web 2.0

Thursday, August 11, 2011

මෙහෙව් රටක අපි දැන්වත් ඇස් ඇරිය යුතු නොවේද?????

කොපි කඩේ අවුරුදු 2ක් විතර තිස්සේ සයිබර් අවකාෂය තුල අලුත් යමක් කරන්නට ට්‍රයි කොලපු බ්ලොගයක් කියන එක මෙහේ නිතරම යන එන අපෙ කෝපි බොන සහොදර සහොදරියො දන්නවා ඇතිනේ....මේ පුංචි බ්ලොගයෙ නිර්මාතෘවරයා වෙන විදියකට කියනවනන් අපේ කුරුමා තමන්ගේ අධයාපන කටයුතු නිසා ටික කාලෙකට මෙකෙන් අයින් වෙලා ඉන්නෙ කියන එක බොහොම ප්‍රසිද්ද රහසක් නෙහ්.ඉතින් ඒ යකා යන්න කලියෙන් මම අතුලු අනික් මෙකේ ලියන කස්ටියට කිව්වෙ කෝපි කඩේ වැහෙන්න නන් දෙන්න එපා බං කියලා.එත් කරුමෙ කියන්නෙ අපිත් පට්ට බිසී මෙ දවස්වල ඔන්න ඉතින් වෙලාවක් ලැබුන වෙලේ මේකට ආවෙ පෝස්ට් එකක් දාලා යන්න.මං මෙ අන්සෙට පට්ට පට්ට අලුත් ඉතින් මන් ලියන එව්වා මෙලෝ රහක් නැතිවෙන්නත් පුලුවන් එහෙම උනොත් ඉතින් සමාව බාජනේකට දාලා අඩුපාඩු ටික පෙන්නලා දෙන්න එක ලොකු දෙයක්,,,
                      අද කියන්න යන දෙට නන් සමහරුන්ට ෆ්ල්වර් ජම්ප් වෙයි එත් එකම එක පාරක් තමන්ගෙ හිතට තට්ටු කරල බලන්නමන් මෙ කියපු දෙවල් හරිද වැරදිද කියලා මේක මට ආපු මේල් එකකින් උපුටා ගත්ත දෙයක් මේ දේ ඉතාම පොඩි උනත් 3වන ලෝකයෙ දියුනු වන රටක් වන ශ්‍රී ලංකාවට ගොඩක් වටිනවා ලංකාවේ අද යතාර්තය මෙකයි.


ඔන්න ඕකයි තත්වේ ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ලංකාව වගෙ රත්තරන් රටකට වෙලා තියන දේ ???????
ඉතින් මෙ අපේ රට ආයිත් මුතු ඇටයක් කරන්න අපි හැමොම එකතු වෙමු එක අපෙ යුතුකම සහ වගකීමයි
(අඩුපාඩු ඇති අම්බානට එව්වා ඔක්කොම කියලා දෙනවනන් ලොකු දෙයක් ඒක )





Wednesday, August 3, 2011

බ්ලොග් ලිවීමෙන් ඇත් වෙමි.

කුරුං විදියට බ්ලොග් ලිව්ව මම තීරනේ කලා බ්ලොග්කරණයෙන් ඇත් වෙන්න.අවුරුදු කිහිපයකට.මේ කෙරුවාවෙන් ඇත් වෙලා ඉන්න එක ගොඩක් අමරු වෙයි.නමුත් මේ ඒකාකාරී බවෙන් මිදෙන්න ඕන කියල හිතට දැනුන.
ඒ නිසා කෝපි කඩේ බ්ලොග් එක ලියන්න තව 4 දෙනෙක්වම දාල මම මේ බ්ලොග් එකේ කර්තෘකමෙන් අයින් වෙනව.
2009 අප්‍රේල් මාසෙ අන්තිම දවස් වල සිංහල බ්ලොග් කලාවට එකතු වෙච්ච මම ගොඩක් කල් බ්ලොග් ලියන්න එකතු උනා.අවුරුදු 2 කුත් මාස 6 ක් විතර.සිංහල බ්ලොග් අවකාශෙ එකසිය ගනන් වල බ්ලොග් අතරට එකතු වෙච්ච මම බ්ලොග් එක්දාස් පන්සීයකටත් වැඩි වෙනකම් ලිව්ව.ඔයාල කියෙව්ව.
බොහොම ස්තුතියි මේ කුරුමා ලියපු ලිපි කියවන්න ආවට.
මේ බ්ලොග් කෙරුවාවෙන් ඇත් වෙන්නෙ මොකද කියල කිව්වොත්,
ඇත්තටම මේ ඒකාකාරී බවෙන් මිදෙන්න.
ඕක කිව්වෙ නැත්නම් අර කුප්ප ම කුප්ප එකා මට මොකක් හරි කියනව.
ඉස්සෙල්ල පෝස්ට් එකක සූටි මැණිකෙ ගැන ලියල,මොකක්ද උනේ කියල බලන්න කෝල් එකක් දාපු අපේ ගෝල් ෆිශ්,ටුවිටරේ මඩ ගහපු රත්ගම අයිය,බනිය,කිඩෝ,ප්‍රමුක,මාරෙ අයිය,අපරාජිතය,ටිමොන්,ගීනාත් අයිය,කතන්දර අයියා,නෙත්පානි අක්ක,පසන්,සුදු මහත්තය,පසිඳු අයිය,චතුර අයිය,දේවා,සඳරු,චතූ,ආගන්තුකය, ඇතුලු නම් කී නොකී හැමෝටම ස්තුතියි සහය දුන්නට.
ඒ වගේම කාලිංග අයිය,ඉන්ද්‍රනාම අයිය,මනුශාන් අයිය ඇතුලු බ්ලොග් අවකාශෙ ලස්සන කරන්න එකතු වුන,එකතු වෙන අයවත් මතක් කරනව මට දුන්න සහයෝගයට.
සින්ඩි හදල සහයෝගය දෙන සියලුම සින්ඩි වල ඇඩ්මින්වරුන්ටත් ස්තුතියි ලාබ බලාපොරොත්තු නොවී සිංහල බ්ලොග්කරණයට අත දීම ගැන.
බ්ලොග් එක ෆලෝ කරල,කමෙන්ට් කරල,අඩුම ගානෙ එකපාරක් හරි බ්ලොග් එක බලන්න ආව නරඹන්නන්ටත් ස්තුතියි.




හැමෝටම සුභපැතුම්.
ඒ වගේම මම මේ බ්ලොග් කෙරුවාව නිසා කාගෙහරි කෙනෙඛෙ හිත රිදුනනම් සමාවෙන්න.

Tuesday, August 2, 2011

බ්ලොග්කරණයේ සාර්ථක වන්නේ සිතීම හා ලිවීම අනුවයි.

බ්ලොග්කරණයේ සාර්ථකත්වය ගැන මම ටිකක් මේ දවස් වල ටැස්ටිං පාරක් දැම්ම.මොකද අපේ ලියන සමහරු කමෙන්ට්ස් නැ,හිට්ස් නැ කියල මේ ගැන කලකිරිල ඉන්න නිසා.
මුලින්ම මේ බ්ලොග් එක ගැන කියන්නම්.කෝපි කඩේ බ්ලොග් එක පටන්ගෙන අදට දවස් 740 ක් වෙනව.ලිපි 251ක් [මේක නැතුව.]හිට්ස් 468XX ක්.සිංහල බ්ලොග් එකක් උනත් සාපේක්ශව බලද්දි අසාර්ථක බ්ලොග් අඩවියක්.
ලිපි 251 න් 230 ක් විතරම මම ලියපු ඒව නිසා මම ලියන දේ මොකක් හරි අවුලක් ද කියල බලන්න මම පටන් ගත්ත කාටවත්ම නොකියා බ්ලොග් එකක්.
"බෙලෙකා" කියන නමින් wordpress වල බ්ලොග් එකක් අටවගෙන, අවුරුදු 26 ක තරුනයෙක්ගෙ චරිතයකට ඇන්ද.
අන්න එතනදි මම සාර්ථක සහ මට මගහැරුණු දේවල් ටිකක් මම ඉගෙනගත්ත.ඒ බ්ලොග් එකේ පෝස්ට් 8 ක් විතර ලියල මම බුකියෙ කීපදෙනෙක්ට මම කවුද කියල කිව්ව.සමහරු විස්වාස කලේ නැහැ එකපාරටම.
බනී,ප්‍රමුක,කිඩෝ ඒ අයගෙන් සමහරු.
එතනින් ඔප්පු වුනා ලියන දේ කියවන කෙනාට දැනෙන්න,හොඳ විදියකට ඉදිරිපත් කලාම එතනට කියවන්නන් ගලාගෙන එනව කියන එක.
ඒ නිසා ඔයාලත් හිට්ස් මදි හෝ කමෙන්ට්ස් මදි කියල හිතන්නෙ නැතුව අලුත් විදියකට ලියන දේ ලියන්න.ඔයාල අනිවාර්යයෙන්ම සාර්තක බ්ලොග්කරුවන් අතරට එක්වේවි.

කුරුමා අවුරුදු 26 ක බෙලෙකා ට ඇඳ හැටි මෙතනින් ගිහින් බලන්න.

පස්සෙන් එන්න