web 2.0

Sunday, March 27, 2011

ස්තුතියි(හෙවත් 200 වන ලිපිය.)



බ්ලොග් එකට ලිපිත් ලියල තියෙනව.කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව මෙච්චර අමාරුවක වැටුණු පළවෙනි වතාව.ඔය උඩ රූපේ තියෙනවත් වගේ මේ තමයි මගේ බ්ලොග් පලවෙන 200 වෙනි ලිපිය.
ඉතින් පොඩියට පටන් ගත්ත බ්ලොග් එක හරියටම දවස් 610 කට පස්සේ ලිපි 200 සම්පූර්ණ කරනවා.මේ වෙලාවේ මතක් කරන්න ඕන ගොඩාක් අය ඉන්නවා.මුලින්ම මාත් එක්කම මේ බ්ලොග් එකේ ලිපි ලියන,මේ දවස් වල පලවෙන "ඔය හිතට අමතක ද?" ලිපි පෙළ ලියන ගජං මල්ලි(ගීනාත් දිලංක අයියා.)
මට බ්ලොග් කෙරුවාවට ගේන්න මග පෙන්නපු,සිංහලෙන් හොඳ බ්ලොග් ලියන මනුශාන් අයිය.මුල්ම පෝස්ට් එකට දාන්න මොනව හරි ඉල්ලුවහම ලස්සන පොටෝ එකක් එවපු සඳමිනී ට.
ලිපි ලියන්න අදහස් දීපු,අඩුපාඩු කියලු මගේ අයි.ටී සර්,චමින්ද සර්.
මුල්ම කමෙන්ට් එක දාපු ඩොලී.

ඊට පස්සේ මාව ඇතුලත් කරගනිපු සියලුම සින්ඩි වල ඇඩ්මින්වරුන්ට.
ෆලෝවර්ස්ල විදිහට මාත් එක්ක සෙට් වුන හැමෝටම.
දාන හැම රෙද්දම කියවපු,ප්‍රතිචාර දාපු,නොදාපු හැමෝටම මගේ හිතේ තියෙන හැමදේම ලියද්දි ඉවසගෙන කියෙව්වට.
ඒ වගේම කොට ජීවිතේ,පාසල්,ගෝල්ඩ් ෆිශ්,කතන්දර,මනුශාන්,ප්‍රමුක,රත්ගමයා,මාරෙය,කුක්කු පැටියා,ඉෂාර,ගයාන්,නිම්ශා,අපරාජිතයා,රෙඩියෙ,ඩිලොන්,හිශාන්,බීට,කදිරා,දේදුණු මැක්ස්,පුලා,පිණි බිඳු,ලකී,පොඩි මහත්තය,සුදු මහත්තය,දීඝායු,පූසා,නීශා,සංජු,වික්‍රමේ,හිරාන්,රොශාන්,තාරා,සසීන්ද්‍ර,සහන්,මලී එම්.එස්.ජී ඇතුලු එකී මෙකී නොකී සියලුම අක්කලා,අයියලා සහ මගේ වයසේ හැම දෙනාට...
දිගටම මගේ බ්ලොග් එක කියවල,මට අඩුපාඩු පෙන්නල දිගටම රැඳී ඉන්න කියල ඔන්න හැමෝටම ආරාධනා කරනවා. 

මම,කුරුං ගුරුං
(හෙවත් දිලංක මාධව)

6 ප්‍රතිචාර:

අපරාජිතයා :::: Aparajithaya said...

එල එල ලියන් යමන් දිගටම.හැබැයි පුතෝ A /L ලේසි නැහැ හොදේ.මෙව්වා ලිව්වට කමක්නේ එක කරගනින් එලටම.

Anonymous said...

ඔන්න මේ බීටා ගෙන් 200ට සුභ පැතුම්......
දිගටම ලියපන් බන්....
අයෙත් සැරයක් සුභ පැතුම්....!

Dilanka Madhawa said...

අපරාජිතයා_තැන්කු සහෝ.A/Lබලමුකෝ...
බීටා_තෑන්ක්ස් මචන්.

Anonymous said...

සුභම සුභ පැතුම්...දිගටම ලියන්න...

ගජං මල්ලි said...

මලේ ඔන්න මගෙනුත් සුභ පැතුම්...දිගටම ලියපන්...මට ලියන්න ආරාධනා කරාට බොහොම තුති හොඳේ.

දීඝායු said...

තව 200කට සුබ පැතුම්.. තවත් හොඳ හොඳ කතා උඹෙන් එනකම් බලන් ඉන්න අපි., උඹත් එක්කම ඉන්නවා..
අලුත් කතා සීරීස් එකත් හොඳා.. ඊළඟ කොටස එනකම් බලන් ඉන්නේ..

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න