web 2.0

Sunday, November 7, 2010

අවුරුදු 5 ට ෆෝන් 8යි.

කාලෙකින් මුකුත් ලියන්න බැරි උන නිසා අද දාන්න හිතුනා මගේ ෆෝන් ගැනිල්ලේ අලුත්ම කතාව.

ඉස්සර ඉඳන්ම කිව්වොත් මට මුලින්ම ෆෝන් එකක් හම්බ උනේ මම 6(2005 දී) වසරෙදී.ඒ කාලේ ෆෝන් කියන්නේ මැජික් වගේ තමයි.අපේ මාමාකෙනෙක් තමයි දුන්නේ ඒ ෆෝන් එක.මොඩ්ල් එක පිලිප්ස් ඩී 2.ඔය පහතින් තියෙන්නේ රූපෙ.





ඕක ටික කාලයක් පාවිච්චි කරනකොට කැඩුනා.පස්සේ ගමනක් බිමනක් ගියහම කෝල් ගන්න ඕන නිසා ගත්තා මෝටරෝලා සී 168 කියන ෆෝන් එක.ඒ කාලේ හැටියට ජී පී ආර් එස් පට්ට වටිනව.ඒක ගත්තේ රු 7000+ගානකට.හැබැයි පට්ටම ෆෝන් එක.ඕන මගුලකට ගහන්න පුලුවන්.කිසි අවුලක් නෑ.මම ඕන තරම් ඒකෙන් බෝල ගහල තියෙනව.හැබැයි කෑලි හැලි හැලිත් ඒක තාම වැඩ.(දැන් තාත්තා පාවිච්චි කරන්නේ ඒක.)






ටික කලක් යද්දී ඕන මාමගෙන් තව ෆෝන් එකක් හම්බ උනා.හම්බෙලා සතියක් ගියේ නෑ ලෙඩ උනා.ඔය යටින් තියෙන්නේ ඒක.



මේ වෙනකොට මට හම්බානෙකට කැමර ෆෝන් උණ.අම්මගෙන් දැඩි ලෙඩේ.යන්තම් තාත්තවත් සේප් කරගෙන ගත්තා හීන් සැරේ නොකියා 6600.ඒක තමයි මගේ පලවෙනි කැමරා ෆෝන් එක.ආසාවට ගත්තට තඩි වැඩි නිසා ඉක්මනට එපා උනා.අනික කැමරා තිබුනට මට පොටෝ ගන්න කියලා විශේෂ කෙනෙක් හිටියෙත් නෑ.කොහොම හරි ඒ ෆෝන් එක තඩි වැඩිකමට ඉක්මනට මම ලෙඩ කරගත්තා.



ඒ අතරෙදි මාමගෙ පුතාට එක්ක ෆෝන් දෙක මාරු කරගෙන එයාගේ වී 3 එක මම පාවිච්චි කලා.ඒකත් පරණයි.මගේ එකත් පරණයි.දෙකම ලෙඩ.පස්සේ මම අයියට කිව්වා මගේ එක විකුණලා දාන්න කියල




ආයි ටික දවසකින් ෆෝන් උණ.එපාර ගත්තේ ඩබ්ලිව් 200 එකක්.ඒක පාවිච්චි කරන අතරේ චයිනීස් ඒවට බැන බැන හිටියට එකපාරටම හිත ගියා.ඒ චයිනීස් ෆෝන් කතාව මෙතනින් කියවන්නකෝ.




එදා අන්න ඒ විදිහට ගනිපු ෆෝන් එක




මාස 6කින්ම එපා වුනා.ඒකේ පහසුකම් හොඳටම මදි මගේ වැඩ වලට.පස්සේ යන්තම් අම්මගෙන් අනුග්‍රහයක් අරගෙන සෝනි එරික්සන් ජේ 105 අයි නයිටා




එකක් ගත්තා.ඒකනම් එල.තාම අරගෙන දවස් 10 යි.අවුලක්නම් නෑ.ඔක්කොම ඕන දේවල් තියෙනව.බජට් එකට ගැලපෙනව.ගාන රු.12900යි.3ජී ඇතුලු ඔක්කොම එක්ක.

ඉතින් අදට ඇති.මේ ලිපිය ලියන්නෙත් ඉස්කෝලේ වාර විභාග අස්සේ.පස්සේ තවත් ලිපියකින් හම්බෙමු.

පස්සෙන් එන්න