web 2.0

Thursday, January 13, 2011

හුළඟත් එක්ක පින්නත් ගහනව නේ

අදත් ටිකක් හිනාවෙන්න කතවක් ලියන්න හිතුනා.ඊයේ එකට වඩා හොඳට හිනාවෙන්න පුලුවන්.මේකනම් අපේ අන්කල් කෙනෙක්ගේ අත්දැකීමක්.

මෙහෙමයි සිද්ධිය...


මේ අන්කල්ලා කට්ටියක් දවසක් සීගිරිය බලන්න ගිහිල්ලා තියෙනවා.(කොල්ලා කාලේ මං හිතන්නේ.)
ඉතින් කොහොම හරි ඒ දවස් වල හරියට හුළඟ ලු.මේ නිසා ගොඩාක් අය උඩට යන්නේ නැතුව මගදි නැවතිලා.
අංකල් එක්ක හිටපු තව හතර පස් දෙනෙක් නම් සීගිරිය උඩට නැගලා.
හුළඟ වැඩි නිසා දන ගාගෙන වගේ තමයි නැගලා තියෙන්නේ.
දැන් කට්ටියටම උඩට යනකොට පොඩි අවශ්‍යතාවක් හැදිලා.මොනව කරන්නද?සීගිරියේ වැසිකිලි නෑ නේ.ශේප් එකේ පැත්තකට වෙලා බරින් නිදහස් වෙලා.
ටිකක් වෙලා යනකොට අර නඩේ අයගේ කටහඬ ඇහෙනවලු උඩට 
"හුළඟත් එක්ක පින්නත් ගහනව නේ"
කියලා.
කොහොම හරි මේ සිද්ධිය අනිත් අයට කියලා නම් නෑ.
පින්නට අහු වෙච්ච අයත් ඉතින් මූණ පිහිදන් නිකන් ඉන්න ඇති මයෙ හිතේ...

0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න