web 2.0

Wednesday, April 13, 2011

උදාවන සිංහල - දෙමළ අලුත් අවුරුද්දට කෝපි කඩෙන් සුභපැතුම්!






කුරුං ගුරුං මහතාගේ සුභ පැතුම!!!

ඇත්තටම මේ එළඹිලා තියෙන්නේ ඉතාම වටිනා සංස්කෘතික වටිනාකමක් තියෙන අවස්ථාවක්.අපි මෙතනදි කියන්න ඕන මේ රට වසර 30 ක යුද්ධයෙන් බේරගෙන මුළු රටම අවුරුද්ද සමරන අවස්ථාවක් කියන එක.ඒ වගේම ඒ උදාර රණවිරුවන්,ඔවුන්ගේ පවුල්වල උදවිය වගේම සියලුම අයට මේ අවස්ථාවෙදී සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්න ඕන.
මේ එළඹිලා තියෙන අවස්ථාවේදී අපි ඉදිරියට එන මාස 12 පිළිබඳව සැලැස්මක් හදාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඕන.හැමදේම අලුත් කරගන්න ඕන.අලුත් විදියට හිතන්න,කටයුතු කරන්න ඕන.
ජාති බේද නැති,කුළ භේද නැතිව මේ අවුරුද්ද සමරන්න අපි ආරාධනා කරනව.තවත් දෙයක් මතක් කරන්න ඕන.අපේ පත්තර මල්ලිලා කලින්ම මතක් කලානේ අවුරුදු සතියේ බාර් වහනවා කලින්ම තමන්ට ඕන වර්ග වලින් ගන්න කියලා.අන්න ඒ ගනිපුවයින් ගානට අනුමත වෙන්න ඕන.පොලීසියේ උදවියටත් අවුරුදු කන්න දෙන්න එපාය.ඕන්න හෙට උදේට බාර් එක ගාවට ගිහින් පිකටිං එහෙම කොරන්ට එපා ඕං.

ශොට් එක වැඩි උනොත් එහෙම කට වහගෙන නිදාගන්නවලා.නැත්නම් ඔබතුමන්ලා කැ ගැහුවොත් අල්ලපු ගෙදර නෝන මහත්තය එහේ මහත්තයට අනුමත වෙන්න දෙන්නෙත් නැ ඕං.
ගහගන්න ම ඕනනම් ඔය වසරම කිරි එරෙන්ට කියල ගොහින් කොස් ගහකට කිරි බේරනකම්ම ගහනවලාකෝ.

එහෙනම් ඕං කිව්ව. සමස්ත ලෝකවාසී සියලුම රටවැසියන්ට සුභම සුභ නව අවුරුදු මංගල්‍යයයක් වේවා!

මම,
මිස්ටර් කුරුං ගුරුං


ප.ලි.
ඔය බොන පාට් ලිව්වේ ආතල් එකට විතරමය.ඕවා නැතුව නෝන මහත්තයව අවුල් කරගන්නේ නැතුව(මොන නෝන මහත්තයද කැමති තමාගේ සුවාමි පුරුසය බොනවට?) සුභම අලුත් අවුරුද්දක් සමරන්නකෝ එහෙනම්.

ගජං මල්ලි මහතාගේ සුභ පැතුම!!!

 ලැබුවා වූ අලුත් අවුරුද්ද බ්ලොග් ලියන සියලු දෙනාටත්,ලංකා වාසී සියලු දෙනාටත්,කිරි පැනි ඉතිරෙන,සියලු ප්‍රාර්ථනා ඉටුවෙන, ආදරය ඉතිරෙන,සුබම සුබ  වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.........!!!!!!!!!!!!!!

මම,
මිස්ටර් ගජං මල්ලි

20 ප්‍රතිචාර:

duliponline said...

අම්මප එහෙනං බලමු කුරුං ගුරුං මලය කියන විදියටවත් කරල එහෙනං මේ සැරේ . . . .
එහෙනං කුරුං ගුරුං මලයටත් සුභම සුභ නව වසරක් වේවා . . . .

Dilanka Madhawa said...

:)
ඕනයියේ අපේ ගජං මලයත් ඉන්නවා.

Amila Perera said...

esema wewa machan

Anonymous said...

උඹලා දෙන්නටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

Anonymous said...

සුභ අළුත් අවුරුද්දක් වේවා !

Dilanka Madhawa said...

ඇට් අමිල-තැන්කු තැන්කු

Dilanka Madhawa said...

ඇට් නදී අක්කා-අක්කාටත් එසේම වේවා ඕං කිව්ව

Dilanka Madhawa said...

ඇටි බීටා-උඹල දෙන්න කිව්වේ අරූ ඇන්ඩ් මම නේහ්?හිකිස් තැන්කු වේවා.ඕං කිව්ව

Dilanka Madhawa said...

ඇටි නවම් අයියා-:)
ඕං හිනාවුනා

Anonymous said...

සුබම සුබ නව වසරක් වේවා කුරුං ගුරුංටත් මටත් අප කාටත්........

ගජං මල්ලි said...

ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූති වේවා...!!!!!!!

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

අපරාජිතයා :::: Aparajithaya said...

කරන කරන දේ නිරතුරු සිදු වේවා
යනෙන යනෙන තැන නිති ජය අත්වේවා
සිතන පතන හැම හොඳ දේ ඉටු වේවා
ලැබුවා වූ නව වසරම සුබ වේවා.......!!

Dilanka Madhawa said...

ඇට් කතන්දර අයියා-අයියේ මේ පැත්තේ ආවට ස්තුතියි.ඔයාටත් එසේම වේවා කියල පතනවා.ඕං කිව්ව.

Dilanka Madhawa said...

ඇට් අපරාජිතයා-ඔබටත් එසේම වේවා සහෝ.ඕං කිව්ව

Anonymous said...

මචං ගහන්න එපා බයින්න එපා.... මේක දැක්කේ පරක්කු වෙලා... ඈත්තම කියන්න එබෙන්න වෙලාවක් තිබුනේ නැ බං....

ඉතිං ඔන්න මාත් සුභ පතනවා.... කිරි ඉතිරේවා නව වසරේ... කිරි ඉතිරේවා....

Test Profile said...

උඹට සුභ පැතුවට ඒක වැටිලා නැහැනේ....

කැටියා said...

දැන්නම් මේක කියන්ට කාලෙ නෙවේ..හැබැයි,හැමෝටම කිරියෙන් පැනියෙන් අයිස්ක්‍රිම් වලින් ඉතිරෙන අවුරුද්දක් වේවා!

ගජං මල්ලි said...

ඇට් මාලුවා-එසේම වේවා අයියේ.ඉලඟ දවසේ ලේට් උනොත් ටැංකිය හිල් කරනව.
:ඵ්
කමෙන් ඇපෘවල් දාලා තියෙන්නේ.ඒකයි අවුල.

Dilanka Madhawa said...

ඇට් කැටියා-ඔබතුමාටත් එසේම වේවා.ඕං කිව්වා.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න