web 2.0

Tuesday, April 19, 2011

ලොකු ළමයෙක්.......

අවුරුද්ද හොදට කාපු නිසාත්,කලින් මගේ ආදර කතාව ලිව්ව නිසාත් මේ පාර ආතල් කතාවක් ලියන්න හිතුව.අනික අපේ කුරුං ගුරුං මලයත් මගේ ඔලුව කනව හැමදාම අද මුකුත් දාන්නෙ නැද්ද? අහල.මේකයි කතාව.

අපි O/L කරන කාලේ පංතියට අපේ යාලුවෙක් ආවම ගුරු මේසෙට දාල තියෙන රෙද්ද අරගෙන ආපු එකාගෙ ඔලුවට දාල ඌට ගහනව අම්බානෙක.ඉතින් එදා කවුරුත් ගුරුවරු අපේ පන්තියට ආවෙ නෑ.කොහොමහරි Free Period එකක දන්න කියන කොල්ලෙක් ආපු නිසා අපි ඌට හොඳට සැලකුව.ඉතින් නියම වැඩේ කියන්නෙ මූ හොඳට ගුටි කාල.රෙද්දත් ඔලුවෙ දාගෙන පන්තියෙන් එලියට ගියා.

එතකොටම මුගේ කරුමෙට අපේ අංශ භාර Sir ආව.Sir හිතුවෙ මූ කොල්ලොන්ට ආතල් එකක් දෙන්න මෙහෙම කරනව කියල.Sir කරපු වැඩේ මූ එක්කගෙන ගිහින් Sirගෙ Office එක ඉස්සරහ තිබ්බ.තියල නිකන් හිටියෙ නෑ.
 "රෙද්දෙන් ඔලුව වහගෙන ඉන්න"
කිව්ව.ඉතින් මූට කොහොම හරි Interval එකෙත් එහෙමම ඉන්න සිද්ධ වුනා.එක එක ගුරුවරු ඇවිත් රෙද්ද උස්සල බැලුව කවුද මේ ඉන්නෙ කියල.මූ දැන් ලැජ්ජාවෙ ඇඹරෙනව.අපේ පන්තියට මූ හිටපු තැන හොඳට පේනව. එතනට ආපු එක Sir කෙනෙක් මුගෙන් ඇහුවලු.
"ආහ් පුතේ උඹ මල්වර වුනාද?නැකත කීයටද තිබ්බෙ?"
කියල.මූට ඒ වෙලාවෙ පොලව පලාගෙන යන්න හිතිල.ඌ හැබැයි හොඳ කොල්ල ඇවිල්ල අපිට ඒකත් කිව්ව.අපිට පස්සෙ කරපු වැඩේට පව් කියලත් හිතුනා.

15 ප්‍රතිචාර:

තාරා said...

හි හි.... පවු අහිංසක ළමයින්ට ඔහොම වද දෙන්නෙ...

ගජං මල්ලි said...

ඒ කාලෙ ඕක හැමෝටම පොදු න්‍යාය ධර්මයක්.....පොදුයි කියන්නෙ මාර පොදුයි...

Dilanka Madhawa said...

ඒ කාලේ...බම්බුව...අපේ කාලෙත් එහෙමයි.හැබැයි දැඩිවටම නැ.ලාවට..

ගජං මල්ලි said...

අනිව මලේ නැත්නම් අපේ පාසල් ජීවිතේ මෙලෝ රහක් නැති වෙනවනෙ බොලව්.....

පිණිබිඳු... said...

මෙයාම ගුටි කාලා අනුන්ට කලා වගේ කියන ලස්සන.. හපෝ බොරු කියන්න නරකයි අපායෙ යනවා.

ගජං මල්ලි said...

ඔයාගෙ තර්කය හොඳයි.ඒත් මං ළඟ ඇසින් දුටු සාක්කි එමටයි.

කැටියා said...

පොර පව් නේද?විසිල් දෙකයි බල්ටියයි neadha?visi

Anonymous said...

අපිත් ඔය දේ කටනවා අපි නම් ඕකට කියන්නෙ භුතයා ගහනවා කියලා

ගජං මල්ලි said...

@කැටියා - ඔව් පව් වැඩේ අවුලක් නෑ.පොර චාටර් ඩයල් 1ක් නෙවෙයි.
@බීටා - මේක දිවයින පුරා ප්‍රචලිත ක්‍රියාකාරකමක් නේද?

Ishan Yapa said...

මටත් එක පාරක් ඔය ආතල් එක ලැබී ඇත...... සැප කොහොමද කියා හොදට දනිමි !

ගජං මල්ලි said...

ඒකනෙ කියන්නෙ....දන්නෝ දනිති කිව්වලු......

අපරාජිතයා :::: Aparajithaya said...

අපෝ පව් කාර වැඩ තොපිට අමුවෙන් පනුවෝ ගහනවා කරපු කතා වැඩේට.

ගජං මල්ලි said...

අපොයි දෙයියනේ........ඉතින් මිනියක් මරැවෙ නෑනෙ අප්පා.......

අපරාජිතයා :::: Aparajithaya said...

හරි හරි බං විහිලුවට කිව්වේ...... හික්ස් කොල්ලෝ උනාම ඔහොම ආතල් ගන්න ඕනේ.යකෝ තොපි හරිනම් උඋට කන්න බොන්න අරන් දෙන්න ඕනේ තොපිව පාවලා නොදුන්නට..

ගජං මල්ලි said...

@අපරාජිතයා - අයියෝ ඒක අවුලක් නෑ...පිස්සුද...අපි නම් ඌට අරන් දෙන්නෙ නෑ ඌ අපිට අරන් දෙනව..මොකද ඌ හොඳ දතක් නිසා....

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න