web 2.0

Wednesday, March 23, 2011

පැංචො එන්න තේ ටිකක් බීල යන්න

මේ සිදුවීම වෙන්නේ අපි 11 වසරේ ඉඳිද්දී.එදා කොහොම හරි අපේ මිස් ඉස්කෝලේ ආවේ නෑ.ඉතින් උදේම රිජිස්ටරේ මාක් කරන්න ආවේ අලුතෙන් ආපු සර් කෙනෙක්.සර් හෙන පොඩියි.ඉතින් අපේ උන් සර්ට නම දාලා තිබ්බේ "පැංචා" කියලා.කවුරු,කොහොම,මොන හේතුවකට දැම්මද මන්දා.
ඉතින් කොහොම හරි සර් ඇවිල්ලා රෙජිස්ටරෙත් මාක් කලා කියමුකෝ අවුලක් නැතුව.
ඊට පස්සේ "ආයුබොවන්" කියලා පන්තියෙන් එළියට ගියා ඔපිසියට යන්න.සර් පන්තියෙන් එළියට බහිද්දිම අපේ එකෙක්
"පැංචො එන්න තේ ටිකක් බීල යන්න" කියපි.
මහ වැසේ වෙලා.සර්ට ඇහිලා.
එහෙමම ආව පන්තියට.ඒක කියපු උන් උන්නු හරියට ගිහින් ඇහුවා "කවුද කිව්වේ?"කියල.
අපේ උන් කියයි.පිස්සු යක්කුනේ ඉන්නෙ අපෙත්.
එකෙක්වත් කිව්වේ නෑ.සර්ටත් තද වෙලා.උදේ පාන්දර අපේ උන් සර්ව බයිට් එකට ගත්තට.අනික ගුරුවරයෙකුට සලකන්න දන්නව කියලාය අර වගේ කතාවක් කිව්වේ.

"තමුසෙලගෙ අම්මල අප්පලට තේ වතු ඇතිනේ.තොපිලට ඕන විදිහකට තේ හදාගෙන බීපල්ල.මට ඕන නෑ."

[ඉතිරි ටික මෙහෙම කියන්ට බෑ හරිය.හිතාගන්නවලකෝ...]

1 ප්‍රතිචාර:

Anonymous said...

ඉස්කොල වල වෙන ඔය වගේ ආතල් වැඩ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ මගෙ ලගත් තියනවා එල කතා ටිකක් හෙමීට ලියන්නම්....
නියමෙට ලියලා තියනවා... තවත් ලියපන් ඔය වගේ ආතල් සීන්........
උඹට ජය........

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න