web 2.0

Wednesday, February 24, 2010

කළා වැවේ නිල් දියවර අපෙ අම්මා.......(විචාරය)

මම අද දාන්න යන්නේ කළා වැවේ නිල් දියවර අපේ අම්මා කියන ගීතයට මම කරපු විචාරයක්.මේ විචාරය හැමදෙනාම කියවයි කියලා හිතනවා.කියවල විතරක් මදි.අඩුපාඩු කියන්නත් ඕන.


 සුනිල් දයානන්ද කෝනාර මහතා විසින් "අම්මා" ගැන රචනා කොට ඇති "කළා වැවේ නිල් දියවර අපේ අම්මා" ගීතයෙන් උතුම් වූ මව් පදවියේ ගුණාංග මනාව නිරූපනය වේ.ගීතයේ පළමු පද පේළිය වන "ගමට කළින් හිරු මුළුතැන්ගෙට වඩනා" යන පද මගින් අම්මා සැඅම දිනකම හිරු උදාවීමටත් පෙර අවදි වී දයිනික කටයුතු අරඹන බවක් පැවසේ.

අම්මාගෙන් දරුවකු ලබන ආදරය,ආශීර්වාදය හා කැපකිරීම් මගින් දරුවන්ගේ නැණ මල් හෙවත් දැනුම වැඩි දියුණු වීමටත්,ඔවුන්ට සුභ අනාගතයක් ලැබෙන බවත් පෙන්වීමට ගීත රචකයා උත්සාහ කරන බව මාගේ හැඟීමයි.ඒ බව "ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා" යන ගී පද පේළියෙන් මනාව ගම්‍ය වේ.

"ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කළා වැවේ නිල් දියවර අපේ අම්මා."

යන පද පේළි මගින් අම්මාගේ දයාව,ආදරය,කරුණාවේ ආශීර්වාදයෙන් වාසනාව ලබන්නා වූ දරුවන් දෙස බලන අම්මා ඉතා,ඉතා වටිනා සතුටක් ලබන බවත් පවසයි.තවද,අම්මා "කළා වැවේ නිල් දියවර" ලෙස හැඳින්වීමේ යටි අරමුණ ලෙස දැක්විය හැක්කේ මහා ධන නිධානයක්,ස්වයංපෝෂිත බව වැනි ගුණාංග වලට අම්මා ද උරුමකම් ලබන බවත් දැක්වීමයි.එනම් කළා වැව අපට කෙසේ වටින්නේද,ඒ හා සමානව හෝ ඊටත් වඩා වැඩියෙන් අම්මා වටිනා බවයි.

"රැ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නැඇ නිවන් දකින්නේ"

යන පද යෙදීමෙන් අම්මා දරුවන් කෙරෙහි දක්වන අසීමිත ආදරය සංකේතවත් කරයි.තම දරුවා කෙතරම් රාත්‍රී වී නිවසට පැමිණියද එතෙක් නිදිවර්ජිතව තම දරුවා දකින තුරු අම්මාට සිතෙහි කිසිම නිදහස් බවක් නොමැති බව දක්වයි.මෙය අතිශෝක්තියක් නොව සැබැඅම ඇබැඅ සත්‍යයකි.

"රැඇ කළුවර අරගෙන ඉකිබිඳ හැඬුවත් නෙත නැඇ නිදි විඳ ගන්නේ"

නින්ද විසින් කෙතරම් බල කළද අම්මාට තම දරුවා සියැසින් දකිනතුරු නින්ද නොයන බව රචකයා විසින් පවසයි. 

අම්මා විසින් හෙට දිනයේ තම දරුවා වෙනුවෙන් ඉටු කල යුතු වැඩකටයුතු,දරුවාගේ යහපත තකා කරන වැඩකටයුතු දුරදිග බලා ඉතා කල්පනාකාරීව ඉටු කරන බවක් "හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ" යන පද මාලාවෙන් විස්තර කෙරේ. 

අම්මාව මහාමායා දේවියට සමාන කිරීමෙන් ඇය තුළ ඇති දරු සෙනෙහස මනාව් නිරූපනය කිරීමට ගීත රචකයා සමත් වේ.ලොවට වටිනාම පුත්‍රයා බිහි කළාවූ මහාමායා දේවිය සතු වූ සියලු ගුණ කඳ අම්මා සතු වන බවද,එවන් සමකළ නොහැකි දරු සෙනෙහසකින් පිරි අම්මා වෙතින් කෙදිනකවත් තම දරුවාට ඇති ආදරය ඉවත් කළ නොහැකි බවත්,"මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ"යන ගී පදයෙන් අර්ථ නිරූපනය කෙරේ. 

අතමිට මුදල් හිඟ වුවත් හැකි ලෙසින් කරන වගාවන් මගින් තම දරුවන් පෝශණය කිරීමට උත්සාහ දරන අම්මාට කුරුල්ලන් විසින් ගායනා කරන විහඟ ගීත වලින් පවා සෙතක් විය යුතු බවත් රචකයා පවසයි. 

තවත් කෝණයකින් ගත්කළ තම දරුවන් පෝශණය කිරීමට දහඩිය මහන්සිය වගුරුවන අම්මාට කුරුල්ලන් නගන නාදය ඔච්චම් කිරීමක් ලෙස දකින රචකයා එය එසේ නොවී විහඟ ගීතයෙන් පවා අම්මාට සෙතක්,යහපතක් වේවායි ප්‍රාර්ථනා කරයි.ඒබව,"වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙනවිට විහඟ ගීත බන පද වේවා"යන පදය මගින් මනාව සනාථ කිරීමට ගීත රචකයා උත්සාහ දරණ බවක් නිරූපණය වේ.

දැල්වෙන පහන් වැටකින් නික්මෙන ආලෝකය මෙන්ම තුන්සිත හෙවත් යම්කිසි ක්‍රියාවක් කිරීමට පෙර ඇතිවන සිතිවිල්ලත්,ක්‍රියාව කරන අවස්ථාවේ ඇතිවන සිතිවිල්ලත් සියලු ආකාරයකින්ම අම්මාට යහපතක්ම වේවා!යන්න රචකයා අර්ථවත් කරයි.මෙම ගීතය කෙරෙහි බවුද්ධ ආගමික ආභාෂය ලැබී ඇති බවටද මනාව සාක්ෂි සහිතව මෙම ගීතය ලියවී ඇත.

"බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන්සිත නිවී සැදේවා"

යන ගී පදය ඊට මනා උදාහරණයකි.

බුද්ධ කාලයේ මහා උපාසිකාවක වූ විශාඛා සිටු දියණිය ගෙවූ දැහැමි ජීවිතයත්,ආගම වෙනුවෙන් කරනලද සේවයක් පිළිබඳව සඳහන් කරන ගීත රචකයා විසින් අම්මාටද එවන් දැහැමි ජීවිතයක් ලැබේවා යන්න ප්‍රාර්ථනා කරයි.එය මතු ආත්ම වලදී පවා අම්මාට කරදරයක් හිරිහැරයක් නොවන්නට,සෙතක්ම වන්නට ප්‍රාර්ථනා කරයි.

"මතු උපදින සසරේ විශාඛාව වී මෙත් මඟ නෙත් හමු වේවා"

අම්මාව ඇති රැජිනියකට සමාන කිරීමෙන් අම්මා සතුවන නොසැලෙන ගුණයත්,මනා වූ එඩිතර භාවයත්,ආදරයත්,ගාම්භීරත්වයත්,ලීලාවන්ත භාවයත් වැනි මහා ගුණ සමුදායක් දක්වයි.අම්මාව ඇතින්නකට නොව ඇත් රැජිනියකට සමාන කිරීමෙන් ඉහත කී ගුණ සමුදාය වඩ වඩාත් පිළුල් හා අවධාරණයෙන් ඉදිරිපත් කෙරේ.ආඩම්බරකාර ඇත් පවුලක නායකත්වය දරණ ඇත් රැජිනක් මෙන් අම්මාද මහා මිනිස් පරපුරක උරුමක්කාරියක් බව රචකයා මනාව පවසයි.

තම දරුවා නැළවිලි ගී කියමින් නැලවූ ආකාරය සිහියට නංවන ගීත රචකයා එවන් ගීතයකින් මුළු ලොවටම සෙතක් වේවා!යි යන්න අදහස් කරයි.

එවන් විශාල අර්ථාන්විත බවක් රචකයා විසින් ගීතයේ අවසාන පදය වන "ඇත් රැජිනියනේ ඔබේ නැළවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා" යන ගී පදය මගින් මනාව ගැබ්කර ඇත. 

මුළු ගීතයම පිළිබඳව සැලකීමේදී ඉතා සාර්ථක ගීත රචනයක් ලෙස "කළා වැවේ නිල් දියවර අපේ අම්මා" යන ගීතය සැලකිය හැකිය.ගීත රචකයා විසින් ඉතා සීමිත පද කීපයක් තුළ උපරිම වශයෙන් මව් ගුණ ගැබ් කොට ඇති බවට කිසිඳු සැකයක් නොමැත. 


Tuesday, February 23, 2010

Happy Birth Day to Me...

හික්z.කට්ටිය බලනව ඇති මොකක්ද කියල?වෙන මොකක්ද හෙට(24)මගේ උපන්දිනේ.
අම්මගේ පැත්තෙනුත්,තාත්තගේ පැත්තෙනුත් මම තමයි බාලයා.ඉතින් අපේ පවුල් වලට මගේ උපන්දිනේ අලුත් අවුරුද්ද වගේ.හැමෝම අපේ ගෙදරට සෙට් වෙනවා.ඉතින් මට මගේ උපන්දිනේ ගානක් නැති වුනාට,නැන්දලාට,ලොකු අම්මලාට දැනෙනවා.හෙට පන්සලට දවල් දානෙකුත් සෙට් කරගෙන.හවස බෝධි පූජාවක් කරන්නත් යන්න කතා කලා.දැන් හිතාවි කට්ටියම මම ලෝකෙටම මගේ උපන්දිනේට අඬබෙර ගහනව කියල.හික්z
එහෙම නැඅ.මේ සටහන ලිව්වේ මතකසටහනක් විදිහට.කැමති කැමති අය Wish කරන්නෝ.:P

Friday, February 19, 2010

අදට වසර 5 යි.

කට්ටිය බලනව ඇති මොකක්ද මේ වසර 5 කියල???වෙන මුකුත් එහෙම නෙවෙයි.මම රිච්මන්ඩ් විද්‍යාලයට ගිහිල්ලා අදට වසර 5ක් වෙනවා.2005 වසරේ පෙබරවාරි 18 වගේ දවසක තමයි මම රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුලු වුනේ.ඒ මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා.
මම මුලින්ම හිටියේ 6 G පන්තියේ.ඒ පන්තියේ පන්තිභාර ගුරුතුමා වුනේ සෙනෙවිරත්න සර්.7 වසරේ D පන්තියේ.ඒ පන්තියේ පන්තිභාර ගුරුතුමිය වුනේ චන්ද්‍රිකා මිස්.8 වසරේදී C එකේ.ඒ පන්තිය භාර වුනේ නාලිනී මිස් ට.
9 වසරේ G එකේ.ඒ පන්තියේ පන්තිභාර ගුරුතුමිය වුනේ පියසීලි මිස්.10 වසරෙදිත් G එකේමයි.දැන් 11 G එකේ.10 සහ 11 වසර දෙකේ දීම පන්තිභාර ගුරුතුමිය අපේ ලලනි මංගලිකා මිස්.

 කොහොම නමුත් මේ ගමන්ම කණගාටුදායක ප්‍රවෘත්තියකුත් තියෙනවා.ඒ තමයි අපේ පන්ති භාර ගුරුතුමිය වන ලලනි මංගලිකා මිස්ගේ අම්මා අන්ත්‍රා වෙලා.මේ ගමන්ම අපේ සියලුම ශිෂ්‍යයන් වෙනුවෙන් මම කණගාටුව පල කරනවා....

Friday, February 12, 2010

කාලෙකින්

කාලෙකින් බොලොග් එක පැත්තේ ආවේ.කොහෙද ඉතින් බ්ලොග් එක ලියන්න තියා මැසිම දාගන්නවත් වෙලාවක් නැඅ.කොහොම හිටපු එකෙක්ද මේ තත්වෙට වැටුනේ කියල හිතෙනකොටත් දුකයි...

ගොඩක් කල් කිය කිය හිටපු විදිහට පැකේජ් එක මාරු කොලා.දැන් entree එකේ ඉන්නේ....:(ලියන්නත් දෙයක් හිතට එන්නේ නැඅ අප්පා. සින්ඩිය බලපු කාලයක් මතක නැඅ...

දැන්නම් ඉස්කොලේ වැඩම තමයි.වෙන මුකුත් වැඩ වලට මම නැඅ ඕඅං.මේ ලිපියෙන් මම පොඩි උදව්වක් බලාඅපොරොත්තු වෙනවා.ඒ තමයි මගේ යුනිකේත හරියට වැඩ නොකිරීම ගැන.ඕඅං මේ ගැටලුවට විසඳුමක් දෙන්න පුලුවන්නම් ලොකු හයියක්.

පස්සෙන් එන්න