web 2.0

Saturday, July 17, 2010

ඌ නිසා මම හැමදාම කන්නේ චාටර්ම විතරයි.

ලියන්නත් දෙයක් නැතිකොට අද පූංචි වැඩ කෑල්ලක් දාන්න හම්බ වුනා.මේකයි වැඩේ.
අපේ අයියා කෙනෙක් අද හවස අපේ ගෙදර ආවා පෙන් එකක තිබුණු ප්‍රසන්ටේශන් ටිකක් සී.ඩී වගේකට රයිට් කරන්න."මල්ලි වයිරස් ඇති ස්කෑන් කරන්න" කිව්ව.මටත් මොකෝ? මම කලා.පස්සේ බැලින්නම් ප්‍රසන්ටේශන් එකක්වත් පෙන් එකේ නෑ.ආයි ඒ ටික ගේන්න නම් හම්බන්තොට යන්න වෙනව.මොනව කරන්නද?රිකවර් ලොස්ට් ඩේටා කියල සොෆ්ට්වෙයාර් එකකින් චෙක් කලා.බඩු තියෙනව.හැබැයි රිකවර් කරපු ගමන් මාගේ ආදරණීය වයිරස් ගාඩ් එකෙන් කෙලිනවා.මොනව කරන්නද?වයිරස් එක්ක සටන් කරන්ට වෙලාවක් කොහෙද මට?විභාගෙ අස්සෙ.මම කිව්ව "අයියේ මේක කරන්න පුලුවන් වයිරස් ගාඩ් එක ඩිසේබල් කරල විතරයි.හැබැයි මට දැන්ම මැසිම ෆෝමැට් කරන්න ආසාවක් නෑ" කියල.පස්සේ දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම.මොන?කෙලිනව කැස් පස් කයි එකෙන්.
පස්සේ හිතුනා වෙන හාඩ් එකක් ගහල රිකවරි කරල දාන්න.
පරණ මැසිම ගලවලා හාඩ් එක එලියට ගත්තා.අලුත් එකට හයි කරා.රිකවරි සොෆ්ට්වෙයාර් එක පෙන් එකේ.හැබැයි පරහකට තිබුනේ පරණ හාඩ් එකේ ඕ එස් එකක් තිබුනද කියලා මට මතක නැති එක.
බූට් කරල බැලින්නම් හයක් හතරක් නොදන්න ඕපන් සුසේ.මළ කෙලියයි.
ඕන මගුලක් කියල ප්‍රසන්ටේශන් තිබුන පෙන් එක ගහලා බැලුවා.මෙන්න බොලේ එකස් පී වල නැති ප්‍රසන්ටේශන් ටික මේකෙ.තවත් පෙන් එකක් මැසිමට ගහලා ඒ ටික ගත්තා.අලුත් මැසිමේ හාඩ් එක ගහලා බූට් එහෙම කාරිය කොරලා සී.ඩී ටික රායිට් කලා.
අන්තිමට ඌ සී.ඩී ටිකත් අරගෙන ගියා.මම දාඩිය පෙරාගෙන,මගේ පැය වලින් 1කුත් නාස්ති කරගෙන චාටර් කෑවා.ඌ නිසා මම හැමදාම කන්නේ චාටර්ම විතරයි.

සැලකිය යුතුයි_මගේ පැය 1 කට සාමාන්‍ය හෙවත් අපේ අම්මගේ පැය වලින් මිනිත්තු 90 කට ආසන්න හෙවත් තත්පර 5400 ත් 5000 ත් අතර කාලයකි.මෙය පාඩම් කිරීමේ රටාව අනුව වෙනස් වේ.

පස්සෙන් එන්න