web 2.0

Friday, April 29, 2011

Sony Ericsson භාවිතා කරන්නන්ට ට්‍රික් එකක්...



මේ ලියන්නේ සෝනි එරික්සන් ෆෝන් භාවිතා කරන්නන් ගොඩක් අය නොදන්න දෙයක්...මේ ක්‍රමෙන් ඔයාලට ෆෝන් එකේ තත්වේ කොහොමද කියලා බලාගන්න පුලුවන්...මෙන්න ක්‍රමේ....[ඊතල වල රූප දාලා තියෙන්නේ ඇරෝස් දෙන්න ඕනේ ඒවා.]
මේක කරද්දී ෆෝන් එක අන්ලොක් කරලා නෝමල් ස්ටැන්ඩ්බයි තියන්න.දැන් මේ විදියට බොත්තම් ඔබන්න.

>  *(STAR) < < *(STAR) < *(STAR)


දැන් ඒවි මෙනු එකක්,SERVICE කියලා.ඒකේ තියෙන SERVICE TEST ගිහින් ඔයාලට ෆෝන් එකේ ඩිස්ප්ලේ,කැමරා,වයිබ්‍රේට්,චිප් එටේටස්,ටෝට්ල් ටෝක් ටයිම්(මේක රීසෙට් කරන්න අමාරුයි.නෝමල් රීසෙට් කරනකොට කෝල්ස් වල ටෝක් ටයිම් රීසෙට් උනාට මේක රීසෙට් වෙන්නේ නැ.)වගේ තවත් දේවල්...

ආ තව එකක්...සෝනි එරික්සන් ෆෝන් එක චාර්ජ් කරලා චාජරෙන් කෙලින්ම ඇදලද ගලවන්නේ....නිශ්පාදකයා නම් උපදෙස් දීලා තියෙන්නේ මෙන්න මෙහෙම කරන්න කියලා.



පේන්නේ නැත්නම් රූපේ උඩ කොටල මම රවුම් කරපු තැන ගැන අවධානය යොමු කරන්නකෝ....
අදහසක් උදහසක් දාලා යන්න...

Tuesday, April 26, 2011

Miss Multi Game


මිස් ඩබල් ගේම් වලින් අපේ ගජං මලයා කෙල්ලෙක් කොල්ලො දෙන්නෙක්ට ලව් කොරපු සීන් කෝන් එකක් ගන ලිව්වනේ.මේ ලියන්නේ මට ලැබිච්ච ඔය වගේම(කිව්වට ඔයිට ටිකක් දරුණු.)ගේම් එකක්.මේ සීන් කෝන් එක උනේ මම 8 වසරේ නැත්නම් 9 වසරෙදි.ඉතින් ඒකාලේ හිටං මම ගියා ඉංග්‍රිසි පන්තියකට.ළමයි ගොඩක් ඉන්න එකක්.කොහොමිං හරි අපේ සෙටාර් එක වාඩි වුනේ කොල්ලොන්ට තියෙන අන්තිම පේළියේ.(පේළිවල වාඩි උනේ ඉස්සරහින් කොල්ලෝ.ඊට පිටිපස්සෙන් කෙල්ලෝ.)
කොහොම හරි කොල්ලොන්ගේ අන්තිම පේළියට පිටිපස්සේ පේළිය තමා කෙල්ලොන්ගේ මුල්ම පේලිය.ඒ දවස් වල ඔය පේළි වලටත් කස්ටිය රෙජිස්ටර් වෙලා තිබ්බේ.
ඔහොම සෙටාර් වෙච්ච පිටිපස්සේ පේළියේ හිටි කෙල්ලොත් කොහොමින් හරි අපිත් එක්ක පිට් උනා.එක කෙල්ලෙක් මටත් පොඩි ඉස්පැසල් ඇට්‍රැක්සොන් එකක් දැක්කුව කියලත් කියමුකෝ.
ඒකි ඒ දවස් වල තව කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියාය කියලත් කියමුකෝ.ඒ කොල්ලත් අපේම පන්තියේ එකෙක්ය කියලත් කියමුකෝ.තවත් ඕනනම් මේ කෙල්ල මම ඒ දවස් වල ඉඳන්ම පස් මහ බැලුම් දාගෙන,ලයින් පාර දාගෙන හිටපු කෙලි පැටික්ක ගැන දන්නවා කියලත් කියමුකෝ.(කොහොම හරි අපේ වයසේ එකෙක් ජෝඩු දාලා බස් එකේ යනවා දැක්කෙත් මම මුලින්ම උන් දෙන්නව.)
ඕන් ඔහොම අවුලක් නැතිව කාලේ යනකොට අර කෙල්ල තව තව ඇර්ටැක්සොන් පානව කියමුකෝ.අර පැටික්කිගේ නම කිය කිය නෝන්ඩි දෙනවයි එක විකාරයයි...
මටත් මොකෝ.මාත් ඉවසා වදාරගෙන හිටියා.අනික ඒකෙත් පොඩි ගතියක් තියෙනවනේ.
ඔහොමින් යනකොට මේ කෙල්ලයි අර කොල්ලයි අතරේ තිබිච්ච මෙව්ව එක දෙදරලත් ගිහිල්ලලු.ඒ දවස් වලම අයියලා සැට් ගානක් මාව හොයනවත් ලු.
ඔය හොයන අතරේ මාව අයියලාට අහුවුනාය කියමුකෝ.මෙන්න මෙහෙමයි දෙබස...
අයියා-මල්ලි උඹ #### කෙල්ලව දන්නවද?
මම-දන්නව අයියේ.ඇයි? 
අයියා-උඹ ඒකි එක්ක යාලුද?
මම-පිස්සුද අයියේ?
අයියා-එහෙනම් කමක් නැ.ඕකි කොල්ලෝ ගානකට බූට් තියපු එකියක්.අපිත් එක්ක කිව්වේ උබ එක්ක යාලුයි කියලා.ඒකයි හොයන්න ආවේ.
ඔන්න ඔහොම උනේ....
කොහොලින් හරි සීන් එක ඔහොම ඇදිලා ගිහින් පන්තියේ සර්ටත් ආරංචි උනා කියමුකෝ.සර් පන්තියේදී ලෙඩේ දාලා පන්තියෙන් අස් කොලා කියල තමයි ආරංචි.
කාලෙකට පස්සේ ඒ කෙල්ලගේ අයියා හම්බුනා.අඳුර ගත්තා.ඌනම් සිරා ඩයල් එක.මැක්සම බොක්කක් මගේ දැන් ඌ.ඌ දන්නවා මගේ සීන් එක.කෙල්ල තාම තරහයි මාත් එක්ක.දැක්කත් අහක බලාගන්නව.මමනම් ඒකිව ගනන් ගන්නේවත් නැහ්.
හැබැයි දැන් හිතෙනවා ඒ කරපු වැඩේ හරිය කියල.මොකද මම ඒ උරචක්‍රමාලේ එල්ල ගත්තනම් මෙච්චර හිතෙ ෆිට් එකකුත් නැ.ඒ මදිවට ඔලුව උඩට ලෙඩ ගොඩක්.

අවසාන නිගමනය-කෙල්ලන් ඇසුරු කරන්නට යාමේදී චරිතය හා හැසිරීම ගැනද සැලකිලිමත් වන්න.

Sunday, April 24, 2011

සිංහල බ්ලොග් ලිවීම.[එදා සහ අද.]

මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය හරහා මම ලියන්නේ සිංහල බ්ලොග් ලියන එක ගැන මම පුද්ගලිකව දරන මතය.ඒ වගේම ඊයේ මාත් එක්ක චැට් එකකදී ඉස්සර අපිත් එක්ක සිංහල බ්ලොග් ලියපු අයියා කෙනෙක් එයාගේ අත්දැකීම්නුත් කිව්වා.
මුලින්ම මේ ගැන ලියන්න කලින් මෙන්න මේ ලිපි ගැන ඔයාලගේ අවධානය යොමු වුනානම් හොඳයි කියලා හිතෙනවා.





මේ ලිපිය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නත් පුලුවන්


ඒක දැක්කහම ඇත්තටම කණගාටු හිතුනා.මොකද කිව්වොත් අපි අතරේ මොකටද රණ්ඩු ඇතිවෙන්නේ කියලා.මම සිංහල බ්ලොග් ලියන්න ආවේ මනුශාන් අයියා මගපෙන්නුව නිසා.ඒ දවස් වල තිබුනේ සිංහල බ්ලොග් කියවනය විතරයි.මම සෙට් වෙනකොට බ්ලොග් 300ක් තිබ්බෙත් නැ ඒ බ්ලොග් කියවනයේ.(මගේ මතකයට අනුව.සමහර විට වැරදි ඇති.)ඒ දවස් වල ලස්සනට වැඩේ ගියා.ප්‍රවීන් අයියා,කාලිංග අයියා,මනුශාන් අයියා,සහන් අයියා,සුදු මහත්තයා,බුධාජීව අයියා,සුදාරක අයියා වගේ ගොඩාක් අය ඒ දවස් වල සිංහල බ්ලොග් ලිව්වා.බ්ලොග් කියවනේට ගියහම හරී ලස්සන ලිපි පෙලක් තිබ්බා.ටෙක්නිකල්,අත්දැකීම්,විහිලුතහලු...හැමදේම හරී ලස්සනට.
පහුවෙනකොට තවත් අය බ්ලොග් ලියන්න ආවා.අලුතෙන් සින්ඩි ආවා.අලුත් අලුත් ලිපි එක එක මාතෘකා වලින් ලියවුනා.ඔය අතරේ ඇත්තටම මට හිතෙනවා එක එකාට කපන්න පටන් ගැනීමකුත් වුනා.කොච්චර උනත් අර ඉස්සර වගේ ලස්සනට වැඩේ යන්නේ නැති ගතියක් තිබ්බා.
ඔය අතරේ ඔය මම උඩින් නම් දාපු ගොඩාක් අය බ්ලොග් ලිවීල්ලෙන් ඇත් වෙලා.
කොහොම උනත් දැන් වෙනකොට සින්ඩි ගොඩාක් තියෙනවා.සිංහල බ්ලොග් ලියන්නොත් ගොඩාක් ඉන්නවා.නමුත් ඉස්සර තරම් ගතියක් යන්නේ නැ කියලත් හිතෙනවා.අර වගේ අදහස් දැක්කහම දුකක් නොදැනෙනවත් නෙවේ.
ඇත්තටම මම ඔය උඩින් දාපු ලින්ක් එක දුන්නෙත් අර චැට් එකට සෙට් වෙච්ච අයියා.ඌ ඕක දීලා කිව්වෙත් "දැන් සිංහල බ්ලොග් ලියන එවුන් සමහරුන්ට පිස්සු"වගේ අදහසක්.වෙලාවකට ඌ හරි කියලත් හිතෙනවා.
ලෝකේ වඳ වීගෙන යන ජාතියක ඉතාම සුළුතර පිරිසක් එකතු වෙලා තමන්ගේ දැනුම,අදහස් බෙදාගන්න තැනක මොකට එක එකා ගහමරා ගන්නවද කියලා.
එකපාරක් හැක් කරපු සීන් එකක් ඇදගෙන ආවා.(මම සීන් එකේ ඇත්ත නැත්ත දන්නේ නැ.හෙව්වත් මට ඒක අදාල වෙන්නේ නැ.)ඒක අල්ලගෙන තව බ්ලොග් එක්ක වලි ඇදගත්තා.අන්තිමට කරපු මගුලක් තියෙදත් මන්දා.
කොහොම උනත් ඒදවස් වල වගේ බොක්කෙන් බ්ලොග් ලියන උන් හිඟයි කියලයි මට හිතෙන්නේ සහ දැනෙන්නේ.ඔයාලට කොහොමද මන්දා.කොහොම උනත් එක ඉල්ලීමක් කරනවා.සිංහල බ්ලොග් ලියන අපි ගහමරා ගන්නේ නැතුව එකාට එකා සහයෝගෙන් බ්ලොග් ලියමු.එතකොට මේ සිංහල බ්ලොග් අවකාශය තව ලස්සන වෙයි.

දැන් මේක කියවපු කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුලුවන් නිසා මම මේ ටිකත් දාන්නම්.
1.මූ මේ මහලොකුවට කියන්නේ මූ ඉස්සර ඉඳන්ම බ්ලොග් ලියන එකෙක් කියලා.
නැ.මට ඒක කියන්න ඕන කමක් නැ.ඒක දැනගන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඒ දැනගන්න ඕන අය මාව දන්නවා.
2.මූ මෙහෙම ලිපියක් ලිව්වේ කහිල්ලකටද?
නැ.මට ඇති කැහිල්ලක් නැ.අමාරුවක් තියෙනම් ඒ තියෙන්නේ මේ බ්ලොග් අවකාසයේ වෙන විකාර දැකලා හැදෙන එකක් තමයි.මොකද මම මේ අවකාශයට ආදරෙයි.
3.මූ මේ ලිපිය ලියල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
බ්ලොග් අවකාශය මීට වඩා ලස්සන තැනක් කරගන්න.

වෙන ප්‍රශ්න තියෙනම් කමෙන්ට් එකකින් දාන්න.ආහ් තව එකක්.මේ ලිපියෙන් මම කවුරුවත් සුද්ද කරන්න නෙවේ.අනික සින්ඩි එකකටවත් මම මුකුත් කියන්නේ නැ.සින්ඩි තමයි ඇත්තටම අපට කියවන්නෝ ගෙනත් දෙන්නේ.ඒ නිසා මට සින්ඩි එකකටවත් කිසිම පුද්ගලයෙක්ටවත් අපහාසයක් හරි හිත රිදවීමක් හරි කරන්න ඕනකමක් නැ.

Saturday, April 23, 2011

ලාංකීය සින්ඩියට ගියෙමි.කියවන්න නොතේරේ.



සිංහල බ්ලොග් ලියන ඔයාල දන්නව ඇතිනේ මේ දවස් වලට ලාංකීය බ්ලොග් කියවනය[ලාංකීය සින්ඩිය,http://syndi.lankeeya.lk]එකට යන්න බැරි අවුලක් තියේ කියලා.
කොහොම හරි රංග අයියා අද දාල තිබිච්ච මාර මහතාගේ විචාරයෙන් තමා ඇත්තම සීන් කෝන් එක දැනගත්තේ.
පිටරට අයට පේනව කියපු නිසා ප්‍රොක්සි සයිට් එකක් හරහා ගිහින් බැලුවා අපේ ආදරනීය ලාංකීය සින්ඩි රාජය බලන්න.රාජයා නම් බැබලි ඉන්නවා.දුක කියන්නේ කියවන්න තේරෙන්නේ නැ.ප්‍රොක්සි සර්වරේ මම හිතන්නේ සිංහල යුනි වලට සහය දෙන්නේ නැහ්.
ඔන්න මම පහළින් දානවා මම සින්ඩියට ගිහිපු ක්‍රමේ ගැන.පුලුවන්නම් කියවලා දෙන්න.නැත්නම් යුනි වැඩ කරන ප්‍රොක්සි සයිට් එකක් කියලා දෙන්නකෝ.

මෙන්න ගිහිපු ක්‍රමේ.මුලින්ම http://ninjacloak.com එකට යන්න.ඒ සයිට් එකේ යට කොටුවක් තියෙනවා අවශ්‍ය කරන ඇඩ්‍රස් එක ගහන්න.එතනින් ලාංකීය සින්ඩියේ ඇඩ්‍රස් එක [http://syndi.lankeeya.lk] ගහලා GO කලානම් සරි.

වල්* ඇන්ඩ් පල්



ලියන්නත් ඕන.මොනව ලියන්නද මන්දා...මටත් අර රයිටර්ස් බ්ලොක් එකද මොකක්ද එක හැදිලද කොහේ.අවුරුද්දට සුභ පතල ලිව්වට පස්සේ මුකුත් ලිව්වෙ නැහ්.යන්තම් අර යකාට පින් සිද්ද වෙන්න ලිපි දෙක තුනක්ම දාලා තිබ්බ.තැන්කු වේවා ගජං කොල්ලෝ.
අවුරුද්දත් මෙලෝරහක් නැතුවම ගෙවිල ගියා.
ලියන්නත් පුංචි පුංචි සීන් ගොඩක් තියෙනව..ඒ ඔක්කොම එක හුස්මට ඇදල දාන්න හදන්නේ දැන්...
ඉඳලා ඉඳලා හිමිදිරි පාන්දරම [ඒ කියන්නේ 8.30 ට විතර.]ගියා කබ පෙරාගෙනම පේස් බුකි.අක්ක කෙනෙක් චැට් එකට ආව.### ඩයල්ස් එකක්.හායී හූයී ගාල පටන් ගත්ත එක මේකි තව තව වල්පල් අහනව..
ඔහොම ගිහින් මගෙන් අර ඝන ගැන අහන්න ගත්තනේ.නොදෝකිං.[දන්න එවුං දන්නවනේ.මගේ පේස් බුකියේ ඔය බඩු කැලි දාගෙන ඉන්නේ නැ.]
හැබැයි මුකුත් නොදන්න එකා වසයෙන් මම මේ ප්‍රොෆයිල් එක ෆේක් එකක්ද කියලත් ටැස් කොලා.එහෙමත් නැ.මටනම් තේරුන විදියට ඒ ඇත්තම කෙල්ලෙක්.
දැන් මගෙන් අහන්න එපා ඒ කෙල්ල කවුද?ලින්ක් එක මොකක්ද කියල....මම ඒකිව රිමූ කරල බ්ලොක් කලා.
දැන්නම් එක පාඩමක් ඉගෙන ගත්තා.ආයිනම් දන්න කෙල්ලෙක්ට පේස් බුකි එන්න දෙන්නේ නැ.කොල්ලොන්ටනම් ඉතින් ඕන එකක් කරගන්නකෝ...එකක් ලිව්ව.තව එකක් තියේ.
කෙල්ලෙක්ගේ පස්සෙන් ගොහින් ගොහින් යාන්තම් වචනේ ගත්තා පෙරේද රැ 10.56ට.සම්භාදක ගොඩාක් මැද්දේ යාන්තම් වචනේ දුන්නා.
රහක් නැ කියන්නේ හීනෙන් පෙනුනෙත් නැ.බදාගන්න ඇඳේ කොට්ටයක් තිබ්බෙත් නැහ්.
ඔය අස්සේ ඊයේ  ගොන් වැස්සියෙක් බස් එකේ මාත් එක්ක මුකුලු පාන්න ගත්තේ.මල ඇනයක් වෙලා මේ ඉන්නේ.
අදට ඇති.මේ ලෙඩේ හොඳ වෙනකම් අර යකා ලියයි හොඳේ.අවුලක් නැ නේ?

නිවේදනය-පාටි ඉල්ලන්න එපා.කපනව ඩෝ...

Friday, April 22, 2011

MISS DOUBLE GAME



මේ පාර ලියන්න යන්නෙ ගෑණු ළමයෙක්ගෙ නිර්ලැජ්ජිත වීර වික්‍රමයක් ගැන.
කතාවට සම්බන්ධ ගෑණු ළමය මගේ හොඳම යාලුවෙක්ගෙ ආදරණීය පෙම්වතිය.මේකයි කතාව.මට මෙතනදි ඇත්ත නම් හෙලි කරන්න බෑ.
මම මගේ යාලුව N කියන්නම් චූදිතයා U කියන්න්ම්.N දැන් මොරටුවෙ ආකි කරන කොල්ලෙක්.U දැන් මාළඹේ IT කරනව.N, U ව දාගත්තෙ හෙන කට්ටක් කාල.
ඒත් එතන වුනේ විද්දෙ හාවට වැද්දෙ පඳුරට වගේ සීන් කෝන් 1ක්.N try කලේ U ගෙ යාලුවට ඒත් ඌ දාගත්තෙ U ව.ලව් එක පටන් ගත්තෙ OL කරද්දි මේ වෙනකොට ලව් 1ට අවුරුදු 6ක් ගත වී අවසානයි.
අපි වුනත් දෙන්නගෙ ලව් 1ට මාර විදියට උදව් කරා.
මොකද මුන් 2ම පට්ට හොඳයි.දැන් තමයි තේරෙන්නෙ මොකට උදව් කරාද කියල.
මට ගිය සතියෙ අපේ එකෙක් කරල කිව්ව
"මචන් මාර සීන් එක අරකි (U) වෙන කොල්ලෙක් එක යාලුයි" කියල.
මම ඇහුව මට එකපාරට මුකුත් හිතාගන්න බැරුව ඇහුව
"උඹට ෂුවර්ද?'කියල.
ඌ කිව්ව මම නම් දැක්කෙ නෑ බං මගේ පවුල බස් එකේ යද්දි මේකි වෙන කොල්ලෙක් එක්ක තුරුල් වෙලා යනව දැකල තියෙනව කිව්ව.මට ඒත් ෂුවර් නෑ මොකද අපි ඉස්කෝලෙ යන කාලෙ එහෙම චාටර් චරිතයක් නෙවෙයි.
එතකොට මම හිටියෙ බෝඩිමේ.ඉතින් පහු වෙනිදා උදේ වලට ගිහින් හවස අපේ කෙල්ලෙක්ගෙ උපන්දිනයක් තිබ්බ.ඒකිත් හොඳ දතක් නිසා අපේ කොල්ලො සෙට් එක කිව්ව අපිට හොඳට කන්න ඕන කියල.ඉතින් දෙයියනේ කියල අපි ඒකිත් එක්ක නුගේගොඩ KFC එකට ගියා.
ඉතින් අපේ කෑම ටික ඕඩර් කරල එනකන් අයිනෙම තැනකට ගියා මොකද අපෙත් 10ක් විතර හිටිය නිසා.ඔහොම අපි වාඩි වෙලා ඉන්නකොට මම දැක්ක දැකල පුරුදු මූණක් තියෙනව.හොඳට බලද්දි එතන හිටියෙ U අර අනිත් කොල්ල එක්ක හිටියෙ.හැබයි U මාව දැක්කෙ නෑ.
කෑම කන අතරෙ මම අපේ සෙට් එකට කිව්ව සීන් එක.මට අම්බානෙක මල පැනල හිටියෙ.මම කිව්ව ඕකිට මට හොඳ කුනු හර්ප 2ක් කියල එන්න හිතෙනව කියල මේ වැඩේට.ඒත් මට පස්සෙ හිතුන මොනව වුනත් කෙල්ලෙක් නිසා සෙනඟ ඉන්න නිසා බනින එක හොඳ නෑ කියල. Uවෙනුවෙන් N තනියම දළඳා මාළිගාවට පවා ගියපු කෙනෙක්.
මොකද අපි මොන කුප්ප වැඩ කරත් දළඳා මාලිගාව එක්ක ලොකු බැදීමක් තියෙනව.පුද්ගලිකවම මමත් ගොඩක් විස්වාස කරන තැනක් එතන.ඉතින් උගේ ආදරය වෙනුවෙන් තමයි දළඳා මාලිගාවට පවා ගියේ.එහෙම කරපු කොල්ලෙක්ට නේද මෙහෙම කරන්නෙ කියල මට ඒ වෙලවෙ හිතුනා.
මන් ඒ ගමන්ම මට ඉස්සෙල්ල පණිවිඩේ කියපු එකාට කිව්ව්
"මචෝ කතාව ඇත්ත මම දැන් ඇස් 2ම දැක්ක" කියල.
ඌ කිව්ව මේ දවස් වල අපිට exam නිසා exam ඉවර වෙල එයා ගැන මම බලගන්නම් කියල.ඌත් මාළඹේ ඉන්න නිසා තමයි එහෙම කිව්වෙ.මටත් මලම පැනල කිව්ව ඔය බැල්ලිට හොඳ වැඩක් කරමු කියල.
ඌ එක්ක කතා කරල ඉවර වුනා විතරයි U මාව දැක්ක දැකල එකපාරටම බය වෙලා කොලේකින් මූණ වහගත්ත ඒත් එතකොට වෙන්න ඕන ටික වෙලා ඉවරයි.
මමත් දිහා හොඳට බලාගෙන හිටියා.කොල්ලත් මං දිහ බලල U ගෙන් මොනවද අහනව මම දැක්ක.වැඩේ අතේ පත්තු වුන නිසා අර කොල්ල එක්ක U එතනින් නැඟිටල ගියා.
එතකොටම අපේ කොල්ලො සෙට් 1ට මල පැනල ඉන්න තැනත් අමතක වෙලා හෙන් හූවක් දුන්න.
"මෙහෙත් කොල්ලො ඉන්නෝ............" කියල එකෙක් කෑ ගැහුව.
මේක වුනේ ගිය බදාදා ඒ කියන්නෙ 20.දැන් මට තියෙන ප්‍රශ්නය කොහොමද මේක N ට කියන්නෙ කියල.මොකද N කියන්නෙ මට ඉන්න හොඳම බොක්කවල් ටිකෙන් 1ක්.
අනික උගේ ලව් එකේ හැටියට මම ඕක කිව්වොත් ඌ මාත් එක්ක තරහ වෙනව මං බොරු කියනව කියල.ඒත් මෙච්චර ආදරේ කරන කොල්ලෙක්ට මෙහෙම කරේ ඇයි කියල මට තාම හිතා ගන්න බෑ.
මේක කියවල ඔයාලට මොකක් හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් දෙන්න මොකද මට මේ වෙලාවෙ මුකුත් හිතා ගන්න බෑ.දැන දැන මගේ යාලුවෙක් වලේ වැටෙනව බලන් ඉන්න බෑ.

Thursday, April 21, 2011

අනේ මූ වගේ මෝඩ හරහෙක්....


කැටියගෙ නවාතැනේ තිබ්බ පෝස්ට් 1ක් දැකල කෝච්චියෙ යද්දි වෙච්ච රස කතාවක් මතක් වුනා.මේ සීන් කෝන් එක වුනේ සීයා කෙනෙක්ට තමයි.මම සති අන්තෙ නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යන්න සෙට් වෙන්නෙ කෝච්චියේ.
මගේ බෝඩිම් මන්දිරේ තිබ්බෙ පිලියන්දල. ඉතින් මොරටුවෙ බැහැල ගියාම මට ලේසියි.ඉතින් හවසට ගාල්ලෙන් යන කෝච්චි කට්ටෙ නැගල යද්දි තමයි සීන් එක වුනේ. හවස යන කෝච්චියෙ වැඩිය සෙනග නෑ.ඉතින් අම්බලන්ගොඩදි කෝච්චියට කොල්ලො සෙට් එකක් නැග්ගා.
මොකක් හරි ක්‍රීඩාවක් කරන සෙටාර් එකක් තමයි නැග්ගෙ ටික දුරක් යද්දි සෙටාර් එක සින්දු කියන්න ගත්ත.ඒත් සමහරුන්ට නම් ඒක වැඩිය ඇල්ලුවෙ නෑ.
ඒත් මට නම් ජොලි.නිදිමත නැතුව යන්න පුලුවන් නිසා.කොහොමහරි අලුත්ගමදි කෝච්චියට සීය කෙනෙක් නැග්ග.සීය හොඳ පදමට ගහල හිටියෙ.අර කොල්ලො සෙට් එකත් සීය සෙට් කරගෙන සින්දු කිය කිය ආව.ඔය අතරෙ සීය කියන කතාවලට කොල්ලොත් පැනි දාල අඹරල දෙනව.
ගොඩක් ස්ටේෂන් වල නිවේදන කටයුතු භාරව ඉන්නෙ "P........" Voice  එකක් තියෙන පොරවල් කියල කෝච්චි වල යන ගොඩක් අය ඒක දන්නව මං හිතන්නෙ.ඉතින් කලුතරට ආවම අර අයියා කෝච්චිය නවත්තන තැන් ටිකත් කියල.අන්තිමට මෙහෙම කිව්ව.
"3 පංතියේ ප්‍රවේශ පත්‍ර  ගත් මඟීන් 2 පංතියේ යාම දඬුවම් ලැබිය හැකි වරදකි.කරුණාකර 3 පංතියේ ප්‍රවේශ පත්‍ර ගත් මඟීන් 2 පංතියේ ගමන් කිරීමෙන් වැළකී සිටින්න."
එතකොටම සීයත් මල පැනල මෙහෙම කිව්ව.
"අනේ යකෝ 3 පංතියෙ ඉඳන් 2 පංතියට යන්නෙ මොන මෝඩයද.මම නම් කෙලින්ම 3 පංතියෙ ඉඳන් 4 පංතියට ගියේ..අනේ මූ වගේ මෝඩ හරහෙක්.."
මේක අහල අර කොල්ලො ටිකටයි ඒක ඇහුන අනික් අයටයි මැරෙන්න හිනා.පස්සෙ සීයා පානදුරෙන් බැහැල ගියා.

Tuesday, April 19, 2011

ලොකු ළමයෙක්.......

අවුරුද්ද හොදට කාපු නිසාත්,කලින් මගේ ආදර කතාව ලිව්ව නිසාත් මේ පාර ආතල් කතාවක් ලියන්න හිතුව.අනික අපේ කුරුං ගුරුං මලයත් මගේ ඔලුව කනව හැමදාම අද මුකුත් දාන්නෙ නැද්ද? අහල.මේකයි කතාව.

අපි O/L කරන කාලේ පංතියට අපේ යාලුවෙක් ආවම ගුරු මේසෙට දාල තියෙන රෙද්ද අරගෙන ආපු එකාගෙ ඔලුවට දාල ඌට ගහනව අම්බානෙක.ඉතින් එදා කවුරුත් ගුරුවරු අපේ පන්තියට ආවෙ නෑ.කොහොමහරි Free Period එකක දන්න කියන කොල්ලෙක් ආපු නිසා අපි ඌට හොඳට සැලකුව.ඉතින් නියම වැඩේ කියන්නෙ මූ හොඳට ගුටි කාල.රෙද්දත් ඔලුවෙ දාගෙන පන්තියෙන් එලියට ගියා.

එතකොටම මුගේ කරුමෙට අපේ අංශ භාර Sir ආව.Sir හිතුවෙ මූ කොල්ලොන්ට ආතල් එකක් දෙන්න මෙහෙම කරනව කියල.Sir කරපු වැඩේ මූ එක්කගෙන ගිහින් Sirගෙ Office එක ඉස්සරහ තිබ්බ.තියල නිකන් හිටියෙ නෑ.
 "රෙද්දෙන් ඔලුව වහගෙන ඉන්න"
කිව්ව.ඉතින් මූට කොහොම හරි Interval එකෙත් එහෙමම ඉන්න සිද්ධ වුනා.එක එක ගුරුවරු ඇවිත් රෙද්ද උස්සල බැලුව කවුද මේ ඉන්නෙ කියල.මූ දැන් ලැජ්ජාවෙ ඇඹරෙනව.අපේ පන්තියට මූ හිටපු තැන හොඳට පේනව. එතනට ආපු එක Sir කෙනෙක් මුගෙන් ඇහුවලු.
"ආහ් පුතේ උඹ මල්වර වුනාද?නැකත කීයටද තිබ්බෙ?"
කියල.මූට ඒ වෙලාවෙ පොලව පලාගෙන යන්න හිතිල.ඌ හැබැයි හොඳ කොල්ල ඇවිල්ල අපිට ඒකත් කිව්ව.අපිට පස්සෙ කරපු වැඩේට පව් කියලත් හිතුනා.

Wednesday, April 13, 2011

උදාවන සිංහල - දෙමළ අලුත් අවුරුද්දට කෝපි කඩෙන් සුභපැතුම්!






කුරුං ගුරුං මහතාගේ සුභ පැතුම!!!

ඇත්තටම මේ එළඹිලා තියෙන්නේ ඉතාම වටිනා සංස්කෘතික වටිනාකමක් තියෙන අවස්ථාවක්.අපි මෙතනදි කියන්න ඕන මේ රට වසර 30 ක යුද්ධයෙන් බේරගෙන මුළු රටම අවුරුද්ද සමරන අවස්ථාවක් කියන එක.ඒ වගේම ඒ උදාර රණවිරුවන්,ඔවුන්ගේ පවුල්වල උදවිය වගේම සියලුම අයට මේ අවස්ථාවෙදී සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්න ඕන.
මේ එළඹිලා තියෙන අවස්ථාවේදී අපි ඉදිරියට එන මාස 12 පිළිබඳව සැලැස්මක් හදාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඕන.හැමදේම අලුත් කරගන්න ඕන.අලුත් විදියට හිතන්න,කටයුතු කරන්න ඕන.
ජාති බේද නැති,කුළ භේද නැතිව මේ අවුරුද්ද සමරන්න අපි ආරාධනා කරනව.තවත් දෙයක් මතක් කරන්න ඕන.අපේ පත්තර මල්ලිලා කලින්ම මතක් කලානේ අවුරුදු සතියේ බාර් වහනවා කලින්ම තමන්ට ඕන වර්ග වලින් ගන්න කියලා.අන්න ඒ ගනිපුවයින් ගානට අනුමත වෙන්න ඕන.පොලීසියේ උදවියටත් අවුරුදු කන්න දෙන්න එපාය.ඕන්න හෙට උදේට බාර් එක ගාවට ගිහින් පිකටිං එහෙම කොරන්ට එපා ඕං.

ශොට් එක වැඩි උනොත් එහෙම කට වහගෙන නිදාගන්නවලා.නැත්නම් ඔබතුමන්ලා කැ ගැහුවොත් අල්ලපු ගෙදර නෝන මහත්තය එහේ මහත්තයට අනුමත වෙන්න දෙන්නෙත් නැ ඕං.
ගහගන්න ම ඕනනම් ඔය වසරම කිරි එරෙන්ට කියල ගොහින් කොස් ගහකට කිරි බේරනකම්ම ගහනවලාකෝ.

එහෙනම් ඕං කිව්ව. සමස්ත ලෝකවාසී සියලුම රටවැසියන්ට සුභම සුභ නව අවුරුදු මංගල්‍යයයක් වේවා!

මම,
මිස්ටර් කුරුං ගුරුං


ප.ලි.
ඔය බොන පාට් ලිව්වේ ආතල් එකට විතරමය.ඕවා නැතුව නෝන මහත්තයව අවුල් කරගන්නේ නැතුව(මොන නෝන මහත්තයද කැමති තමාගේ සුවාමි පුරුසය බොනවට?) සුභම අලුත් අවුරුද්දක් සමරන්නකෝ එහෙනම්.

ගජං මල්ලි මහතාගේ සුභ පැතුම!!!

 ලැබුවා වූ අලුත් අවුරුද්ද බ්ලොග් ලියන සියලු දෙනාටත්,ලංකා වාසී සියලු දෙනාටත්,කිරි පැනි ඉතිරෙන,සියලු ප්‍රාර්ථනා ඉටුවෙන, ආදරය ඉතිරෙන,සුබම සුබ  වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.........!!!!!!!!!!!!!!

මම,
මිස්ටර් ගජං මල්ලි

සව්ලුදු කුමාලයා

ඔන්න දන්නෙමත් නැතුව අලුත් අවුරුද්දත් ළඟටම ඇවිල්ලා.යාන්තමට සතියක් විතර නිවාඩුවකුත් හම්බ උනා.කොහොම උනත් ගෙදරට වෙලා නිකං ඉන්න වෙලේ හරී හුරතල් පුතෙක් පුංචි කාලේ අවුරුදු කුමාරය වෙච්ච හැටි ලියන්න හිතුන.
ඔය හුරතල් පුංචි එකාට ඒ කාලෙත් මේ දැන් කාලේ වගේම කොම්පීතර් උණ තිබ්බා.ඒ පැංචගේ අම්මයි තාත්තයි ඉතින් ඒ පොඩි එකාට ඉගෙන ගන්න කියලා කොම්පීතර් කලාස් එකකට දැම්මා කියමුකෝ.ඉතින් ඔය කලාස් එකේ ඉගැන්නුවේ කුමාරි මිස්,ගංගා මිස් සහ තව සර්ල දෙන්නෙක් කියලනම් කොලු පැංචට මතකලු.(දැන් ඉතින් අහපල්ලකෝ මොකද ඌට මිස්ලගේ නම් විතරක් මතක?සර්ලගේ නම් අමතක කියල?)
ඔය මම කිව්ව පුංචි පැංච හරී හුරතලා නිසා මිස්ල හරිම ආදරේලු මේ පොඩ්ඩට.පොඩ්ඩත් ඉතින් කලාස් එක පටන් ගන්න පැය බාගෙකට විතර කලින් ගිහින් මිස්ලගේ සාරි පොට අතගගා හුරතල් වෙනවලු.ඔහොම යද්දී තමා බක් මහේ ලං වෙලා තියෙන්නේ.ඉතින් ඒ පැංච ඉගෙනගත්ත ආයතනෙත් අවුරුදු උත්සවයක් තියන්න ලැස්ති වෙලා පැංචටත් එන්න කිව්වලු.
 පැංචත් උදේම නැගිටලා ක්ලීන් සූට් ගහලා අවුරුදු උත්සවේට ගිහිල්ලා උත්සවේ බල බල ඉන්නවලු.අන්තිම හරියට දැන් ටික ටික ළං වෙනවලු.අන්තිමට දැන් තියෙන්නේ අවුරුදු කුමාරි තරඟේ ලු.හැබැයි එකම තරඟකාරියක්වත් නැතිලු.
අන්තිමට සංවිධායකයෝ කලපු වැඩේ තමා අවුරුදු කුමාරි,කුමාරය කරපු එක.(අහවල් ඔපරේසොං එක නෙවේ හොඳේ.)
ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෝ ඉන්න නිසා අන්තිමට එකෙක්වත් මේ තරඟෙටත් නැතිලු.ඔය වෙලාවේ අර සර්ල දෙන්නා වටේට හිටපු කොල්ලෝ ටික ඇදලා දැම්මලු බලෙන්ම තරඟෙට.(කෙල්ලො බලෙන් දැම්මනම් මල කෙලියක් වෙනවනේ.)මිස්ල දෙන්නම කලපු වැඩේ තමා හැමදාම මිස්ල එක්ක හුරතල් වෙන අර පුංචි එකා බලෙන්ම තරඟෙට යැව්වලු.ටීසට් එකේ මලකුත් ගහලා.පොඩ්ඩටත් මොකෝ තරඟෙට ගියාලු ලැජ්ජාවෙන් ඇරඹි ඇඹරි.
ඕන් ඔය වෙලේ තමා පොඩ්ඩගේ වයර් පොඩ්ඩක් සෝට් වෙලා තියෙන්නේ.ඔක්කොම ගෙමට ඉන්න එවුන් අයියලා ලු.මූ තමයිලු අරුන්ගේ උසෙන් බාගයක්වත් නැති එකම එකා.
ඔය තරඟේ අම්පයර් අයියා ඇවිල්ලා දැන් ජජ් එක දෙන වෙලාවලු දැන්.
අප්පට සිරි.පොඩ්ඩගේ කට කනේ.මේ ඉන්නේ මගේ බුදු පිට් එකක්නේ.බැලින්නම් අම්පයර් ඉන්නේ ඡන්දේ ඉල්ලපු පැංචගෙ පැත්තේ නෙවෙයි වෙන පැත්තක අයියා කෙනෙක්ලු.
පැන්ච එක්කත් දැන් මේ අම්පයර් අයියා කතා කොරල අන්තිම තීරනේ දුන්නලු.
"200X වර්සයේ #### ආයතනයේ අවුරුදු කුමාරයා පැංචා" 
පැන්චට දැන් හෙනම හැපිලු.ගමේම කොලු ගැටය පරසිද්ධයි ලු.අහවල් ආයතනේ අවුරුදු කුමාරයා මූ කියලා.
පැන්චට අවුරුදු කුමාරය උනාට ලස්සන ලැම්ප් සේඩ් එකක් හම්බ උනාලු අන්තිමට.ඒ පැන්චා කොච්චර ලකී පැන්චෙක්ද නේද?




"අම්මේ,කෝ අර මම අවුරුදු කුමාරය වෙලා හම්බෙච්ච ලැම්ප් ශේඩ් එක?"

Sunday, April 10, 2011

අනිව කියවන්න.

මම මේ දාන්නේ මම දාපු පැනඩෝල් ගැන ලියැවුනු ලිපියට අපේ සිංහල බ්ලොග් ලියන ​​ෛව්ද්‍ය වරයෙක් වෙන මිගාර අයියා දාපු කමෙන්ට් එකක්.මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මම දාපු ඒ ලිපියේ වැරදි තැන් ටිකක් ගැන ඔයාලගේ අවධානය යොමු කරන්නට.කොහොම උනත් ඒ කමෙන්ටුවක් මගින් ඇත්ත තත්වය කියාදුන්නු මිගාර අයියට නැවතත් ස්තුතියි.

එකින් එක බොරු මොනවද කියල මම පෙන්වල දෙන්නම්.

1.is because Panadol is toxic to the body, and it harms the liver. - ඕනම විෂක් නියමිත මාත්‍රාවෙන් බේතක් වෙන අතර ඕනම බේතක් වැරදි මාත්‍රාවට අනුව විෂක්. පරසිටමෝල් ගැනත් තත්වය මේකයි. නියමිත මාත්‍රාව පාවිච්චි කළොත් කිසිම හානියක් වෙන්නේ නෑ.

2. According to the doctor, Panadol will remain in the body for at least 5 years. - මේක කියපු කෙනා යන්න ඇත්තේ කොන්දොස්තර කෙනෙක් ගාවට. පැරසිටමෝල් වල අර්ධ ජීව කාලය පැය 5යි. ඒ හින්දා තමයි දවසට හතර වාරයක් නිර්දේශ කරන්නේ. ඔය කතාව ඇත්ත නම් පැනඩෝල් බිවුවට පස්සේ අවුරුදු 5ක් යනකම් උණ හැදෙන්නේ නැති වෙන්න ඕන

3. And according to the doctor, there was an air-hostess who consumed lots of Panadol as she needed to stand all the time and work under lots of pressure. She's now in her early 30's, and she is undergoing kidney cleaning (DIALYSIS) every month - තවට් තඩි බොරුවක්. පැරසිටමෝල් නියමිත මාත්‍රාව ගණනේ අවුරුදු දහයක් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙම ගන්න ආත්‍රයිටිස් arthritis) රෝගීන් ඕන පදම් ඉන්නව. ඒ වගේම වකුගඩු අක්‍රිය වෙච්ච (Chronic renal failure) කෙනෙක්ට රුධිර කාණ්දු පෙරහණ (Hemodialysis) සතියට වාර 2 - 3 දක්වා කරන්න වෙනව. මාසයකට සැරයක් කරනවලු! බි.පෙ.සි. (Rolling on the floor laughing)

4. Whenever we have a headache, that's because it is due to the electron / Ion imbalance in the brain. - තව බොරුවක්. එහෙම වුණොත් නොනවත්වා වලිප්පුව හැදෙනවා! හිසරදය හැදෙන්නේ හිසේ විවිධ පටක වල එන විවිධ ආබාධ නිසා මිසක් අයන වල වෙනස් වීම නිසා නෙවී

5. the lesser would be your threshold for pain (your endurance level for pain). - මේකත් බොරු. එහෙම එකක් වෙන්නේ නෑ

6. Imagine that we had spent our entire life popping quite a substantial amount of Panadol (Pain Killer), when you need to have a surgery or operation, you will need a much more amount of general anesthesia. - තව බොරුවක්. පැරසිටමෝල් සහ නිර්වින්දනය ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ශෛලමය ආදායක (cellular Receptors) හරහා. එකක වෙනස් වීම අනිකට බලපාන්නේ නෑ


7. your body is so used to pain killer that you would need a much stronger pain killer, Morphine???? - තවත් බොරුවක්. පැරසිටමෝල් ක්‍රියා කරන්නේ වේදනාව පවතින තැන. මෝෆීන් ක්‍රියා කරන්නේ මධ්‍යම ස්නායු පද්ධතියේ. මේ දෙක අතර සම්බන්ධයක් නෑ
 

Friday, April 8, 2011

හිස කැක්කුම ද?පැනඩෝල්[පැරසිටමෝල්] බොනවද?චුට්ටක් කියවල බලන්න.

මේ දාන්නෙත් මට ඊමේල් එකක් මගින් ලැබිච්ච දෙයක්.ඔයාලටත් වටීවි කියල හිතනව.කඩ්ඩෙන් තියෙන්නේ.ගෙළුවට පෙරලන්න කම්මැලියි වගේ.කඩ්ඩෙන්ම කියවල බලන්නකෝ.



My husband was working in a hospital as an IT engineer, as the hospital
is planning to set up a database of its patients and he knows some of  
the doctors quite well. The doctors used to tell him that whenever they
have a headache, they are not willing to take PANADOL / PARACETAMOL.    
                                                 
In fact, they will turn Herbal Medicine or find other alternatives. This
is because Panadol is toxic to the body, and it harms the liver. According to the doctor, Panadol will remain in the body for at least 5 years.
                                                 

                                               
And according to the doctor, there was an air-hostess who consumed lots of Panadol as she needed to stand all the time and work under lots of pressure. She's now in her early 30's, and she is undergoing kidney cleaning (DIALYSIS) every month.                            

Whenever we have a headache, that's because it is due to the electron / Ion imbalance in the brain.            
                                                 
Some  alternative solution to cope with this matter is

Drink lots of water.

                               
Another method will be to submerge your feet in a basin of warm water so that it brings the blood pressure down from your throbbing head.      
                                                 
As Panadol is a pain killer, the more Panadol you take, the lesser would
be your threshold for pain (your endurance level for pain).  We all will
fall ill as we age.    
                                                 
Imagine that we had spent our entire life popping quite a substantial  
amount of Panadol (Pain Killer), when you need to have a surgery or    
operation, you will need a much more amount of general anesthesia.          
                                               
                                               
If you have a very high intake of Panadol  throughout your life        
(Migraine, Menstrual cramps ) it is very likely that  normal general    
anesthetics will have no effects on you  as your body is pumped / full with
Panadol and your body is so used  to pain killer  that you would need a  
much stronger pain killer,  Morphine????                        
                                                 
The thought is scary enough to turn me to Herbal Medicine or other    
healthier alternative.  Value your health, value your life, THINK TWICE      
before you easily pop that familiar pill into your mouth again. 

Wednesday, April 6, 2011

අනේ පුතේ තෙමෙන්න එපා.

මේකත් ඉතින් මේ රත්තරන් කොලු පැටියා කාපු කස්ටක්ම තමයි.වෙලාවකට හිතෙනව ඉල්ලගෙනම කාලද කියල.
කොහොමින් හරි මේ කේස් එක උනේ සාපේ ලියන්න ඔන්න මෙන්න කියල දවසක.
පන්ති නවත්තන්න අන්තිම දවසක් සෙටාර් උනේ.අඟහරුවාද දවසක් උනොත් කොල්ලො කෙල්ලො ටික ඉස්කෝල වල යන්නේ නැති නිසා සර් කිව්වා මමත් කොහොම හරි පන්තියට පැනල එන්නම් උඹල වරෙල්ල කියල.අපිත් ඉතින් ගියා.පන්තියේ අන්තිම දවසනේ.
උදේ හොඳහැටි අව්ව පායල තිබ්බ නිසා කුඩ ගෙනිච්චේ නැ.පොත් දෙකක් බැග් මල්ලේ දාගෙන පන්ති ගියා.පන්තියේ අන්තිම දවස නිසා සර් අපට වෙනසකටත් එක්ක පාරේ යන වඳුරො නවන එක්කෙනෙක් ගෙන්නවලා වඳුරවවත් නටවල පෙන්නුව.(ඒක බලන්න ඕන එවුන්ට තමයි පහතින් ඔය වීඩියෝ එක දැම්මේ.කොලිටි නම් චා හොඳේ.) 








ඔන්න ඔහොමයි වඳුරා නැටුවේ.ඊට පස්සේ ආයෙත් පන්තියට ගොහින් සර් ඉගැන්නුවා.12 වෙනකොට පන්තිය නවත්තන්න ඕන උන නිසා නැවැත්තුව.ඒ වෙලාව වෙනකොට සූ ගාල වහිනව.මං හිතන්නේ වැස්ස වලාහක දෙයියන්ට ඇඬෙන්නම බූට් එකක් වැදිච්ච දවසක්.හික්z.
මොනව කරන්නද ඉතින්?අපි කුඩ ගෙනියනවාය කියලය?කෙල්ලො නම් ගෙනාපු කුඩත් ඉහලගෙන ගෙවල් බලා (වෙන්න ඇති.)හියා.අන්තිමට අපි 4 දෙනෙක් කුඩත් නැතුව පන්තිය ලඟ ඉතුරු වුනා.තෙමි තෙමි එනව වගේය විභාග අස්සේ ලෙඩක් හදාගත්තොත්.අනික වැස්සට තෙමෙන්න එපා කිව්වනේ විකිරණ ප්‍රශ්නේ නිසා.(ජෝක් එකක් හොඳේ.මට කැලැන්ඩර් මාරු උනේ නැ.)
බැලුව වෙලාව 12.10යි.ම්හු.පායන පාටක් නැ.12.20ටත් ඒ ටිකමයි.හවස ඒ මදිවට කොමර්ස් පන්තියේ අන්තිම දවස නිසා යන්නම ඕන.යන්තම් වැඳලා වැඳලා ටියුසොං කඩේ කාඩ් මාර්ක් කරන අයියගෙන් කුඩ දෙකක් ඉල්ල ගත්ත.දැන් මට කුඩයක් නැ.කාල වරෙන්කෝ.මොකැ කරන්නේ බලල බැරිම තැන ගැහුව කෙලි පැටික්කියෙක්ගේ ගෙදරට ඇස් ඇම් ඇස් එකක්.
"මට කුඩයක් දෙනවද?"
"මම ගෙදරනේ හලෝ"
"මම ගෙවල් ගාවට එන්නද?"
"එපා.ඔහොම ඉන්න.කුඩේකුත් අර අපේ අම්ම ඔතෙන්ට එයි."


ගිණි විජ්ජුම්බරයයි....


එහෙම හිතුන නේද?අපෝ එහෙම නැ ඕයි.ඒ ඇන්ටි මාව දන්නව.අප්පච්චියේ මගේ කාඩ් එක කිසි අවුලක් නැ.හරියට මම තාම කිරිසප්පය වගේ.(වගේ කිව්වට එහෙම තමයි හරිය?.)
ඇන්ටි එනකොටම ඉස්සරහට පැනල ගිහින් කුඩේ ඉල්ල ගත්ත.
"තෙමෙන්න එපා පුතේ."
"හා ඇන්ටි තැන්කිව්.මම හවසට පැටික්කිට කුඩේ දෙන්නම්."
"හා"


ඔහොම කියලා කුඩෙත් ඉහලගෙන ගෙදර එන්න පිටත් උනා.අපරාදේ කියන්න බැ ඔය වෙනකොට 12.30ත් පහුයි.එන්න පිටත් වෙලා මීටර් 100ක් යන්න උනේ නැ වැස්ස පැව්ව.අනේ ඉතින් මගේ කට.


කමක් නැ කියල කුඩේ අරන් ගෙදර ආව.එපාර තාත්ත ප්‍රශ්න කෝටියයි.
"කුඩේ කොහෙන්ද?"
දීපල්ලකෝ උත්තර.
"තාත්තේ අර අක්ක ගේ අම්ම බැඳපු අන්කල්ගේ නෝනගේ මල්ලි බැඳපු ඇන්ටි හම්බුනා එයාගෙන් ඉල්ල ගත්ත."


ඒකත් සේප්.කුඩේ හවස හෙනිහුං දෙනව කිව්වට කෙලි පැටික්කිට දෙනව කිව්වේ නැ.එපාර හදිස්සියේ තාත්ත කිව්වොත් "තෝ යන්න ඕන නැ.මම ගෙනිහුං දෙන්නං"කියල.ඔක්කොම ඉවරනේ.(අපේ අප්පොච්ච එහෙම කියන්නේ නැ හොඳේ.හරී හොඳයි.සිරාවටම මෙච්චර කාලෙකට මට කවදාවත් ගහලා නැ.වරදකට තියෙන්නේ ඉතින් මේ දවස් වල වැඩක් නැතුව ගෙදර හිටිය කියල නැ හිමිදිරි පාන්දර 10-10.30 පහුවෙනකොට ලවුඩ්ස්පීකරේ තමා.)

කොහොමින් හරි ඔහොම ගෙදරට පැනගත්ත කියමුකො.දවල් ට කාල ගියා කොමස් පන්ති.ඇන්ටිගෙන් ඉල්ල ගත්ත කුඩෙත් අරගෙනම.ගිහින් බැලුව පැටික්කි ඉන්නවද කියල.ම්හු නැ.ඒ මදිවට කුඩ දෙකක්ම අතේ.
ඒ කියන්නේ අද මෙයා එන්නේ නැ.ඊට පස්සේ සර් අන්තිම දවසනේ කියල නිකන් උඩින් පල්ලෙන් අපට මතක් කරා අමතක වෙන දේවල්.ඊට පස්සේ සින්දු කියන්න ඉඩ දුන්න.
මොන?එකෙක්වත් යන්නේ නැ.සර් ආව මගේ ළඟට"මොකෝ ගුරා සින්දුවක්වත් කියන්නේ නැද්ද?
"සර් ස්ත්‍රී පාර්සවේ වැඩි නිසා එයාල කිව්වොත් අපි කියනව.නැත්නම් නැහ්"
කියල කට ගන්න උනේ නැ.කෙල්ලෙක් ගියා ඉස්සරහට.කිව්ව සින්දුවක්.දැන් ඉතින් කාල වරෙන්කො."ගුරා කෝ සින්දු?"
අපේ එකෙක්වත් යන පාටක් නැ.මමනම් සින්දු කියල්ල ලැස්ති වෙලා ගියේ.කොලේක දෙපැත්තේ සින්දු දෙකක්ම ලියාගෙන.කපුව කියල එකෙක්ගෙන් ඇහුව මොකක්ද කියන්නේ කියල.මේක කියපං කිව්ව.ඕන්න සින්දුව කිව්ව හැටි බලාගන්නකෝ.

 
හොඳය මගේ සිඟින්ග්?ආහ් කියන්න අමතක උනේනේ.කරුමෙට ඔය සින්දුවේ තැනක තියෙනවනේ "ඇතාම නැ" කියල කැල්ලක්.අන්න ඒක කියද්දි නම් සර් ඇර අනිත් ඔක්කොම මට බුදු සපෝර්ට් එකක් දුන්න.ඔක්කොම එවුන් මට එපා වෙනකම්ම හිනා වුනා ඒ කැල්ලට.මොකෝ අර පැටික්කිත් එදා පන්තියට ආවේ නැ නේ.
ආයි කුඩෙත් උස්සන් ගෙදර යන්න බැරි නිසා සේප් එකේ පැටික්කිගේ ගෙවල් පාමුලට ගිහින් ඇන්ටි ගෙන්න ගෙන කුඩේ දුන්නා.එපාට ඇන්ටි එක්ක චැට් එකක් එහෙම දාලා ආව කියමුකෝ. 
 
හොඳම වැඩේ උනේ ඊට දවස් දෙක තුනකට පස්සේ.පෝස්ට් එක දිග වැඩි උනත් ලියල දාන්නම්කෝ. 
මම ඉස්සෙල්ලත් කිව්වනේ සාපේට ඔන්න මෙන්න කියලා අර වැඩේ උනේ කියලා.ඉතින් ඒ ළඟ දවසකම අපට ටවුන් හෝල් එකේ සම්මන්ත්‍රණයක් තිබ්බා.වැඩේ කියන්නේ උදේ ඉඳන්ම වහිනවා.ඒ මදිවට ටවුන් හෝල් එකත් තෙමෙනවා.මොනව කරන්නද කියල තෙමි තෙමිම ගොහින් වාඩි උනා.
එතනින් එහා පැත්තේ අර පැටික්කිගේ අම්ම හිටිය.(ඔව් ඔව් කුඩේ දුන්න ඇන්ටි තමා හරිය?)ඉතින් මම වතුරගොඩේ ඉන්නව දැකල ඇන්ටි හස්ත මුද්‍රාවෙන් කට හොල්ලල කිව්ව "වෙන තැනකට යන්න පුතේ ඔතන තෙමෙනව" කියල.
මමත් කිරිසප්පයට ඕක ඔච්චර තේරුනේ නැ.
වැඩේ හරියන්නෙම නැති තැන ඇන්ටි අර කොල්ලො කෙල්ලො 500 ක් විතර වාඩි වෙලා හිටි හෝල් එකේ (වාඩි වෙලා හිටියෙ හැමෝම.මම ඉස්සරහම පේලියේ.)මං ඉන්න තැනටම ඇවිල්ල "පුතේ ඔතන තෙමෙනව.වෙන තැනකට යන්න.මේ දවස් වල තෙමෙන්න එපා"කියල කිව්ව නෙව.
වැඩේ කියන්නේ ඒ 500 දෙනාගෙන් අඩුම ගානේ 450 ක් වත් මාවයි අර පැටික්කිවයි දන්නවා.උදේ උන ඒ සිද්දියෙන් අපරාදේ කියන්න බැ දවසම හැමෝගෙන්ම වගේ ප්‍රතිචාර හම්බුනා.
හ්ම් දැන් ඇති වගේ.එච්චරම රහක් නැ වගේ නේද?අනේ මන්ද.මට පුලුවං හැටියට ලිව්වේ.කොමෙන්ට් එකක් එහෙම දාන්නකෝ. 
 
අර කුඩේ ඉල්ල ගත්ත පැටික්කියෙක් ගැන කිව්වේ.ඒ තමයි පාරමී.(බොලොගේ ඇවිස්සුවොත් කවුද කියලා හොයාගන්න පුලුවන් වෙයි.හිකිz ය.
මේක කියවන එවුන් මේ කතාව කාටවත් අපහසයක්වත්,හිත රිදවන්නවත් දැම්ම එකක් නෙවේය කියල දැනගන්න.හොඳේ.මේ කිරිසප්පයට ඒ වගේ වැඩ කරන එක පුරුදු නම් නැ. 

Tuesday, April 5, 2011

මෙහෙම නිර්මාණයක්! දැකල තියෙද?

අදනම් ලොකූ පෝස්ට් ලියන්න වෙලවක් නැ වගේ.කොහොම උනත් ස්වභාව ධර්මයේ අමුතුම නිර්මාණයක පින්තූරයක් හම්බ වුනා.ඔයාලත් බලන්නකෝ.හොඳට බලන්න නම් බෙල්ල වම් පැත්තට ටිකක් ඇල කර ගන්නකෝ...




හා හා... බෙල්ල කඩාගන්න එපා.ඔන්න පහළින් පින්තූරේ දාල ඇති හරි පැත්තට.




පස්සෙන් එන්න