web 2.0

Wednesday, September 2, 2009

මෙන්න ඊට පස්සෙන්දා කතාව........

මම ඊයෙ කිව්වනේ අපි කොළඹ ගිහින් දාගත්ත බකට්.දැන් කියන්නේ ඊට පස්සෙන්දා කරපු වැඩ.[මොකද අපේ ඉස්කෝලෙයි Computer Lab එකෙයි වීඩියෝ කරගන්න එනව කිව්වනේ.]
ඒකනිසා තීරණය කරගත්තා හැමෝම 6 වෙනිදා උදේ ඇවිල්ලා ලැබ් එක ටිකක් අස් පස් කරමු කියල.මොකක් හරි වරදක් තිබුනොත් ඉතින් ඉස්කෝලෙට හොඳ නෑ නේ.කතා කරගත්ත වෙලාව උදේ 6.45 ට.[මමනම් කිව්ව මට එන්න වෙන්නේ ඊට පස්සේ කියල.මොකද මම තමයි දුර ඉඳන්ම යන්න ඕන.]කොහොමහරි මම යනකොට උදේ 7.05 - 7.10 වෙන්න ඇති.අම්මටම......
Lab එක තාම වහල.මොනව කරන්නද?ගියා අපේ Multimedia Unit එක පැත්තට පසිඳු අයියත් එක්ක.ඒ යනගමන් සර්ව හම්බුනා.
ඊට පස්සේ Lab එක ඇරලා ටිකක් සුද්ධ කරන්න ගත්ත.මමනම් Vaccum Cleaner එක අරගෙන මේස ටික එහෙම සුද්ද කළා.ඒකත් පණ යන වැඩේ.මොකද අපට Labs දෙකකුයි වෙනම Theory වලට පන්තියකුයි තියෙනව.අපිත් ඉතින් කොළඹ ගිහිපු වෙලේ කිව්ව ඔය කතාව.ඉතින් ආවහම පෙන්නන්න එපාය.
සුද්ධ කිරිල්ලේ අන්තිම හරිය කරද්දී ආව වීඩියෝ කරගන්න.අපිට තව වෙලා ඕන වෙලා තිබුන නිසා අපි කිව්වා ඉස්කෝලේ නාම පුවරුව එහෙම් අරගෙන එන්න කියල.[ඒකත් අරගෙන ඇවිල්ල තියෙන්නේ කොහොමහරි ඉතින් ශේප් කරගෙන සුද්ද කලා]යන්තම් ඇති ඒ වැඩෙත් හරි.
ඊළඟට කැන්ටිමේ බිල.[මම අර ඊයේ කිව්වේ පස්සෙන්දටත් බිල කැන්ටිමෙන් කියාලා]මොන???වෙලාව 11.00 ත් පහුයි.කැන්ටිමේ කෑම ඉවරයි.මොනව කරන්නද?[වෙනදා නම් මම කෑම ගෙනියනවා පන්ති නිසා.එදා ගෙනිච්චේ නෑ පන්ති නොයන නිසා.]මටනම් බඩගින්නක් නෑ.යන්තම් එදා ඒ වැඩ ටික කලා.
හාපෝයි......මෙන්න මට තව තොප්පියක්......
ඕක වුනේ 6 වෙනිදනේ.එදා වෙනකොට අපට ලැබෙන්න තියෙන ප්‍රශ්න පත්‍ර වලින් මට නොලැබී තිබුනේ ව්‍යාපාර හා ගිණුම්කරන ප්‍රශ්න පත්‍රය විතරයි.ඒක නම් ගන්න බැරි වුනා.කමක් නෑ.ඒකත් වාසනාව කියලා හිත හදාගත්ත.
ඊටත් පස්සෙන්දා[07 වෙනිදා]අපට ප්‍රගති වාර්තා හම්බුනා.ඒ වෙලාවේ තමයි ව්‍යාපාර හා ගිණුම්කරන ප්‍රශ්න පත්‍රයේ ලකුණු දැනගත්තේ.[යන්තම් ඇති.ගෙදර ගිහින් කියන්න පුළුවන් තත්වෙන් ලකුණු තිබුනා.]ඔන්න ඔහොමයි මට ඒ දවස් තුනේ තොප්පි වැටුනේ.

2 ප්‍රතිචාර:

shan said...

ane karunakara mata kiyanawada blog 1kata apuaya gana sadahan karana gajet eaka danne kohomada kiyala


oya th dalathiyenne

Isuru Wijesinghe said...

පට්ට ස්ටෝරිය මල්ලියෝ.

සහන් ඔයාගෙ බ්ලොග් එක ලියන ෆොන්ට් එක මොකක්ද ? අපිට එක පේන්නෙ නෑනෙ. ආපු අය ගනන් කරන ගැජට් එක ගන්න මේ දිලන්ක මල්ලි දාල තියෙන ගැජට් එක උඩ ක්ලික් කරල ඒ සයිට් එකට ගිහින් ඔයාට ඕන එකක් තෝරගන්න. ( මුලින්ම ඒ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න