web 2.0

Thursday, April 21, 2011

අනේ මූ වගේ මෝඩ හරහෙක්....


කැටියගෙ නවාතැනේ තිබ්බ පෝස්ට් 1ක් දැකල කෝච්චියෙ යද්දි වෙච්ච රස කතාවක් මතක් වුනා.මේ සීන් කෝන් එක වුනේ සීයා කෙනෙක්ට තමයි.මම සති අන්තෙ නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යන්න සෙට් වෙන්නෙ කෝච්චියේ.
මගේ බෝඩිම් මන්දිරේ තිබ්බෙ පිලියන්දල. ඉතින් මොරටුවෙ බැහැල ගියාම මට ලේසියි.ඉතින් හවසට ගාල්ලෙන් යන කෝච්චි කට්ටෙ නැගල යද්දි තමයි සීන් එක වුනේ. හවස යන කෝච්චියෙ වැඩිය සෙනග නෑ.ඉතින් අම්බලන්ගොඩදි කෝච්චියට කොල්ලො සෙට් එකක් නැග්ගා.
මොකක් හරි ක්‍රීඩාවක් කරන සෙටාර් එකක් තමයි නැග්ගෙ ටික දුරක් යද්දි සෙටාර් එක සින්දු කියන්න ගත්ත.ඒත් සමහරුන්ට නම් ඒක වැඩිය ඇල්ලුවෙ නෑ.
ඒත් මට නම් ජොලි.නිදිමත නැතුව යන්න පුලුවන් නිසා.කොහොමහරි අලුත්ගමදි කෝච්චියට සීය කෙනෙක් නැග්ග.සීය හොඳ පදමට ගහල හිටියෙ.අර කොල්ලො සෙට් එකත් සීය සෙට් කරගෙන සින්දු කිය කිය ආව.ඔය අතරෙ සීය කියන කතාවලට කොල්ලොත් පැනි දාල අඹරල දෙනව.
ගොඩක් ස්ටේෂන් වල නිවේදන කටයුතු භාරව ඉන්නෙ "P........" Voice  එකක් තියෙන පොරවල් කියල කෝච්චි වල යන ගොඩක් අය ඒක දන්නව මං හිතන්නෙ.ඉතින් කලුතරට ආවම අර අයියා කෝච්චිය නවත්තන තැන් ටිකත් කියල.අන්තිමට මෙහෙම කිව්ව.
"3 පංතියේ ප්‍රවේශ පත්‍ර  ගත් මඟීන් 2 පංතියේ යාම දඬුවම් ලැබිය හැකි වරදකි.කරුණාකර 3 පංතියේ ප්‍රවේශ පත්‍ර ගත් මඟීන් 2 පංතියේ ගමන් කිරීමෙන් වැළකී සිටින්න."
එතකොටම සීයත් මල පැනල මෙහෙම කිව්ව.
"අනේ යකෝ 3 පංතියෙ ඉඳන් 2 පංතියට යන්නෙ මොන මෝඩයද.මම නම් කෙලින්ම 3 පංතියෙ ඉඳන් 4 පංතියට ගියේ..අනේ මූ වගේ මෝඩ හරහෙක්.."
මේක අහල අර කොල්ලො ටිකටයි ඒක ඇහුන අනික් අයටයි මැරෙන්න හිනා.පස්සෙ සීයා පානදුරෙන් බැහැල ගියා.

10 ප්‍රතිචාර:

Anonymous said...

අපෝ සීයලා බීගත්තාම පට්ට ආතල් නේ

Anonymous said...

මේ උඹට නිකමටවත් හිතුනේ නැද්ද සීයා ඒ කතාව කිව්වේ උඹට කිංඩියක් දාන්න කියලා... ඈ බං...?

ගජං මල්ලි said...

@බීටා - ඔව් මචෝ පට්ට ආතල්..
@prasanna86k -
අවුලක් නෑ බන් ඒක මමයි උඹයි දැනගත්තම ඇතිනෙ.පත්තරේ දැම්මෙ ඇයි ඉතින්.මට ඇඬෙනව.

Unknown said...

අම්මට සිරි මොනා උනත් ගින්දර බුවෙක් ..............

Anonymous said...

හෙහ්... මරු..

duliponline said...

ආන්න සීයලා

ගජං මල්ලි said...

@isuru sanjeewa - නැතුව ගින්දර කියන්නෙ...ලොවෙත් නෑ....
@නිම්ශා - මරු කියන්නෙ මරේ මරු....
@ඕනයා - ඒකනෙ ඕනයියෙ කියන්නෙ...trip යන්න සෙට් කරගත්ත නම් පට්ටයි...

Anonymous said...

සීය හෙන ජොලි පොරක් වගේ.

Ishan Yapa said...

අඩේ මේක නම් එලමකිරි සීන් කෝන් එකක් තමා !! හික්ස් !

ගජං මල්ලි said...

@nawammawatha - සීයගෙ ජොලි ඩබල් වෙලා ශොට් 1ට......
@කුක්කු පැටියා - ඔව් සිරා සීන් කෝන් එක.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න