මේ ලිපිය ලියන්නේ සිතෙහි සිතුවම් බ්ලොග් එකේ බස් එකේ ඇබැද්දිය දැකලා.අදනම් ඇත්ත නම් දාලම ලියනවා.මොකෝ මේ කතාවේ චරිත වලට ඒ හැටි නෝන්ඩියක් නැති නිසා.
ඕං එහෙනම් කතාව...
අපේ බුවෙක් ඉන්නවා වවුලා කියලා.හෙන ආතල් පොර.සෝ ඉතින් දවසක් අපි ගාල්ලේ පන්තියකට යන ගමන් බස් එකක මල්ලි කෙනෙක් සෙට් උන.පොඩි කියන්නේ 6/7 වගේ පන්තියක වෙන්න ඕන.අපිත් 10 වසරෙ හරි ඊට පොඩි පන්තියක මිසක් වැඩි වෙන්න බෑ.පොඩි එකා සෙට් උනේ පිටිපස්සේ ම සීට් එකේ.වැඩේ දෙබස් වලින්ම දෙන්නම්කෝ මෙතන ඉඳන්.
වවුලා:මල්ලි,කොහෙද යන්නේ?
මලය:පන්ති යනව අයියේ
වවුලා:කීය වසරෙද?
මලය:7 වසරේ
වවුලා:අපෝ පොඩි වැඩියි නේ.ඉක්මනට ලොකු වෙලා එනවකො හලෝ...
මලය:සයිලන්ස්
වවුලා:මල්ලිගේ ඉස්කෝලේ?
මලය:****(ගාල්ලේ තරු පායපු ඉස්කෝලේ.)
වවුලා:අපෝ වැඩක් නෑනේ.කවුද ඒ ඉස්කෝලෙට දැම්මේ ඔයාව?වෙන ඉස්කෝලයක් තිබ්බෙම නැද්ද?
ඔහොම සීන් එක යනවා.ඒ මදිවට අංකල් කෙනෙක් කතාව අහගෙන හිනා වෙවී.උපේතට එහා පැත්තෙන් වාඩි වෙලා.
තවත් ටිකක් ගියා.
අංකල්:(වවුලාට.)අහ් පුතා මේ මගේ පුතා...
ආයි ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.
Wednesday, March 23, 2011
පුතා මේ මගේ පුතා...
ලිව්වේ
Dilanka Madhawa
ලිව්ව වෙලාව
3/23/2011 08:22:00 PM
වර්ගීකරණ
අපේ UN,
ආතල්,
මගේ අත්දැකීම්,
යාලුවො,
විහිලු තහලු
Subscribe to:
Post Comments (Atom)
2 ප්රතිචාර:
හප්පා... කැත සීන් එක. මට වවුලාගේ මූණ මැවිලා පේනවා... :D
බස් කතාව නම් එළමතමා....
ඇති ලැජ්ජාව කකුල් දෙක පල්ලේ ගැලුවේ නැතුවා.....
මගේ බ්ලොගේ ගැන සදහන් කලාට තුති....
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...