web 2.0

Tuesday, January 18, 2011

සොරින් නරකම නෑ.

ආයුබොවන්ඩ අද ලියන්න යන්නේ සොරින් ඕ.එස්.එක ගැන.මේ ගැන මම දැනගත්තේ නම් විජය පරිගණක සඟරාවෙන්.
මමත් ඉතින් අන්ලිමිටඩ් හම්බෙච්ච එකේ ඩවුන් ලෝඩ් කලා.සයිස් එක 1.16 ජී.බී.වගේ.විශේෂත්වය තමයි වින්ඩෝස් අතුරු මුහුනත සැරසිලා තියෙන විදිහට තමයි මේකෙත් අතුරු මුහුනත.තව ග්‍රැෆික් අතින් වින්ඩෝ එකක් ක්ලෝස් කරද්දී එහෙම ඇනිමේශන් එහෙමත් තියෙනවා.
මේ මෙහෙයුම් පද්ධතිය නොමිලේ බාගත කරගන්න පුලුවන්.ඒ කියන්නේ හෙට අනිද්දා මයික්‍රෝසොෆ්ට් එකේ පරිත්‍යාගශීලී මහත්වරු අපේ ගෙවල් වලට ඔරිජිනල් මෙහෙයුම් පද්ධති පරික්ෂා කරන්න එනකොට අපට ගේමක් නැතුව ඉන්න පුලුවන් කියන එකනේ.
මේ මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් කර්නල් එක මත තමයි ගොඩනගලා තියෙන්නේ.මෙහෙම කිව්ව ගමන් ගොඩක් අයට ලොකු ගැටලුවක් එනවනේ මේ මෙහෙයිම් පද්ධතියේ සිංදුවක් අහන්නත් මාර කස්ටක් කන්න වෙනවා කියලා.නෑ.මේ මෙහෙයුම් පද්ධතිය තුල ඔයාගේ අදහස වැර
දියි.සොරින් තුල එම්.පී.3 ඇතුලු ඕඩියෝ,වීඩියෝ ප්ලේ කරන්න අවශ්‍ය සියලුම කොඩෙක්ස් තියෙනවා.
වින්ඩෝස් වල වැඩකරන මෘදුකාංග ස්ථාපනය කරන්න "වයින්" ඉන්ස්ටෝල් කර කර කට්ට කන්න ඕන නෑ.ඒකත් සොරින් තුල ස්ථාපනය කරල තමයි එන්නේ.
තව විස්තර ටිකක් දාන්නම්කෝ විජය බල බල...
*වින්ඩෝස් 7 වගේ 4 ගුණයක් වේගවත්.(මම නම් බූටබල් එකෙන් බූට් කරලා බැලුවා.අනිත් ලිනක්ස් වර්ශන් වලට වඩා වේගවත් බවක් දැනුනා.)
*"ලුක් චේන්ජර්" යුටිලිටිය මගින් ඕනම ඉන්ටර්ෆේස් එකකට මාරු වෙන්න පුලුවන්.
*වයිරස් සහ මැල්වෙයාර් අතින් ආරක්ෂිතයි.(නමුත් වයින් ති
යෙන නිසා මම හිතන විදිහට වයිරස් වලටනම් 100%ක් ආරක්ෂිතද දන්නේ නෑ.දන්න කෙනෙක් කමෙන්ටුවකින් නිවැරදි කරත්වා.)
*භාෂා 55 කින් යුක්තයි.(එහෙම 55 ම තියෙද බලන්න ගිහින් බාසාව කාගෙන හදාගන්න හැටි මගෙන්නම් අහන්න එපෝ.අහ් තව එකක් සිංහල යුනිකේත වලටත් සහාය දක්වනවා.හැබැයි සමහර වෙලාවට ඉස්පිලි,ඇලපිලි එහෙම අවුල් සැලකිය යුතු ප්‍රමානයක් තියෙනවා.)
*වින්ඩෝස් වගේ ඔපිස් ස්ථාපනය කරන්න ඕන නෑ.ඕපන් ඔපිස් ස්ථාපනය කරලමයි තියෙන්නේ.)
*පොටෝ හදන්න "ගිම්ප්" තියෙනවා.

මම පහතින් මේ ඕඑස් එකේ ස්ක්‍රීන් සොට් ටිකකතුත් දාන්නම්.ආස හිතුනොත් ඊටත් පහලින් තියෙන ලින්ක් එකෙන් බාගන්න.

1 ප්‍රතිචාර:

Rajitha Abeysinghe said...

ela machan.post eka niyamai

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න