web 2.0

Thursday, March 24, 2011

ආදර හටන





ආදර සටනක් කිව්වහම හැමෝටම හිතෙන්නේ ආදරේ දෙදරලා ගිහින් ඇතිවෙන වළියක්.හැබැයි මම මේ කියන්නේ ගාල්ලේ ආදර වන්තයන්ගේ සටන ගැන.ගාල්ලේ අය නම් දන්නවා මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා..
ඔව්.ඒ තමයි හෙටයි අනිද්ද්යි ගාල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවත්වන්නට නියමිත රිච්මන්ඩ්-මහින්ද බිග් මැච් එක.106 වෙනි වතාවට තමයි හෙට මේ මැච් එක පැවැත්වෙන්නේ.බිග් මැච වලට මනා ආදර්ශ සපයමින් ගාල්ලම කළ එළි කරන අපේ බිග් මැච් එක බලන්න ඔයාලත් එන්න කියල ආරාධනා කරනව.
මැච් එකේ රිච්මන්ඩ් ටෙන්ට් එකට ඇවිල්ලා

Come Alone RICHMOND
Keep It Up RICHMOND
කියලා කෑගහන්න ලෑස්ති වෙලාම එන්නකෝ.

4 ප්‍රතිචාර:

Anonymous said...

අනිවා, සෙනසුරාද දවල් වෙනකොට පිට්ටනිය හොල්ලමු !

අන්තිමට තියන චියරින් පාර දැක්කම මතක් වෙන්නෙ ඉස්සර උඩ පිට්ටනියට එක්කගිහිල්ල ප්‍රිෆෙක්ට්ස්ල අපිව චියරින් වලට ප්‍රැක්ටිස් කරවපු හැටි.

කීප් ඉට් අප් රිච්මන්ඩ් //
ෆැන්ට පාට කහපාටයි මහින්දලාට බැරි පාටයි //
ඇරෝ ඇරෝ හතරෙ එකක් ඇරෝ. ///

තාම එහෙම පුරුදු කරවනවද දන්නෙ නෑ .......... [හරිම ලස්සන දවස්]

Anonymous said...

බොලාලගේ නම් හෙට බිග් මැච් ආතල් වගේ අපිට ඉන්න වෙනවා අප්‍රේල් 2 වෙනකම්

Dilanka Madhawa said...

නවම් අයියේ,ඔයාලත් එනව නේද මැච් එක බලන්න?නවම් මාවත ලියන්නේ කවුද කියලා බලාගන්නත් ආසයි.හම්බෙන්න ට්‍රයි එකක් දාමුද?
මේපාර නම් ප්‍රැක්ටිස් කලාද දන්නේ නෑ.ගිය අවුරුද්දේ නම් ප්‍රැක්ටිස් කලා.
සිරාවටම උඩ පිට්ටන්යේ ඉඳන් කෑගහන්නේම එක්කෝ රිපන් එකට ඇහෙන්න.නැත්න්ම අනේ මහින්දෙට ඇහියං කියල හිතාගෙන නේ...

Dilanka Madhawa said...

මචන් බීටා,අපට විතරක් නෙවේ බං අපේ බිග් මැච් එක එනමක් මුළු ගාල්ලම බලන් ඉන්නවා.එච්චරට අපේ මැච් එක ගාල්ලත් එක්ක තියෙන්නේ පුදුම බැඳීමක්.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න