web 2.0

Sunday, January 30, 2011

දහම් පාසල්....

අදත් කියන්න යන්නේ දහම් පාසල් ස්ටොරියක් තමයි...
ඇත්තමට අපි දැන් 12 වසරේ නිසා(2013 ඒ.ලෙවල්.)මේ අවුරුද්ද තමයි අපට දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය ලියන්න හම්බෙන අවුරුද්ද.කොහොම උනත් ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ නිසා දහම් පාසලේ හාමුදුරුවොනම් අපට පූර්ණ නිදහසක් දීලා තිබුනා නවතින්න.ඒත් අපි අන්තිම මාස 3,4 විතරයි නොගියේ.ආතල් එකට කොල්ලො එක්ක සෙට් වෙන්න වගේම ඉස්සෙල්ල ලියපු පාරමී එහෙම බලන්නත් එක්ක තමයි දහම් පාසල් ගියේ...
කොහොම නමුත් විභාගයෙන් පස්සේ ආයි දහම් පාසල් එක්ක කිව්වා ගිය සතියේ.ඉතින් අපි(මම,දසුන්,හසිත,තුසර.......) ගියා දහම් පාසලට.ගිහින් හාමුදුරුවෝ හම්බ වුනා.ඒලෙවල් ක්ලාස් නිසා ඉරිදා උදේ පන්ති කරන්න බෑ කිව්වා.ඒ නිසා ලබන සතියේ (30-01-2011) දහම් පාසල් එන්න කියලා අපිව එව්වා.
ඉරිදා ක්ලාස් තිබුනේ කෙල්ලොන්ට.අපිට ප්‍රී.ඉතින් ඔක්කොමත් එක්ක අපෙහ ආව.
අනේ බන් සරම මල වදේ කියල ගෙදෙට්ට ආපු ගමන් අපේ උන්ගේ සරම් අතේ...
කොහොම හරි අපෙහ ඉඳලා 11ට විතර ගෙවල් වල ගියා...
ඒ ගිහිපු හැටි පහතින් බලාගන්නකො..





ඉතින් ඔන්න ඔහොමයි වැඩේ උනේ.කොහොම වුනත් 2005 වසරේ ඉඳන් දහම් පාසල් ගිහිපු,හොඳ හාමුදුරුවන්ලාගෙන්,ගුරුතුමන්ගෙන් සහ ගුරුතුමියන්ගෙන් ඉගෙන ගනිපු,හොඳ අයියලා අක්කලා හම්බ වුනු,පාන්දර එක දෙක වෙනකම් දහම් පාසලේ වැඩ වලට කට්ට කාපු,දහම් පාසලේ මල් කඩපු,අනේ බෑ බං කියද්දිත් අපේ උන් ටික ඇදගෙන දහම් පාසල් ගිහිපු,"ආ..දිලංක අයියේ" කියල පුංචි මල්ලිල ආසාවෙන් කතා කතාකරපු ......... ඒ හැමදෙයක්ම දැන් ඉතින් අතීතෙ.සමහරවිට මේ අවුරුද්දේ ත්‍යාග ප්‍රධානෝත්සවේ සෙට් වෙයි.එච්චරයි....





ඒ කියන්නේ මගේ අත්දැකීම් වලින් දහම් පාසලට අදාලව ඉස්සරහට ලියවෙන්න තව අලුත් කතා එකතු වෙන එකක් නෑ.පරන කතා ටිකක් නම් මතක් වෙන වෙන සැරේට මම ලියන්නම්කෝ....


දහම් පාසල සම්බන්ධ ඉස්සර කතා...

රෝස මලේ නටුවෙ කටු???

1 ප්‍රතිචාර:

chathura said...
This comment has been removed by the author.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න