web 2.0

Sunday, June 27, 2010

පොසොන් එකට අපේ වැඩ...(ආතල්+හැමදේම....)

පොසොන් එකට සිල් ගත්ත හැටි මම එදා කිව්වනේ.කොහොම හරි මගේ කාලේ හොඳ වැඩි වෙලාද මන්දා 24 වෙනිදා රෑ මහ වැස්සත් එක්ක හුළඟට අපේ ගේ ළඟින්ම ගහක අත්තක් වැට්ටා.අපරාදේ කියන්න බෑ.ඒ වැඩෙන් අපේ ගෙදර විතරක් කට්ට කලුවරේ.මම වෙලාවට එදා දවල් පෝං එක චාර්ජ් කර ගත්ත නිසා මටනම් එච්චර අවුලක් දැනුනේ නෑ.(නොදැනුනේමත් නැත.)

ඊට පස්සෙන්දා උදේම ලංකා විදුලිබල මණ්ඩලේට කිව්වා.ඒ හින්දමද මන්දා 25 වෙනිදත් රෑ කළුවරේ.

යන්තම් පොසොන් එක දවසේ හවස ලයිට් හදලා තිබුනා.එදා තමයි ඔය සිල් ගත්ත හැටි ලිව්වේ.ලිව්ව විතරයි ඒකට ආපු කොමෙන්ටු බලන්නවත් වුනේ නෑ ශ්‍රී ලංකා ටෙලිකොම් අල.අපේ ගෙදරටම විතරද මන්දා.තාමත් ටෙලිකොම් නම් හැදුවේ නෑ.

ඒකෙන් මේකෙන් කියන්න ගිය කතාවත් අමතක වුනා.

පොසොන් එකට දහම් පාසලේ සිල් ගන්න එක තමයි දිගටම කරගෙන ආවේ.මේ පාර ඒ වෙනුවට දන්සැලක් කරන්න තමයි කටයුතු කලේ.

පොසොන් දවසේ මම කරපු වැඩ ටික කිව්වනම් දන්සැලේ වැඩයි අනිත් ඒවයි ඔක්කොම කවර්.ඒ නිසා එහෙමම දාන්නම්.

පොසොන් එකට පස්සෙ දවසේ භක්ති ගීත ගායනයකට අපේ දහම් පාසලට ආරාධනයක් ලැබිලා තිබුනා.ඉතින් ගිය සතියේම ඒ වැඩ වලට හවස 5.30 විතර ඉඳන් පන්සලේ.පෝය දවසටත් ප්‍රැක්ටිස් කරමු කියලා එන්න කිව්වා උදේ 9.30 ට.

ඉතින් මම උදේ 9.30 ට ගියා.මොන?කොල්ලො දෙන්නෙක් විතරයි හිටියේ.මමත් ඉතින් පොර වගේ මිස් කෙනෙකුට කෝල් කලා.මිස් දැන් එනවා කිව්වා.ටිකකින් පණිවිඩේ ආවා පහළ පන්තියකට එන්න කියලා.ගිහින් බැලින්නම් ලයිට් නෑ.එපාර සර් ගියා සහන් කියලා යාලුවෙක්ලහ.ගිහින් ගෙනාවා බැටරි වලින් දුවන ඕගන් එකක්.ගෙනත් කට්ටිය එනකම් ඉන්නව ඉන්නව.නෑ.ටිකකින් කෙල්ලෝ තුන් හතර දෙනෙක් ආවා.

ඒ අතරේ සර් කිව්වා මල් ගොටු හදන්න.(හවසට මල් දන්සැලක් සහ බෙලිමල් + හකුරු දන්සැලක් වෙනුවෙන්.)

හද හද ඉන්නකොට ලයිටුත් ආවා.එපාර පහළ පන්තියේ ලයිට් නෑ.(තාම වයරින් කරනව.)එපාර ගියා උඩ තට්ටුවට.එතන ඉඳන් ප්‍රැක්ටිස් කලා.11 ගෙදර එන්නම් කියලා මම තාත්තට කිව්වේ.පන්සලෙන් එනකොට 12.15 විතර වෙලා.එහෙමම ගියා දසුන්ලහ.

දන්සැලේ වැඩ වලට 2.30 ට විතර එන්න කිව්වා හාමුදුරුවො.ඒ නිසා ගෙදර ඇවිල්ලා ටග් ගාලා නා ගත්තා.දැන් වෙලාව 2.00 විතර වෙලා.ඊට පස්සේ අම්මා කිව්වා හොස්පිට්ල් එකේ වැඩ කරන ඇන්ටි කෙනෙක් නෙළුම් මල් වගයක් ගෙනල්ල තිබුනා.මමත් ඉල්ලගත්තා දන්සැලට දෙන්න.අමතක වෙලා හොස්පිට්ල් එකේ දාලා ඇවිල්ලා කියල.යනගමන් අරන් යන්න කිව්වා.

ඒකත් අරගෙන යනකොට 2.45 විතර වෙලා.හාමුදුරුවෝ හිටියේ එළියේම.සේප් වෙන්නත් එක්ක හාමුදුරුවන්ගේ අතටම දුන්නා මල් ටික.දීලා මම බයිසිකොලේ දාලා ආවා.ඇවිල්ලා වැඩ කලා.(වැඩ කිව්වට වැඩම නෙවෙයි.)

අපේ 11 වසරේ කොල්ලෝ එකෙක්වත් හිටියේ නෑ.මොකද උන්ට සරම ඇඳගෙන එන්න කිව්වා.භක්ති ගීත වලට ඉන්න නිසා අපට චාන්ස් එකක් හම්බ වුනා.මම දන්නවනේ අපේ උන්ගේ හැටි.මම හවස ගිහිපු වෙලේ කිව්වා සර් එක්ක සර් මටත් තනියම ඉන්න බෑ.අපේ කොල්ලෝ ටික ගෙන්න ගන්නද කියලා.සර් කිව්වා හා කියලා.මම එහෙමම කෝල් එකක් දුන්නා හසිතයට.පැය භාගයක් යද්දී අපේ කොල්ලෝ ටික එතන.

පස්සේ දන්සැල පටන් ගත්තා.පාරට පැන පැන වාහන නැවැත්තුවේ.කොහොම හරි මමත් 300-400 කට ඇල්ලුවා.මම වැඩිපුරම මම අල්ලලා තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් වලට.ඒක නෝට් කරගෙන පාරමී,චතු,නිකිණි,සඳු කස්ටිය එක්ක අපේ උගන්නන අක්කලාට(මිස්ලට.)කියලා.

එයාලත් දිලංක අන්න තව ලෑන්ඩ්මාස්ටරයක් එනවා කිය කිය වස නෝන්ඩියක් දුන්නා.එපාරනම් එපා වෙලා හිටියේ.

ඒ මදිවට හැමෝටම බෙලිමල් හම්බෙනවද බලන්න කියලත් මට කිව්වා.තව ටිකකින් දිලංක අල්ලන කෝප්ප ආයි හම්බෙනවද බලන්නත්.තවත් ටිකකින් දිලංක හකුරු ගානට දෙනවද බලන්න කියලත්.

ඔය ටික කරන අතරේ මටත් මහන්සියට පැත්තකට වෙලා බෙලිමල් එකක් ගැහුවා.

ඒකට මෝල් වෙලා ආයි වාහන නවත්තන්න පාරට බැහැපු ගමන් මම කෑගැහුවේ බෙලිමල් කාල හකුරු බීල යන්න එන්න කියල.අපේ කෙල්ලෝ සෙට් එකම කට අල්ලන් හිනා වෙනව.අපෝ එහෙම නෝන්ඩියක්. ඔය අතරේ හාමුදුරුවෝ කතා කරලා කිව්වා දිලංක අපි දැනටමත් 2000+ බෙලිමල් සංග්‍රහ කරලා කියලා,මටත් ඉතින් ෆුල් හැපි.අපි ලෑස්ති වුනේ 1000 කට.පාරට බැහැලා පැය එකහමාරක් යන්නත් කළින් 2000+ සංග්‍රහ කරලා.

ඊට පස්සේ මම ගිහින් පාරමී ගේ තාත්තගෙන් ඇහුවා අංකල් කොහොමද දැන් නවත්තනවද?තව පුලුවන්ද කියලා.අංකල් කිව්වා අවුලක් නෑ තව දෙන්න පුලුවන් කියලා.ඉතින් දිගටම වැඩේ ගියා.

මට ආයි හිතුනා අර 2000+ එකට ආයි පාරක් සම්මාදම් වෙන්න.ගිහින් ගත්තා බෙලිමල් එකක්.පාරමීගේ තාත්තා තමයි වක් කලේ.මමත් ඉතින් ගිහින් ගත්තා.අපරාදේ කියන්න බෑ ඉස්සෙල්ලා එක වගේ නෙවෙයි.කටේ තියන්න බෑ රස්නෙයි.මොනව කරන්නද පැත්තකට වෙලා බොන්න ගත්තා.

ඔය අතරේ අර මම උඩින් කිව්වේ කෙල්ලෝ සෙට් එක මම කට පුච්චගන්න දඟලන හැටි බලාගෙන හිනා වෙනවා.මොනව කරන්නද?මම හෙමීට බිව්වා.ටිකකින් චතූ කෑ ගහනව පාරමී අන්න අරය වීඩියෝ කරගන්න කියලා.සීකේ.පාරමීගේ අතට කැමරා පෝං එකක් දීලා වීඩියෝ කරගන්න.මමත් හැංගි හැංගි ගස් අස්සේ රිංගගෙන බිව්වා බීලා ඉවර වෙනකොට දිවත් පිච්චුනා. (කොහොම හරි පාරමී මාව වීඩියෝ එකට අල්ල ගත්ත කියල අද චතූ කිව්වා.)පැයක් විතර දිව එළියට දාගෙන තමයි වාහන නැවැත්තුවේ.

පස්සේ දැන්සැල ඉවරයි.

ඇඟ අලෙන්න දාඩියයි.මම අම්මට කෝල් කලා පන්සල් එනවද අහන්න.එනව කිව්වා.මම කිව්වා මම එනකම් ඉන්න කියලා.(එක හේතුවක් ඇඟ හෝද ගන්න.අනික කාර් එක අතට ගන්න.)කොහොම හරි ගෙදර ගිහින් ඇඟත් හෝදන් කාර් එකේම පන්සල් ගියා.අපේ උන් ටික දිගටම පන්සලේ හිටියේ.උන් ටික වඳින්නෙත් නැති නිසා පිටත් කලා දන්සැලේ පෝළිමට.යවලා මම කාර් එකේ හිටියා අම්මල එනකම්.ඊට පස්සේ අර භක්ති ගීත වැඩසටහනට යන වෙලාවත් අහගෙන ආවා.ඇවිල්ලා කාර් එක දාලා පුටාර් එකෙන් දන්සැල් වැඳලා එනකොට රෑ 10.00 ත් පහුයි.පාඩම් වැඩ ටිකකුත් කරලා නිදාගන්නකොට 12.00 පහුයි.

සෙනසුරාදා(ඊයේ.)තමයි භක්ති ගීත වැඩසටහන තිබුනේ.එදා ප්‍රැක්ටිස් නෑ හැමෝටම පන්ති නිසා.හවස 4.30 ට පන්සලට ගියා.ගිහින් කට්ටියත් එක්ක පිටත් වෙනකොට 5.00 ත් පහුයි.

ඒ වැඩසටහනේ අපේ චාන්ස් එක එනකම් ඉන්න ගමන් චතූ අහනව මතකද මීට අවුරුදු දෙකකට කලින් මෙහෙමම කස්ටිය සෙට් උනා කියලා.(ඒ දවස් වල පාරමී එහෙම ගොඩාක් ලඟින් හිටියනේ.දැන් ඉතින් එහෙම නැති නිසා මතක් වෙද්දී මගේ ඇස් අගට කඳුලක් නාවාම නෙවෙයි.)

ඔය අතරෙදී මම ඇහුවා මතකද පොල් කටු සීන් එක කියලා.

චතූ අහනව ඒ කතාව තාම මතකද කියලා.(මම පොල් කටු සීන් එක අගටම දාන්නම්.)

එපාර ටිකෙන් ටික අපේ චාන්ස් එක හම්බ උනා.මම කිව්වා අපේ කොල්ලොන්ට සරම් වස සිප් එක වහගෙන එහෙම වරෙල්ලා යන්න කියලා.කොහොම හරි සෙට් එක අරන් ගියා.ගිහින් භක්ති ගීතය ගායනා කලා.(මගේ පෝන් එකෙන් වීඩියෝ කරපු එක ඔය පහලින් ඇති.)



ගීතෙත් ගායනා කරලා කස්ටියම විසිර ගියා.තාම මුකුත් හරිහමන් ප්‍රතිචාර නෑ.බලමුකෝ.


පොල් කටු සීන් එක~~~

මම කිව්වනේ අවුරුදු දෙකකට කලිනුත් මේ පාර වගේම භක්ති ගීත වැඩසටහනකට ගියා කියලා.එදා තිබුනා මොකක්ද කෝල්මක්.කෝලම් වල ඉතින් ගෑනුන්ට ඇඳලා ඉන්නෙත් පිරිමි නේ.මම කෙල්ලොන්ගෙන් ඇහුවා කොච්චර ගේමක් දෙන්න ඇතිද හරියට පොල් ගෙඩිය පලාගන්න කියලා.අන්න ඒක තමයි පොල් කටු සීන් එක.

(ඒ කතාවේ තේරුම තේරුම් ගන්න බැරි බබාලා නෑ නේ.හැබැයි තේරුම් ගන්න අමාරුනම් මම බෝල්ට් කරලා තියෙන ටික ගැන අවධානය යොමු කරලා පොඩ්ඩක් හිතන්නකෝඅ.)අදට ඕනවටත් වැඩියි වගේ.


හිතට දැනෙන දෙයක් යටින් ලියලා යන්නකෝ...

Friday, June 25, 2010

සිලුත් ගත්තා කියමුකෝ....

අදත් කියන්න යන්නේ ටිකක් ආතල් කතාවක්.අපේ 11 වසරේ සැට් එකට මේ පාර පොසොන් එකට සිල් ගන්න කිව්වා ඉස්කෝලෙන්.කොහොම හරි වැඩේට සෙට් උනේ 24 වෙනිදා.උදේ 7 ට තමයි එන්න කිව්වේ.සරම් කොටත් ගහගෙන.(එපා වෙනව.)
                                                                    චතුර                              මනුජ
මමනම් හිතාගෙන හිටියේ දසුන්,මනුජ,පසිඳු ලා එක්ක චතුර(PPGK[පිං පොං හන්දියේ ගොඩේ කොල්ලා])ල ඉන්න තැනින් වාඩි වෙන්න.
කොහොම හරි අපි සිල් සමාදන් වෙන්න යනකොට 7.30ත් පහුයි...හාමුදුරුවෝ දෙපාරක්ම සිල් දුන්නා.ඊට පස්සේ දුන්නා ධර්ම දේශනාවක්."පියවර මනිමින් යන්න.එතකොට රි..... එකේ ගැණු ළමයි ඔයාලව හොඳ ළමයි කියල හිතයි"කිව්වා.ඒ විතරක් නෙවෙයි.මූණටම කිව්වා "මේපාර 11 වසරේ ළමයි ගිය පාර 11 වසර ළමයි තරම් හොඳ නැ"කියලම.හොදි ඕන නැ.
කොහොම හරි පියවර මැන මැන විනාඩි 10 ක් විතර ගිහින් ශාලාවට ගියා.යන ගමන්ම හොඳ හොඳ ඒවා කිය කිය සීලේ උපරිමෙන්ම රැක්කා.
ඊට පස්සේ උදේ දානේ.ඒකත් අපේ උන් ගත්තේ බදාගෙන.වෙනද විදිහටම.ඊට පස්සේ ධර්ම දේශනයක් තිබුනා.දවල් දානේට ලැස්ති වෙලා වාඩි වෙලා ඉන්නකොට මගේ එහා පැත්තේ හිටපු පසිඳුව නැත්නම් දසුන් පටන් ගත්තා ගුටි කෙලි.කෙලි කිව්වට ගුටි පාස්.දැන් මුන් ටික ගුටි පාස් කිය කිය අල්ලපු එකා හමගහනව.
ඒකත් එක කොනකට ගිහින් නැවතුනා.(25ක් 30 විතර තමයි ගුටි කැවේ.)
ඊට පස්සේ බැග් පාස් කරන්න ගත්තා.දසතින්ම බැග්.රතු පාටද,කොල පාටද,කලු පාටද...වයිවර්න බැග්.
දානෙන් පස්සේ එක එකාගේ සරමේ එල්ලෙන්න ගත්තා.(යටට හැම එකාම කලිසම් ගහලා හිටියේ.උන්ට සරම ඇඳලා පුරුදු නැ.)
ඒක ඉවර උනාට පස්සේ භාවනා වැඩසටහනක්.පැයක් විතර කකුල් දෙකත් නවාගෙන ඉන්න වුනා.විනාඩි 10ක් යන්නත් කලින් මටනම් සනීපේ දැනුනා.භාවනාවට අනුව තත්පර 30ක් හුස්ම ගන්නවා.විනාඩියක් අල්ලන් ඉන්නවා.තත්පර 30 පහල හෙළනවා.
ඔය විදිහට විනාඩි 40ක් විතර කලා.(මම නම් ලෝබ නැතුව හුස්ම ගත්තා.)
ඊට පස්සේ සීලේ පවාරනේ.භාවනා කරලා එකෙක් එහෙමම නිදි.අනිත් එවුන් පසඟ පිහිටුවාගෙන වැඳගෙන ඉන්නවා.අපිව නැගිට්ටලා නිදා ගන්න එකාව පෙන්නුවා.පෙන්නල මල් හතේ නෝන්ඩියක් දුන්නා.දීලා ආයි පසඟින් වැඳලා තමයි ඉස්කෝලෙන් ආවේ...හොඳ ගනන්..

Tuesday, June 22, 2010

ජාතියේ මුර දේවතා...



පෙර දින සිටම අප සමඟ මෙම දුශ්කර ගමනේ නිරත වූ රණවිරුවෙකු සිටියේය.ඔහු නිවාඩු අවසන් වී කඳවුරට වාර්තා කරයි."ඩැෂ් ටූ"හෙවත් දම්වැල් සහිත යුද ටංකියේ පැමිණි අපට මේ රණවිරුවා බෙහෙවින් සමීප විය.එය කොතරම්ද යත් ඔහු නිවසින් පැමිණෙන විට තම මව සාදා දුන් අලුවා පාර්සලය පවා අපගේ දැතේ රඳවමින් එය අනිභව කරන ලෙසට ආරාධනා කළේය.මව මෙය සකස් කරදී ඇත්තේ කඳවුරට ගොස් මිතුරන් සමඟ අනුභව කරන ලෙසට සඳහන් කරමිනි.රනවිරු මව දැනගෙන සිට ඇත්තේ තම පුතා වවුනියාවේ රාජකාරී කරන බවය.තමන් සටන් පෙරමුනේම සිටිනා බව මේ රණවිරුවා මවට සටහන් නොකිරීමට වග බලාගෙන ඇත්තේ ඇය හෘදයාබාදයකින් පෙළෙන බැවිනි.ඔහු මේ සියලු තොරතුරු අප සමඟ සඳහන් කරමින් කඳවුරට ගමන් කලේ අපගේ බලවත් ඉල්ලීම පරිදි අලුවා පාර්සලයද යළි ගමන් මල්ලේ රඳවා ගනිමිනි. 

"එහෙනම් අපි කැම්ප් එකට ගිහින් කොල්ලොත් එක්කම කමු."


යනුවෙන් ඔහු කල යෝජනාවට අපි එකඟ වුනෙමු.

මව් බිම නිදහස් කරගැනීමේ වගකීම තම උරමත තබාගත් මෙම රන විරුවා කඳවුරට පය තැබුවා පමණි.උසස් නිලධාරීන්ගේ දැනුම් දීම මත වහ වහා නිල ඇඳුමට මාරු විය.කිලෝග්‍රැම් 20 ක් පමණ බරැති අවි ආයුධ,උණ්ඩ සියල්ල කරට ගත්තේ ය.සතුරාට නොපෙනී සිටීමට අවශ්‍ය බැවින් මුහුණ අඳුරු වර්ණ ගැන්වීමට මිතුරකුට භාර කළේ ය.අට දෙනාගේ කණ්ඩායමක් සමඟ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පස් බැම්ම බිඳ දැමීමේ දැවැන්ත ප්‍රහාරයට එක්වීමට ඔහුද පිටත්ව ගියේ අපටද "ගිහින් එන්නම්" යනුවෙන් ප්‍රකාශ කරමිනි.

මෙවන් රන විරුවන් නොසිටින්නට මව් බිම නිදහස් කරගැනීම සිහිනයක් බව අවධාරනය කරන්නේ යුද බිමේදී ලැබූ අත්දැකීම් අනුවය.ලක්ෂයකට ආසන්න තම හමුදාවක් ඇෆ්ගනිස්තානයේ රඳවා සිටියද අවශ්‍ය ඉලක්කය කරා යාමට ඇමරිකාවට තවම නොහැකිය.එයට ප්‍රධාන හේතුව අපේ හමුදාව මෙන් තමන්ගේ වගකීම පිළිබඳ ප්‍රබල හැඟීමක් ඔවුන් තුල නොවීම ය.තලෙයිබාන්වරුන්ගෙන් තරමක ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුවහොත් ඇමෙරිකා හමුදා බලධාරීහු මෙහෙයුම් සිතියම් හකුලා ගනිති.නව සැකසුම් සකසති.එබැවින් මෙහෙයුම ඉබි ගමනේ ක්‍රියාත්මක වෙයි.අපේ රන විරුවෝ එකා පිට එකා මැරී වැටුනද සටන අත්නොහැරියහ.ඒ තරමට අපේ රණ විරුවෝ මේ සටන සමඟ ඒකාත්මික වී සිටියහ. 

එල්.ටී.ටී.ඊ ආරක්ෂක පස් බැම්ම අත්පත් කරගැනීමේ මීලඟ සටන ආරම්භ වී පැය භාගයක් හෝ ගත නොවූ බව අපගේ මතකයයි.

ඉදිරියෙන් සටන් කල අනු ඛණ්ඩයක් භාර නිලධාරියෙකුගෙන් අනදෙන නිලධාරියාට ඇමතුමක් ලැබිණි.

"සර්,අපේ එයිට් මැන් ටීම් එකකට වැදුනා.ඉක්මනට ආර්ටි ෂපෝට් එක ඕනේ"

අණදෙන නිලධාරියා එයට පිළිතුරු ලබාදීමටත් පෙර මෝටාර් ප්‍රහාරයක කණ්ඩායමට කැ ගැසුවේ ය.සිතියමේ ස්ථාන කිහිපයක් සඳහන් කරමින් නොනවත්වා මෝටාර් ප්‍රහාර එල්ල කිරීමට ඔහු අණ කලේ කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට ද අණ ලබා දෙමිනි.ඒ ක්ෂනයකින් ම ක්‍රියාත්මක වූ මෝටාර් ප්‍රහාරක කණ්ඩායම ත්‍රස්තවාදීන්ට හෙණ පුපුරන්නා සේ ප්‍රහාරයක් එල්ල කලහ.විනාඩි 10 ක් ගත වූයේද නැත.

"සර් අපේ බොඩිස් 4 කුයි,කැෂුවල්ටි ටිකයි ගේනවා"

යනුවෙන් එතනට ආ රන විරුවෙකු සඳහන් කලේ ය.

ඒ වනවිටත් තුවාල කරුවන්ට මූලික කඩිනම් ප්‍රතිකාර ලබා දීම සිදුවෙමින් පැවතින.ප්‍රවෘත්ති වාර්තාකරනය පසෙක තැබූ අපද එම ස්ථානයට දිව ගියේ තුවාල ලැබූ රණවිරුවන් සඳහා කුමන හෝ උපකාරයක් කළ හැකිනම් එය ඉටු කිරීම සඳහායි.මියගිය රණවිරුවන්ගේ නිසල දේහ එක පෙලට තබා තිබෙන අයුරු දුර සිටම දුටු අප සියලු දෙනාගේම සිරුරු ද දැවී ගියාක් මෙන් දැනිනි.හදවතෙන්ම ඔවුන්ට උත්තමාචාරය කළෙමු.ඒ මුලු ජාතියම වෙනුවෙනි.අවාසනාවක මහත,එම මළ සිරුරු පෙළෙහි තුන් වැන්නා වූයේ නිවාඩු අවසන් වී අප සමඟ කඳවුරට පැමිණි රණවිරුවායි.

උපුටා ගැනීම_2010/06/20 වැනි ඉරිදා ලංකාදීප දියත...(යුදබිමේ ගෙවුණු යුගයක සටහන් 2-අනුර දොරකුඹුර) 

Friday, June 18, 2010

Before Buying PC Accessories from Unity Plaza (මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි)

මම මේ දාන්නේ මට ලැබුන මේල් එකක්.මේ මේල් එක ඕන අය ඉන්නවනම් මට කොමෙන්ටුවක් විදිහට ඊමේල් ඇඩ්‍රස් එක දාන්න.මම එවන්නම්.
බොහෝ දෙනෙකුගේ දැනගැනීමට මෙහෙම දානවා.එව්වේ පාලිත කියලා කෙනෙක්.
                                                                                                               


ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.Error! Filename not specified.Error! Filename not specified.

මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...Error! Filename not specified.

UNITY PLAZA,
බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..
හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ..
උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි "මේක sir, job num එක 2weeks වලින් මෙතන num එකට call එකක් දීලා එන්න"

2 weeks
වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා "sir තාම ready වෙලා නෑ, ආපහු call එකක් දීලා බලන්න"

මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා...

බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්)
ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි " sir වැඩේ හරි හැබැයි අද දෙන්න ගොඩක් ඒවා තියෙනවා හෙට sure එකට ගන්න පුළුවන්"

හෙටත් ඉතින් යනවා..
"sir,
ටිකක් වාඩි වෙලා ඉන්න" පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්.....
ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි..



ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....?
හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....?
සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....?


UNITY PLAZA
එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට,
එයාල වෙන වෙන නම් වලින්
උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc


Error! Filename not specified.
මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි...
කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ
අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ.



A_ _ _-technical manager said..
"
ඇතුලේ machines 250+ තියෙනවා ඕවට කොහොම warranty දෙන්නද..?"
ගන්න පෙර සිතන්න,
p.s--ශොප් වල ඉන්න අයට බැනලා ගහලා වැඩක් නෑ, එයාලත් රු 15000 පඩියට වැඩ කරන මිනිස්සු..
බනින්න ගහන්න ඕනේ නම් head office එකට යන්න කියලත් technical එකේ කට්ටිය කිව්වා..
මෙහි නොකියවුන කඩ ඇති,
මෙහි තිබෙන දේ වැරදිනම් නිවැරදි කිරීම ඔබ සතුය..
නිවැරදිනම් මෙය නොදන්නා අයට පෙන්වාදීමද ඔබ සතුය..



මෙන්න UNITY PLAZA එකේ වැඩ කරපු කෙනෙක්ගේ වචනය....
Quote:
Originally Posted by Mr PERERA Error! Filename not specified.
එල කොල්ලෝ එල. ඒලම කිරි thread එක. Unity Plaza කඩ ගැන අමුතුවෙන් මට කියල දෙන්න ඕන නැහැ කියලා උඹ දන්නවානේ. මම Migara ගේ thread එකට තව විස්තර ටිකක් එකතු කරන්නම්. සරලව කියනවා නම් මෙච්චරයි. Unity එකේ Computers ගන්න යනවා නම් යන්න තියෙන්නේ කඩ දෙකයි. ඒකක් Barclays එක. අනිත් එක Tech Systems එක. ඇරෙන්න වෙන කිසිම කඩයකින් බඩුවක් ගන්න යන්න එපා. අනිත් ඔක්කොම එකයි. PC House කඩ ඔක්කොම එකයි. Data Master, Sri Computers, PC Partner, Hard Net මේවා ඔක්කොමත් උන්ගෙම තමයි. ඔතන PC House නැති කඩ ටික කියන්න ලේසි. Tulip, Tech Systems,Media Center, Esoft, Mitech, Techno City, Asian Computers, Barclays තමයි PC House නැත්තෙ.අනිත් කඩේ Technocity එක. වැරදිලාවත් Lap ගන්න ඉන්නවා නම් ඒකට නම් යන්න එපා. වගේම තමයි Pre Tech. Unity එක ඇතුලේ තියන වල් ජරාම කඩේ. ඕකේ ඉන්න &*(*%* හම්බයා එක්ක මම ගහගහ්හත් ගියා දවසක්. මම Unity එකේ වැඩ කරලා අයින් වෙලා මාස 6 කට විතර පස්සේ. මම වැඩ කරන කාලේ ඇර ගන්න ආවා නම් මම ඕකව යවනවා හඳට. Mitech වරදක් නෑ. ඒත් උන් ගාව ගන්න බඩු නෑ. උන් තමයි MSI ගෙන්නන්නේ. MSI මේලෝ රහක් නෑනේ. Lap Top and Chargers ගන්න Asian එකට යන්න. With their new management Asian Computers Doing Well. වගේම ගොඩක් අය Unity ඒනවා Printable accessories ගන්න. Cartridges Refill කරගන්න=




--
pAlItHa

Saturday, June 12, 2010

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ.....

අද දාන්නේ මට ලස්සනයි කියලා හිතුන සිංදුවක්.සිංදුවනම් ලස්සනයි.අපේ පන්තියේ ශෙහාන් සොහොයුරා ලස්සනට ගායනා කරනව ඇහිලා තමයි මටත් ආස හිතුනේ.ඔයාලත් අහලා බලන්න.ඔරිජිනල් සින්දුවේ ලින්ක් එකක් පහතින් දාලා ඇති.ශෙනාන් ගායනා කරන එක රෙකොර්ඩ් කර ගනිපු කාලෙක දෙන්නම්කෝ...

මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ...
ඔබටත් මට මෙන් තනිකම් දැනෙනවාද පුතේ...
ඔබෙන් සිඟිති පුතේ...මගෙ පාළුව මැකේ...
ඔබෙන් සිඟිති පුතේ...මගෙ පාළුව මැකේ... 

හිතේ තියෙන පාළු ගතිය මගහරින්න පුතේ...
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ...
අප දෙන්නා අඳුරු ලොවක තනිකරදා පුතේ...
නුඹෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ...

මාහටදී ඔයා...ඈ සුරලොව ගියා... 
සුරවිමනට වැඩී...මගෙ රන්කඳ නිදී...//
තාමත් කිරි සුවඳ දැනේ ඔබේ සිඟිති කටේ...
ඔබ නැතිනම් මම ද නැතත් මැරී ඇතැයි සිතේ...
පුතුගෙ උපත මවගෙ විපත සිදුවුනෙ එක දිනේ...
කොහොමද මම සිහි කරන්නේ පුතුගෙ උපන් දිනේ...

මාහටදී ඔයා...ඈ සුරලොව ගියා...
මාහටදී ඔයා...ඈ සුරලොව ගියා...

ලොකු උනාම අම්ම ගැන අහන්නෙපා පුතේ...
එතකොට මගෙ දෙනේත් වලට කඳුළු උනයි පුතේ...

සුරවිමනට වැඩී...මගෙ රන්කඳ නිදී...
සුරවිමනට වැඩී...මගෙ රන්කඳ නිදී...


මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක....
http://www.mediafire.com/?xymyiiwgqzz

Friday, June 11, 2010

ඔබේ පරිගණකය ඕන ගේමකට ඔට්ටුද?

ඔබේ පරිගණකයේ ප්‍රොසෙසරය පරීක්ශා කරගන්නයි,හොඳට ප්‍රොසෙස් කරනවද බලන්නයි පොඩි ට්‍රික් එකක් මේක.හැබැයි මැසිමට ඔරොත්තු දීගන්න බැරුව පිච්චුනොත්නම් මට කියන්න එපා.මමනම් කරල බැලුවා.මගේනම් අවුලක් නෑ.මෙන්න මේකයි කරන්න ඕන.


ඔයාලා වී.බී වල කමාන්ඩ් බට්න් එකක පහත ස්ක්‍රිප්ට් එක ටයිප් කරල .ඊ එක්ස් ඊ (.exe) ක්‍රමේට සේව් කරගන්න.(ඔයගේ ප්‍රොසෙසරේ මල්ටි කෝර් එකක්නම් මේ විදිහට ඊ එක්ස් ඊ(.exe) ෆයිල් කෝර් ගානට සමාන ගානක් හදාගන්න.)

මෙන්න ස්ක්‍රිප්ට් එක...

Private Sub Command1_Click()
d:
a = 10
GoTo d
End Sub


ඔය විදිහට හදාගනිපු . ෆයිල්ස් ටික රන් කරන්න කලින්  Windows Task Manager,Core Temp etc....Software ටිකක් ඕපන් කරගන්න.

දැන් අර ටික රන් කරවන්න.(මෙහිදී මල්ටි කෝර් ප්‍රොසෙසරයක් නම්,Windows Task Manager--->Process--->අදාල ෆයිල් තෝරල එකින් එක මත Right Click කරල  වලින් .exe පලවෙනි කෝර් එක,දෙවෙනි .exe එක දෙවෙනි කෝර් එක විදිහට තෝරන්න.)

දැන් කමාන්ඩ් බට්න් එකෙන් ප්‍රෝග්‍රෑම් ටික රන් කරන්න.(ඉස්සෙල්ලා රන් කරපු ප්‍රෝග්‍රෑම් වලින් මැසෙමේ තත්වේ බලාගන්න.)


මේ විදිහට පැය බාගයක් විතර දුවනකොට මැසිම අවුලක්(මැසිම ඇතුලෙන් දුම නොදමා,එකපාරන ප්‍රොසෙසරේ පිච්චෙන්නේ නැතුව.) නැතුව දුවනවනම් ඔයාගේ මැසිමේ තත්වේ අවුලක් නෑ.හැබැයි බැරි වෙලාවත් කෙළ වුනොත්නම් මට කියන්න එපා.

Sunday, June 6, 2010

The Wedding

Please take a moment to have a good look at this picture..... And keep it in  your mind for the rest of your life. As much as it hurts, you will be glad you saw it today, because one day it might save your life and the  life of the ones you love... I'm sure that none of us would like to stand in that man's shoes Or even worse, in her shoes ... actually both are the same.


So the next time you're driving and your loved ones are with you Just remember this picture, drive carefully and 
MAKE THEM WEAR THE SEAT BELTS .

You may be perfect and you never make mistakes, but unfortunately others are not!!!... So stay safe.

Pass it on to the ones you love and show them that you care for their safety. Then delete it from your inbox but keep it in your head's desktop....


       

wedding couple.., 




Saturday, June 5, 2010

වෙඩින් එකෙන් පස්සේ වෙන දේවල්.... ;)

ලස්සන කේක් වගේක රූප හම්බ වුනා.විශේෂය වෙන්නේ වෙඩින් එකෙන් පස්සේ වෙන දේවල් වෙඩින් එකේදීම පිළිඹිඹු කිරීම.(හික්z)

Thursday, June 3, 2010

කෙල්ලො එක්කන් යන්න එන තාත්තලා කෙල්ලොත් එක්කම ඇවිල්ලා "මොකද පුතා?ප්‍රශ්නයක් නෑ නේද?"



කස්ටිය කොහොමද?මමනම් සුපුරුදු පුරුදු පරිදි ඉස්කූලිං තමා.අදනම් බකට් සහ ආතල් පිරුණු එළ දවසක්....


මුළින්ම කියන්නම්කෝඅ ආතල් එක ගැන.
මේ දවස් වල අඹ තියෙනවනේ.ඉතින් අපේ එකෙක් අපි හැමෝටම(හැමෝටම කිව්වට 30 කට විතර.) අඹ ගෙනල්ලා.ඒක දිග ඇරියේ ඉන්ටර්වල් එකෙන් පස්සේ.කොහොම හරි අපේ පේළියට අඹගෙඩි 4ක් හම්බ වුනා.මටත් එකක්.
අපි අද පිටිපස්සේම පේළියේ නිසා අවුලක් නෑ.තිබුනෙත් කොමන් ලිට්‍රිජ පීරියඩ් එක.(කොහොමත් ඒ පීරියඩ් එකේ වැඩක් කරන්න බෑ.අපේ උන් එච්චරම මිස්ට ගවුරව කරනව.මිස් මුස්ලිම් නිසා හැමදාම අපේ උන් "ආයුබෝවන්"කියලා තමයි වැඩ පට්ටාන් ගන්නේ.)

කොහොම හරි මිස් අද උගන්නනවා.පන්තියේම උන් අඹ කනවා.මොනව කරන්නද?හිනාකකා හිටිය කොහොම හරි.අන්තිමට මිස්ට තරහ ගිහිල්ලා සර් කෙනෙකුටත් කිව්ව.ලෙඩක් නම් නෑ.කොහොම වුනත් ඒ වෙලාවේ ගිය චූන් එකනම් මෙහෙම ලියලා ඉවර කරන්න බෑ.


බකටුත් වැට්ටනේ.මේ එහෙම එකක්...

හෙට අපේ 9,10 සහ 11 සෙක්ශන් වල පේරන්ට්ස් මීට්න්.ඉතින් ඕකට එන්න කියලා කොළයක් දෙනවනේ.අද වෙනකොට අපේ පන්තිය ඇර අනිත් පන්ති ඔක්කොටම ඔය කොළ දීලා.හරියන්නේ නැති නිසා අන්තිමට මනුජ ගිහිලා ඇහුව සර් ගෙන් සර් හෙට දෙමාපිය රැස්වීම නේද කියලා.එපාර කොහොමින් කොහොමින් හරි කොළ දුන්නා.දැන් ඉතින් හෙට දෙමාපිය රැස්වීම.
ඒ මදිවට අපේ උන් හිතන් ඉන්නේ මමයි මනුජයි තමයි වැඩේ ඇවිස්සුවේ කියල.අද අපි දෙන්නටම පළු යනකම් බැනුම් අහ අහ තමයි ඉන්න වුනේ.
මොකද අපේ පන්තිය තමයි ලෙඩ වැඩිපුරම දාගෙන ඉන්න පන්තිය.


අද හවස පන්ති දෙකයි.එකක් 8.30 ඉවර වෙන්නේ.යන්නේ බයිසිකොලෙන්.(පුටාර් එකෙන්.)අද ගිහින් එද්දී පොඩි වැඩ කෑල්ලක් දාන්න ගිහින් බයිසිකලේටත් උඩින් ගිහින් පාරේ.(මීටර් 5ක් විතර කූල් එකේ උඩින්ම.)වැටිලා අනිත් පැත්ත බලද්දී බයිසිකොලෙත් ඇවිලා මගේ ඇඟේ වැදිලා බිම වැට්ටේ.මගේ ගොන්කමනේ.මොකක් කරන්නද?ඉස්සරහ රෝදේ තාර කට්ටෙකට වැටිලා ඒකයි අවුල.

කැතම වැඩේ කියන්නේ.අපේ වයසේ කෙල්ලො එක්කන් යන්න එන තාත්තලා කෙල්ලොත් එක්කම ඇවිල්ලා "මොකද පුතා?ප්‍රශ්නයක් නෑ නේද?"හපෝයි මට එපා වුනා.ඇවිල්ලා බලද්දී අත් දෙකේම තුවාල.වෙලාවට ඩෙනිම ගහන් හිටපු නිසා දනහිසට එච්චර අවුලක් නෑ.හැබැයි රිදෙනව. හෙට ඉඳන් කැත නැතුව පන්තිවත් යන්නේ කොහොමද?එපා වෙනවා....

Wednesday, June 2, 2010

අදත් විහිලුවට ගත්තද?ඔව්

අදත් හම්බ වුනා හොඳ විහිලු කතාවක්...බලන්නකෝ...

Girlfriend 5.0 to Wife 1.0 


Dear Tech Support Team:

Last year I upgraded from Girlfriend 5.0 to Wife 1.0.
I soon noticed that the new program, Wife 1.0 installed itself into
all other programs and now monitors all other system activities.
Applications such as BachelorNights 10.3, Cricket 5.0, BeerWithBuddies
7.5, and Outings 3.6 no longer runs, crashing the system whenever
selected. I can't seem to keep Wife 1.0 in the background while
attempting to run my favorite applications.

I'm thinking about going back to Girlfriend 5.0 , but the 'uninstall'
doesn't work on Wife 1.0.

Please help!

Thanks,
"A Troubled User"


REPLY:

Dear Troubled User:

This is a very common problem that people complain about.
Many people upgrade from Girlfriend 5.0 to Wife 1.0 , thinking that it
is just a Utilities and Entertainment program.
Wife 1.0 is an OPERATING SYSTEM and is designed by its Creator to run
EVERYTHING!!!
It is also impossible to delete Wife 1.0 and to return to Girlfriend 5.0.
It is impossible to uninstall, or purge the program files from the
system once installed.
You cannot go back to Girlfriend 5.0 because Wife 1.0 is designed not
to allow this.
I recommend that you keep Wife1.0 and work on improving the environment.
I suggest installing the background application "Yes Dear" to
alleviate software augmentation.
The best course of action is to enter the command C:\APOLOGIZE because
ultimately you will have to give the APOLOGIZE command before
the system will return to normal anyway.
Wife 1.0 is a great program, but it tends to be very high maintenance.
Wife 1.0 comes with several support programs, such as Clean 2.5, Sweep
3.0, Cook 1.5 and DoLaundry 4.2. However, be very careful how you use
these programs. Improper use will cause the system to launch the
program NagNag 9.5 . Once this happens, the only way to improve the
performance of Wife 1.0 is to purchase additional software. I
recommend Sarees 2.1 and Jewellery 5.0

STATUTORY WARNING : DO NOT, under any circumstances, install
SecretaryWithShortSkirt 3.3. This application is not supported by Wife
1.0 and will cause irreversible damage to the operating system.

Best of luck,
Tech Support ...

Tuesday, June 1, 2010

ඉංජිනේරුවෙකු යනු?

පස්සෙන් එන්න