web 2.0

Sunday, April 24, 2011

සිංහල බ්ලොග් ලිවීම.[එදා සහ අද.]

මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය හරහා මම ලියන්නේ සිංහල බ්ලොග් ලියන එක ගැන මම පුද්ගලිකව දරන මතය.ඒ වගේම ඊයේ මාත් එක්ක චැට් එකකදී ඉස්සර අපිත් එක්ක සිංහල බ්ලොග් ලියපු අයියා කෙනෙක් එයාගේ අත්දැකීම්නුත් කිව්වා.
මුලින්ම මේ ගැන ලියන්න කලින් මෙන්න මේ ලිපි ගැන ඔයාලගේ අවධානය යොමු වුනානම් හොඳයි කියලා හිතෙනවා.





මේ ලිපිය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නත් පුලුවන්


ඒක දැක්කහම ඇත්තටම කණගාටු හිතුනා.මොකද කිව්වොත් අපි අතරේ මොකටද රණ්ඩු ඇතිවෙන්නේ කියලා.මම සිංහල බ්ලොග් ලියන්න ආවේ මනුශාන් අයියා මගපෙන්නුව නිසා.ඒ දවස් වල තිබුනේ සිංහල බ්ලොග් කියවනය විතරයි.මම සෙට් වෙනකොට බ්ලොග් 300ක් තිබ්බෙත් නැ ඒ බ්ලොග් කියවනයේ.(මගේ මතකයට අනුව.සමහර විට වැරදි ඇති.)ඒ දවස් වල ලස්සනට වැඩේ ගියා.ප්‍රවීන් අයියා,කාලිංග අයියා,මනුශාන් අයියා,සහන් අයියා,සුදු මහත්තයා,බුධාජීව අයියා,සුදාරක අයියා වගේ ගොඩාක් අය ඒ දවස් වල සිංහල බ්ලොග් ලිව්වා.බ්ලොග් කියවනේට ගියහම හරී ලස්සන ලිපි පෙලක් තිබ්බා.ටෙක්නිකල්,අත්දැකීම්,විහිලුතහලු...හැමදේම හරී ලස්සනට.
පහුවෙනකොට තවත් අය බ්ලොග් ලියන්න ආවා.අලුතෙන් සින්ඩි ආවා.අලුත් අලුත් ලිපි එක එක මාතෘකා වලින් ලියවුනා.ඔය අතරේ ඇත්තටම මට හිතෙනවා එක එකාට කපන්න පටන් ගැනීමකුත් වුනා.කොච්චර උනත් අර ඉස්සර වගේ ලස්සනට වැඩේ යන්නේ නැති ගතියක් තිබ්බා.
ඔය අතරේ ඔය මම උඩින් නම් දාපු ගොඩාක් අය බ්ලොග් ලිවීල්ලෙන් ඇත් වෙලා.
කොහොම උනත් දැන් වෙනකොට සින්ඩි ගොඩාක් තියෙනවා.සිංහල බ්ලොග් ලියන්නොත් ගොඩාක් ඉන්නවා.නමුත් ඉස්සර තරම් ගතියක් යන්නේ නැ කියලත් හිතෙනවා.අර වගේ අදහස් දැක්කහම දුකක් නොදැනෙනවත් නෙවේ.
ඇත්තටම මම ඔය උඩින් දාපු ලින්ක් එක දුන්නෙත් අර චැට් එකට සෙට් වෙච්ච අයියා.ඌ ඕක දීලා කිව්වෙත් "දැන් සිංහල බ්ලොග් ලියන එවුන් සමහරුන්ට පිස්සු"වගේ අදහසක්.වෙලාවකට ඌ හරි කියලත් හිතෙනවා.
ලෝකේ වඳ වීගෙන යන ජාතියක ඉතාම සුළුතර පිරිසක් එකතු වෙලා තමන්ගේ දැනුම,අදහස් බෙදාගන්න තැනක මොකට එක එකා ගහමරා ගන්නවද කියලා.
එකපාරක් හැක් කරපු සීන් එකක් ඇදගෙන ආවා.(මම සීන් එකේ ඇත්ත නැත්ත දන්නේ නැ.හෙව්වත් මට ඒක අදාල වෙන්නේ නැ.)ඒක අල්ලගෙන තව බ්ලොග් එක්ක වලි ඇදගත්තා.අන්තිමට කරපු මගුලක් තියෙදත් මන්දා.
කොහොම උනත් ඒදවස් වල වගේ බොක්කෙන් බ්ලොග් ලියන උන් හිඟයි කියලයි මට හිතෙන්නේ සහ දැනෙන්නේ.ඔයාලට කොහොමද මන්දා.කොහොම උනත් එක ඉල්ලීමක් කරනවා.සිංහල බ්ලොග් ලියන අපි ගහමරා ගන්නේ නැතුව එකාට එකා සහයෝගෙන් බ්ලොග් ලියමු.එතකොට මේ සිංහල බ්ලොග් අවකාශය තව ලස්සන වෙයි.

දැන් මේක කියවපු කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුලුවන් නිසා මම මේ ටිකත් දාන්නම්.
1.මූ මේ මහලොකුවට කියන්නේ මූ ඉස්සර ඉඳන්ම බ්ලොග් ලියන එකෙක් කියලා.
නැ.මට ඒක කියන්න ඕන කමක් නැ.ඒක දැනගන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඒ දැනගන්න ඕන අය මාව දන්නවා.
2.මූ මෙහෙම ලිපියක් ලිව්වේ කහිල්ලකටද?
නැ.මට ඇති කැහිල්ලක් නැ.අමාරුවක් තියෙනම් ඒ තියෙන්නේ මේ බ්ලොග් අවකාසයේ වෙන විකාර දැකලා හැදෙන එකක් තමයි.මොකද මම මේ අවකාශයට ආදරෙයි.
3.මූ මේ ලිපිය ලියල බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
බ්ලොග් අවකාශය මීට වඩා ලස්සන තැනක් කරගන්න.

වෙන ප්‍රශ්න තියෙනම් කමෙන්ට් එකකින් දාන්න.ආහ් තව එකක්.මේ ලිපියෙන් මම කවුරුවත් සුද්ද කරන්න නෙවේ.අනික සින්ඩි එකකටවත් මම මුකුත් කියන්නේ නැ.සින්ඩි තමයි ඇත්තටම අපට කියවන්නෝ ගෙනත් දෙන්නේ.ඒ නිසා මට සින්ඩි එකකටවත් කිසිම පුද්ගලයෙක්ටවත් අපහාසයක් හරි හිත රිදවීමක් හරි කරන්න ඕනකමක් නැ.

26 ප්‍රතිචාර:

Anonymous said...

මෙහෙම සීන් නම් මම දැනගෙන හිටියේ නෑ බං................ සිරාවට අප්සට් බං අර ලින්ක් එකේ තියන පොස්ට් එක කියෙවුවහම

Isuru Wijesinghe said...

අනේ යකෝ. කෝ මට අයිය කියල නෑ නෙ උඹ.

මේ ඒක නෙමෙයි ඇත්තටම උඹේ බ්ලොග් එක මම හැක් කරන්නද ? මං ගාව උඹේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි තියෙනව නෙ. මොකෝ කියන්නෙ. මම හැක් කරල මගේ ෆොටෝ එකක් දාල තියපන්. උඹ අඬ අඬ කමෙන්ට් කරපන්.

Isuru Wijesinghe said...

උඹ මේ මගුල පටන් ගත්ත දවසෙ ඉඳල තමා මටත් බ්ලොග් ලියන එක එපා උනේ.

Hishan de Silva said...

අනේ මන්ද බං උඹල කියන කිසිදෙයක් මට තේරෙන්නෙත් නැහැ තෙරුම් ගන්න අවශ්‍යත් නැහැ :)

Anonymous said...

ඔය පහන්ගේ ලිපියේ සදහන් වන නදුන් මම තමයි. ඔයා ඇත්තටම මේ කුනුගොඩක් අවුසලා තියෙන්නේ. අපි දැන් තරහා නෑ රංඩු නෑ ඔය ලිපිය ලිව

මේකයි කතන්දරේ ඉස්සර හේතුවක් නැතිව සිංහල බ්ලොග් කියවනයෙන් මාව ඉවත් කලා. මගේ බ්ලොගයේ කුනුහරැප කොමෙන්ට් තිබුනා කියලා. ඔයාගේ ඔය පහන් අයියගේ බ්ලොගයත් උන් අයින් කලානේ

ලාංකීය සිතුවිලි වලින් මාව අයින් කලා ඒ දවස් වල මට මේල් එකක් අවා එක මට flowd කරන්න කිව්වා වෙන සිංඩියක එකනෙක් පහන්ට මම කලා පහන්ට තද වෙලා ඔය ලිපිය ලිව්වා. එත් හත්මාලුව පටන් ගත්තට පස්සේ පහන් මගේ බ්ලොගය ගත්තා එයා අයින් කලේ නෑ. මාත් සිංඩියක් පටන් ගත්තා දැන් මාස 8 විතර වෙනවා. http://syndi.lankablogger.info/ ලාංකීය බ්ලොග් කියවනය. මාගේ බ්ලොගයට සිංඩියක් නෑ මාත් හැදුවා එකක් මේකට මම වියදම් කරනවා මාසකට රැ 8000/= Hosting වලට VPS Severs එකක තියෙන්නේ. ටිකක් ගාන සැර නිසා Domain තාම ගන්න උනේ නෑ.

Dilanka Madhawa said...

@ බීටා-මමත් ඕක දැක්කේ ඊයේ හවස බං

Dilanka Madhawa said...

@ සුදු මහත්තයා-ගොනා නේ ඉතින්.මහත්තයා කිව්වහම අයියා කියන්නේ නැත්තේ මොකද අහනව.මැට්ට.මැටි මහත්තය.
හැක් කොරාපිය.(අනේ මම පව් බං.)

Dilanka Madhawa said...

@ හිශාන්-මොනව කරන්නද බං අයියේ.?කොහොම උනත් මේ පැත්තේ ආවට ස්තුතියි.

Anonymous said...

කියන්න මුකුත් නැ..එක දෙයයි.. මම මේ අවකාශේට ආදරෙයි..එයින් මට දුන්න සතුට මට දුන්න හුගාක් දෙවල් තියෙනවා..අනිත් අයත් තමන්ගේ බ්ලොග් එකට මේ ඉන්න අවකාශේට ආදරේ ඇති.. මේක එක්කෙන්ක්ගේ නෙමේ අපි හැමෝගේම..

Dilanka Madhawa said...

@ නදුන්-ඇත්තටම මම ඒ ලිපිය කියවලා ඇත්තටම කණගාටු වුනා.අනික අර හැක් කරන සීන් එක අමතක වෙනකොටම මම ඒදේ දැක්කේ.ඒකයි මෙහෙම එකක් ලියන්න උනේ.

Dilanka Madhawa said...

@ නිම්ශා අක්කේ-එකාට එකා වගේ,අයියලා මල්ලිලා අක්කලා අයියලා වගේ ලස්සනට බ්ලොග් ලියන්න ඇත්නම් කියල හිතෙනව...

Isuru Wijesinghe said...

කුරුං ගුරුං දුරකතනයෙන් තර්ජන එල්ල කිරීමටද පටන් ගෙන ඇති බැවින් මාගෙ නිදහස් අදහස් මින් පසු මේ බ්ලොගයේ දක්වන්නේ නැත.

Ishan Yapa said...

ෆුල් අප්සට් සීන් එකක් නෙ....... මම නම් දැනගෙන හිටියෙ නෑ මෙහෙම වලි ගැන. කොහොම වුනත් මේක අපිම නැති කරගම්මු !

Unknown said...

අනේ මේ මොකද?මම හිතුවෙ සිංහලයින්(+දෙමල) අතර සයිබර් අවකාශයෙදිවත් එකමුතුවක් ඇති කියල..බලාගන යනකොට එකමුතුව සමගිය කියන්නෙ නිකන්ම වචන විතරයි වගෙ!!..අඩුතරමෙ සිංහලෙන් බ්ලොග් ලියන අය අතරවත් එකමුතුවක් නැත්නම් කවදා රට එකමුතු වෙයිද
!!

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

ඉස්සර තරම් ගතියක් නම් නෑ තමයි.. සිංහල බ්ලොග් වල ගුණාත්මක බාවය අඩු වෙලා කියන එක තමයි මට නම් පේන්නේ.. ඒත් ඉස්සරට වැඩිය සිංහලෙන් ලියවෙන එක නම් වැඩියි..

duliponline said...

මචෝ . . . . මත ගැ‍ටුම් තියෙන්න ඕනෙ . . . එතකොට තමයි ඕනෙම දේක ඉදිරි ගමන සිදුවෙන්නෙ. නිකං හිතපං . . . . . මුලින්ම තිබුන එකම සින්ඩිය තාම ඒ විදියටම තියනව . . . හැමෝම බ්ලොග් ලියනව . . . . හැමෝම ඒවයෙ පෝස්ට් වලට ප්‍රසංශා කරල කොමෙන්ට් දානව . . . . අනේ මං දන්නෙ නෑ . . . හරිම ඒකාකාරීයි නේද ????

Dilanka Madhawa said...

@ කුක්කු පැටියා-ඔව් බං කොච්චර උනත් ඉස්සර වගේ බ්ලොග් ලිවිල්ල හිතට ෆිට් මදි අප්පා...මේක ලිව්වේත් ආයි ප්‍රශ්න ඇදගන්නේ නැතුව ඉන්න කියලා ඉල්ලීමකටත් එක්ක...
මේ පැත්තේ ආවට තැන්කිව් වේවා!
ඕං කිව්වා...

Dilanka Madhawa said...

@මදුශාන්-එකමුතුවක් නැත්තේ නැහැ නෙවේ.අපේ අයගේ එකමුතුකම සමහර වැඩවලින් නැතු වෙන එකයි මට තියෙන දුක...මේ පැත්තේ ආවාට ස්තූතියි...

Dilanka Madhawa said...

@යොහාන්-ඔව් මටත් එහෙම හිතෙනවා.බලමුකෝ ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා.මේ පැත්තේ ආවට ස්තුතියි.

Dilanka Madhawa said...

@ඕනයා-අප්පොච්චෙක් උනාට පස්සේ අදද කොහේ මේපැත්තේ ඇවිල්ලා තියෙන්නේ...ඔක්කෝටම කලින් පොඩ්ඩා ගැන විස්තර කියපාං...
උඹේ අදහස හරි බං.ඒත් අර හැකින් සීන් එකයි,ඊමේල් වලින් අර වගේ යන සෙල්ලමුයි,කතන්දර වගේ බ්ලොග් වලට එල්ල වෙච්ච තර්ජනයි එක්ක මේක මත ගැටුමක්ම විතරද බං.මේ වගේ ගහමරා ගන්න එක නැතුව බ්ලොග් ලියන එක දියුණු කරන්න බැරිකමක් නැ නේ?සුහද හමු,අවුරුදු උත්සව වලින් උනත් අපේ අයට වලි නැතුව,ගැටුම් නැතුව බ්ලොග් අවකාසෙට සේවයක් කරන්න පුලුවන්නේ?

Unknown said...

@කුරුං ඔව් එකමුතුවක් තියනව උඩ බලාගන පස්සෙන් යන්න පුලුවන් හුඟක් දෙ වලට(පොදුවේ ශ්‍රි ලාංකිකයින්ට වදින්න)...මම දැකපු ව්දියට ඊට වඩා සැහෙන එකමුතුවක් තියනව ශ්‍රි ලාංකික බ්ලොග් කරුවන්ගේ!..ඒකනම් අගය කල යුතුයි!

***දේවා*** said...

මේ බ්ලොග් අවකාශය තමයි මට නිදහසේ හිතන්න පුරුදු කලේ ගොඩාක් දේවල් කියලා දුන්නේ මම නම් පුලුවන් හැමවෙලාවකම ඔය සින්ඩි වලට යනවා... එත් සමහර එවා ගැන දුකයි..හෙතුවක් නැතුව බ්ලොග් අයින් කරන්කොට... එත් හැමොටම එකතුවෙලා මේක ලස්සන කරන්න පුලුවන්නේ.... එකතු වෙන්නකෝ

Dilanka Madhawa said...

@මදුශාන්-ඔව්.ඒක ඇත්ත.නමුත් සාපේක්ශව 1500කටත් අඩු කට්ටියක් ඉන්න අපි අතරේ සන්ඩු සරුවල් තවත් අඩු කරගන්න ඕන කියන එක මතු කරන්න ඕනේ.

Dilanka Madhawa said...

@දේවා-මමත් ගොඩාක් දේවල් මේ අවකාශෙන් ගත්තා.හැමෝම සෙට් වෙලා මේක ලස්සන කරගමු...

Unknown said...

@කුරුං ඔව් අනිවාර්යයෙන්ම..නමුත් ඒක කියන්න ගිහින් රන්ඩු ඇති වෙනවනම්?

Anonymous said...

@ Yohan Kanishaka උඩ ප්‍රතිචාරයෙන් කියනවා.

ඉස්සර තරම් ගතියක් නෑ සිංහල බ්ලොග් වල ගුනාත්මක බාවය අඩු වෙලා කියලා.

ඉතින් ඉස්සර කලේ එක එකාට බැනපු එකනේ. මචෝ. දැන් එවා නෑ. උබට එවාගේ ලිපිද ආතල් ?

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න