web 2.0

Tuesday, April 26, 2011

Miss Multi Game


මිස් ඩබල් ගේම් වලින් අපේ ගජං මලයා කෙල්ලෙක් කොල්ලො දෙන්නෙක්ට ලව් කොරපු සීන් කෝන් එකක් ගන ලිව්වනේ.මේ ලියන්නේ මට ලැබිච්ච ඔය වගේම(කිව්වට ඔයිට ටිකක් දරුණු.)ගේම් එකක්.මේ සීන් කෝන් එක උනේ මම 8 වසරේ නැත්නම් 9 වසරෙදි.ඉතින් ඒකාලේ හිටං මම ගියා ඉංග්‍රිසි පන්තියකට.ළමයි ගොඩක් ඉන්න එකක්.කොහොමිං හරි අපේ සෙටාර් එක වාඩි වුනේ කොල්ලොන්ට තියෙන අන්තිම පේළියේ.(පේළිවල වාඩි උනේ ඉස්සරහින් කොල්ලෝ.ඊට පිටිපස්සෙන් කෙල්ලෝ.)
කොහොම හරි කොල්ලොන්ගේ අන්තිම පේළියට පිටිපස්සේ පේළිය තමා කෙල්ලොන්ගේ මුල්ම පේලිය.ඒ දවස් වල ඔය පේළි වලටත් කස්ටිය රෙජිස්ටර් වෙලා තිබ්බේ.
ඔහොම සෙටාර් වෙච්ච පිටිපස්සේ පේළියේ හිටි කෙල්ලොත් කොහොමින් හරි අපිත් එක්ක පිට් උනා.එක කෙල්ලෙක් මටත් පොඩි ඉස්පැසල් ඇට්‍රැක්සොන් එකක් දැක්කුව කියලත් කියමුකෝ.
ඒකි ඒ දවස් වල තව කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියාය කියලත් කියමුකෝ.ඒ කොල්ලත් අපේම පන්තියේ එකෙක්ය කියලත් කියමුකෝ.තවත් ඕනනම් මේ කෙල්ල මම ඒ දවස් වල ඉඳන්ම පස් මහ බැලුම් දාගෙන,ලයින් පාර දාගෙන හිටපු කෙලි පැටික්ක ගැන දන්නවා කියලත් කියමුකෝ.(කොහොම හරි අපේ වයසේ එකෙක් ජෝඩු දාලා බස් එකේ යනවා දැක්කෙත් මම මුලින්ම උන් දෙන්නව.)
ඕන් ඔහොම අවුලක් නැතිව කාලේ යනකොට අර කෙල්ල තව තව ඇර්ටැක්සොන් පානව කියමුකෝ.අර පැටික්කිගේ නම කිය කිය නෝන්ඩි දෙනවයි එක විකාරයයි...
මටත් මොකෝ.මාත් ඉවසා වදාරගෙන හිටියා.අනික ඒකෙත් පොඩි ගතියක් තියෙනවනේ.
ඔහොමින් යනකොට මේ කෙල්ලයි අර කොල්ලයි අතරේ තිබිච්ච මෙව්ව එක දෙදරලත් ගිහිල්ලලු.ඒ දවස් වලම අයියලා සැට් ගානක් මාව හොයනවත් ලු.
ඔය හොයන අතරේ මාව අයියලාට අහුවුනාය කියමුකෝ.මෙන්න මෙහෙමයි දෙබස...
අයියා-මල්ලි උඹ #### කෙල්ලව දන්නවද?
මම-දන්නව අයියේ.ඇයි? 
අයියා-උඹ ඒකි එක්ක යාලුද?
මම-පිස්සුද අයියේ?
අයියා-එහෙනම් කමක් නැ.ඕකි කොල්ලෝ ගානකට බූට් තියපු එකියක්.අපිත් එක්ක කිව්වේ උබ එක්ක යාලුයි කියලා.ඒකයි හොයන්න ආවේ.
ඔන්න ඔහොම උනේ....
කොහොලින් හරි සීන් එක ඔහොම ඇදිලා ගිහින් පන්තියේ සර්ටත් ආරංචි උනා කියමුකෝ.සර් පන්තියේදී ලෙඩේ දාලා පන්තියෙන් අස් කොලා කියල තමයි ආරංචි.
කාලෙකට පස්සේ ඒ කෙල්ලගේ අයියා හම්බුනා.අඳුර ගත්තා.ඌනම් සිරා ඩයල් එක.මැක්සම බොක්කක් මගේ දැන් ඌ.ඌ දන්නවා මගේ සීන් එක.කෙල්ල තාම තරහයි මාත් එක්ක.දැක්කත් අහක බලාගන්නව.මමනම් ඒකිව ගනන් ගන්නේවත් නැහ්.
හැබැයි දැන් හිතෙනවා ඒ කරපු වැඩේ හරිය කියල.මොකද මම ඒ උරචක්‍රමාලේ එල්ල ගත්තනම් මෙච්චර හිතෙ ෆිට් එකකුත් නැ.ඒ මදිවට ඔලුව උඩට ලෙඩ ගොඩක්.

අවසාන නිගමනය-කෙල්ලන් ඇසුරු කරන්නට යාමේදී චරිතය හා හැසිරීම ගැනද සැලකිලිමත් වන්න.

18 ප්‍රතිචාර:

පිණිබිඳු... said...

එකඟයි. ඒ වගේම ඕක කොල්ලො කෙල්ලො ඔක්කොටම අදාලයි.

Dilanka Madhawa said...

ඔව්.ඒකනම් ඇත්ත...

ගජං මල්ලි said...

හැබෑටම මලේ බැරි වේවිද අපිට උඹෙන් උදව්වක් ගන්න.......:P

Dilanka Madhawa said...

ඒ මක්කටෙයි?

ගජං මල්ලි said...

මට නිකන් ආසාවක් ආව ඒ කෙලි පැටික්කි මුණ ගැහෙන්න.....

Anonymous said...

මචං පුංචි කාලේ ඉඳන් දන්න කෙල්ලෙක්ට මං ලව්නම්, ඒකිත් මට ඉස්සර ලව් නම්, හැබැයි දැන් නැත්තං... මං ඒකිගේ චරිතෙයි අරකෙයි මේකෙයි ඉඳන් හැම දෙයක්ගැනම දන්නවනම්... ඒකි තරහා වුන නිසා.... මං කිසි දෙයක් නොදන්න වෙන කෙල්ලෙක් එකක් යාලූවෙන එක හරිද බං...?

කියපංකෝ බං... මේක දැවෙන පස්නයක් වෙලා තියෙන්නේ....

Anonymous said...

ඔය දුඹුරු අකුරින් දාලා තියන එක නම් ඇත්ත තමා........
ඒක නෙවෙය් උඹට තවම කෙලි පැටික්කියක් හම්බ උනේ නැතෙය්

Anonymous said...

පළිබෝධ නාශක අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න !.

Hishan de Silva said...

සිරාවටම. වෙලාවට උඹ බේරුනේ. එහෙනම් අපට කුරුං ගුරුං කෙනෙක් නැති වෙන්නත් තිබ්බ.

Dilanka Madhawa said...

@ ගජං මල්ලි-අනේ බොලව්...වෙලාවක මතක් කරපන්කෝ මම පෙන්නන්න...

Dilanka Madhawa said...

@මාලුවා-ඕකට උත්තර දෙන්න වෙයිද කියල මම හිතුව බං.එක අතකට ඔහොම වුනහම අපි අසරනයි.අනික බං කෙල්ලෙක් ලස්සන උන පලියටම,ගතිගුණ හොඳ උන පලියටම බැඳගන්න නරකයිනේ.අනිවාර්යයෙන්ම ඒකි ගැන හොයන්න වෙනවා...[ඔය ටික මම හිතපු ටික.ඔතනින් එහාට හිතන්න උනේ නැ බං.මගේ කෙළි පැටික්ක මට ඔය වගේ දැවෙන ප්‍රස්න දුන්නේ නැ නෙව.]
හැබැයි ආයි ඉස්සරහට නම් ඔහොම හිතන්නේ නැ.ඇත්තට ම දුක දුන්නොත් මිසක්.
උඹේ ප්‍රස්නෙට මෙහෙම උත්තරයක් දෙන්නම්.මම උඹ උනා නම් කෙල්ල සෙට් වෙච්ච දවස් වලම කෙල්ල ගැන හොයලා බලනවා.වැඩේ දුරදිග යන්න කලින්.හැබැයි තව එකක්.කෙල්ල අහින්සක හිත හොඳ,කොල්ලට ඇත්තටම ආදරේ කරන එකෙක් නම් කෙල්ල ගැන හොයන්නත් කලින් ඒකි ගැන හැමදේම කියනවා...

Dilanka Madhawa said...

@ බීටා-හම්බුනා හම්බුනා..ලස්සන හුරතල් අහින්සක පැටික්කියෙක් මට බහ දුන්නා...

Dilanka Madhawa said...

@ නවම් මාවත-කුඹුරකට ලඟදි බැහැල වගේ

Dilanka Madhawa said...

@ හිශාන්-අනේ මන්ද බං.කොහොම උනත් ඒක අවුලක් නැතුව විසඳුනා කියලා සතුටු වෙන්න පුලුවන්

හිස් අහස said...

කෙල්ලෝ ආස්සරේ කරලා බලල තමයි මමනම් චරිතය ගැන බලන්නේ . කලින් කොහොමද මචං කෙල්ලෙකුගේ චරිතය හොයන්නේ ඒක බෙල්ල ගහලයන වැඩක් .

මම ඉතින් කෙල්ලෙක් දැක්කම හූ කියන එක තමයි කරන්නේ !

අපරාජිතයා :::: Aparajithaya said...

ම්ම්ම්ම්ම්..... ගොඩක් කෙල්ලන්ගෙ හැටි ඔහොම තමයි බං.ඒත් බලපං කොල්ලොත් වැරදි බං ඒකි බඩුව කියලා දැන දැනත් යාලුවෙන....

Dilanka Madhawa said...

ඒක ඇත්ත බං...ඒකි මාත් එක්ක යාලු වෙන්න ට්‍රයි කරපු එක තමා ඒකිට වැරදුන තැන..පොඩ්ඩක් හිතහං...කෙල්ල එක්ක වලිය ඇදගත්ත එකෙන් ඒකිගේ අයියත් මගේ බුදු බොක්කක් උනා..ඉතින් ඒකිට ඌරු ජුවල් ඇති..

Dilanka Madhawa said...

@හිස් අහස-හික් හික්...නැ මම කියන්නේ වැඩේ දුරදිග යන්න කලින්ම හොයන්න ඕනේ කියන එකනේ.......හූ කියලා කොයි වෙලාවක හරි කෙල්ලෙක්ගෙන් මට්ටු වෙනවා..හැම කෙල්ලම හූ කිව්වහම ඉවසං ඉන්නේ නැ...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න