web 2.0

Monday, November 30, 2009

මමත් වෙනස් උනා.




පොඩි වෙනසක් කලා.පේනවා ඇතිනේ බැලූ බැල්මටම.ඇඳුම මාරු කළා.එකම ඇඳුම අඳිනකොටත් එපා වෙනවනේ.අනික අදින් අපේ වාර විභාග ඉවර වුනා.මාර සතුටුයි.හැබැයි කේස් එක කියන්නේ පොඩ්ඩක් සනීප නෑ වගේ.ඒක දැන් හුඟක්දුරට හොඳයි.
කොහොම හරි සනීප නැති වෙච්ච නිසා හෙට දාගෙන හිටපු ඔක්කොම වැඩ කැන්සල්.
විභාගෙ දවස් වල බ්ලොග් එකට දාන්න ගොඩක් දේවල් තිබුනත් දාන්න වුනේ නෑ නෙව.ඒ කතා ටික ඔපාර දාන්න පුළුවන්.

අලුත් නිවුස් එකක්._මගේ යාලුවෙකුත් සිංහල බ්ලොගින් වලට සෙට් වුනා.මිනිහවත් අපේ යූනියන් එකට සෙට් කරවගන්න ඕන.මිනිහගේ බ්ලොග් ඇඩ්‍රස් එක sohansanju.blogspot.com
ඒකට ගිහිල්ලා මිනිහට පුළුවන් උදව්වක් දෙන්න.


ඉල්ලීමක්._පොඩි ඉල්ලීමක් කරන්නත් හිතාගෙන හිටියේ.මේකයි ඉල්ලීම.මට භාවිතා කරන්න නික්නේම් එකක් යෝජනා කරන්න පුළුවන්ද?මම මෙච්චර කල් භාවිතා කළේ "එක්ස්ප්‍රස්" (Express)කියලා.දැන් හිතෙනවා වෙන නමකට බැස්සනම් හොඳයි කියල.ඒ නිසා ඔයාලගේ යෝජනා පහතින් කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න.ඒ ගමන්ම ඒ නම යෝජනා කරන්න හේතුවත් තිබුනනම් හොඳා.

ආහ් තව එකක්_මම මෙච්චර කල් කමෙට් එකක් දාද්දි මගේ මේල් එකට ලැබුනට පස්සේ ඒකේ අවුලක් නැත්නම් පල කරන එක තමයි කලේ.කොහොම හරි මට එහෙම කරන එකෙන් කිසි වැඩක් වුනේ නෑ.ඒ නිසා තීරණය කළා මගේ අවසර රහිතව කමෙන්ට් එක පල කරන මොහෙතෙම පල කරන්න.(එහෙමයි කියලා ඉතින් පිස්සු නටන්න එපා හොඳේ. :) )



අර ඉස්සෙල්ලා මම කිව්වෙ හොඳ හොඳ කතා ටිකක් තියෙනවා කියලා.ඒ ටිකත් පුළුවන් ඉක්මනටම ඔයාලට කියවන්න හම්බ වෙයි.
සනීප නැති නිසාදෝ මන්ද නිදිමතයි.එහෙනම් මම නිදාගන්න යනවා.හැමෝටම සුභ රාත්‍රියක්!

Sunday, November 29, 2009

~හොටෙලිකොප්ටර්~ අමුතුම භාණ්ඩයක්

පරිවර්තනය කරන්න වෙලාවක් නෑ.හෙට ලිට්‍රිජර් පේපර් එක.හම්බෙච්චි විදිහටම දාන්න වුනාට තරහ වෙන්න එපා.අදට විතරක් සමාවෙන්න ඉංගිරීසියෙන් දාන්න වුනාට.


Wow, the flying hotel and largest helicopter in the world, Cool! The Hotelicopter is modeled on the Soviet-made Mil V-12, of which there were only two prototypes ever made. The Hotelicopter Company purchased one of these prototypes from the Mikhail Leontyevich Mil helicopter plant in Panki-Tomilino, Russia in 2004 and have been engineering the world's first flying hotel ever since."The Hotelicopter features 18 luxuriously- appointed rooms for adrenaline junkies seeking a truly unique and memorable travel experience. Each soundproofed room is equipped with a queen-sized bed, fine linens, a mini-bar, coffee machine, wireless internet access, and all the luxurious appointments you'd expect from a flying five star hotel. Room service is available one hour after liftoff and prior to landing." The Hotelicopter is due to fly maiden journey this summer(June 26th) with an undisclosed price...


Visit Us @ www.MumbaiHangOut.Org
 Visit Us @ www.MumbaiHangOut.OrgVisit Us @ www.MumbaiHangOut.OrgVisit Us @ www.MumbaiHangOut.OrgVisit Us @ www.MumbaiHangOut.OrgVisit Us @ www.MumbaiHangOut.Org



Tuesday, November 10, 2009

මොකක්ද දාන්නේ?එක්ස්.පී ද?විස්ට ද?සෙවන් ද?

ම්.......මොනවද අද ලියන්නේ....කල්පනා වෙන්නෙවත් නෑනේ මුකුත්....

අද මම කියන්නම් මම ගිය සතියේ කොම්පුටරේට කරගනිපු දේ...

මුලින්ම කියන්න ඕන මේක මේ "හන්තාන-ලිනක්ස්" එකට ගහන මඩක් නෙවෙයි.මේක මගේ ගොන්කමට කර ගනිපු වැඩක්!අනේ,ආයෙත් කියන්නේ මම මේ ලිපිය ලියන්නේ මගේ බ්ලොග් එකට දාන්න මුකුත් හිතට එන්නේ නැති නිසා සහ මගේ ගොන්කම ප්‍රදර්ශනය කරන්න..... :P

මේ මතකනේ කට්ටියට අපේ ඉස්කෝලේ තියපු ලිනක්ස් වැඩමුළුව...ඉතින් මේපාර අපි කතා කළේ "හන්තාන-ලිනක්ස්" ගැන.ආපු හැම කෙනාටම සීඩී එකක් දුන්නා.මම සීඩී ගේන්නේ නැතුව ඉමේජ් එකක් ඉල්ලගෙන ආවා.

වැඩමුළුවට සහභාගී වෙලා ගෙදර එන ගමන්... (ෆුඩ් සිටි එකට ගියේ නෑ.ඉන්නකො කියලා ඉවර වෙනකම්..)

 වැඩමුළුව ඉවර වුනේ 1.30ට විතර.ඊට පස්සේ අස් කරලා ඉස්කෝලෙන් එනකොට 3.00 විතර වෙන්ටෑ.බස් එකේ ගෙදර බලා තවත් යාලුවෙක් සමඟ.(ඔන්න අතුරු ප්‍රශ්නයක්. ඉතින් ආයෙත් පිට පැන්න.කෙල්ලෙක් නෙවෙයි.බය වෙන්න එපා.)ඇවිල්ලා මම බස් එකෙන් බහිනකොට හවස 4.15 ට විතර.නප්පෙට වහිනවා.කුඩේකුත් නෑ.(කෙල්ලෙක් නැති මට කවුරු කුඩ ඉහලන්නද?)වැස්සේ තෙමි තෙමි ගිහින් සීඩී එකක් ගෙනාව.ගෙදර එන්න විදිහක් නැතුව කඩයක් යට ඉඳලා එනකොට හවස 5.45යි....

නැවතත් කතාව....
සීඩී එක ගෙනල්ලා රයිට් කරා.මැසිමට දාලා රන් කළා.ලයිව් සීඩී එක මුලුන්.ඒක හිතට අල්ලලා ගිය නිසා හිතුනා ස්ථිරේටම බැඳගන්න.ඉතින් වින්ඩෝස් වලින් ආයෙත් ලොග් වෙලා පාටිශන් එකක්ම  හිස් කළා.පස්සේ සීඩී එකෙන් "හන්තාන"ඉන්ස්ටෝල් කළා.කරලා රීස්ටාර්ට් කරද්දී බූට් ලෝඩරේ අවුලක් කියපි.
හාරා අවුස්සලා බලන්න වෙලාවක් තිබුනේ නෑ.හදිස්සියට බැකප් කිරිල්ලක් නැතුවම මුළු හාඩ් එකටම "හන්තාන".(පස්සේ මතක් වුනේ ගිගා බයිට් 50ක් විතර මගේ ඕනම ෆයිල්ස් තිබුනා.ඒ විතරක්යැ.මාස දෙකක් තිස්සේ හදපු සයිට් එකකුත් ඉවරායි.ඉස්කෝලෙ ලියුම් වගේකුත් එතන.වෙන එවුන් ගාවත් නෑ ඒ ටික.)


දාලා දැන් "හන්තාන" දුවනවා.පස්සේ මතක් වුනේ නොවැම්බර් 17 වෙනකොට විභාගේ නේද කියලා.මම ප්‍රැක්ටිකල් කරන්නේ නැති නිසා පොඩ්ඩක් විභාගෙට කලින් පොඩ්ඩක් ඔෆිස් එහෙම රවුමක් දාන්න ඕනනේ.
 

එපාර හිතුවා ඩුවල් බූට් සෙට් කරගන්න.ඒ කියන්නේ බිල් මාමත් එක්ක ආයෙත් පොඩි සාම සාකච්ඡාවක්.මොකක්ද දාන්නේ?එක්ස්.පී ද?විස්ට ද?සෙවන් ද?

පොඩි එකාගේ ආසාවට සෙවන්ම දානව කියලා හිතාගෙන "හන්තන""බිට් ටොරන්ට්"එක බාලා සෙවන් බාන්න ගත්තා.ඇස්ටිමේටඩ් ටයිම් එක දවස් 15ක්.රෑ වෙනකොට ස්පීඩ් එක වැඩි වෙන නිසා මම ඕක එච්චර ගනන් ගත්තේ නෑ.
 

රෑ 12.00 විතර වෙලා තිබුන නිසා නිදිමතයි.පැය බාගෙන් බාගෙට ෆෝන් එකේ එලාම් තියාගෙන නිදාගත්තා.මොනිටරෙත් ඕෆ් කරලා ගියේ.ගොන්කමට.


මුල් පැය බාගෙම බඩු හම්බ උනා.12.30 එලාම් එක වැදිලා නැගිටිනකොට තාත්තා ඇවිල්ලා කිව්ව,මැෂින් එක දාලා තිබුන නිසා ඕෆ් කළා කියලා.නිකම් ප්ලග් එකෙන් විතරක් නෙවෙයි.යූ.පී.එස් එකෙනුත්.ශට්ඩවුන් කතා මුකුත් නෑ.


මමත් රත් වෙලා ගියා.ඇවිල්ලා දැම්මා මැසිම."හන්තාන"ටත් ඩමේජ් වගේ.කරන්න දෙයක් නෑ.පාන්දර 2.30 විතර වෙනකම් එක්ස්.පී සීඩී එක හෙව්වා.හොයාගන්න නෑ.මට ෆුල් අප්සට්.

ඕන දෙයක් වෙච්චාවේ කියලා ගිහින් නිදාගත්තා.උදේ නැගිට්ටේ 8.00 ට විතර.නැගිට්ට වෙලේ ඉඳන් හොයලා හොයලා අවුරුදු 3ක් විතර පරණ එක්ස්.පී සීඩී එකක් හොයාගත්තා.



කොහොමද සීඩී එක.අවුරුදු තුනයි.පැල්ලම් ගොඩායි.
 
යාන්තමට ඒකෙන් මැසිම ගොඩදාගත්තා.


පොඩ්ඩකින් අම්මයි,තාත්තයි ගාලු යනවා කියපු නිසා මම කිව්වා සෙවන් ඩී.වී.ඩී එකක් ගේන්න කියලා.ගෙනල්ලා ඒක දා ගත්තා.

සෙවන් වලට ඩ්‍රයිවර්ස් ඕන නෑ වගේ.(අවුලක් නැතුව වැඩ ඔක්කොම.රවුටරේ පවා.)ඒ නිසා එච්චර වාත වුනේ නෑ.යාළුවොන්ට කියලා සොෆ්ට්වෙයාර් ටිකක් ගෙන්න ගත්තා.තව ටිකක් අඩුයි.ඒ ටිකත් හොයාගත්තහම කොල්ලා ආයෙත් READY!!!


මේ සීන් එකෙන් එක පාඩමක් ඉගෙන ගත්තා.ආයේනම් ආසාවටවත් මැශින් එක ෆෝමැට් කරන්නේ නෑ. :P

Saturday, November 7, 2009

කවුරු වුනත් වැඩේ කැතයි.....

වෙනදා වගේ වල් පල් නැතුව කතාවම කියන්නම්.නැත්නම් කස්ටිය එපා කර ගන්නවා.

අද කියන්නේ ෆේස් බුක් ෆේක් එකවුන්ට් එකකින් දීපු ගේමක් ගැන.

කතාව මෙහෙමයි.ඊයේ උදේ 10 ට විතර මම ෆේස් බුක් එකේ ලොග් වුනා.ටික වෙලාවකින් මගේ යාලුවෙකුත් ඔන්ලයින් ඇවිල්ල තිබුන නිසා දෙන්නත් එක්ක චැට් එකක් දාගෙන හිටියේ.ටිකකින් මිනිහගේ අයිතිකාරි(කෙල්ල.)ත් ඔන්ලයින් ආවා.උන් දෙන්නම මගේ ෆ්‍රෙන්ඩ්ස්ල නිසා ඉතින් මමත් දෙන්නත් එක්කම චැටිං.ටිකකින් කෙල්ල මගෙන් පොඩි උදව්වක් ඉල්ලුව.මම ඇහුව මොකක්ද කියල.එපාර කිව්ව එයාගේ කොල්ලට(ඒ කියන්නේ මගේ යාලුවට කිව්ව එයාගෙන් අහන්න කියල.)මමත් මිනිහගෙන් ඇහුවා.
එපාර මිනිහ මගෙන් ඇහුවා
"මචන් (කෙල්ලෙක්ගෙ නමක්.)උඹගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?" කියලා.
මමත අනුමානෙට
"ඔව්"කිව්ව...
මොකද ඇහුවාම කියපි
"මචන් ඒකි මගෙ කෙල්ලට  XXX චැට් එකකට කතා කරල" කියල.
මම කිව්ව "මචෝ ඕකනම් ෆේක් එකවුන්ට් එකක් වෙන්න ඇති.වාත උනොත් රිපෝර්ට් කරපං"කියල.
මිනිහට ඒකත් හිතට මදි.එපාර ශේප් එකේ හෙමීට මිනිහ කෙල්ලගෙ ප්‍රොෆයිල් එකට ලොග් උන.එහේ ඉඳන් මට කියපි
"මචන් මෙහේ හොඳ හොඳ කතා කියනව"කියල.

ඊට පස්සෙ කොහොම හරි කෙල්ලගෙ එකවුන්ට් එකට ලොග් වෙලා අරූ අරකිට(කොල්ලෙක් වෙන්න ඇති.)කොකා පෙන්නුව කියල තමයි ආරන්චි...

දැන් වෙනකොට කොල්ලො ආතල් ගන්න කරන වැඩ වලින් කෙල්ලෙකුට ෆේස් බුක් එකේවත් ඉන්න නෑ.....
අනේ මන්ද....


(කරුමෙට අරූගෙන් විස්තරේ අහගන්න මට මිනිහව හම්බ වෙන්නෙත් නෑ.මොකෝ මම ඕකටම කොළඹ යන්නද?විස්තරේ අහගත්තොත් පස්සේ කියන්නම්.)

Tuesday, November 3, 2009

රිච්මන්ඩ් විද්‍යාලීය ලිනක්ස් වැඩමුළුව

රිච්‍මන්ඩ් විද්‍යාලීය ලිනක්ස් සමාජය මගින් පසුගිය සෙනසුරාදා වැඩමුළුවක් පැවැත්වූවා.මේ සදහා ආචාර්ය ගුණවික්‍රම මහතා සහ දක්ෂිණ ලිනක්ස් භාවිත කරන්නගේ සමාජය වෙනුවෙන් දනිශ්ක නවීන් මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී වුනා.මෙහිදී සිසුන් සදහා "හන්තාන-ලිනක්ස්"මෙහෙයුම් පද්දතිය ලබා දුන්නා.මේ වැඩසටහන සාර්තක කරගැනීමට සහාය ලබාදුන් සැමට ස්තුතියි!

 

පස්සෙන් එන්න