web 2.0

Tuesday, November 27, 2012

උසස්පෙළ කේවල ව්‍යාපෘතිය සඳහා දත්ත රැස් කිරීම

කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ බ්ලොග් ලියන,කියවන හැමෝගෙන්ම උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒ තමයි මම උසස් පෙළ කේවල ව්‍යාපෘතියට දත්ත එකතු කරන්න සකස් කරපු පෝරමය පුරවන්න කියන එක.
මම උසස්පෙල ව්‍යාපෘතියට තෝරගත්තෙ "ලංකාවෙ උසස් අධ්‍යාපනය"කියන මාතෘකාව.ඒ නිසා ඔයාල හැමදෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනව මේ පෝරමය පුරවල මට උදව්වක් දෙන්න කියල.

උපාධි ඇති නැති භේදයක් නැතුව මට මේකට දත්ත ඕන කරනව.ඒ නිසා ඔයාලට උපාධි තියෙනවද නැත්ත කියන එක මේකෙදි විශේශෙන්ම වැදගත් වෙන්නෙ නැහැ.මට ඕඅන සලකා බලන සමාජයේ ජන කොටසකින් අදහස් ගන්නයි.
ඒ වගේම කියන්න ඕන මේ පෝරමය හරහා ඔයාල මට ලබාදෙන දත්ත කිසිම විශියකින් වෙනත් පාර්ශව වලට යන්නෙ නෑ කියලත්.එහෙනම් අදට ගිහින් එන්නම්...

පෝරමය සඳහා ... https://docs.google.com/spreadsheet/viewform?fromEmail=true&formkey=dEtVZUxZRUN3dDl3VmVpV2R2aGo1a1E6MQ

Saturday, September 1, 2012

ඔබව රිදවයි කියා....

ආදරෙයි
ඔය හුර්හතල් මූණට
දඟකාර හිනාවට
ඒත්
හරිම බයයි
අල්ලන්නට ඔය කම්මුල් පෙති
රිදෙයිදො කියා
මා අල්ලන විට
මාගේ ගොරෝසු ඇඟිලි තුඩින්...
සිපගන්නට,
ආසයි ඔය රොස පැහැ වන් තොල්පෙති මත
මගේ තොල් තියා
සැබැවින්ම එයටත් බයයි මම
වියැලුණු තොල්පෙති
ඔබව රිදවයි කියා....

(ධනවත් කෙල්ලෙකුට පෙම් බඳිනා දුප්පත් කොල්ලෙකුගේ සිතුවිලි....)

Tuesday, August 21, 2012

ඔලිම්පික් වලට [සමහරුන්ට]කාර් හදල ලු !

ලෝකෙ ප්‍රධානම කිරීඩා උලෙළ ලොල්-ඩන් වල පැවැත්වුවනේ.ආන් ඒකට කාර් එකක් හිටං ගහල කියන්නෙ...

බලමු...බලමු...මොකක්ද බොලේ ඒ කතාව...


??? ??? ??? ??? ??? ??? ??? ??? ??? ??? ???


මේ කියන්න යන සීන් කෝන් එක වෙලා තියෙන්නෙ සර් කෙනෙක්ට...සර් ල දෙන්නෙක් අතර තමයි දැන් මේ දෙබස ඇතිවෙලා තියෙන්නෙ.එක සර් කෙනෙක් ලියනගේ කියලත්,අනිත් කෙනා සමන් කියලත් කියමුකෝ.(නම් ගම් මනක්කල්පිතයි ඈ?.)

ලියනගේ සර්- සමන් සර්,කොහොමද ඔලිම්පික් එහෙම?බැලුවද ටීවී එකේ?

සමන් සර්-ඔව් ඔව් බැලුව

ලියනගේ සර්-මේපාර ඔලිම්පික් එකට මාර වියදමක් නේද කරල තියෙන්නෙ?

සමන් සර්-ඔව් කොහොමත් ඔලිම්පික් එකට ලොකු වියදමක් කරනවනේ..

ලියනගේ සර්-ඒක තමයි මේ පාර ඔලිම්පික් එකට කවදාවත් නැතුව කාර් හිටං ගහලනේ...

සමන් සර්-මොකක්?

ලියනගේ සර්-මොකක් නෙවෙයි සර්.මං දැක්ක ඔලිම්පික් එකට ගහපු කාර්.

ඔන්න ඔහොම දෙබස ගියාට පස්සෙ තමයි සමන් සර් ලියනගේ සර්ගෙන් තව තව විස්තර අහල මොකක්ද මේ කාර් එක කියල හෙව්වෙ...බැලින්නම්..................

.
.
.
.
.
.
.
.
ඒ තමයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


Monday, July 16, 2012

වින්ඩෝස් 8 2012 දීම?විස්වාස කල හැකි ආරංචි....



හැමෝම දන්නවනේ මීළඟ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විදියට එලි දකින්න තියෙන්නෙ වින්ඩෝස් 8 කියල.මේ වෙනකොට අත්හදාබැලීම් සංස්කරණ නිකුත් වෙලත් මාස 2ක් 3ක් වෙනවනේ.
මම මේ කියන්න යන්නෙ 40000ක් විතර අය එකතු වෙලා ඩිවලප් කරපු මෙහෙයුම් පද්ධතිය නිළ වශයෙන් නිකුත් කිරීම ගැන.කොහොම නමුත් ලෝකයෙ ගොඩක් මත පළ වෙලා තියෙන්නෙ ලබන වසරෙ,ඒ කියන්නෙ 2013 දි වින්ඩෝස් 8 නිළ වශයෙන් රිලීස් කරයි කියන එක.නමුත් මට අද වින්ඩෝස් කම්පැනියෙ වැඩ කරන කෙනෙක්ගෙන් දැන ගන්න ලැබුණු විදියට නම් වින්ඩෝස් 8  ලබාගන්න 2013 වෙනකම් ඉන්න ඕඅන වෙන්නෙ නැහැ.ඒ කියන්නෙ විනොඩෙස් 8 මේ අවුරුද්දෙම එලියට එනවලු.
මේ ගැන තවත් හෙව්වම තමා ආරංචි උනේ මේ අවුරුද්දෙ,ඒ කියන්නෙ 2012 ඔක්තෝම්බර් මාසයේ අන්තිම සතියෙ වින්ඩෝස් 8 නිළ වශයෙන් රිලීස් කරන්න යනව කියන එක.කොහොම නමුත් මේ ආරංචිය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරල නොමැති උනත්,ඔක්තෝඅම්බර් වල එනව කියන ආරංචිය හරිද කියල බලමුකෝ.....

වින්ඩෝස් 8 ගැන තවත් විස්තර ටිකක් හෙට අනිද්දම දාන්නම්කෝ...

Wednesday, July 11, 2012

රාළහාමි මෙයාට මොකද කරන්නෙ?

අත්දැකීම්,හිතෙන දේවල් පල කරන බ්ලොග් එකේ අද පල කරන්න හැදුවෙ හොට් හොට් ඊයෙ ලබාපු අත්දැකීමක්...පොලෝසියත් එක්ක..එහෙනම් මෙන්න අහගන්නවලකෝ කතාව.



පසුබිම් කතාව-මංතුමා තාම ඩ්‍රයිවිං ලයිසොං අරං නෑ...පර්මිට් එකෙන් එල් බෝර්ඩ් ගහගෙන තමයි දුවන්නෙ.පර්මිට් එකේ හැටියට අදාල පර්මිට් එක තියෙන කෙනාට පළපුරුදු  රියදුරෙක් රහිතව එලවන්න අවසර තියෙන්නෙ මෝටර් සයිකල් විතරයි.ඒ වගේම පදවන සෑම වාහනයක්ම රිය පුහුණු රක්ෂණය කරල,එල් පුවරු සහිතව තමයි දක්කන්න ඕන.

මෙන්න සීන් එක - මංතුමා ඉතින් පියතුමාගෙ මෝටාර් එකත් අරං ඊයෙ උදේ ගියා පාං ගේන්න...නීතිමය අතින් කිසිම වරදක් නැති නිසා යද්දි මූණට පොලීසිය හම්බෙද්දිත් ස්ලෝ කලේවත් නැතුව ගියා ඉතින්.මෙන්න යකෝ එනකොට ඈත තියාම දාපි අත.පොලෝසියේම නෙවේ,අර නිල් පාට ශර්ට් අඳින මහත්තයෙක්.පොලිස් රාළහාමි මහත්තය එතනින් පොඩ්ඩක් එහා අඳුනන කෙනෙක් එක්ක කතාවක.


එපාර ඉතින් අර නිල් ශර්ට් මහත්තය ළඟට ආවම මම ලයිසොන් එකයි,ඉන්සුවරන්ස් එකයි දුන්න.ඊට පස්සෙ පර්මිට් එක දෙද්දි,
ලයිශන් නැද්ද?පර්මිට් එක ද?
ඔව්.
රාළහාමි මෙයාට මොකද කරන්නෙ?
රාළහාමි-ඔයා දන්නවද පුහුණු වෙන්න ඕන විදිය?
ඇයි අංකල්?
මෙහෙම පුහුණු වෙන්න නම් ලයිශන් තියෙන කෙනෙක් පිටිපස්සෙ ඉන්න ඕන.
මහත්තය මෝටර් සයිකල් වලට ඕන නෑ නෙ?
ම්ම්...
මේ තියෙන්නෙ මහත්තයො...
Holders of a learner's permit are not allowed to lean to drive any vehicles other than a motor cycle,unless accompanied by an experienced driver who holds a valid driving licence."L" plates must be carried on the front and rear of all vehicles when learner drives are in control.
(කිසි ප්‍රතිචාරයක් නෑහ්..)
Holders of a learner's permit are not allowed to lean to drive any vehicles other than a motor cycle,unless accompanied by an experienced driver who holds a valid driving licence.
Holders..... of ...a... learner's permit..
හ්ම්ම්...ඔයා මොකද කරන්නෙ?
ලබන අවුරුද්දෙ ඒ ලෙවල්.
ගෙවෙල් කොහෙද?
මෙතනින් එහා පැත්තෙ.
කොහෙද ගියේ?
පාං ගේන්න.
යන්න.
බොහෝම ස්තූතියි.

ඕඅං ඔහොමයි උනේ.කඩ්ඩ ඇදල ගත්තනම් පොලීසියෙන් බේරෙන්න පට්ට ලේසියි නෙ.එහෙම බව මුලින් දැන ගත්තෙ දුමී අයියගෙ බ්ලොග් පෝස්ට් එකකින්....

කොහොම හරි මේ පර්මිට් එක එහෙම දෙද්දි එක්කො සිංහලෙන් දෙන්න ඕන,නැත්නම් පොලිස් මහත්තුරුන්ව මේ ගැන දැනුවත් කරන්න ඕන.....

Tuesday, July 3, 2012

අහෝ!ඒ ලෙවල් [මෙච්චර නෝන්ඩි ද?]




කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ හිතේ එක්කාසු උන අදහස් ටිකක්,පීඩනයක්(එක්තරා ආකාරයක තරහකුත්.) වචන වලට පෙරලල එළියට දාන්න හිතාගෙන.
මේ මම කියන්න යන කාරණේ කවුරුත් දන්න මේ ඒලෙවල් විභාගයත් එක්ක පිස්සු නටන නැටිල්ල.රිසල්ට්ස් එන්න පමා වීම,පැටැලිලි සහගත රිසල්ස් ලබා දීම,ඉසෙඩ් ස්කෝර් හුටපටය....මේ ඔක්කොම එක්ක ඒලෙවල් ගැන ලොකු කලකිරීමක්?
ඒ අතරෙ ඉසෙඩ් ඉකෝර් ක්‍රමය හඳුන්වල දුන්න මහාචාර්යවරයත් මේසැරේ ඉසෙඩ් එක දුන්න ක්‍රමේ වැරදියි කියද්දි එතුමා වැරදියි කියන ජෝකර්ල ටිකක්...අනේ මන්ද අපේ අනාගතය මොකක් වෙයිද කියන එක...
උපන්දා පුංචි හිතක ඇති වුන ඉංජිනේරුවෙක්,දොස්තර කෙනෙක් වෙන අදහස අවුරුදු 19ක්,20ක් ඒත් නැත්නම් 21ක් ම මෝරල ඒ දේ වෙයිද නොවෙයිද කියන තැන විකාරයක් උනාම ඒ අහිංසක ජීවිත වල කඩා වැටීම....එක්කෙනෙක්නම් කමක් නෑ කියමු.සිය ගණනක්?දහස් ගණනක්?
මේ පුංචි ලංකාවෙ අනාගතය ගෙනියන එක් පුරුකක්?
ඒ අතරෙ කැම්පස් එකේ ඇතුලෙ හුටපට....

ඇයි මේ දේවල් ගැන සක්‍රීය ක්‍රියාමාර්ග නැත්තෙ?කොටින්ම කිව්වොත් හත් දෙයියනේ දැන් ආයෙත් ඉසෙඩ් එක කෙල උනාම,ආයි එක්සෑම් ලියන්න වුනාම මොකාටද පුලුවන් මාසෙකින්,එකහමාරකින් ආයෙත් විභාගෙට ලියන්න?තවත් සමහරු කැම්පස් එකට යන්න රිසල්ස් දාල,දහසකුත් බලාපොරොත්තු තියාගෙන ඉඳිද්දි යන්න බැරි වෙනකොට?තුන් හතර දෙනෙක් බෙල්ල වැල දාගන්න එකක් නෑ කියල කාටද කියන්න පුලුවන්?
උත්තර නැති ප්‍රශ්න...අඩුම ගානෙ ඉසෙඩ් එක ගැන වගකීමක් ගන්න අපොහොසත්,ලෝකෙ අමාරුම විභාග කරන ලංකාව.එක අතකින් හිතෙනව මේ ඔක්කොම ආණ්ඩුවෙ කැම්පස් ගැන තියෙන විස්වාසය නැති කරල,කොල්ලො කෙල්ලො ටික ප්‍රයිවට් කැම්පස් වලට පටවන්න හදනවද කියන එකත්.
පිටරටවල කරපු සමීක්ෂණ වල හටියට මිනිහෙක්ගෙ හොඳම කාලෙ තමයි අවුරුදු 20-25 වගේ කාලය.හොඳටම වැඩ කරන්න පුලුවන්,උපරිම කාර්යක්ෂමතාවය.වෙන්න පුලුවන්...හැබැයි ලංකාවෙ අපේ කොල්ලො කෙල්ලොංගෙ ඒක පරීක්ෂා කරන්න වෙන්නෙ උන් ඒ කාලෙට පාරවල් අයිනෙ උද්ගෝශණ,පිකට් කරන නිසා.පිටරටවල උන් අවුරුදු 20,21 වෙද්දි උපාධිය ගහල රස්සා වලට යද්දි අර ලෝකෙ අමාරුම විභාගෙ ගොඩ දාල කැම්පස් සිලෙක්ට් උන උන් ටික පාරවල් වල දූවිලි කනව.
ඒ වගේ දේවල් දකිද්දි ඉස්සරහට උ/පෙ ලියන අපි වගේ උන්ට හිතෙන දේවල් කියල පලක් නැහැ...අනේ මන්ද මේව කවද හැදෙයිද කියල...මොකද ඔය නාඩගම් නටන බොහෝ අයගෙ ළමයි ආණ්ඩුවෙ ඉස්කෝලෙකට පයක්වත් ගහල නැති අය කියල අපටත් හිතෙන හින්ද.....එහෙම ළමයි කවද හරි ලෝකෙට දෙයක් කරයි.හැබැයි මේ රට හදන්න නම් එකෙක්වත් එන එකක් නෑ.
හොඳ උදාහරණයක් ඇහුන ඊයෙ පෙරේද...
දන්න අයිය කෙනෙක්.ලෙක්චර් කෙනෙක්.ආණ්ඩුවෙ කැම්පස් එකක ලෙක්චර්ස් දුන්න.දැන් ප්‍රයිවට් කැම්පස් එකක ලෙක්චර්ස් දෙනව.හේතුව පඩි මදිකම.
මේ දේවල් එක්ක ඉස්සරහට කොච්චර ගුණාත්මක(මම කියන්නෙ නැහැ අර අයිය සුපිරි ලෙක්චර් කෙනෙක් කියල.මම දන්නෙ නැහ ඒව.)ලෙක්චර්ස්ල කැම්පස් වල ඉතුරු වෙයිද?කොච්චර බුද්ධි ගලනයක් වෙයිද කියල.
කවද හරි අපි සීයල වෙච්ච දවසක අපේ මුණපුරන්ටවත් මේ ප්‍රශ්ණ නැති,උ/පෙ සමත් වෙලා කැම්පස් යන්න රිසල්ට්ස් දැම්ම ගමන් දැන් වගේ අවුරුද්දක් හමාරක් බලන් ඉන්නෙ නැතුව සතියෙන් දෙකෙන් කැම්පස් යන්න හම්බෙනවනම්..[හැබැයි එකක්,බැරිම නම් සතියෙන් දෙකෙන් නොගිහින් අවුරුද්දකින් ගියත් කමක් නෑ.අවුරුදු 10ක් බලන් ඉන්න වෙන්නෙ නැතුව...]

Sunday, April 15, 2012

අවුරුදු සුභපැතුම් විවරණය.

ලැබුවා වූ නව වසර ඔබ සැමටම වාසනාවන්ත සුභ නව වසරක් වේවා ! කියලම එහෙනම් ලියන්න ගමුකෝ...අද මේ පළ කරන්නෙ මට එස් එම් එස් වලින් ලැබුණු සුභ පැතුම් කීපයක විවරණයක්...


සුභපැතුම් විවරණ අංක 01
සුභපැතුම - Labuwa wu sinhala Aluth Avurudda Sahotath paule samatath Dee Kiri, Mee Kiri, Su Kiri, Kal Kiri, Tin Kiri, Piti Kiri, Mudawapu kiri, Itirena Elama Ela Kiri, saubagyamath Suba aluth Avuruddak Wewa......! 
විවරණය-මූ මෑතකදී හරක් පට්ටියක් මිලදී ගෙන ඇත.මේ වනවිට එළදෙනුන්ගෙන් මුගේ බාරියාව කිරි දොවන අතර,ආහ් නෑ නෑ...මූ එළදෙනුන්ගෙන් කිරි දොවන අතර බාරියාව හරකුන්ගේ දත් මදිමින් රැවුල කපනු ලැබේ.ඕනෑම ගව නිශ්පාදනයක් සඳහා අමතන්න...


සුභපැතුම් විවරණ අංක 02
සුභපැතුම - Life is a one way road ,
We can see back,
But we can't go back,
So dont miss anything
Enjoy every moment of ur life..
WISH U N UR FAMILY HAPPY NEW YEAR..
විවරණය- Life is a one way road , මේ නොකියා කියන්නෙ හයිවේ එක ගැන.ලයින් වෙන වෙනම වෙන් කරලනෙ තියෙන්නෙ.
We can see back,කණ්නාඩියෙන් පිටිපස්ස බලන්න පුලුවන් කියල මේ කියන්නෙ.
But we can't go back,මේ පදෙන් කියන්නෙ හයිවේ එකේ රිවස් කරන්න බෑ කියන එක.
So dont miss anything ඒ නිසා ඉන්ටර්චේන්ජ් එක මිස් කරගන්න එපා.
Enjoy every moment of ur life..ඒ දේවල් මතක තියන් හයිවේ එකේ ආතල් එකේ යන්න...
WISH U N UR FAMILY HAPPY NEW YEAR..ඔබ ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා!



සුභපැතුම් විවරණ අංක 03
සුභපැතුම - Pahan silak se 'NETHU' dal wewa,
Wasanthayak se 'DIVI' saru wewa,
Pium vilak se 'SUWADA' sadewa,
Me nawa wasare'KIRI' ithirewa...!!!
විවරණය- පහන් දැල්වෙන්න තෙල් දැම්මට කමක් නෑ ඇස් හොඳින් කැරකීම සඳහා තෙල් දමන්න.වසන්ත කාලෙට විතරක් නැතුව හැමදාම හොඳට දත් මදින්න.තුන්වෙනි පදෙන් කියන්නෙ මගේ සෙන්ට් එක මාරු කරන්න කියල.අවසාන පදෙන් කියන්නෙ හොඳට ගින්දර දාල ලිප මොලවන්න කියල..



සුභපැතුම් විවරණ අංක 04
සුභපැතුම - Keep the smile.. Leave the tear..think of joy..forget the fear.. Hold the laugh.. Leave the pain.. Be joyous.. Happy New Year!
විවරණය - ඉස් මයිල්...ආහ් කොන්ඩෙ කොන්ඩෙ..කොණ්ඩෙ කපන්න එපා..ටයර්..ම්ම්ම්....වාහනේ ටයර් මාරු කරන්න.ජෝයි කියන එකා ගැන හිතන්න[අනෙ අම්මප කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලවත් දන්නෑ ඕං]හිතල බය ගන්න...හිනා වෙන වෙලාවක මීඩියා ප්ලේයරේ බට්න් එක ඔබන්න..පයින්ම යන්න.ජෙලස් වෙන්න.සුභ අලුත් අවුරුද්දක් වේවා!



සුභපැතුම් විවරණ අංක 05
සුභපැතුම -Palasak vilasa yana maga mal athirewa..
Ahasak usata usa pathuman ituwewa..
Dahasak pahan dalvi maga eliwewa..
Aruthak genena SUBA NAWA WASARAK WEWA..~*
Samaya satuta piri kiriyen paniyen ithiruna SUBMA SUBA NAWA WASARAK...
විවරණය - යන එන පාරවල් වල මල් ඇතිරේවා...ම්ම්...මල් කඩපං කියන එක තමා මේ කියන්නෙ.[කඩපං කිව්ව නම් ශැතිය එන්නෙ නැ නේ.]
අහසක් උසට උස පැතුම් ඉටු වේවා...මිටි ඒවට වෙන දෙයක් ගැන අවධානය යොමු කරන්න අමතක වෙලා..පව්..
දහසක් පහන් දැල්වී මග එලි වේවා...කෙසේ වෙතත් මේ කියන්නෙ යන එන පාරවල් වල වීදි ලාම්පු පත්තු වේවා කියන එක.
අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා..මේ කියන්නෙ මේ අවුරුද්දෙවත් තෝ වැඩක් ඇති වැඩක් කරපිය කියන එක.
සාමය සතුට පිරි කිරියෙන් පැණෛයෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක්..ලොකුම වැරැද්ද වාක්‍ය අවසන් කරල නෑ...4 වසර කට් කර ඇත.සාමය ඉතිරෙන්න කියන්නෙ වලි වලට පල ගුටි කන්නෙ නැතුව ගහපිය,සතුට කියන්නෙ කටේ කොන් දෙක කන් විදල ගැටගහගණින් කියන එක,කිරියෙන් පැණියෙන් ඉතිරෙන කියන්නේ.........මට හරක් පට්ටියක් අරං ගොපල්ල වෙන්න කියන එක...



සුභපැතුම් විවරණ අංක 06
සුභපැතුම - Sitha thutin bara wana pathu pathum ituwana subama suba nava vasarak weaaaaa :D:D
විවරණය - සිත තුටින් බර වන-හිතට ස්කන්ධයක් නැ.සතුට කියන්නෙ හැඟීමක් මිස අංශුමය දෙයක් නෙවෙයි.ඉතින් ස්කන්ධයක් නෑ.ඉතින් කොහොමද බර වෙන්නේ?
පැතු පැතුම් ඉටුවන-ආ මේකෙ නම් කිසි වරදක් දකින්නෙ නෑ ඕං.
සුභම සුභ නව වසරක් වේවා!-හා



සුභපැතුම් විවරණ අංක 07
සුභපැතුම - May all the happiness be with you,
May all the blessings be sprinkled on you,
May all the love be gifted to you,
and may this New Year be the happiest to you!!..A Happy and a prosperous new year!!..:)
විවරණය -මාත් එක්ක හැපි නස් කියන එකා මැයි මාසෙම ඉඳීවි.
මැයි මාසෙදි ස්ප්‍රීන් එකක් වගේ පැතුම් මගේ උඩ උඩ පනිවි.[නොකිය කියන්නෙ බඩු මිල වැඩි වෙයි කියන එක.]
මැයි මාසෙදි ලව් එක තෑග්ගක් විදියට හම්බේවි.සහ මේ අවුරුද්ද හැපිය එක්කම ඉන්න හම්බේවි.ඒ නිසා හැපිය සහ බත රොස් නොවෙන අවුරුද්දක් වේවා!



හුදෙක් විනෝදය සඳහා පමණි..~


මේ අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙලම පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලම ගියානම්...

Thursday, March 22, 2012

මේ වරද ඔබත් කරලද?එහෙනම් පරිස්සමින්...


ආ..මේ ලිපිය කියවන්න එන කාට කාටත් ඊමේල් ඇඩ්‍රස් ඇති නේ?නැත්නම් ඉතින් අන්තර්ජාලෙ මහගෙදෙට්ට සෙට් වෙන්නවත් බෑ නෙ.මං කිව්වෙ ෆේස්බුක් වත් යන්න හම්බෙන්නෙ නෑ නෙ ඊමේල් ඇඩ්‍රස් එකක් නැතුව[සිරාවට තියෙනවනෙ....]කාටවත් හිතුනද තම තමන් අතින් වෙන්න පුලුවන් පූංචි වරදක් නිසා ඒ ඊමේල් ගිණුම හැක් වෙන්න අවධානමක් තියෙන්න පුලුවන් කියල...මම මේ පහල කියන්න යනව වගේ...
ඊමේල් ඇඩ්‍රස් භාවිතා කරන ගොඩක් අය ඒ සඳහා භාවිතා කරන්නෙ ගූගල් මලය නැත්නම් යාහු නේ...[හෝව් හෝව්...හෙට අනිද්ද වෙනකම් ඕක යූස් කරන්න..ඉක්මනටම වීගල් වලින් ඔයාලට වීමේල් දෙනකම්...එතකම් මම මේ කියන්නෙ..]


ඕන්න ඕවයින් ඊමේල් ඇඩ්‍රස් එක හදද්දි මතකද  Password Recovery Question   එකක් දෙන්න කියල?සමහරුන්ට අමතකත් ඇති.ඔව් ඉතින් ඔය ප්‍රශ්නෙයි,ප්‍රශ්නෙට උත්තරෙයි කීයෙන් කීදෙනාටද ඇත්තටම පාස්වර්ඩ් එක අමතක වෙලා ලොග් වෙන්න ඕන වෙන්නෙ?

එහෙව් එකේ අපේ ගොඩක් අය මෙන්න මේ වගේ ප්‍රශ්න දීමේ අවධානමක් තියෙනව මම දන්න විදියට.[මම මේ ලිපිය ලියන්නෙත් මම දන්න දෙතුන් දෙනෙක්ම ඔන්න ඔය ප්‍රශ්නෙට අතේ මාට්ටු වෙන උත්තර දීල,එකවුන්ට් වලට කෙලවගත්ත නිසා........නෑහ්..හැක් කලේ මං නෙවේ...]


1.තමන්ගේ හොඳම යාලුවගෙ නම....
2.තමන්ගෙ ඉස්කෝලෙ නම....
3.තමන්ගෙ ගමේ නම....
4.තමන්ගෙ පෙම්වතා,පෙම්වතිය හෝ මනෝපාර දාගෙන ඉන්න එක්කෙනාගෙ නම....
5.ඉපදුන ගම....

බ්ලා බ්ලා බ්ලා.....

ඉතින් ඔය වගේ ප්‍රශ්න දැම්මහම තමන්ගෙ ලඟම ඉන්න කෙනෙක්ට අදාල පුද්ගලයාගෙ ඊමේල් එකවුන්ට් එකට ලොග් වෙන්න ලේසියෙන්ම පුලුවන් නේද?ගේමක් නැතුව ගෙස් කරලම...සමහරවිට ගෙස් ඕනත් නෑනෙ.අන්න ඉතින් මෙන්න මේ සීන් කෝන් එක ගැනත් හිතලා බලලා කාරිය තම තමන්ගෙ ඊමේල් ඇඩ්‍රස් වල ඔන්න ඔය කියන Password Recovery Question එක වෙනස් කරන්න හරි,ආරක්ශාව තව ටිකක් වැඩි කරගන්න හරි හිතුවනම් පස්සේ හැක් වුනා කියල අඬනවට වඩා හොඳයි නේද?

Saturday, March 17, 2012

Aපේ අයි.T ඩේ Eක(පාT. 1)

හද්ද කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ.දන්නවනෙ ඉතින් අපොයි ඌපේ එක්ක මුකුත් කරන්න වෙලාවක් නැ නෙ.කොහොම උනත් අද මම ලියන්න යන්නෙ මගේ ජීවිතේ ලස්සන මතකසටහනක් ගැන.
වේ මුකුත් නෙවෙයි,අපෙ ඉස්කෝලෙ අයි .ටී. ඩේ එක ගැන.
අවුරුදු ගානක් තිස්සෙ අපි අයි ටී ඩේ එක කරන්න හිත හිටියට එක එක ප්‍රශ්න මත ඇදි ඇදී තිබුන මිසක් කෙරුනෙ නෑ.ඒ නිසා මේ පාර කොහොම හරි ඩේ එක කරන්න ඕන කියල හිතාගෙනම වැඩේට බැස්ස.
මුල්ම දවසෙ අපේ තොරතුරු තාක්ෂණ සමාජෙ නිලතල ටික බෙදා දුන්න එක තමයි උනේ.ඒක කලෙත් නිකන් නෙවෙයි.තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් තියෙන 6-13 ශ්‍රේණිවල අයියල සහ මල්ලිලගෙන් අයදුම්පත් ගෙන්නගෙන එයාලගෙ දක්ෂතා සහ ශ්‍රේණි මත වර්ග කරල,කණ්ඩායක් කිරීමෙන් පස්සෙ.ඉහළම අයගෙන් තමයි රැස්වීම අරගෙන තනතුරු පිරෙව්වෙ.
ඕං කොහොම හරි මං තුමාට සභාපතිකම හම්බුනා.ඊටපස්සෙ උප සභාපති උනේ දසුන් සොයුරා.ලේකම් යසස්වී සහ ඉසුරු.බඩගරිකයො උනේ දිනිත්,ලක්ශිත සහ සසික.ඔයිට අමතරව එක එක වැඩ කට්ටියට බෙදල දුන්න මතක් වෙන මතක් වෙන විදියට.මොකෝ ඔතන හිටපු එකෙක්වත් මීට කලින් ඩේ කරල තිබ්බ උන් නෙවෙයි.එහෙමෙයි කියල වැඩේ අත අරින සීන් අපේ නැති නිසා කොහොම හරි වැඩේ කරන්න ඕන කියන හයියෙන් වැඩේට බැස්ස.
ඔය හරිය ගැන විස්තරයක් අපේ බ්ලොග් පෝස්ට් දෙකක දාල තිබ්බ නිසා මේ හරියෙන් පොඩි කට් එකක් දාල මාරු වෙන්නම්කෝ.මෙන්න ඒ පෝස්ට් දෙක.

පෙරළියක ඇරඹුම.......

අපේ සමාජයේ ජ'සිය නිර්මාණය...

 

ඕන්න ඔහොමින් කොහොම හරි ජර්සියත් ප්‍රින්ට් කරන්න දුන්න.ඔය වෙනකොට නම් අපට ඉස්කෝලෙ පන්තිය පැත්ත පලාතක යන්න බැරි තත්වෙකටම ඇවිල්ල තිබ්බෙ.මොකද කිව්වොත් මුල් දවස් වල පන්තියට මූණ පෙන්නල 1 දාල ආවට පහු පහු වෙනකොට ඒකට යන්නවත් වෙලාවක් නැති උනා.ඒත් වැඩේ කරන්න ඕනකම නිසාම අපේ වැඩ බාර දීල තිබ්බ ඔක්කොම අය වගේ පන්ති කට් කරගෙන හරි වැඩේට සෙට් උනා.

ඔක්කොටම කළින් වැඩේට ඕන කරන බජ්ට් ප්ලෑන් එකයි පොජෙක්ට් ප්‍රපෝසල් එකයි හැදුව.ඒ ටික නම් මම කලේ.කරල අපේ විෂය භාර තිලකසිරි සර් එක්ක ගිහින් ප්‍රින්සිපල් සර් හම්බුනා.
සර් එක්ක කතා කලාම සර් යෝජනා කලා "අපිට මේක සමස්ථ ලංකා තරඟයක් විදියට කරන්න පුලුවන් නේද?" කියල.නමුත් ඒ වෙනකොටත් අපේ අය යටින්ම ඩේ එකේ වැඩ කරන්න අරගෙන තිබ්බ නිසාත්,අපට ඒ වෙනකොටත් පීරියඩ් කට් වෙලා වැඩේ සෙට් වෙලා තිබ්බ නිසාත්,ඒ වෙනකොටත් අපේ ප්ලෑන්ස් වගේම අනෙත් වැඩ වලිනුත් සැලකිය යුතු මට්ටමක් කෙරිල තිබ්බ නිසා ඒ අදහස ඉදිරි අවුරුද්දකට කරන්න කල් දැම්මා.

කොහොම හරි ඒ වැඩ ටිකට අවසර අරගෙන එන ගමන්ම අපේ කන්නන්ගර ශාලාවත් වෙන් කරගෙනම ආව.පෙබරවාරි 23 වෙනිදට අපේ ඩේ එක කරන්න.ඊට පස්සෙ ගේම උනේ සල්ලි හොයන එක.අපි වැඩේ ප්ලෑන් කලේ ලක්ශෙකින් කවර් කරන්න උනත් පහු වෙනකොට ඒ ගාන අඩු කරන්න උනා.නමුත් අපේ කොල්ලොන්ගෙ තියෙන මොරාල් එකටම මුන් ගේම දෙන එකනම් බිඳකින්වත් අඩු කලේ නෑ.

ඩේ එකේ වැඩ සහ සොසයිටියේ වැඩ ගැන මුලින්ම කලේ අපි ෆේස්බුක් පෙජ් එකක් හදපු එක.මේ තියෙන්නෙ ඒක.ඩේ එකේ ඉවෙන්ට් එක හැදුවෙ අපේ දිනිත්.

ඩේ එකේ වීඩියෝ ටික හදන්න මල්ලිල ටිකකට උනත් වැඩ පුලුවන් කොල්ලො ටිකකට භාර දුන්න.උන් එකෙක් දෙන්නෙක්ගෙ නම් මට මතක නැති නිසා ලිස්ට් එක වෙන පෝට්ටුවකින් දාන්නම්කෝ.මල්ලිල ටික ඩේ එකේ වීඩියෝ හදන්න අරගෙන "අයියෙ ඩේ එකේ නම?" ගානකොට තමයි නමක් දාන්න මතක් උනේ.අන්තිමට යෝජනා ගානක් අවසානයේ,ස්කයිප් කෝල් පැය 5 කට ආසන්න කාලයක් අවසානයේ අපේ ඩේ එකේ නම ලෙස යෝජනා වුනේ, KNGINE '12 කියන නම.ඔය නමත්,ඊට යටින් පොඩියට For the Next Generation of IT කියලත් දාගෙන වැඩේ කරගෙන ගියා.

 ඔය අතරේ තමා අපේ ජර්සි ටික මුද්‍රණය වෙලා අවසන් උනේ.ඒ ටික ගේන්න යන්න වුන තැන අන්තිමට මම වාහනයක් කතාකරගෙන ගිහින් ගෙනාව කියමුකෝ ඒ ටික.

ඒවත් බෙදල දීල වැඩ කරගෙන යනකොට දිනේට සමගාමීව දැනුම මිනුම තරඟාවලියක් පැවැත්වීමේ අවශ්‍යතාවය ආව.ඉතින් අපි ඒකටත් රෙඩී.ඒ වැඩේ යොදාගත්තෙ පෙබරවාරි 11 වෙනිදට.ආරාධනා කරන්න ලියුම් යවන එක කේස් සහ කල් නොතිබ්බ නිසා[නෑ නෑ වෙන හේතු තිබ්බෙම නෑ අපේ උන්ට.] ලියුම් අපේ සාමාජිකයන් විසින් ගෙනිහින් දෙන්න තීරණය උනා.ඒව දෙන්න ගිහින් වෙච්ච රසබර සිදුවීම් වෙනම ලියමුකෝ ඉඩ ලැබුන විදියට.

පේපර් එක මම,දිනිත්,දසුන්,ප්‍රභාරංග,ඉසුරු යන අයගෙ අතින් හැදුනත් ඒ අයගෙන් කිසිම කෙනෙක් අවසාන පේපර් එක ගැන දැනගෙන හිටියෙ නෑ.මොකද එක එක්කෙනා දෙන ප්‍රශ්න ඉතාමත් රහස්‍ය විදියට තමයි පේපර් එකට ඇතුලත් උනේ.

11 පේපර් එක දෙන්න ඔක්කොම සෙට් කරගෙන ලැස්ති වෙලා ඉන්නකොට මෙන්න අපට ඉන්විටේශන් එකක් ආව නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්.මොකකටවත් නෙවෙයි.එයාලගෙ අයිටී ඩේ එකයි දැනුම මිනුම තරඟාවලියයි 10 වෙනිද තියෙනව,ඒකට එන්න කියල.
මොකද කරන්නෙ කියල කල්පනා කර කර ඉන්නකොට තීරණය කලා කොහොම හරි වැඩ දෙකම කවර් කරනව කියල.තරඟෙ වැඩ ඔක්කොම 9 වෙනිද වෙනකොට සෙට් කලා.10 වෙනිදත් උදේ ඉස්කෝලෙට ගිහින් වැඩ ටික බලල කියල යන්න සෙට් උනා.ගාල්ලෙ ඉඳන් මෙච්චර දුරක් ගෙවාගෙන මේ වගේ වෙලාවක යන එක නිකං යන්න බෑ කොහොම හරි තරඟෙ දිනන්න ඕන කියල හිතාගෙනම තමයි යන්න සෙට් උනේ.
ගියේ මමයි,දසුනුයි,ඉසුරුයි,දිනිත්නුයි තව සචිත් කියල 11 වසරෙ මල්ලි කෙනෙකුයි සෙට් උනා.


දුර ඉඳන්ම ගිහිල්ලත් අපි තමයි මුලින්ම ගියේ.අපට ගාල්ලෙ ඉඳන් ආවට හොඳ පිලිගැනීමක් ලැබුනා.පළවෙනි වටේ තරඟ දෙකක් තිබ්බා.කොහොම හරි ඒකෙන් වැඩිම අරගෙන අපි ෆයිනල්ස් සිලෙක්ට් උනා.අපි එක්ක ෆයිනල්ස් ආවෙ කොළඹ නාලන්දා විද්‍යාලය.අවසන් තරඟෙ ප්‍රශ්න ඔක්කොම මොරටුව විශ්ව විද්‍යාලෙන් තමයි මෙහෙයෙව්වෙ.එතන තරඟෙදි ප්‍රතිඵල එද්දි ඉස්කෝල දෙකම සම ලකුනු අරගෙන.එපාර කණ්ඩායම් දෙකේ නායකයන්ට ආයෙත් එන්න කිව්ව ස්ටේජ් එකට.මං ඉතින් ගියා.ප්‍රශ්න අහල උත්තර දීල කොහොමින් හරි අන්තිමට අපි අපේ ඉල්ලක්කය ජයග්‍රහනය කලා.

ඒ මොරාල් එක පිටම කොටුවට ගිහින් බස් එකේ ගාලු ආවෙ ඊට පස්සෙන්ද අපේ ඩේ එකේ දැනුම මිනුම තරගෙ වැඩ කරන්න.අපි ගාල්ලට එනකොටත් 11 පහුයි.කොහොම උනත් ඉසුරුලහ මම නැවතිලා ඊට පස්සෙන්ද වැඩේ කරන්න මහන්සි වෙලා නිදාගනිද්දි 2 ත් පහුයි මයෙ හිතේ.ආයෙත් 4 ට විතර නැගිටල ඉස්කෝලෙට ගිහින් වැඩේ ලැස්ති කරල දැනුම මිනුම තරඟේ තිව්වා.

තනි ලිපියට ලියන්න ගත්තට වෙලාව මදි වගේ.හෙට ක්ලාස් එකේ වැඩ වගයක් තියෙනව කරන්න.ඒ නිසා ඉතුරු කොටසකින් ලඟදිම ඩේ එක ගැන දාන්නම් හොඳේ.මෙන්න මෙතන මගේ ෆෝන් එකේ සටහන් උන ඩේ එකේ තිරය පිටුපස වැඩකෑලි ටික බලල කමෙන්ට් එකක් දාලම යන්නකෝ.ඩේ එකේ පින්තූර මීලඟ ලිපියට.


KNGINE '12 QUIZ COMPETITION

Saturday, January 21, 2012

Kiss එක...

කාලෙකින් හම්බුනාමත් දෙන,
ආතල් එකටත් දෙන,
පුරුද්දටත් දෙන,
පොඩි අයට ලොකු අය දෙන,
ලොකූ අය ලොකු අයට දෙන,
කොල්ලො කෙල්ලන්ට,
කෙල්ලො කොල්ලන්ට,
දීගෙන දීගෙන යන,
නළලටත් දෙන,
මූණටට්ත් දෙන,
දෙන්න ගත්තම නවත්තගන්න බැරි,





Kiss එක...

පස්සෙන් එන්න