web 2.0

Thursday, March 17, 2011

අවුරුදු 11 ක් නටපු පිස්සු වල ප්‍රථිඵල ආවා.......




කියන්නත් වගේ ඊයේ සා.පේ ප්‍රථිඵල ආවනේ.ඕක එන්න කලින් කොහොම හරි බොලොගේ පිලි 200 ක් ලියන්න හිතන් හිටියේ.මොන?අපේ බන්දුල මාම දන්නවනේ..ඔව් ඔව්.එයා තමයි.කෝ ඉතින් කැඩේ වෑවනේ.හිටු කියල ප්‍රථිඵල දුන්නනේ....
මේ කොලුවටත් ඉතින් ප්‍රථිඵල වල අවුලක් නෑ.ආගම බේරගත්තා ගොඩින්ම.ජාතියත් එහෙමයි.අහ් එතකොට වනන්න දන්නේ නැති එක.කඩ්ඩ කඩ්ඩ්.ඒකත් අමුණල කරල ගොඩේ ගොඩ...පෙන්නන්නම බැරි එක ගණන් ඒකත් අවුලක් නෑ.ඔක්කොම අන්තර්ගත ගුරුහේ,ඉතිහාසේ තමා පොඩ්ඩක් බයෙන් හිටියේ.ඉතිහාසෙට තිබිච්ච ආසාවටම බී එකක් හරි,සී එකක් හරි එයිම කියලා...
මොන මම එච්චර වාසනාවන්ත නෑ නෙව...කඩ්ඩේ මුල්ම අකුරක් ඒකටත්...
හැමෝම චාආආආආටර් කියපු විද්‍යාවත් ගොඩ.ව්‍යාපාර අධ්‍යයනයත් ගොඩ,අයි.ටී ත් ගොඩේ ගොඩ.(පැය 24 ම පේස් බුකිය අස්සේ රිංගගෙන ඉන්න හින්ද්ද මන්දා...)
චාරට් උනේ ඉංග්‍රිසි සාහිත්‍ය විතරයි.ඒකට මුහුද...
ඒ කිව්වේ සී එකක්..අනිත් අටම ඒ.(මම හොඳයි නේද?)මමනම් ඔච්චර එකක් හිතන් හිටියේ නෑ(
ඉංග්‍රිසි සාහිත්‍ය වලට).එස් තමා බලන් හිටියේ...

දැන් මේ ලිපිය මාගල වගේ උනත් මාව ගොඩ දාන්න උදව් කොරපු අයව මතක් කොරන එක මගේ යුතුකමනේ...මෙන්න ඒ අය.(හැමෝම නෙවේ.මේ වෙලාවේ මතක් වෙන අය.අමතක වුනානම් සමාවෙන්න.)

මුලින්ම මගේ අම්මටයි,තාත්තටයි.එයාලට පින් සිද්ධ වෙන්න මාව ඇහැක් වගේ පරිස්සම් කරලා මෙච්චර කලක් මගේ ඕනෑ එපාකම්(මංගල්ලයක් හැර.ඕනම නෑ ඒකනම්.) හොයල බැලුවට.
ඊට පස්සේ මගෙ පෙර පාසලේ හිටපු ගුරුවරුන්ට.(නම් මතක නෑ නෙව.)
එක වසරේ ඒ පන්තියේ සහ දෙක ඒ පන්තියේ උගන්නපු දම්මිකා මිස්ට.(තාමත් මං ගැන හොයලා බලනවාටත් එක්කම.)
තුන,හතර ඒ පන්ති වල උගන්නපු මගේ මම්මට.දීපිකා මිස් ට.(තාමත් මං ගැන හොයලා බලලා උදව් කරනවාටත් එක්කම.)
පහ වසරේ පන්ති භාර හිටපු,ශිෂ්‍යත්ව විභාගෙට පස්සෙන්දම ඔයාට ලකුණු 163 ක් ඇති.(ඒ ගානම තිබ්බා.)කියපු,විභාගෙට යන්න පරක්කු වුනා කියල මගේ ඇඟට කඩාගෙන පැනපු සිරිමා මිස් ට.
හය වසරේ පන්ති භාර හිටපු වාසනා මිස් ට.ඒ වගේම මම ඒ ඉස්කෝලේ ඉන්නකම්ම 6 වසරේ උගන්නපු සියලුම ගුරු තුමන්ලට,ගුරුතුමියන්ට...
අලුත් ඉස්කෝලේ 6 ජී පන්තියේ පන්ති භාර හිටපු,මගේ උපන්දිනේ දවසෙම පිට මැද්දට එකක් කෙලල ඇරපු සෙනවිරත්න සර් ට.ඒ වගේම 6 වසරෙදී උගන්නපු සියලු ගුරුවරුන්ට.
6ශ්‍රේණිය භාරව හිටපු,මම තාමත් වැඩිපුරම ආදරේ කරන වර්ණා මිස් ට.
හත වසරේ ඩී පන්ති භාර වගේම,විද්‍යාව උගන්නපු චන්ද්‍රිකා මිස් ට.උගන්නපු සියලු ගුරුවරුන්ට.
අට  වසරේ සී පන්ති භාර හිටපු නාලිනී මිස් ට.උගන්නපු සියලුම ගුරුවරුන්ට.
නවය වසරේ ජී එකේ පන්ති භාර හිටපු වගේම 10,11 වසර වල කොමස් උගන්නපු පියසීලි මිස් ට.
නවය වසරේ අංශ භාර ප්‍රියන්ත සර් ට.
උගන්නපු සියලුම ගුරුවරුන්ට.
10,11 වසර වල අපේ පන්ති භාර ඉඳපු,අපි වෙනුවෙන් හැමදාම බැනුම් අහපු,අපිට දඬුවම් කරන්න ගිහිපු වෙලාවට බේර ගනිපු,අපි නිසා අඬපු,අපේ මංගලිකා මිස් ට.
10 වසරේ සිංහල උගන්නපු,09,10 සහ 11 වසර වල අංශ භාර හිටපු නාගහවත්ත සර් ට.
10,11 විද්‍යාව උගන්නපු,පිළිවෙලකට වැඩක් කරන්න උගන්නපු,හිතට වදින්න හොඳටම උගන්නපු(අපට ඉගෙන ගන්න බැරි උනත්.),මම වැඩිපුරම ගරු කරන,ආදරේ කරන සර්,නාලක සර් ට.
ඇතුලු සියලුම පාසලේ ගුරුවරුන්ට...
ඒ වගේම ටියුශන් ගුරුවරුන්ගෙන්,
මගේ කඩ්ඩ මුවහත් කරන්න උදව් කරපු,ඊයේ උදේ පන්තියේදී(රිසල්ට්ස් එන්න කලින්ම) "ඔයාට A 8 යි C 1 යි" කියපූ අපේ කමල් සර් ට.
ගනන් ගොඩ දාන්න උදව් වෙච්ච,අපි හැමෝම ආදරේට "පියා" කියන පියසිරි නානායක්කාර සර්.
ඇතුලු සියලුම ගුරුවරුන්ට...
නොදන්න දෙයක් කියාදීපු,පන්ති නොගිය දවසට නෝට් පොත දීපු,නෝට්ස් බලාගන්න පොත ඉල්ලගෙන මාස ගානක් තියාගෙන ඉඳල ආයි දෙනකොට මුකුත් නොකියපු,කරට අත දාගෙන "මචන් ඕක ඔහොම නෙවෙයි,මෙහෙම"කියපු අපේ ගැන්සියේ දසුන්,සොහාන්,හසිත,තුසර සහ මාදව ඇතුලු සියලුම යාලුවන්ට...
අපි පාඩම් කරන්න ගෙවල් වල රෑට රෑට නවතුන දවස් වල බඩ කට පිටෙන්න කන්න දීපු,ඒ යාලුවන්ගේ දෙමාපියන් ඇතුලු එකී මෙකී නොකී හැමෝටම...

14 ප්‍රතිචාර:

Credit Guy said...

Good work bro keep it up on A/L also.

Anonymous said...

සුබ පැතුම්...... අනිත් ලෙවල් එක ත් මේ වගේ ගොඩ දා ගන්න ...මාගල ක් උනත් අතිතේ මතක තියා ගන්න එපැයි...

Dilanka Madhawa said...

@Credit Guy-Thanx Bro
@නිම්ශා(අක්කේ.[ඇන්ටිද මන්ද.:P ])-ස්තුතියි...

Anonymous said...

ශා... නියමයි... මගේ සුභ පැතුම්.. අනිත් එකත් හොඳටම කරන්න. ගොඩක් O/L හොඳට කරන ළමයි A/L කරන්න ගත්තහම උනන්දුව නැති වෙනවා. ඒක නිසා එහෙම වෙන්නේ නැතුව ඊළඟ එකත් ඉහලින්ම පාස් වෙන්න උත්සාහ කරන්න.... :)

Dilanka Madhawa said...

ස්තුතියි කොට Gවිතේ අක්කේ

අපරාජිතයා :::: Aparajithaya said...

එල කිරි කොල්ලෙක්නේ බොල.එල එල ඔහොමම පලයන් දිගටම.සුබ පැතුම් හොදේ.....!!!

Dragon said...

niyamai niyamai

සිහින ඉසව්ව said...

එළ නේ. තව මොන කතාද. අනිකත් ඕවගේම ගොඩ දාගනින් මචෝ. ජය වේ!!!!

duliponline said...

උඹට සුභ අනාගතයකට සුභ පැතුම් මලේ . . . .
උසස් පෙලටත් ඔය කොලා වගේම කාලකන්නි වෙන්න බලපං. උඹට උගන්නපු ගුරුවරුන්ගෙ නං ටික මතක තියනව කියන්නෙ උඹට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ කියන එක. මොකද ඒගොල්ල අපේ හිතේ හැමදාම ඉන්නව කියන්නෙ එයාලගෙ ආශිර්වාදය හැමදාම අපිට තියනව කියන එක.

උඹට නමේ අගට අකුරු ගොඩාක් එකතු කරගන්න ලැබේවි . . .

උඹට ජය
ප.ලි.: දවසේ මුලින්ම කියවපු බ්ලොග් එකතමයි මේක

Anonymous said...

සුභ පැතුම් මල්ලි. A/L ඔහොමම ගොඩ දාගමු. A/L මොනවද කරන්න හිතන් ඉන්නෙ?

Dilanka Madhawa said...

අපරාජිත අයියේ-ප්‍රතිචාරයට ස්තුතියි.
ඩ්‍රැගන්- :)
ප්‍රබුද්ධ-තැන්කු සහෝ... :)

Dilanka Madhawa said...

ඕනයා අයියේ-සුභ පැහුවට ස්තුතියි.බලමු බලමු.ඔය වගෙම කාලකනිනි වෙන්න. :) අකුරු නම් අනේ මන්ද...
හෙහේ....
දවසේ මුලින්ම කියෙව්වනම් අද අනිව උඹ(කිව්වට කමක් නෑ නේ?)ට අද බොලොග් කෙරුවාව අපලයි.සුවර්...
තීරය අයියේ-මැත්ස් කරන්න හැදුවේ අයියේ.ඒ ලෙවල් වලට අයි.ටී අලුතෙන් ආපු නිසා ඒක ගැනත් පොඩ්ඩක් හොය හොය ඉන්නේ..ස්තුතියි හොඳේ..

කතන්දර Kathandara said...

My congratulations...!!!

/* මුලින්ම මගේ අම්මටයි,තාත්තටයි.එයාලට පින් සිද්ධ වෙන්න මාව ඇහැක් වගේ පරිස්සම් කරලා මෙච්චර කලක් මගේ ඕනෑ එපාකම්(මංගල්ලයක් හැර.ඕනම නෑ ඒකනම්.) හොයල බැලුවට.
*/

Never forget them.

All the best for your A/Ls.

Dilanka Madhawa said...

කතන්දර අයියේ ප්‍රතිචාරයට ස්තුතියි...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න