web 2.0

Saturday, September 26, 2009

චාල්ස් බැබේජ්(පරිගණකයේ පියා)


පරිගණකයේ පියා ලෙස හඳුන්වන චාල්ස් බැබේජ් මහතා 1979 දෙසැම්බර් මස 26 වෙනි දින ලන්ඩනයේ දී උපත ලබා ඇත.ඔහු ගණිතඥයෙකි.නව නිපැයුම්කරුවෙකි.ඉංජිනේරුවෙකි.Programmable Computers ඔහුගේ අදහසකි.ඔහු අර්ද වශයෙන් නිපදවන ලද උපකරණ ලන්ඩන් විද්‍යා කෞතුකාගාරයේ තබා ඇත.මෙහු 1871 ඔක්තෝම්බර් 18 වන දින මියගොස් ඇත.

Friday, September 25, 2009

තුරුණු විය නම් (සොඳුරු ???) සමයෙහි


රාමා සීතා, රෝමියෝ ජුලියට්
තැබූ පියවර අනුව යමු යැයි
දහස් ගනනක් පැතුම් බොදි බැඳ
තනිව අද පිය නගමි මම

දෙදෙනා එකතුව තැබූ පියවර
රකුසු වෙස් ගත් සුළං රොදකට
මැකී සුණු විසුණු වී ගොස්
ලබන්නමි දුක් තැවුල්
තුරුණු විය නම් සොඳුරු සමයෙහි

එදා ඔබ නැඟූ සුසුම්වල
සුවඳ තවමත් මසිත
සිප ගනී උණුහුමට
ලබමි ආදරයෙහි රුදුරු ප්‍රතිඵල

තවමත් පෙරමග
දෙනෙත් හැරගෙන
බලා සිටින්නේ ඔබ දකින තුරු
ඔබේ සුලලිත රුව
ලිව්වේ_සංදීප ඩයස්

Thursday, September 24, 2009

නිරුත්තර



නුඹම දුන්,
අත්තටු,
නුඹම සිඳලූ කලට.....
පවසමි
කාටනම්
දොස් මම.....

{උපුටා ගත්තේ කොළඹ වයිද්‍ය පීඨයේ Bookmark එකකින්}

බබාලට නම් දාන්න


ඔන්න අද පොඩි ආතල් පින්තූරයක් හමබ වුනා.එවලා තිබුනේ උදාර අයියා.බබාලට නම් දාන්න ගොඩක් උපකාර වෙයි.පොඩ්ඩක් බලන්නකෝ.


මෙම රූපයේ සිටිනා පුද්ගලයාට යම් අපහාසයක් වේ නම් කණගාටුව.[මම කවුද කියලා නම් දන්නේ නෑ.]


Sunday, September 13, 2009

මගේ ඇසින්....

සිරිලක නමින් නම්ලත් අපෙ ජන්ම බිම
මේ රට අපේ අප රැකගත යුතුයි එය
යාල කුමන සිංහරාජ සපිරි ලක
ලොව අගනාම මුතු කැටයයි සෑම දින


කොරල් පර වලින් පොහොසත් හික්කඩුව
සීතල දේශ ගුණයෙන් පිරි නුවරලිය
බෝපත් ඇල්ල දුන්හිඳ සහ හඳපාන
දිය ඇලි වැඩිකරයි අප රට රූ සිරිය


සිලෝන් ටී නමින් පිටරට වල පතල
හොඳ ඉල්ලුමක් පවතී ලක් තේ වලට
මෙවන් අසිරි සිරි පිරි අප සිහල බිම
සිහල දෙමල මුස්ලිම් රැකි යුතුයි එය


බුදුරදුන්ගෙ දන්ත ධාතු නුවර මාළිගාවෙ වෙසෙති
සිරීපාද කන්ද මුදුනෙ සිරි පතුලෙහි රැස් විහිදෙති
අනුරාපුර පොළොන්නරුවෙ අහස උසට වෙහෙර විහාරත් බැබලෙති
ලෝක උරුමයක් වූ රට සියල්ලන්ම රැක යුතුවෙති

Saturday, September 12, 2009

Blog Post එක කෙළින්ම

ආයුබොවන්ඩ!ඔන්න අදත් මගේ Blog එකට මොකක් හරි විකාරයක් දාල යන්න කියලයි හදන්නේ.අද මම Blogging කරද්දි දැක්ක පොඩි පොඩි Case වගයක් ගැන දාන්නම්.(මම ඊයේ කිව්ව විදිහට පන්ති වල නටන පිස්සු ගැන පස්සේ දාන්නම්(මම ඡන්දෙට ඉල්ලනවා කියල හිතන්න එපා :) )
_
මේ මුල්ම අත්දැකීම
_
සාමාන්යමයෙන් අපේ කට්ටිය කරන්නේ Blog Post එක කෙළින්ම Posting වල Type කරන එකනේ.අවුලක් නෑ ඉතින් Auto Save වෙනවනේ.හැබැයි පුතේ...???පොඩි Case එකක් තියෙනවා.අපි හිතමු Blog Post එක පැය 2ක් මහන්සි වෙලා දානවා කියල.හැබැයි ඒ Post එක පළ වෙද්දී ඒක Publish කරපු වෙලාව වෙන්නේ අපි මුළින්ම Post එක Type කරද්දී Auto Save වෙන වෙලාව. ඒ නිසා අපේ සින්ඩියේ පහළින් වැටෙන්න පුළුවන්.පහත උදාහරණේ බලන්නකෝ.එතකොට ඔය මම කියපු කතාව හොඳට තේරෙයි.
අපි Blog Post එක Posting වල Type කරන්න ගන්නේ උදේ 8.00 ට.කරලා ඉවර වෙන්නේ උදේ 10.00 ට.ඊට පස්සේ අපි Post එක Publish කරනවනේ.හැබැයි Blogger එකෙන් පෙන්නන්නේ Article එක මුළින්ම Auto Save වෙච්ච වෙලාව. (අපි උදේ 8.10 කියලා කියමු.)ඊට පස්සේ (උදේ 9.00 ට කියලා කියමු.)Post එකක් Publish කලොත් ඔයාගේ Article එක සින්ඩියේ වැටෙන්නේ අර 9.00 ට කරපු එකට යටින්....(මම කියනවට පොඩ්ඩක් බලන්නකෝ.මට මේ එක වෙලා ටිකක් කල්.දැන් දැන් වෙනකොට මේ ප්ර්ශ්නේ හදලද දන්නේ නෑ.)
_
මේ දෙවෙනි අත්දැකීම
_
Blog කවුරුත් ආසයිනේ තමන්ගේ Blog එක ලස්සන කරගන්න.ඉතින් කට්ටිය ඉවක් බවක් නොබලා Gadget දානවනේ???හැබැයි කොට්ටෝරුව(ඔයා)මාට්ටු ඔයාගේ Blog එකට කෙලවගන්නේ widjeo එකෙන් Gadget දාපු දවසට තමයි.මොකද Blog Page එක Load වෙද්දී widjeo එකෙන් Pop-Up වගයක් එනවා.ඒ නිසා පරිස්සමින්.
මම කියනවට අහන්නත් එපා.පොඩ්ඩක් සෝදිසියෙන් බලන්නකෝ.( Opera 10.0 එකෙන් නම් ලස්සනට ඒ හොරේ අල්ල ගන්න පුලුවන්.)
හරි.අදට ඇති.ආයෙත් (බොහෝවිට සිකුරාදා) තමයි Post එකක් දාන්න වෙන්නේ.(ඔයාලටත් නිදහසෙ ඉන්න පුළුවන්.)එහෙනම් ලබන සතියේ Set වෙමු.Comments දාලා යන්න අමතක කරන්න එපා. :)

Friday, September 11, 2009

සතියකට පස්සේ ආයෙත්

 
හප්පා!හරියටම සතියකට පස්සේ ආයෙත් මගේ Blog රාජයා බලන්න ආවා.(යන එන ගමන් ආවට අදනම් ආවේ ලිපියක් දාන්න :) )කට්ටිය දන්නවනේ ඉතින් ඉස්කෝල පටන් ගත්තනේ ගිය 07 වෙනි සඳුදා.ඉතින් කොල්ලා(වෙන කවුරුවත් නෙවෙයි.මම  :) ) Full Busy.මොකද ඉතින් ඉස්කෝලේ යන්නත් එපාය. :)
මාසයක් ගෙදර ඉඳලා ඉස්කෝලේ යන්නත් කම්මැලියි.කොහොමහරි ඉතින් ගියා.(සෙල්ලන්ද?කාලෙකට පස්සේ සතියේ දවස් පහේම ඉස්කෝලේ ගියා. :) )දන්නවනේ ඉතින් අපේ වැඩ? :)
අදනම් පොඩි නිවාඩුවක් වගේ එකඛම්බ වුන නිසා Blog එකට ලිපියක් දාන්න ඕන කියලා හිතුවා.මොකද ඉතින් හෙට නිවාඩුනේ.(නිවාඩු කිව්වට හෙට උදේ 4.00 ට විතර නැගිටලා 5.15 වෙනකොට ගෙදරින් පිටත් වෙන්න ඕන ඉස්කෝලෙට යන්න.මොකද 6.00-8.00 සිංහල සාහිත්‍ය පන්ති.)අද රෑත් Tech කතා අහන්න ඕන නිසා කොල්ලට හෙට කොහොමත් මාට සැපට ඉන්න ඇහැකි. ;)
මට අද මගේ Blog එක පැත්තෙන් ටිකක් හිතට Fit.මොකද අලුතෙන් Followers ල වෙලා. :) Blog කරන කට්ටිය දන්නවනේ තමන්ගේ Blog එකට Visitors ලා ආවහම හිතට දැනෙන සතුට. :)
ආහ්! මම කිව්වනේ Blog එක පැත්තෙන් හිතට ටිකක් Fit කියලා.කට්ටිය අහයි මොකද කොල්ලට අනිත් පැති වලින් Fit නැද්ද?කියල.කොටින්ම කිව්වොත් නෑ බං.මට දැනුත් නිදිමතයි.කොහොමත් අපි වගේ කොල්ලොන්ට කවදද කොකු නොවැටුනේ? :)
අප්පට සිරි!!! සෙනසුරාත් මාරු වුනානේ?මමනම් ඕව ගැන දන්නේ නෑ.කොහොම හරි දැනටනම් බෙල්ල බේරගෙන ඉන්නවා. :)
ආඩේ.....මෙන්න......මට දැන් මතක් වුනේ?????අද Match එක නේද?මම යනවා Match එකට Present දාන්න.හෙට විතර අපි මේ සතියේ පන්ති ගිහිල්ලා නටපු නාඩගම් ගැන ටිකක් කියන්නම්කෝ...අදට ටටා....
පසුව ලියමි_ඔය උඩින් දාපු එකේ ඉන්නේ මමනම් නෙවෙයි.අපේ පළාතේ(ගාල්ලේ)තියෙන අපේ සහෝදර පාසැලක් වන ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ මල්ලිලා දෙන්නෙක්නම් ඉන්නවා.


වෙනම ලියමි_ගාල්ල පළාතක් වුනේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. ;)




Friday, September 4, 2009

අපේ ගෙදර පදිංචියට හුරතල් යාලුවො



ඊයා.....යා........යෑ......දඩිං........බිඩිං............පටෝං.......... කස්ටිය බලනව ඇති මේ මොකද කියල.මේකයි.වැඩි කලබලයක් නෑ.පොඩි වලියක්. අපේ ගෙදර පදිංචියට හුරතල් යාලුවො සෙට් එකක් ඇවිල්ලා.දැන් අපිත් එක්ක දිගට හරහට වලි. ආපු අමුත්තො කවුරුවත් නෙවෙයි.මීයො සෙට් එකක්.මුලින්ම එකෙක් මාට්ටු වුනා එකෙක් කබඩ් එකක හිර කරගත්තා.දැන් දවස් 3 ක් තිස්සෙ ඒක ඇතුලේ.
තව එකෙක් ඊයේ මට මාට්ටු.බාත් රූම් එකට යනකොට පොඩි මී පැටියෙක් නානව.සෙල්ලන්ද මම තාත්තට කියල ඌටත් වැඩේ සෙට් කළා. ඊට පස්සේ තමයි මීයොංගෙන් මට කරදර දෙන්න ගත්තේ.
ඊයේ රෑ නිදාගෙන ඉන්නකොට මගේ ඇඟේ මොකක් හරි වදිනව.මෙලෝ රහක් නෑ.මට නිදිමරගාතේ නැගිටින්නත් කම්මැලියි.ඇදේ ඉඳන්ම තාත්තට කතා කලා.නැගිට්ටේ අම්මා.ඒත් එක්කම මෙච්චර වෙලා මාත් එක්ක සෙල්ලන් දාපු මීයා නෙට් එකෙන් එළියට පැනලා.මම ආයෙත් නිදි.කොහොම හරි මම නැගිට්ටේ නම් නෑ.[මීයා වගේද නින්ද?]මතක විදිහට මීයත් නිවන්පුරේ!
නැගිට්ටේ නැතුවට මට ඉතින් සීන් එක මතකයිනේ.අම්ම ඇවිල්ල අහනව මීයෙක් ඇඳේ ඉන්න බව දැනගෙනත් නිදාගත්තේ කොහොමද කියල. J කොහොමහරි උදේ නැගිට්ටට පස්සේ උනත් මතකයිනේ ඊයේ රෑ ඇඳ Share කරගෙන මීයෙක් එක්ක නිදා ගත්තා කියලා.මොනව කරන්නද? L නැගිට්ටේ 9.00 9.30වෙන කොට කොල්ලා Dish Wash Bar ගාල නාලත් ඉවරයි.හපෝයි වැරදුනා.මචන්,ගෑවේ ඇඟේ ගාන ඒව.මොකද මචන් මම තාච්චියක් නෙවෙයිනේ. ;-) ඔන්න ඔහොමයි අද උදේම වලියට ඇද ගත්තේ.දැන්නම් නාපු එකේ සැප දැනෙනවා.බටර්...... බටර්......[ටවුන් එක පැත්තේ රවුමක් දාල විකුණලා දාන්න ඕන.ඔයාලටත් ඕනනම් Comment එකක් හරහා ඉල්ලීමක් දාන්න.]

Thursday, September 3, 2009

"ආදරය","කඳුල"





ඔබ මා හමුවූ දිනයේ,
ඔබගේ නිල් දෑස් මට පැවසූ,
සුන්දර,
"ආදරය",
අහිමි වී ගිය බව,
කෙසේ විඳගම්ද?
"කඳුල",
නැගුණු නුඹගේ නිල් දෙනෙත්,
යළිත් සතුටින්,ආදරයෙන්,
මා හා පෙම් පුරන තෙක්,
නොනිදා බලා  හිඳිමි මම,
අපගේ ආදරය සිහි කරමින්.

සිහිල් කඳුල



කාලයේ ඉති මතින්,
ඉහිල් වී, මතක මල්,
ගිලිහේවි සිහිල් කඳුලක.
එහෙත්,
හිතේ ගැඹුරුම තැනක සුරැකිව තබා ගනිමි,
පැරණි සුවඳම,
අළුත් හැඟුමක,
තරවා සිරකර.

Wednesday, September 2, 2009

බෞද්ධයිනි,ඔබ අප සැම ඇස් කන් ඇරිය යුතු කාලයක් නැවත පැමිණ ඇත.

ලොව අගනාම දර්ශනය වන බුදු දහමට වෙනත් ආගම් වලින් සිදු කරන්නාවූ අපහාස,නින්දා කිරීම් ගැන ඔබලා දනුවත් වී ඇතැයි සිතමි.නමුත් වර්තමානයේ සිදු කෙරෙන අපහාස වලට විරුද්ධව හඬක් නැගීමට මුහුණු පොතේ යමෙකු විසින් කටයුතු කොට ඇත.ඒ තුලින් බෞද්ධයන් වශයෙන් හඬක් නැගීමට කටයුතු කළ හැකි,කළ යුතු කාලයකි මේ. මුහුණු පොතේ Please Stop Insulting a Nation or a Religion යන නමින් ඡායා රූප සමග දක්වා ඇති පරිදි එම ඡායා රූපය පුද්ගලයන් 50,000 කගේ නෙතු වෙතට යොමු කළ යුතුය.



මේ පිළිබඳව ඉදිරිපත් කළ අදහස් කිහිපයක්ද පහත දැක්වේ.
1 දිනේශ් ළමාහේවා_මම මේ වැඩේට කැමති නෑ.මම අප්රසාදය දක්වනවා මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයන්ට.[ i dnt lke it, & i hate thz pple.cz my religion is buddhist.]
2.ධනුශ්ක ලක්මාල්_මම මේ පුද්ගලයන්ට වයිර කරනවා.මේ අවස්තාව ඉතා කණගාටුදායක අවස්තාවක්.[ i hate dis people..........dis is very sad moment.........]
3. අසේල් බණ්ඩාර_මෙම රූපයේ දැක්වෙන්නේ 21 වන සියවසේ දේවදත්තලායි.[ "Devadaththa" of 21 st century]
මෙසේ අදහස් ප්රකාශ කිරීම් වල තමන් මෙම පුද්ගලයන්ට දක්වන වයිරය පවා දැක්වේ.බෞද්ධයන් වශයෙන් අපට සියල්ලන්ටම මයිත්රී කිරීමට උගැන්වුවද මෙසේ වයිර සහගත සිතිවිලි අපගේ සිත් තුලට ඇතුළු වීම වලක්වන්නේ කෙසේද?
මන්ද යත් ඔවුන් විසින් අපිව එම තත්වයට ඇද දමා ඇති බැවිනි.එමනිසා මාගේ අදහස නම් ඔවුන්ගේ වයිරය සාධාරණ බවයි.
දියුණු යැයි සැලකෙන බටහිර යුරෝපා රටවල දියුණුව පවා මෙවැනි ක්රියාකාරකම් තුළින් මොනවට පැහැදිළි වන බවයි මගේ හැඟීම. ඉතින් මම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි පහත් ක්රියාවල යෙදෙන පුද්ගලයන්ට විරුද්ධවන ලෙස. තවද,මෙම ආගමික අපහාසයන් ගැන සියළු ආගමිකයන්ගේ අදහස් උදහස් දක්වන ලෙසත් ඉල්ලා සිටිනවා.
මෙම ලිපිය මගින් යම්කිසි පුද්ගලයෙකුට,ආගමකට අපහාසයක් සිදුවේනම් පිළිබඳව මාගේ කණගාටුව.

පස්සෙන් එන්න