web 2.0

Tuesday, March 1, 2011

ෆෝන් භාවිතා කරන්නන්ට.......

ඔයාලා ෆෝන් පාවිච්චි කරනවනම් මම මේ පෙන්නන පුංචි පහේ සිදුවීම වටීවි.මේක අපේ අක්ක කෙනෙක්ට වෙච්ච සිදුවීමක්...
අක්කගේ ෆෝන් එක නොකියා එකක්.කොහොම උනත් මේ ළඟදි දවසක එයාගේ යාලුවෙක්,එයා එක්ක ටික දවසකට බැට්‍රිය මාරු කරගෙන.අක්කත් ඉතින් හිතන්නේ මතන්නේ නැතුව දීල.ඊට පස්සෙන්දා බලද්දි බැට්‍රිය අල්ලන කාලේ අඩු වෙලා.බලද්දී බැට්‍රිය පිපිලා.මට ඕක දවසක් පෙන්නුවා.(අපේ පවුල් වල කොම් එකක් කැඩුනත්,ෆෝන් වැඩකට උනත් මම තමා.)මම කිව්වා ඉතින් බැට්‍රියක් දාන්න වෙයි කියලා.කොහොම උනත් චාජ් කරන්න දාපු නිසා තවත් පිම්බිලා.
බැරිම තැන අද මට කෝල් කරලා ගාල්ලට ගෙන්නගෙන පෝං සොප් එකට ගිහින් චෙක් කොරා.
පෝං එකේ අවුලක් නෑ.බැට්‍රියක් දාන්න වෙනවා.(පුපුච්ච පිපිල්ලට පෝං එකේ පිටිපස්සේ වැහැන කෑල්ලත් ප්‍රසාරණය වී ගෙන තමයි පිපිලා තියෙන්නේ.යන්තම් හවුසින් එක නම් බේර ගත්තා.අන්තිමට උනේ නොකියා ඔරිජිනල් බැටරිය යාලුවෙක් නිසා පූජ කරලා රු.400 ට නෝමල් බැටරියකුත් අරන් ගෙදර ආව එක.

උපදේශය...
1.යාලුවන්ට බැටරිය දෙද්දී ප්‍රවේසම් වෙන්න.මොකද එයා ගේ ෆෝන් එකේ අවුලක් උනොත් ඒක බැටරියටත් බලපාන්න පුලුවන්.(මේ උනා වගේ.)
2.බටරිය පිපිලා නම් වැඩිය සෙල්ලම් දාන්න යන්න එපා.හොඳම දේ තමයි ඉක්මනටම බැටරිය මාරු කරන එක.(බැටරිය ඔර්ජිනල් එකක් දාන්න පුලුවන්නම් ගොඩාක් හොඳා.ඒ වුනාට අපේ ආර්ථිකේ එච්චර හොඳ නැති නිසා අඩුම ගානේ නෝමල් බැටරියකටවත් මාරු කරන්න.(නැත්නම් බැටරිය පිපිලා අන්තිමට හවුසින් එකටත් හානි වෙන්න පුලුවන්.)

2 ප්‍රතිචාර:

Anonymous said...

පුපුරපු නැති එක ලොකු දෙයක්. හිතල බලන්න ෆෝන් එක කනේ තියාගන ඉද්දි එහෙම පිපිරුවනම් කොයි වගේ විනාශයක් වෙයිද කියල. කන ගාල්ලෙ තමා එහෙනම්.

තාරක Dilsh@n said...

ගොඩක් වෙලාවට අඩුවට තියෙන නොර්මල් බැටරියක් දාගන්න එක හොඳයි. මොකද "මල්ලි හොඳ 1 රු1400. නොර්මල් 1ක් රු.400" කියල දෙන්නෙත් එකම බැට්රිය.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න