web 2.0

Wednesday, September 22, 2010

කතරගම ගමන ගැන සටහනක්


කාලෙකින් ලියන්න වෙලාවක් හම්බ වුනා.ඒකත් මේ අද මට උණක් හැදිච්ච නිසා.ඊයේ උදේ 4.45 ට විතර නෑව.ඒක තමයි මම හිතන්නේ අවුල.කොහොම හරි ගිය මාසේ මම කතරගම ගිහිපු ගමන ගැන සටහනක් ලියන්න හිතුන.

ඔන්න ඉතින් අපේ කාර් එක අරගෙන අවුරුදු 3ක් විතර වුනාට තාම කතරගම ගියේ නෑ ඒකෙන්.ඉතින් මම මේ පාර පොඩි අයිඩියා එකක් දැම්මා කතරගම යමු කියල කාර් එකෙන්.යන්තම් යෝජනාව පාස් වුනා.ඒත් දැන් අවුලක්.කාර් එකේ යන්න පුලුවන් 4 දෙනාටයි.ඒ කියන්නේ අපේ අම්මයි,තාත්තයි මායි ඇරුනහම තව එක්කෙනයි.තාත්තට ලයිසන් තිබුනට එලවන්නේ නෑ.එයා අන්තිමට කාර් එක එලෙව්වේ ලයිසන් ගන්න ට්‍රයල් ගිහින්.ඊට පස්සේ ඉඳන් මම තමයි එලෙව්වේ.ඒත් කතරගම යන්න බෑ නේ ලයිසන් නැතුව ලොවෙත්.

එපාර අපේ දාම්බාප්පට(ඔය නම දැම්මේ මම පුංචි කාලේ බාප්පා වාහන එලවනවා දැකලා.) කතා කලා පුලුවන්ද බලන්න.බාප්පට මොකක්ද රැස්වීමක්.ඊට පස්සේ ඉස්සරහ ගෙදර අයියට කතා කලා.එයා එක්ක දැන් 28 වෙනිදා පිටත් වුනා.මේ හරියේ එලෙව්වේ මම.

ගමන ඉතින් දුර ගමන් සේවා නිසා මමත් ගත්ත ගමන්ම 70 වට විතර පාගලා අහ ගත්ත.ඊට පස්සේ 65 ට විතර ගිහින් 99 න් මෝටර්සයිකල් කාරයෙක් බේරුව.මගේ අනිත් පැත්තෙන් ආපු අන්කල් කෙනෙක් පුල් සැටිස්.මිනිහ පාර මැද වාහනේ නවත්තගෙන පුදුම වෙලා.

දැන් ඉතින් උදේම ලකුණු වැට්ටා.මොකද මම නෙවෙයි වැරද්ද කලේ.මෝටර්සයිකල් කාරය.

යනගමන් කෙලින්ම කතරගම යන්නේ නැති නිසා පන්සලකට.(මට නම මතක නෑ.ගාල්ලේ නේවි කෑම්ප් එක පාස් වෙනවත් එක්කම අනිත් පැත්තේ පන්සල.)

පන්සලේදී ඉස්සරහ ගෙදර අයියට දුන්නා වාහනේ.ගලු පාරනේ.එපාර ඉතින් එයා යන්නේ 60-65 වගේ.ඔහොමින් ඔහොමින් ගියා හම්බන්තොටම.එතනින් මම ගත්තා.ඊට පස්සේ ආයෙත් බැනුම් 60 ට වඩා යන්න එපා කියලා.ගිහිල්ලා කතරගම නවතින තැනට ගියා.ආහ් කියන්න අමතක වුනා.කාර් එක මාසයක් විතර එක තැනම තිබිලා ස්ටාටර් මෝටරේ බදලා.මගදි තල්ලු කර කර තමයි ස්ටාර්ට් කලේ.පස්සේ හරි ගියා.

ගිහින් ඇඟපත එහෙම හෝදගෙන දේවාලෙට ගියා.අපි පෝලිමට යනකොට අපට ඉස්සරහින් පූජාවට්ටි 750+ තිබුනා.7 ට විතර පෝලිමට ගිහිල්ලා 10.20 ට විතර ආවා.නැවතුන තැනට ගිහින් නාලා නිදා ගත්තා.උදේ ලෑස්ති වෙලා එන ගමන් සෙල්ලකතරගම ගිහින් ආවා.අම්ම කිව්වා සිනමා ගම්මානය බලන්න යමු කියලා.ඉතින් ගියා.
පට්ට ලස්සනයි.එලටම තියෙනවා.ඔයාලට කියන්න මගේ පෝන් එකේ කැමරාව නෑ වෙලාවට.
එන ගමන් වහිනවා.හෙමින් යමු කිව්වා.ඉතින් 70 ට වගේ ආවා.එන ගමන් අපේ කාර් එකේම අයියා කෙනෙක් සෙට් උනා.ඇල්ටෝ එකක්.ඊට ඉස්සරහින් මොණරාගල හම්බන්තොට(ද කොහෙද?)බස් එකක්.මගේ අනිත් පැත්තෙන් දාලා ඉස්සර කලා 90 ට විතර.පස්සේ ඇල්ටෝ කාරය ඉස්සර කලා.මම දැන් මූව මඩවනවා.90 ට ඉස්සර කරලා මිනිහගේ ගානටම වගේ ආවා.මිනිහ කිට්ටු කරනකොටම මම අද්දනවා.ගිහින් මිනිහ එනකම් කොටනවා.
පස්සේ මිනිහ සිග්නල් දාලා ඉස්සර කරන්න ආවා.සිග්නල් දැක්කා විතරයි මම කිලෝ මීටර් එකක විතර ලීඩ් එකක් තියලා ආයි කොටනව.මිනිහට තේරුනා මම මඩවනව කියල.සිග්නල් නොදාම ඉස්සර කලා.මම යන්න දුන්න.පව්නේ.
එන ගමන් අපේ කාර් එකේ උපරිම වේගේ බලන්න හිතුනා.ඇක්සලේටරේ උපරිම පෑගුවා.පැයට කි.මි.98 යි.
මටනම් ගාන ඇති.මොකද කිලෝ 50 ක හාල් ගෝනියකුත් දාගෙන,4 දෙනෙක් එක්ක එක පාරක් සර්විස් කරපු (කි.මි.1000)කාර් එකේ 98 ක් ඇතිනේ.එද්දී කොහොම හරි පැය 3න් වගේ ආවා.ඇවිල්ලා ඊයේ පෙරේදා සර්විස් එකට කාර් එක ගෙනිච්චහම උන් කියපි බ්‍රේක් බයින්ඩ් වෙනවලු.එහෙව් එකේ හොඳ යාමක් ගිහිල්ලා ආව ඉතින්.

Monday, September 20, 2010

ගල් නම් එපා...

Sunday, September 12, 2010

ගෙම්බෝ[සුපුරුදු ලංකාවේ අය නොවේ.]

අද දාන්න යන්නෙත් අක්කා කෙනෙක් මට එවපු ගෙම්බෝ ගැන පොටෝ ටිකක්.මට හිතෙන විදියහ මේ ගෙම්බෝ ඉන්නේ අප්‍රිකාවේ වගේ.කොහොම උනත් එහේ ගෙම්බොයි මෙහේ ගෙම්බොයි ගැන මේක බලලම හිතාගන්නකෝ.





කොහොමද අපේ අය ඔහොම අල්ල ගන්න තිබුනනම්???

පස්සෙන් එන්න