web 2.0

Monday, March 22, 2010

105 වන ආදරවන්තයන්ගේ සටන 2010-තේමා ගීතය{With Download link}


බැඳුනා අත්වැල් බැඳුනා
ගැයුනා ජය ගී ගැයුනා
සියොත් පසඟ අභිමානය ගෙන
හිරු ධජ අහසට නැගුනා


පිරුනා හදවත් පිරුනා
නැගුනා හසරැල් නැගුනා
රිච්මන්ඩ්-මිහ්ඳු පුතුන්ගේ ජයහඬ
රැව් පිළි රැව් දුන්නා


Come Alone RICHMOND
Keep It Up RICHMOND


Come Alone MAHINDA
Keep It Up MAHINDA



කොටුපවුර මතින් නැගෙනා
සැඩ සුළඟ පුරා ලෙලෙනා
ජය ධජය වටා මුළු දෙරණ පුරා
ආදර සටනේ ජය ගොස නැගෙනා


~RAP~



හදවතින් එකට බැඳුනා
සොහොයුරන් තරඟ වැදුනා
මේ සටන් බිමේ පැරදුමක් නොවේ
එක සිතින් බැඳී ජයගොස නගමූ



බැඳුනා අත්වැල් බැඳුනා
ගැයුනා ජය ගී ගැයුනා
සියොත් පසඟ අභිමානය ගෙන
හිරු ධජ අහසට නැගුනා

පිරුනා හදවත් පිරුනා
නැගුනා හසරැල් නැගුනා
රිච්මන්ඩ්-මිහිඳු පුතුන්ගේ ජයහඬ
රැව් පිළි රැව් දුන්නා

Come Alone RICHMOND
Keep It Up RICHMOND

Come Alone MAHINDA
Keep It Up MAHINDA

බැඳුනා අත්වැල් බැඳුනා
ගැයුනා ජය ගී ගැයුනා
සියොත් පසඟ අභිමානය ගෙන
හිරු ධජ අහසට නැගුනා

පිරුනා හදවත් පිරුනා
නැගුනා හසරැල් නැගුනා
රිච්මන්ඩ්-මිහිඳු පුතුන්ගේ ජයහඬ
රැව් පිළි රැව් දුන්නා




Sunday, March 21, 2010

වැස්ස



ඉරිතැළුණු පොළොව,
කර්කශ සුළඟ,
නොහඬවන්නට,සනසන්නට,
පැමිණෙන්නට අවසරයි.....


සිහිල් සුළඟින්,
ගත විඩා විවාලන්නට,
සැලෙන දහදිය බිංදු,
ගොවියාගෙ සනසන්නට.....


හරිත පැහැ කෙත්බිම්,
තව තවත් දිදුලන්නට,
ගමම සරුසාර කර,
අප රටේ දියුණුවට.....


විහඟ නද අපේ,
දෙසවනට යොමුවන්න,
මුළු ගමට නව පණක්,
අපට දීලා යන්න.....



වේලෙන වී පැදුර,
පෑල දොරින් ගෙට ගන්න,
රෙද්ද හැට්ටය ඇඳන්,
තැවෙන ඇය සනහාලන්න.....


කෙළිලොල් පොඩිත්තන්ගේ,
තුටු මුහුණු දැකගන්න,
මැලවිලා ගිය දෙනෙත්,
නැවත යළි දිදුලන්න.....


සක්‍ර දෙවි නිරිඳුනේ,
ඔබේ නෙත් යොමුවන්න,
උදහසක් ඇත්නම්,
මට කමා වුව මැනව.....


හිරිපොද වැස්සකට,
මහපොළොව සිපගන්න,
දහඩියෙන් මුදවලා,
අපට සතුටක් දෙන්න.....



අවසරයි මහ වැස්ස,
ඔබට අප වෙත එන්න,
සරසමින් වළා ගැබ,
කළු වළා තීරයෙන්.....


ඝන වළා මේඝයෙන්,
ඔබයි ඔය පැමිණෙන්නෙ,
ඉක්මනින් පැමිණ ඔබ,
වස්සන්න ඔය කඳුළු බිඳු.....


බොහොම තුති මහ වැස්ස,
අද ගොහින් හෙට එන්න,
නැවත අමතක නොකර,
එන්න අපෙ දුක බෙදාගන්නට.....


අපෙ ගමයි පන්සලයි,
වැවයි රැක දීලා යන්ට,
වැස්ස ඔබ හැමදාම විත්,
අපට ජීවය දෙන්න.....

Friday, March 19, 2010

බ්ලොග් කියවන්නන් වෙතයි.

මම ඊයේ ලියපු "රිච්මන්ඩ්-මහින්ද සටන හෙටයි" කියන ලිපියට දාපු කමෙන්ටුවක් ගැන මට පොඩි කණගාටුවක් ඇති වුනා.මම කියන්නේ නෑ කමෙන්ටු දාන එක වැරදියි කියලා.නමුත් මේ කමෙන්ටුව ගැන නම් පොඩි ප්‍රශ්නාර්ථයක් තමයි මට තියෙන්නේ.....

මේ තියෙන්නේ කමෙන්ටුව

මේ වගේ කමෙන්ටු දැක්කහම අපි ලියන්නේ මේ වගේ අයට කියවන්නද කියලා හිතෙනවා.මොකද බ්ලොග් එකක තමන්ගේ අදහස් උදහස් ලියන්න නිදහස තියෙනවා.තමන්ගේ බ්ලොග් ලිපිය සින්ඩියේ උඩින්ම පෙන්නගන්න තරම් "සිඟිති ආතල්"දෙන කෙනෙක් දෙන්නෙක් ඒකට උපරිමෙන්ම අනිත් අයට අකුල් හෙලනවා.
ඒ අය දන්නේ නෑ තමන් වැඩි වැඩියෙන් "වැදගත්" ලිපි ලියන තරමට තමයි තමන්ගේ බ්ලොග් එක සාර්ථක වෙන්නේ කියලා.කොහොම නමුත් මේ වගේ සිඟිති ආතල් දෙන අයත් අපේ සින්ඩියේ සිටීම ගැන කණගාටුයි.
එහෙම අය ඉන්නවානම් එයාලට තමන්ගේම සින්ඩියක් හදාගන්න හරි,අපේ සින්ඩියේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් අරගෙන පොටෝෂොප් වලින් ඒක එඩිට් කරල තමන්ගේ හිත හදාගන්න වෙයි.

Thursday, March 18, 2010

ආදරවන්තයින්ගේ සටන හෙටයි

රූපය_http://richmondcollege.lk
දකුණේ ප්‍රධාන පාසැල් දෙකක් වන රිච්මන්ඩ් සහ මහින්ද පාසල් අතර වාර්ශිකව පැවැත්වෙන "ආදරවන්තයින්ගේ සටන" හෙට දින ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
105 වන වරට පැවැත්වෙන මෙම තරඟයේ උණුසුම් පුවත් අද දෙරණ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.නැතහොත් ඩයලොග් ජංගම දුරකතන හරහා ලියාපදිංචි වීමන් ලබාගත හැක.

Thursday, March 4, 2010

මෙහෙමත් කට්ටක්.....

කාලෙකින් ලියන්න වෙලාවක් හම්බ වුනා අද ඉස්කෝලේ ගියේ නැති නිසා.අද මම ඉස්කෝලේ ගියේ නැත්තේ මේ දවස් වල මට හොඳට කටු කන්න හම්බ වුන නිසා.ඒ මොකද කිව්වොත් මේ දවස් වල අපේ දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට කටයුතු සූදානම් කරනවා.

දහම් පාසලේ ලොකුම පන්තියනේ අපි.ඉතින් අයිස් පාර දීලා ඉන්න බැරි නිසා මමනම් බැහැලම වැඩ කරන්න පටන් ගත්තා.(වෙනදටත් මම බැහැලම වැඩ කරනවා.)මේපාර මම එනවුසින් වලට සෙට් වුනා.ඒ නිසා නැහීගෙන ප්‍රැක්ටිස් නැහැ කියල හිතාගෙන හිටියේ.එහෙමමත් නැහැ අප්පා.ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස්.කියල වැඩක් නැහැ ඒ අතින් නම්.ගිය අඟහරුවාද ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර එනකොට රැ9.30යි.කොහොමද සැප?නිදාගන්නකොට රැ11.30යි.ඊට පස්සෙන්දා ආයෙත් උදේ 5.00 ට නැගිටලා ඉස්කෝලේ ගියා.ඔහොමින් කොහොමින් ඊයේ තමයි මම මේ සතියට කලින්ම නිදාගන්න ගියේ.ඒකත් රැ 11.00 ට විතර.

 උත්සවේ ගැනත් විස්තරයක් දැම්මේ නැත්නම් හරි නැහැ නේ.මේ අවුරුද්දේ 2008-2009 යන අවුරුදු දෙකටම ත්‍යාග දෙනවා.කොල්ලටත් ත්‍යාග 4ක් තියෙනවා.

*2008-කථික 2 වන ස්ථානය
*2008-හොඳම පැමිණීම(100%)

*2009-කථික 2 වන ස්ථානය
*2009-පන්තියේ ප්‍රථමස්ථානය

කොහොමද කොල්ලගේ වැඩ.ඔය පළ වෙනියා වෙච්ච එකනම් මටත් සුවර් නැහැ.හොඳම පැමිණීමත් දැම්මේ ඔය තැඅග්ග නිසාමයි.හික්z

මේපාර අපේ කොල්ලො ටිකක් සෙවට් වෙලා උත්සවේ පොටෝ සීඩී එකක් ගහන්නත් හිතන් ඉන්නවා.උත්සවේ පොටෝ දාන්නම්කෝ.ඒකටත් කට්ටියගේ උපදෙස් ගන්න හිතාන ඉන්නේ.6 වෙනිදට ෆුල් නයිට ගහන්න වෙන නිසා මේ දවස් වල හොඳට නිදාගන්න බලාගෙන ඉන්නවා.අදට ඇති.

පස්සෙන් එන්න