web 2.0

Tuesday, March 8, 2011

නංගියේ නුඹ...[කෙටි කතාව].....

මා රේල් පාර දිගේ කෙතරම් වේලාවක් ගමන් කළාදැයි මතක නැත.කෙදිනකවත් එකට හමු නොවන රේල් පීලි දෙස බලමින් කෙතරම් වේලාවක් කල්පනා කලද,නැවත නැවතත් එකම තැන කැරකෙනු හැඟීමක් දැනේ.බැස යන මළ හිරුගේ රක්ත වර්ණයෙන් ආලෝකමත් වුණු පරක් තෙරක් නැති ආකාසය දුටු මා හට,තවමත් වචන වලට පෙරළිය නොහැකි අමුතු හැඟීම් පොදියක් පොරකමින් හදවත පුරාම දිව යන්නාක් මෙන් හැඟේ.


මීට 20 වසරකට පෙර අම්මා අප නිවසට රැගෙන ආවේ මාගේ පුංචි අම්මාගේ සිඟිත්තියයි.ඒ වනවිට මට වයස අවුරුදු 5 ක් හා ඇයට මාස 8ක් පමණ යැයි අම්මා කියනු ඇසීමෙන් මා දැනගතිමි.එදා අප නිවසට ආ පටන් ඇය මගේම නැගණිය වූවාය.ඇ ඇගේ දෙමාපියන් කොහිදැයි ඇසූවිට අම්මා නිවැරදි උත්තරයක් නොදී මඟහැර ගියද,ඇගේ දෙමාපියන් රිය අනතුරකින් මිය ගිය වග පසුව දැනගත්තා ය.


කුඩා කල් සිටම අප ඉතා ළඟින් සිටි බැවින් අප දෙදෙනා දුල සහෝදර බැඳීම ප්‍රබල විය.අම්මා ඇයත් මමත් දෙපසින් තබාගෙන කුඩා කල බත් කවන විට,
"සුදු අයියටත් කවන්න" 
යැයි ඇය පැවසූ වදන් තුල ගැබ්ව තිබූ සහෝදරත්වය අදටත් මා හට තේරුම් ගත නොහැකි තරම් ප්‍රබල ය.


අප ගමේ සිටිනා කාලයේ දී පිණි වැටුනු නියර දිගේ දිවගොස් සෙල්ලම් කරන ආකාරය අද මතක් වන විට විට අතීතයේ ගතවූ සුන්දරත්වය හදවතට නැගෙන්නේ ඇසට කඳුලක් ද නංවමිනි.


මෙසේ කාලය ගෙවී මාගේ උසස් පෙළ ප්‍රතිඵල වලට අනුව විශ්ව විද්‍යාලයට යාමට නොහැකි ව රැකියා සොයමින් සිටි මට
"අයියේ මෙන්න හොඳ රස්සාවක් තියෙනවා.ඔයාටම ගැලපෙනවා.මේකට ඉල්ලන්න.ඔයාට මේක හම්බෙනවාමයි"...



ලැබුණ මුල්ම පඩියෙන් සැමටම තෑගි ගන්නට ඈ කැටුව ගොස් ඇයට අවශ්‍ය දේ ගන්නට කියූ විට,
"අයියට සල්ලි ඕන වෙනවනේ.මට තෑගි එපා.ඔයාගේ වියදම් වලට තියාගන්න"
කියූ විට මා එසේ කිරීමට පාලනය වූයේ කෙසේදැයි නොදනිමි.



"මම උඹේ මගුලට මේකටත් එක්ක හොඳ රත්තරං බඩු ටිකක් අරං දෙනවා."
හිතට නැඟුනු හැඟීම වචන වලට නො පෙරලුවද,අදිටන් කරගතිමි.



අදට උඹ අප නිවසින් වෙනත් නිවසකට නික්ම ගොස් දින 5කි.ඈ නැති පාලුව හදවතට දැනෙන්නේ අමුතුම නිහැඬියාවක් සමගිනි.නිවසින් පිටව යනවිට මගේ උරට හිස තියාන හැඬූ කඳුලින් කමීසය පමණක් නොව හදවත ද තෙත් විය.නමුත් උඹේ හිස අතගාන්නට තරම්වත් මගේ හදවත සංවේදී නොවූයේ ඇයිදැයි නොදනිමි.ඒත්,
"උඹට බුදුසරණයි! මගෙ නංගියේ."
මම සිතින් නුඹට පතමි.



මා තෑගි දුන් ආභරණ පැළඳ,හැඬූ කඳුලින් නිවසෙන් නික්මෙන විට පසෙකින් ඇසුණු,
"අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා 

යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා 
මෙතෙක් සිනාවෙන් සිටි මා කොහිදෝ තනිවීලා 
නෙතේ කඳුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා......"
ගීතය තවමත් මගේ කන්වල රැව් දේ......

එවේලේ හිතට නැඟුණු හැඟීම සතුටක්ද,දුකක්ද යන්න තවමත් හදවතට නොදැනේ....




ප.ලි._පුලුවං හැටියට ඊයේ රෑ හිතට ආපු අදහස් ටිකක් වචන වලට පෙරලන්න ගනිපු පුංචි උත්සාහයක් මේක.ඔයාලගේ හදවත් වලට කොච්චර ලං වෙන්න පුලුවන් උනාද කියල නම් සැකයි.කොහොම උනත් අදහසක් උදහසක් දාල යන්න කෝ....

16 ප්‍රතිචාර:

ඕනයා said...

ඇත්තටම හිතට වදින්න ලියල තියනව . . . . ඔයාගෙ උත්සාහය සාර්තකයි කියල තමයි මට හිතෙන්නෙ

Anonymous said...

ඇත්තටම මාර ලස්සන අදහස්‍‍.........තදටම හිතට වැදුනා

තාරක Dilsh@n said...

සාර්ථකයි මචං..

පිණිබිඳු... said...

ඒ නංගි හුඟක් වාසනාවන්තයි ඔයා වගේ අයිය කෙනෙක් ලබන්න

දීඝායු said...

දෙවැනි කොටසක් නැති කතාවක්....

Nadhini said...

niyamaaaaaaaaaai

Chathura Nirmal said...

කතාව ගොඩක් ලස්සනයි
මේ වගේ දිගටම ලියනවනම් මරු

Anonymous said...

attama thamai machan,,andenawa

කුරුං ගුරුං said...

@ ඕනයා-තැන්කූ සහෝ...

කුරුං ගුරුං said...

@ ඇනෝ-නිර්නාමිකව හරි කමෙන්ට් කලාට තුති

කුරුං ගුරුං said...

@ තාරක-තැන්කූ මේ පැත්තෙ ආවට

කුරුං ගුරුං said...

@ පිණිබිඳු-ඕක හිතෙන් මවාගනිපු කතාවක් අක්කේ...මට එහෙමටවත් නංගියෙක් නැ

කුරුං ගුරුං said...

දීඝායු-හ්ම්ම්...එක හුස්මට ලියල දැම්ම

කුරුං ගුරුං said...

@ නදි-තැන්කු අක්කෙ

කුරුං ගුරුං said...

@ චතුර අයියා-තැන්කූ අයියේ..බලමු.අදහස් එන විදියට තමා

කුරුං ගුරුං said...

@ ඇනෝ-ඕක බොරු කතාවක් මචෝ.අඬන්න එපා...තැන්කු කමෙන්ටුවට

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

There was an error in this gadget

පස්සෙන් එන්න