම තමන්ගේ ට්‍රැක් එකට ආස කරන කියවන්නො ටිකක් එකතු වෙනව.
එහෙනම් හොඳ නරක කියලම යන්නකෝ.

Sunday, July 17, 2011

දිරිය සිතැතෝ....

සෑහෙන කාලෙකට පස්සෙ වෙලාව තිබ්බ වෙලාවක කඩෙට ආවෙ.මොකුත් ලියාගන්නත් බැරිඋනා පහුගිය කාලෙ .හදිස්සියෙම දැකපු මේල් එකක් ඔයාලට පෙන්නුවොත් හොයි කියල හිතුනා.ටයිප් කරන්න කම්මැලි. ඉමෙජ්ස් උ කොටල කියවලා බලන්න.සෑහෙන්න වටින කතාවක්.










Wednesday, July 13, 2011

ලෝකෙ වටිනම අතුරුපස ගැන දැනගන්න එන්න



ඔන්න අද මං කියන්න යන්නෙ කටට කෙල උනන දෙයක් ගැන.හැබැයි බඩජාරියෝ ඉන්නවා නම් එහෙම දැන්මම ගියොත් හොඳයි.මොකද කාට හරි මේක කන්න දොල දුකක් එහෙම පහල වුණොත් මට බෑ ඔව්වට වග කියන්න.

කව්ද කැමති $25000 කෑමක් වෙනුවෙන් වියදම් කරන්න.එහෙම ඇත්තෙක් ඉන්නවා නම් මේක බැලුවට කමක් නෑ.මේ ලෝකෙ වටිනාම කෑම වලින් එකක්.නම තමයි Frrozen Haute Chocolate.:)



හරි ඉතින් දැන් මෙච්චරටම ගණන් අතුරුපසේ මොනවද තියෙන්නේ?ඉන්න ඉන්න ඉතින් කියනකන්.ලෝකය පුරා තියෙන රටවල් 14කින් ලබා ගත්තු විවිධ කොකෝවා ජාති 28ක්,කිරි සහ කැරට් 24 රත්තරං ග්‍රෑම් 5ක්..ඒ රත්තරං ආහාරයට ගන්න හැකි විදිහට තමා සකස් කරලා තියෙන්නෙ.
         හෑ කන්න පුලුවන් රත්තරනුත් තියෙනවද?ඔව් ඔව් තියෙනවා..හරි ඉතින් ඒත් ඔය ටික වටිනවඩ $25000ක්?නෑ නේද?එහෙනම් ඇයි මේ තරම් ගණන්?තව තියෙනවා...

මේක ආහාරයට ගන්න තියෙන හැන්ද ත් සකස් කරලා තියෙන්නෙ රත්තරනින්.ඒ වගේම දියමන්ති වලින් සරසලා තියෙනවා.කාල ඉවර වෙලා ඔයාලට මේක ගෙදර ගෙනියන්න පුලුවන්.මේක පිලිගන්වලා තියෙන බඳුනත් ආහාරයට ගන්න පුලුවන් රත්තරං වලින් සරසපු එකක්.ඒ වගෙම Frrozen Haute Chocolate අන්තර්ගත වෙලා තියෙන තවත් දෙයක් තමා La Madeline au Truffle මට මේකට සිංහලෙන් කියන නම නම් හොයාගන්න බැරි වුණා.නමුත් මං හොයාගත්ත විදිහට නම් La Madeline au Truffle කියන්නෙ හතු වගේ කෑමට ගත හැකි ෆන්ගී විශේෂයක්.ඒකත් ලෝකෙ වටිනාම ආහාර අතරට එක් වුන එකක්.කවුරුහරි හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න.2007 දි තමා මේක ලෝකෙ වටිනාම අතුරුපස විදිහට නම් කරලා ගිනස් පොතට එක් වෙලා තියෙන්නෙ.හැබැයි කාපු කෙනෙක් නම් නෑ.:P

මගෙ කතාව ඉවරයි,දැන් ඉතින් කටට ආපු කෙල ටික ගිලින්න.මේක කන්න වාසනාවක් නැති එකෙ පහේ චිට් චැට් එකක් වත් අරන් කන්න හිත හැදෙන්න :D මේ වගේම තව කේක් එකක් ගැන මගෙ බ්ලොගියෙ දාන්න හිතං ඉන්නෙ.

කෝපි කඩේට ගොඩ කාලෙකින් ලිව්වෙ නැති නිසා ලිව්වා,නැත්තම් මගෙ යාලුවා කුරුං ගුරුං තරහ වුණොත් හෙම?දැන් ඇවිත් මාව මරන්න හැදුවොත් එහෙම ඔයාලවත් උදව්වට එන්න හොඳේ.

Thursday, July 7, 2011

Free Web Hosting යනු?




කාලෙකින් ලියන්නත් බැරි උන එකේ අද මම ලියන්න හිතුවේ Free Web Hosting කියන්නෙ මොකක්ද කියන එක.මමත් මේක ගැන පරතරේකටම දන්නෙ නැ.දන්න ඒවත් සමහර විට වරදින්න පුලුවන්.නමුත් කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට මේක කියවල දළ අවබෝධයක් හරි ගන්න ලැබෙනවනම් ඒක වටීවි.මම වැරදි දෙයක් සටහන් කරල තියෙනව නම් දන්න කෙනෙක් කමෙන්ට් එකකින් මාවත් දැනුවත් කරන්න.
Free Web Hosting වලට කලින් අපි කතා කරමු Web Hosting කියන්නෙ මොකක්ද කියල.අපට මේ සේවාව මූලිකවම අවශ්‍ය වෙන්නෙ වෙබ් අඩවියක් කරනකොට.හිතන්නකො අපි අලුතෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරනව අපේ පරිගණකයේ තියාගෙන.අපි පරිගණකයේම වෙබ් ගවේශකයෙන් (Web Browser) එකෙන් ඒ අඩවිය නරඹනව.හිතුනද Web Browser එකෙට ඒ සයිට් එක ලෝඩ් වෙන්නෙ කොහෙන්ද කියල?එතනදි Web Browser එකෙන් අදින්නෙ ඔයාගෙ පරිගණකයේම තියෙන සයිට් එක.
නමුත් අන්තර්ජාලයට එහෙම කරන්න බැ.මොකද ඔයාගෙ පරිගණකය පැය 24 ම අවුරුද්ද පුරාම එක දිගට වැඩ කරවන්න බැරි නිසා.(කාර්මික දෝෂ,විදුලි ඇනහිටීම්,අන්තර්ජාල සම්ම්බන්ධතාවයේ අවහිරතා වගේ ගැටලු නිසා.)
අන්න එතනදි තමයි අපට Web Hosting ඕන වෙන්නෙ.මේ සේවාව ආයතන රාශියකින් ලබාදෙනවා.එයාල ඒ සඳහා විශාල මූලික වියදමක් කරලා විශේෂිත Server පරිගණක,අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා,විදුලි ඇණ්හිටීම් වලට ලැස්ති වෙලා තමයි කටයුතු කරන්නේ.
ඉතින් ඒ Server පරිගණක වල හාඩ් ඩිස්ක් එකෙන් යම් කිසි ඉඩක් ඔයා හදන සයිට් එකට වෙන්කර ගැනීම තමයි Web Hosting වලදි සිද්ධ වෙන්නෙ.ඔයා ගන්න ඉඩ ප්‍රමාණය සහ එයාල දෙන සේවාව මත ගාස්තුව තීරණව වෙනවා.ඒ වගේම ඔයාල ඒ මිලදී ගන්න ඉඩ ප්‍රමාණයට Upload කරන ඩේට ඒ කම්පැණිය සතු Servers ගානකටම යනව.ඒ කියන්නෙ එක Server එකක් අක්‍රීය උනත් වෙන එකකින් ඇදල හරි වෙබ් අඩවිය නරඹන්නන්ට ලෝඩ් වෙනවා.
Free Web Hosting කියන්නේ මම ඔය ඉහතින් කියපු සේවාව නොමිලේ දෙන එක.එතනදි නම් මුදල් දීල ගන්න එකක තරම්ම පහසුකම් හම්බෙන්නෙ නැ.සයිට් එක ටෙස්ටිං වගේ දාන්න නම් අවුලක් නැ.නොමිලේ දෙන සමහර සේවා නියමිත කාලයක් විතරයි වලංගු.(මාසයක් වගේ කාලයක් බොහෝවිට.ඊට පස්සෙ ඔයාලගෙ Site එක එයාල Server එකෙන් ඉවත් කරනව ඔයා එයාලගෙන් මුදල් ගෙවල සේවාව ගත්තෙ නැත්නම්.)
මමනම් Free Web Hosting දෙන සයිට් ගැනනම් වැඩිය දන්නෙ නැ.නමුත් http://zymic.com/ කියන එකෙන් ලබාදෙන සේවාව මගේ ගුරුතුමෙක් භාවිතා කරනව.එයා කිව්ව විදියටනම් ඒක හොඳයි.මාසෙකින් Site එක ඉවත් කරන්නෙත් නැ.
අඩුපාඩු තියෙනම් කියන්න.මේක ලියන්න හේතු උනේ Online හෙල්ප් ගෲප් එකේ කෙනෙක් අහපු ප්‍රශ්නයක්.

පස්සෙන් එන්න