web 2.0

Wednesday, September 2, 2009

බෞද්ධයිනි,ඔබ අප සැම ඇස් කන් ඇරිය යුතු කාලයක් නැවත පැමිණ ඇත.

ලොව අගනාම දර්ශනය වන බුදු දහමට වෙනත් ආගම් වලින් සිදු කරන්නාවූ අපහාස,නින්දා කිරීම් ගැන ඔබලා දනුවත් වී ඇතැයි සිතමි.නමුත් වර්තමානයේ සිදු කෙරෙන අපහාස වලට විරුද්ධව හඬක් නැගීමට මුහුණු පොතේ යමෙකු විසින් කටයුතු කොට ඇත.ඒ තුලින් බෞද්ධයන් වශයෙන් හඬක් නැගීමට කටයුතු කළ හැකි,කළ යුතු කාලයකි මේ. මුහුණු පොතේ Please Stop Insulting a Nation or a Religion යන නමින් ඡායා රූප සමග දක්වා ඇති පරිදි එම ඡායා රූපය පුද්ගලයන් 50,000 කගේ නෙතු වෙතට යොමු කළ යුතුය.



මේ පිළිබඳව ඉදිරිපත් කළ අදහස් කිහිපයක්ද පහත දැක්වේ.
1 දිනේශ් ළමාහේවා_මම මේ වැඩේට කැමති නෑ.මම අප්රසාදය දක්වනවා මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයන්ට.[ i dnt lke it, & i hate thz pple.cz my religion is buddhist.]
2.ධනුශ්ක ලක්මාල්_මම මේ පුද්ගලයන්ට වයිර කරනවා.මේ අවස්තාව ඉතා කණගාටුදායක අවස්තාවක්.[ i hate dis people..........dis is very sad moment.........]
3. අසේල් බණ්ඩාර_මෙම රූපයේ දැක්වෙන්නේ 21 වන සියවසේ දේවදත්තලායි.[ "Devadaththa" of 21 st century]
මෙසේ අදහස් ප්රකාශ කිරීම් වල තමන් මෙම පුද්ගලයන්ට දක්වන වයිරය පවා දැක්වේ.බෞද්ධයන් වශයෙන් අපට සියල්ලන්ටම මයිත්රී කිරීමට උගැන්වුවද මෙසේ වයිර සහගත සිතිවිලි අපගේ සිත් තුලට ඇතුළු වීම වලක්වන්නේ කෙසේද?
මන්ද යත් ඔවුන් විසින් අපිව එම තත්වයට ඇද දමා ඇති බැවිනි.එමනිසා මාගේ අදහස නම් ඔවුන්ගේ වයිරය සාධාරණ බවයි.
දියුණු යැයි සැලකෙන බටහිර යුරෝපා රටවල දියුණුව පවා මෙවැනි ක්රියාකාරකම් තුළින් මොනවට පැහැදිළි වන බවයි මගේ හැඟීම. ඉතින් මම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි පහත් ක්රියාවල යෙදෙන පුද්ගලයන්ට විරුද්ධවන ලෙස. තවද,මෙම ආගමික අපහාසයන් ගැන සියළු ආගමිකයන්ගේ අදහස් උදහස් දක්වන ලෙසත් ඉල්ලා සිටිනවා.
මෙම ලිපිය මගින් යම්කිසි පුද්ගලයෙකුට,ආගමකට අපහාසයක් සිදුවේනම් පිළිබඳව මාගේ කණගාටුව.

11 ප්‍රතිචාර:

ඉන්දික said...

ස්තූතියි දැනුවත් කළාට..!

Anonymous said...

මෙවගේ දෙවල් කොතේකුත් වෙනවා ඇත්තටම මෙවා කරපු අයට වෛර කරණ එක තව මෝඩ කමක් අර කතාවක් තියනවානේ බල්ලො හපා කැවට අපි බල්ලන්ව හපා කන්න ගියොත් අපිත් එ ගානට වැටෙනවා කියලා .

Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Xpress (SiS™ ) said...
This comment has been removed by the author.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Xpress (SiS™ ) said...
This comment has been removed by the author.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න