web 2.0

Wednesday, April 13, 2011

සව්ලුදු කුමාලයා

ඔන්න දන්නෙමත් නැතුව අලුත් අවුරුද්දත් ළඟටම ඇවිල්ලා.යාන්තමට සතියක් විතර නිවාඩුවකුත් හම්බ උනා.කොහොම උනත් ගෙදරට වෙලා නිකං ඉන්න වෙලේ හරී හුරතල් පුතෙක් පුංචි කාලේ අවුරුදු කුමාරය වෙච්ච හැටි ලියන්න හිතුන.
ඔය හුරතල් පුංචි එකාට ඒ කාලෙත් මේ දැන් කාලේ වගේම කොම්පීතර් උණ තිබ්බා.ඒ පැංචගේ අම්මයි තාත්තයි ඉතින් ඒ පොඩි එකාට ඉගෙන ගන්න කියලා කොම්පීතර් කලාස් එකකට දැම්මා කියමුකෝ.ඉතින් ඔය කලාස් එකේ ඉගැන්නුවේ කුමාරි මිස්,ගංගා මිස් සහ තව සර්ල දෙන්නෙක් කියලනම් කොලු පැංචට මතකලු.(දැන් ඉතින් අහපල්ලකෝ මොකද ඌට මිස්ලගේ නම් විතරක් මතක?සර්ලගේ නම් අමතක කියල?)
ඔය මම කිව්ව පුංචි පැංච හරී හුරතලා නිසා මිස්ල හරිම ආදරේලු මේ පොඩ්ඩට.පොඩ්ඩත් ඉතින් කලාස් එක පටන් ගන්න පැය බාගෙකට විතර කලින් ගිහින් මිස්ලගේ සාරි පොට අතගගා හුරතල් වෙනවලු.ඔහොම යද්දී තමා බක් මහේ ලං වෙලා තියෙන්නේ.ඉතින් ඒ පැංච ඉගෙනගත්ත ආයතනෙත් අවුරුදු උත්සවයක් තියන්න ලැස්ති වෙලා පැංචටත් එන්න කිව්වලු.
 පැංචත් උදේම නැගිටලා ක්ලීන් සූට් ගහලා අවුරුදු උත්සවේට ගිහිල්ලා උත්සවේ බල බල ඉන්නවලු.අන්තිම හරියට දැන් ටික ටික ළං වෙනවලු.අන්තිමට දැන් තියෙන්නේ අවුරුදු කුමාරි තරඟේ ලු.හැබැයි එකම තරඟකාරියක්වත් නැතිලු.
අන්තිමට සංවිධායකයෝ කලපු වැඩේ තමා අවුරුදු කුමාරි,කුමාරය කරපු එක.(අහවල් ඔපරේසොං එක නෙවේ හොඳේ.)
ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෝ ඉන්න නිසා අන්තිමට එකෙක්වත් මේ තරඟෙටත් නැතිලු.ඔය වෙලාවේ අර සර්ල දෙන්නා වටේට හිටපු කොල්ලෝ ටික ඇදලා දැම්මලු බලෙන්ම තරඟෙට.(කෙල්ලො බලෙන් දැම්මනම් මල කෙලියක් වෙනවනේ.)මිස්ල දෙන්නම කලපු වැඩේ තමා හැමදාම මිස්ල එක්ක හුරතල් වෙන අර පුංචි එකා බලෙන්ම තරඟෙට යැව්වලු.ටීසට් එකේ මලකුත් ගහලා.පොඩ්ඩටත් මොකෝ තරඟෙට ගියාලු ලැජ්ජාවෙන් ඇරඹි ඇඹරි.
ඕන් ඔය වෙලේ තමා පොඩ්ඩගේ වයර් පොඩ්ඩක් සෝට් වෙලා තියෙන්නේ.ඔක්කොම ගෙමට ඉන්න එවුන් අයියලා ලු.මූ තමයිලු අරුන්ගේ උසෙන් බාගයක්වත් නැති එකම එකා.
ඔය තරඟේ අම්පයර් අයියා ඇවිල්ලා දැන් ජජ් එක දෙන වෙලාවලු දැන්.
අප්පට සිරි.පොඩ්ඩගේ කට කනේ.මේ ඉන්නේ මගේ බුදු පිට් එකක්නේ.බැලින්නම් අම්පයර් ඉන්නේ ඡන්දේ ඉල්ලපු පැංචගෙ පැත්තේ නෙවෙයි වෙන පැත්තක අයියා කෙනෙක්ලු.
පැන්ච එක්කත් දැන් මේ අම්පයර් අයියා කතා කොරල අන්තිම තීරනේ දුන්නලු.
"200X වර්සයේ #### ආයතනයේ අවුරුදු කුමාරයා පැංචා" 
පැන්චට දැන් හෙනම හැපිලු.ගමේම කොලු ගැටය පරසිද්ධයි ලු.අහවල් ආයතනේ අවුරුදු කුමාරයා මූ කියලා.
පැන්චට අවුරුදු කුමාරය උනාට ලස්සන ලැම්ප් සේඩ් එකක් හම්බ උනාලු අන්තිමට.ඒ පැන්චා කොච්චර ලකී පැන්චෙක්ද නේද?




"අම්මේ,කෝ අර මම අවුරුදු කුමාරය වෙලා හම්බෙච්ච ලැම්ප් ශේඩ් එක?"

2 ප්‍රතිචාර:

Anonymous said...

ඔන්න උඹටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

Dilanka Madhawa said...

හිටු හිටු...තාම මම විස් කොලේ නැ.විස් කොරල පෝස්ට් එකක් දාන්නම්කෝ

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න