web 2.0

Friday, April 22, 2011

MISS DOUBLE GAME



මේ පාර ලියන්න යන්නෙ ගෑණු ළමයෙක්ගෙ නිර්ලැජ්ජිත වීර වික්‍රමයක් ගැන.
කතාවට සම්බන්ධ ගෑණු ළමය මගේ හොඳම යාලුවෙක්ගෙ ආදරණීය පෙම්වතිය.මේකයි කතාව.මට මෙතනදි ඇත්ත නම් හෙලි කරන්න බෑ.
මම මගේ යාලුව N කියන්නම් චූදිතයා U කියන්න්ම්.N දැන් මොරටුවෙ ආකි කරන කොල්ලෙක්.U දැන් මාළඹේ IT කරනව.N, U ව දාගත්තෙ හෙන කට්ටක් කාල.
ඒත් එතන වුනේ විද්දෙ හාවට වැද්දෙ පඳුරට වගේ සීන් කෝන් 1ක්.N try කලේ U ගෙ යාලුවට ඒත් ඌ දාගත්තෙ U ව.ලව් එක පටන් ගත්තෙ OL කරද්දි මේ වෙනකොට ලව් 1ට අවුරුදු 6ක් ගත වී අවසානයි.
අපි වුනත් දෙන්නගෙ ලව් 1ට මාර විදියට උදව් කරා.
මොකද මුන් 2ම පට්ට හොඳයි.දැන් තමයි තේරෙන්නෙ මොකට උදව් කරාද කියල.
මට ගිය සතියෙ අපේ එකෙක් කරල කිව්ව
"මචන් මාර සීන් එක අරකි (U) වෙන කොල්ලෙක් එක යාලුයි" කියල.
මම ඇහුව මට එකපාරට මුකුත් හිතාගන්න බැරුව ඇහුව
"උඹට ෂුවර්ද?'කියල.
ඌ කිව්ව මම නම් දැක්කෙ නෑ බං මගේ පවුල බස් එකේ යද්දි මේකි වෙන කොල්ලෙක් එක්ක තුරුල් වෙලා යනව දැකල තියෙනව කිව්ව.මට ඒත් ෂුවර් නෑ මොකද අපි ඉස්කෝලෙ යන කාලෙ එහෙම චාටර් චරිතයක් නෙවෙයි.
එතකොට මම හිටියෙ බෝඩිමේ.ඉතින් පහු වෙනිදා උදේ වලට ගිහින් හවස අපේ කෙල්ලෙක්ගෙ උපන්දිනයක් තිබ්බ.ඒකිත් හොඳ දතක් නිසා අපේ කොල්ලො සෙට් එක කිව්ව අපිට හොඳට කන්න ඕන කියල.ඉතින් දෙයියනේ කියල අපි ඒකිත් එක්ක නුගේගොඩ KFC එකට ගියා.
ඉතින් අපේ කෑම ටික ඕඩර් කරල එනකන් අයිනෙම තැනකට ගියා මොකද අපෙත් 10ක් විතර හිටිය නිසා.ඔහොම අපි වාඩි වෙලා ඉන්නකොට මම දැක්ක දැකල පුරුදු මූණක් තියෙනව.හොඳට බලද්දි එතන හිටියෙ U අර අනිත් කොල්ල එක්ක හිටියෙ.හැබයි U මාව දැක්කෙ නෑ.
කෑම කන අතරෙ මම අපේ සෙට් එකට කිව්ව සීන් එක.මට අම්බානෙක මල පැනල හිටියෙ.මම කිව්ව ඕකිට මට හොඳ කුනු හර්ප 2ක් කියල එන්න හිතෙනව කියල මේ වැඩේට.ඒත් මට පස්සෙ හිතුන මොනව වුනත් කෙල්ලෙක් නිසා සෙනඟ ඉන්න නිසා බනින එක හොඳ නෑ කියල. Uවෙනුවෙන් N තනියම දළඳා මාළිගාවට පවා ගියපු කෙනෙක්.
මොකද අපි මොන කුප්ප වැඩ කරත් දළඳා මාලිගාව එක්ක ලොකු බැදීමක් තියෙනව.පුද්ගලිකවම මමත් ගොඩක් විස්වාස කරන තැනක් එතන.ඉතින් උගේ ආදරය වෙනුවෙන් තමයි දළඳා මාලිගාවට පවා ගියේ.එහෙම කරපු කොල්ලෙක්ට නේද මෙහෙම කරන්නෙ කියල මට ඒ වෙලවෙ හිතුනා.
මන් ඒ ගමන්ම මට ඉස්සෙල්ල පණිවිඩේ කියපු එකාට කිව්ව්
"මචෝ කතාව ඇත්ත මම දැන් ඇස් 2ම දැක්ක" කියල.
ඌ කිව්ව මේ දවස් වල අපිට exam නිසා exam ඉවර වෙල එයා ගැන මම බලගන්නම් කියල.ඌත් මාළඹේ ඉන්න නිසා තමයි එහෙම කිව්වෙ.මටත් මලම පැනල කිව්ව ඔය බැල්ලිට හොඳ වැඩක් කරමු කියල.
ඌ එක්ක කතා කරල ඉවර වුනා විතරයි U මාව දැක්ක දැකල එකපාරටම බය වෙලා කොලේකින් මූණ වහගත්ත ඒත් එතකොට වෙන්න ඕන ටික වෙලා ඉවරයි.
මමත් දිහා හොඳට බලාගෙන හිටියා.කොල්ලත් මං දිහ බලල U ගෙන් මොනවද අහනව මම දැක්ක.වැඩේ අතේ පත්තු වුන නිසා අර කොල්ල එක්ක U එතනින් නැඟිටල ගියා.
එතකොටම අපේ කොල්ලො සෙට් 1ට මල පැනල ඉන්න තැනත් අමතක වෙලා හෙන් හූවක් දුන්න.
"මෙහෙත් කොල්ලො ඉන්නෝ............" කියල එකෙක් කෑ ගැහුව.
මේක වුනේ ගිය බදාදා ඒ කියන්නෙ 20.දැන් මට තියෙන ප්‍රශ්නය කොහොමද මේක N ට කියන්නෙ කියල.මොකද N කියන්නෙ මට ඉන්න හොඳම බොක්කවල් ටිකෙන් 1ක්.
අනික උගේ ලව් එකේ හැටියට මම ඕක කිව්වොත් ඌ මාත් එක්ක තරහ වෙනව මං බොරු කියනව කියල.ඒත් මෙච්චර ආදරේ කරන කොල්ලෙක්ට මෙහෙම කරේ ඇයි කියල මට තාම හිතා ගන්න බෑ.
මේක කියවල ඔයාලට මොකක් හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් දෙන්න මොකද මට මේ වෙලාවෙ මුකුත් හිතා ගන්න බෑ.දැන දැන මගේ යාලුවෙක් වලේ වැටෙනව බලන් ඉන්න බෑ.

27 ප්‍රතිචාර:

Anonymous said...

අඩේ අය්යේ ඌ ඔයාගේ හොඳම යාළුවා නම් කියන දේ පොඩ්ඩක් හරි විශ්වාස කරන්න ඔන. ඒ නිසා කියන එක තමා කරන්න තියෙන්නේ. ඇත්තන් පස්සේ කියය් උඹලා මේ ගැන දැන ගෙන ඉඳලත් මට කිවුවේ නෑ නේ කියලා.....
සිරා දුක හිතෙනවා.....................

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අපරාදේ මචන් කැමරා පෝන් එකකින් විඩියෝ පාරක් දාගන්න් විදිහක් තිබුනෙ නැද්ද ?

එකපාරටම කියන්න යන්න එපා , කොල්ලත් එක්ක කෙල්ල යන එන තැන් , වෙලාවල් ගැන ටච් එකේ ඉඳල යාලුවත් එක්ක ඇවිත් ඌටම දැකගන්න ඉඩ සලස්වන එක තමයි හොඳම

ගජං මල්ලි said...

@බීටා - හොඳම එකෙක් තම්යි බං.ඔතන ප්‍රශ්නෙ ඌ ලව් කරන විදියට මට ඌට ඕක කියන්න බැරි එක.
ඔව් දැනගත්තට පස්සෙ කියාවි ඔයා කිව්ව කතාව.

ගජං මල්ලි said...

@buwa - 4ටො ගත්ත clear නෑ බං.අදහස සිරා.ස්තූතියි.

පන්සල් හංදිය said...

කියපං මචං...... කවද හරි දැන ගන්නවනේ........

ගජං මල්ලි said...

අනේ මන්ද බං ඌ පව් වැඩේ...ඒත් එකපාරටම කියන්න බෑ.

අනූ said...
This comment has been removed by the author.
අනූ said...

ඒ ගර්ල් අඳුරනව නම් එයාට මේ ගැන ටිකක් තේරුම් කරල දෙන්න පුලුවන් නම් හොඳයි නේද?පොඩි අදහසක් විතරයි.මොකද ඒ අයියට(එයා අයිය කෙනෙක්ද නම් මන් හරියටම දන්නැහැ..)මේ ගැන කියන්න ගියොත් වෙන්නෙ ගොඩාක් වෙලාවට එයා ඔයත් එක්ක තරහ වෙන එක.ඒ නිසා මුලින් ඒ ගර්ල් ට ගිහින් කියලා තීරනයක් ගන්න කියන එක තමා හොඳ.නැත්තම් අන්තිමට ඔයා නරක එක්කෙනෙක් වෙවි මේ ප්‍රශ්නෙදි.

ගජං මල්ලි said...

@පුංචි හිතක් - එයාගෙ කෙල්ල එක්ක කතා කරන්න මගේ කිසිම අදහසක් නෑ.මේ වගේ බලු වැඩක් කරපු කෙනෙක් එක්ක කතා කරන්නෙ කොහොමද......

Anonymous said...

මචං මොනා කරල හරි කොල්ලව බේරගනින් බං... ඉතුරු කියන්න ඕනෙ ටික කියාගන්න බෑ මට...

ගජං මල්ලි said...

ඔව් අන්න ඒක තමයි කරන්න ඕන බං....

Hishan de Silva said...

එකක් මදි උනාම තව එකක්. ඔය වගේ එවුන් දාල යන එකම තමා විටිනේ. නැත්තම් පස්සෙ විදවන්න වෙනව. දැන් ඉස්සර වගේ නෙවෙයි කෙල්ලන්ට පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබෙන අවස්ථා හරිම වැඩියි. ඒක හින්ද මාරු කරන එක කිසි අවුලක් නැහැ. ෂුවර්ද කොල්ල මේ ගැන මොකවත් දන්නෙ නැතෙයි කියල? එහෙනම් මේකි මාර බඩුවක්නේ?

ගජං මල්ලි said...

අනේ මන්දා බං පුදුම ගෑණු තමයි.නෑ බං කොල්ල තාම මුකුත් දන්නෙ නෑ.

Isuru Wijesinghe said...
This comment has been removed by the author.
Isuru Wijesinghe said...
This comment has been removed by the author.
Isuru Wijesinghe said...

" අනේ මන්දා බං පුදුම ගෑණු තමයි "

U ගෑණියෙක්නම් දැන් කොහොමත් වැඩක් නෑ බං.

Dinuka said...

machan uba me movie eka balapan...

The Dilemma (2011)

ekath oya wagema scene ekak....ubata idea ekak ganda puluwan meken...

ගජං මල්ලි said...

@සුදු මහත්තයා - N අතින් නම් ගෑණියෙක් වුනේ නෑ.අරූ එක්ක යලු වුනේ ඒක කරගන්නද දන්නෙ නෑ හැබැයි...

ගජං මල්ලි said...

@dinuka - මම බලන්නම්..ස්තූති වෙන්න ඕනේ....

වික්‍රමරත්න said...

මට කියාපන්කො ඕකි ගැන විස්තර ... හොයල දෙන්නම් සේරම

ගජං මල්ලි said...

විස්තර ඔක්කම දන්නව බං.....ඔබතුමාට බොහොම ස්තූති උදව් කරන්න හැදුවට...

අපරාජිතයා :::: Aparajithaya said...

අපොයි බං කියපිය යාලුවට සිද්දිය.... හොඳම යලුවෙක්නම් උබ කියන එක පොඩ්ඩක් හරි පිලිගනිවිනෙ බන්......

පාණ්ඩේ said...

ගජං මල්ලි මම කවුද කියල මේ පෝස්ට් එක දැක්කම මතක් වෙයි..මාත් ඔය කියපු N ගේ බොක්කක්.. ඒකි කරපු වැඩේනම් හරි අවලං වැඩක්..මටනම් ඉතින් චාරයක්‌ නෑනේ..මම දෙන්නම්කො ඕකට පාර....ඔන්න බලපන්කො....ඔන්න මම ආයි නොකිව්වයි කියන්නෙපා......

ගජං මල්ලි said...

@ අපරාජිතයා - ඔව් කියන්න ඕන.ඌට පව් වැඩක් කරා වෙනවනෙ.

ගජං මල්ලි said...

@ පාණ්ඩේ - එළම තමා මචෝ.අනිව උඹ blog ලියන්න ආවට සතුටුයි.

punsisinet said...
This comment has been removed by the author.
punsisinet said...

bro got your back for the best and worst things in your life !!!

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න