web 2.0

Sunday, April 10, 2011

අනිව කියවන්න.

මම මේ දාන්නේ මම දාපු පැනඩෝල් ගැන ලියැවුනු ලිපියට අපේ සිංහල බ්ලොග් ලියන ​​ෛව්ද්‍ය වරයෙක් වෙන මිගාර අයියා දාපු කමෙන්ට් එකක්.මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මම දාපු ඒ ලිපියේ වැරදි තැන් ටිකක් ගැන ඔයාලගේ අවධානය යොමු කරන්නට.කොහොම උනත් ඒ කමෙන්ටුවක් මගින් ඇත්ත තත්වය කියාදුන්නු මිගාර අයියට නැවතත් ස්තුතියි.

එකින් එක බොරු මොනවද කියල මම පෙන්වල දෙන්නම්.

1.is because Panadol is toxic to the body, and it harms the liver. - ඕනම විෂක් නියමිත මාත්‍රාවෙන් බේතක් වෙන අතර ඕනම බේතක් වැරදි මාත්‍රාවට අනුව විෂක්. පරසිටමෝල් ගැනත් තත්වය මේකයි. නියමිත මාත්‍රාව පාවිච්චි කළොත් කිසිම හානියක් වෙන්නේ නෑ.

2. According to the doctor, Panadol will remain in the body for at least 5 years. - මේක කියපු කෙනා යන්න ඇත්තේ කොන්දොස්තර කෙනෙක් ගාවට. පැරසිටමෝල් වල අර්ධ ජීව කාලය පැය 5යි. ඒ හින්දා තමයි දවසට හතර වාරයක් නිර්දේශ කරන්නේ. ඔය කතාව ඇත්ත නම් පැනඩෝල් බිවුවට පස්සේ අවුරුදු 5ක් යනකම් උණ හැදෙන්නේ නැති වෙන්න ඕන

3. And according to the doctor, there was an air-hostess who consumed lots of Panadol as she needed to stand all the time and work under lots of pressure. She's now in her early 30's, and she is undergoing kidney cleaning (DIALYSIS) every month - තවට් තඩි බොරුවක්. පැරසිටමෝල් නියමිත මාත්‍රාව ගණනේ අවුරුදු දහයක් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙම ගන්න ආත්‍රයිටිස් arthritis) රෝගීන් ඕන පදම් ඉන්නව. ඒ වගේම වකුගඩු අක්‍රිය වෙච්ච (Chronic renal failure) කෙනෙක්ට රුධිර කාණ්දු පෙරහණ (Hemodialysis) සතියට වාර 2 - 3 දක්වා කරන්න වෙනව. මාසයකට සැරයක් කරනවලු! බි.පෙ.සි. (Rolling on the floor laughing)

4. Whenever we have a headache, that's because it is due to the electron / Ion imbalance in the brain. - තව බොරුවක්. එහෙම වුණොත් නොනවත්වා වලිප්පුව හැදෙනවා! හිසරදය හැදෙන්නේ හිසේ විවිධ පටක වල එන විවිධ ආබාධ නිසා මිසක් අයන වල වෙනස් වීම නිසා නෙවී

5. the lesser would be your threshold for pain (your endurance level for pain). - මේකත් බොරු. එහෙම එකක් වෙන්නේ නෑ

6. Imagine that we had spent our entire life popping quite a substantial amount of Panadol (Pain Killer), when you need to have a surgery or operation, you will need a much more amount of general anesthesia. - තව බොරුවක්. පැරසිටමෝල් සහ නිර්වින්දනය ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ශෛලමය ආදායක (cellular Receptors) හරහා. එකක වෙනස් වීම අනිකට බලපාන්නේ නෑ


7. your body is so used to pain killer that you would need a much stronger pain killer, Morphine???? - තවත් බොරුවක්. පැරසිටමෝල් ක්‍රියා කරන්නේ වේදනාව පවතින තැන. මෝෆීන් ක්‍රියා කරන්නේ මධ්‍යම ස්නායු පද්ධතියේ. මේ දෙක අතර සම්බන්ධයක් නෑ
 

4 ප්‍රතිචාර:

ඉෂාර l Ishara said...

මම මේ බ්ලොග් එකට කමෙන්ට් කලාට ඒවා ඇඩ් වෙන් නෑ. බලමු මේකවත් වෙනවද කියලා...

Haru said...

කලින් ලිපිය කියවන්න ගත්තත්, Paracetamole වල half life එක අවුරුදු 5යි කියල දැකපු තැනදිම මම කියවන එක නතර කලා. දැන්නෙ තේරෙන්නෙ තව කොච්චර පච තිබිලද කියල.
කොහොම නමුත් අපි වගේ කියවල, මේව පච කියල දමල ගහල යනවට වඩා මිගාර අයිය කරපු වැඩේ අගය කරන්න ඕනෙ.
අනෙක් අතට නිවැරදි comment එකකට මුල් post එකේම ප්‍රමුඛතාවය දීම ගැන කෝපි කඩෙ ඇත්තොන්ටත් ස්තුති කරන්න ඕන

Dilanka Madhawa said...

ඇට් ඉශාර-ඕන්න ඇඩ් උනා...කමෙන්ට් මගේ අවසරය යටතේ පල කරන්න දාලා තියෙන්නේ.මොකද මේ ළඟදි දවස් කීපයක්ම මන්ද මාන්සිකයෙක් කෙලින්ම කමෙන්ට්ස් පබිලිස් වෙන අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන අරගෙන තිබ්බා.කොහොම උනත් එක්කෙනෙක් කල වැඩෙන් අනිත් අයටත් මේ කරදරේ විඳවන්න උනා.තව ටික දවසකින් නැවතත් කෙලින්ම කමෙන්ට්ස් පබිලිස් වෙන්න දාන්නම්...
කමෙන්ට්ස් පබිලිස් නොවෙන අවුලක් තිබ්බා පරණ තීම් එකත් එක්ක.දැන් ඒ අවුල හරි.

Dilanka Madhawa said...

ඇට් හරු-ප්‍රතිචාරයට ස්තුතියි.ඇත්තටම මම කලේ මගෙන් වෙච්ච වැරැද්ද හදන්න පුලුවන් දේ කළ එක විතරයි...
:)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න