web 2.0

Sunday, January 23, 2011

අක්කේ,,,,

10 වසරෙදි කරපු වැඩක් තමයි මේක.සිද්ධිය වෙන වෙලාවේ නම් මම පන්තියේ හිටියේ නෑ ඔන්න කලින්ම කිව්වා.
වැඩේ මෙහෙමයි.දන්නෝ දනිති අපේ ඉස්කෝලේ, තියෙන පාරෙන්ම තවත් බාලිකා පාසලකට යන පාර තියෙනවනේ.(එහෙම කිව්වට පාර අපේ ඉස්කෝලේ.)
ඉතින් 10 වසරෙදී අපට හම්බුනේ ඉස්කෝලේ උඩින්ම,පාර අයිනේ තියෙන පන්ති කලාස් එක.
නැවතත් දන්නෝ දනිති ඉස්කෝලේ පන්ති වල දෙපැත්තේම දැල් විතරයිනේ ගහලා තියෙන්නේ.අවට සිරි නරඹ නරඹ ඉගෙන ගන්න.ඉතින් 10 වසරේ ඉඳගෙන අපේ උන් උදේ ඉඳන්ම අවට සිරි නරඹනවා.අවට කිව්වට පාර පැත්තේ.
ඔය හැමෝම වගේ දන්නවනේ 10 වසර කියන්නේ ඉතින් මදි නොකියන්න විසේ සහ මනමාලකම තියෙන වසරක් කියලා.එහෙමම දන්නවනේ කැත කතා කියන්න නොදන්න ලමයි නෙවෙයි කියලත්.
ඉතින් දවසක් අක්කා කෙනෙක්(ලු.)අර පාරේ යනවලු.අපේ අයටත් නිකන් ඉන්න බෑ නේ...


"අක්කේ පැ........... කීයද?"


කියල අහල අපේ උනුත්.


අක්කගෙන් ලැබිච්ච ප්‍රතිචාරේ මෙහෙම දාන්න නම් බෑ.අම්මා සහ තාත්තා මතක් කරගන්න ගානට අපේ උන්ට අහගන්න වුනා කියලා තමයි කියන්ට වෙන්නේ.


නරකද අපේ උන්ගෙත් වැඩ!

2 ප්‍රතිචාර:

duliponline said...

මට වැටහෙන විදිහට . . . . නුගේගොඩ සෙන්ට් ජෝන්ස් එක වගේ . . .

Nadhini said...

හ හ හා,,,පව් කොල්ලො ටික

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න