web 2.0

Tuesday, September 1, 2009

කොළඹ රටේ ගිහින් දාගත්ත බකට්.......

ආයුබොවන්ඩ මේක නම් අපි කොළඹ රටේ යද්දියි එද්දියි දාගත්ත බකට් කතාවක්ම තමයි.මෙන්න විස්තරේ.

අපේ IT Society එකට කොළඹ එන්න කියලා මොකක්ද TV Programme එකකට.එන්න කියලා තිබුනේ ගිය මාසේ 5 වෙනිදා.[නොදෝකින් ඉඳලා ඉඳලා හම්බෙච්ච නිවාඩු දවසත් ඉවරයි.කමක් නෑ.ලංකාවටම මූණත්තහඩුව පෙන්නන්න බැරියැ.]ඉතින් මම 10 වසරේ නිසා IT Society එකේ නෑ.ඒකට ඉන්නේ 11,12,13 වසරවල අයියලා.කොහොම වුනත් මහින්දේ IT DAY එකට ගිය නිසා අයියලා ටික දන්නවා මට IT උණ තියෙනවා කියලා.ඒ නිසාම වෙන්න ඇති,කොහොමහරි ඉතින් 4 වෙනිදා ඉස්කෝලේ ඇරිලා පහලට එද්දී සංකල්ප අයියා ඇවිල්ලා කියපි "මල්ලි හෙට කොළඹ යන්න තියෙනවා.දිල්ශාන් අයියා තමයි යනව කිව්වේ.එයා නොයන කතාවක් කිව්ව නිසා අහල බලපන්.මිනිහ නොගියොත් මල්ලිට යන්න වෙනවා"මමත් ඉතින් උඩින්ම හා කියපි.කියලා ගියා බස් හෝල්ට් එකට.[හෝව් හෝව්.මල් කඩන්න නෙවෙයි බං.බස් එක අල්ල ගන්න.ගෙදර එන්නත් එපාය.]දිල්ශාන් අයියත් මමත් එක පැත්තේ උදවිය නිසා දිල්ශාන් අයියාව වස් හෝල්ට් එකේදි හම්බුනා.සංකල්ප අයියා වෙන පත්තක වුනත් එතනින් තමයි බස් එක අල්ල ගන්නේ.[අල්ල ගන්නවා කිව්වේ බස් එකට නගින්නේ එතනින් කියන එක.නැතුව වෙන එකක් නෙවෙයි.]
මාත් ඉතින් වැඳගෙන වගේ ගිහින් ඇහැව්වා දිල්ශාන් අයියාගෙන් "දිල්ශාන් අයියේ උඹ හෙට අර මොකක්ද එකට කොළඹ යනවද?" කියල.දිල්ශාන් අයියා කියපි "නෑ බං.මට පන්ති.උඹ පලයන්.මමත් ඉතින් තෑංක්ස් කියල [මම දිල්ශාන් අයියාට කිව්ව කොහොම හරි මාවත් IT Society එකට ගන්න කියලා.මොකද අපේ වයසේ ඉන්න උන්ට Panadol බීලද මන්දා IT උණ අඩුයි.] සංකල්ප අයියට කිව්ව.
හරි මල්ලෙ එහෙනම් හෙට උදේ 7.30 වෙනකොට ගාල්ලේ ස්ටේශන් එකට වරෙන්.අනිවාර්යයෙන් වරෙන්.පරක්කු වෙන්න එපා.මමත් ඉතින් කංකල්ප අයියාගේ Telephone නොම්බරෙත් ඉල්ලගෙන ඇහැව්ව කවුද යන සර් කියල."මල්ලි යන්නේ ධනුශ්ක සර්.[මටත් ෆුල් හැපි.සෙල්ලන්ද,සර් වුනත් කොල්ලෙක්නේ :).ආතල් එකේ යතහැකි.]
මම ඉතින් රෑ වෙලා සර්ට කෝල් එකක් දුන්න.සර් හෙට කොළඹ යනව නේද?දිල්ශාන් අයියා යන්නේ නෑ කිව්ව.ඒනිසා මට එන්න කිව්වා කියලා.සර් කිව්ව කමක් නෑ එන්න කියල.
උදේට ගාල්ලටනේ එන්න කිව්වේ කොහොමහරි සර්ව ශේප් කර ගත්ත ඉස්කෝලේ ගාවට[සර් නුවර එළියේ නිසා සර් ඉස්කෝලේ බෝඩිමේ ඉන්නේ] ඇවිල්ල සර් එක්ක ගාලු යන තැනට.සර් ඉස්කෝලෙන් 7 ටලු යන්නේ.මම කිව්වා හරි මම එන්නම් කියල.
කොහොමහරි එදා කරෙ ඔච්චරයි.වාර විභාගත් ඉවර නිසා අවුලකුත් නෑ.ලකුණුවලත් කවදාවත් නැතුව 80+% සාමාන්‍යයයක්.[ඔය මදෑ.]ඉතින් එදා කෝකටත් කියල Presentation එකකුත් හැදුව.හදලා ගියා නිදා ගන්න.[යකඩෝ නින්ද යන්නේ නෑ.හෙට යන ගමන ගැනමයි හිත.වෙලාවට සංකල්ප අයියා කලින් නොකිව්වේ.නැත්නම් නිදාගන්නත් නෑ. :P ]
5 වෙනිදා නිවාඩු දවසක් වුණාට කළින් [කළින් කිව්වේ ඉස්කෝලේ යන්න නැගිටින වෙලාවට.ඒ කියන්නේ 5 ට] නැගිට්ටා.[වෙනදා නම් නිවාඩු දවසට නැගිටිනකොට 6 - 6.30 විතර වෙනවා.නිවාඩු කාලෙනම් ඒක 8 - 8.30 වෙනකම් කෙටි වෙනවා. ;)]
නැගිටලා ලෑස්ති වෙලා තාත්තට කියලා ඉස්කෝලේ ගාවට දම්මව ගත්තා.[බස් එකේ යන්ට බෑනේ.නිවාඩු දවසට SCHOOL BUS එක යන්නේ නෑනේ]මම ඉස්කෝලේ ගාවට යනකොට උදේ 6.45 යි.එතනට ගිහින් සර්ට කෝල් එකක් දුන්න.සර් 7.00 එන නිසා ඉස්කෝලේ ගේට්ටුව ගාවට වෙලා හිටියා.
ඔන්න දැන් සර් එනව.බෝට්ටු දෙකකුත් දාල.අත් දෙකත් වන වන.නෑ නෑ.අතේ අර එන්න කියල එවාපු ලියුමත් අරගෙන.එහෙම ඇවිල්ලා Security Room එකේ අංකල්ලත් එක්ක කතාව.මමත් හිටියා එනකම්.[පට්ට බයේ හිටියේ. මොකද සර් මගේ කාඩ් එක දන්නව.ඕක ගෙදරට කිව්වොත් බඩු බනිස්.බත් කාඩ් එකත් ඉවරායි.]ඔන්න සර් ඉතින් අපේ තාත්තත් එක්ක කතා කරලා තාත්තව එව්වා.එන ගමන් මට කියපි "ළමයා ගෙදර කට්ටිය ඉන්න තැන උපාසක බලල වගේ" කියල.මොනව කරන්නද අහගෙන හිටියා.දැන් අපි බස් එකක් එනකම් ජුල්ගහ බස් නැවතුමේ.එක පාරටම ආවා ඇල්ටෝ එකක්.ඇවිල්ලා නැවැත්තුවා.බැලින්නම් අපිත් එක්ක යන තව අ‍යියා කෙනක්[පසිඳු අයියා].අනේ වෙලාවට පිංසිද්ද වෙන්න කාර් එකේ දාගෙන ගියා.[උදේ පාන්දර මටනම් හොඳයි.සෙල්ලන්ද රුපියල් 7.00ක්ම ඉතුරුයි. ;)]
දැන් කාර් එකේ ගිහින් ගාල්ලේ ස්ටේසමට ගියා යනකොට සංකල්ප අයියා ඇවිල්ලා.ටික ටික කස්ටිය ආවා.කොහොම හරි යන කට්ටියගෙන් දෙන්නෙක් ඇර අනිත් උන් ටික හරි.එකෙකුට දුන්නා කෝල් එකක්.මිනිහා ඇවිල්ලා ඉඳලා තියෙන්නේ කොළඹ බස් නවත්තන තැන.එපාර එතෙන්ට ගියා කට්ටියම.එතකොට කෝ අනිත් එකා??????
දුන්න මිනිහට කෝල් එකක්. ටික වෙලාවකින් මිනිහත් හරි.අපරාදේ කියන්න බෑ දැන් 8.00ත් පහුයි.එහෙමම කතා කරගෙන නැග්ගා කොළඹ AC බස් එකක.
බස් එක වෙලාවට හිස්.ගිහින් වාඩි වුණා පිටිපස්සෙම 4 දෙනෙක්.[මමයි,සංකල්ප අයියයි,ප්‍රසිත් අයියයි,යසිත් අයියයි]ඉතුරු 3 දෙනා ඊට එස්සරහ සීට් එකේ [සර්,පසිදු අයියා,ජනිත අයියා]
වාඩි වුනාට පස්සෙ අපටත් නිකං ඉන්න බැහැනේ.අර AC එක ඇජස් කරන්න තියෙන බෝලේ කරකවනව එක එකාගේ අතට.අපටත් මොකෝ.අපේය බස් එක.අපරාදේ කියන්න බෑ.මට හම්බෙච්ච එක වහන්න බෑ.මොනව කරන්නද අනිත් පැත්තම ගහලා වහලා දැම්ම.ඕක දැක්ක යසිත් අයියත් වැහැව්වා.දැන් කට්ටියම යනවා.
ටිකක් වෙලා යනකොට යසිත් අයියාගේ ඔලුවට වතුර බේරෙනවා.හපොයි.මේ යකා AC එන බෝලේ ෆුල් වහලා.AC වැඩි කමට වතුර බේරෙනව.ටග්ගාලා AC ටිකක් ඇරියා දැන් හරි.
ඉතුරු විස්තරේ කියන්න රූපයක් දැම්මනම් හරි.ඉන්නකො බලන්න පොටෝ තියෙනවද කියල.


ඔන්න ඔහොමයි කට්ටිය වාඩි වෙලා හිටියේ.[ඔය රතු පාට තැන්ටිකේ හිටපු අයට පිං සිද්ද වෙන්න අපි ටික හිනාවෙවී ගියා.]මුලින් දාන්නම් ?? දෙකේ කතාව.ඔය සීට් දෙකේ වාඩි වෙලා හිටියේ අයියා කෙනෙකුයි අක්ක කෙනෙකුයි.කොහොම හරි අපේ වැඩ වලින් මේ දෙන්නට කතා කරන්නවත් නෑ.අපේ මොකෙක් හරි ඒ දිහා බලාගෙන.[අපටත් ඕව මැජික්නේ ඉතින් ;)]
හොඳම හරිය දැන් අපි බස් එකේ තව යනව.යනකොට එක හෝල්ට් එකකදී නැග්ගා අක්කා කෙනෙක්.[අපේ සර් ගේ නරක වෙලාවට.ඇවිල්ලා වාඩි වුනේ මම ඔය රතු පාටින් රවුම් කරලා තියෙන ජම්පිං ෂීට් එකේ.අපටත් දැන් ඩබල් ට්‍රිබල් වෙලා ෆන්.]මමත් ඉතින් ඇදලා ගත්තා මගේ S/E W200i එක දැන් වීඩියෝ කරනව මේ වැඩේ.සර්ට වැඩේ තේරුනා.සර් බලාගත්ත මුහුද පැත්ත.අපටත් හිනා දැන් වඩේට.ඒ මදිවට අර අක්ක දිග ඇරගත්ත Poems වගයක්.ඔක්කොම Love Poems.සර් තාමත් මුහුද පැත්ත බලාගෙන.හරි යන්නෙ නෑ.සර්ගේ මූනත් කොහොම හරි වීඩියෝ කරගන්න ඕන.පොඩි වැඩක් කළා ඒකටත්.මම සර්ගෙන් ඇහුවා "සර් තව දුරද?" කියල.මොනව කරන්නද සර්ගේ මූණත් ලස්සනට වීඩියෝ කරගත්ත.
දැන් ඒ වැඩෙත් හරි ඊළඟට අනිත් ආතල් එක.මම හිටපු ෂීට් එකට ඉස්සරහ ෂීට් එකේ හිටපු පසිඳු අයියටයි ජනිත අයියටයි වමනේ යන්න වගේලු.වැඩේ කියන්නේ මුං දෙන්නත් එක්ක බදාගෙන නිදි.
නෑ නෑ.ඒ විතරක් නෙවෙයි.සර්ත් නිදි.බොරුනම් බලන්නකො.[අපි පස්සෙ ඔය වීඩියෝ එක සර්ට පෙන්නුව.අපෙන් අහපි "මෙච්චර සැරට නින්ද ගියාද?" කියල. :P]


කොහොම හරි ඒ බස් එකේ ගිහින් කොහෙන්දෝ මන්ද බැස්ස.බැගැල නැග්ග තව බස් එකක.අපරාදේ කියන්න බෑ මෙහේ බස් වලටත් වඩා හෙමින් ඒ බස් වල කොටන්න පුලුවන්.කිලෝමීටර් 5ක් විතර යන්න විනාඩි 15 කට විතර තට්ටු.ඒ මදිවට බස් එකේ ලස්සන අක්කල වගයක්.බස් එකේ විතරක් නෙවේ.පාරෙත්,හිටිගමන් වාහන ඇතුලෙත්.[බස් එකේ මං ගාව හිටියේ සංකල්ප අයියා.ඒ හිටියෙත් පාර පැත්තේ අයිනේ.මිනිහ තමයි මටත් පෙන්නුවේ.]චීකේ වැඩක්ම නෑ.ලස්සන කෙල්ලෙක් දිහා බලද්දිම සර් "මාධව....."[සර් මට කතා කරන්නේ මාධව කියල.අනිත් හැමෝම දිලංක කියනව.සර් මාධව කියනව.]ගානව.[සර් මගේ කාඩ් එක දන්නව කිව්වේ ඒකනේ :P]
ටිකක් වෙලා යනකොට නැග්ගේ නැද්ද අක්ක කෙනෙක්[පොඩි එකෙකුත් එක්ක].මම හිතුව මගේ කාඩ් එකටත් බඩු තමයි කියල.මොකද මගේ ලඟ වාඩි වුනොත්[අර ඉන්ටසිටි බස් වගේ ඒ බස් එකේ තිබුනේ සීට් තුනේ පේළි.].සුනේ සුං.[තනියමනම් කමක් නෑ.පොඩි එකා එක්ක ලඟින් වාඩි වුනානම් ????හිතෙනකොටත් බයයි. ;) අපේ හිටියෙත් හිඳම අයනේ.සෙල්ලංද කාඩ් එක හදා ගත්තොත්? කී දෙනෙක් නලවන්න වෙනවද ??? ;) ]
යන්තම් ඇති ඒ කාඩ් එක හදා නොගෙන බේරුනා.ඊට පස්සේ ඒ බස් එකෙන් බැහැලා තව එකක.ඒක හද්ද කබල් බස් එකක්.සීට් වල කුශන් වැඩිකමට වාඩි වෙලා ඉඳලා පස්ස රිදෙනවා.[සෙල්ලන්ද?යකඩකක් උඩනේ ඉන්නේ :O ]යන්තම ඒ බස් එකෙත් විනාඩි 40 ක් විතර ගිහින් යන්තම් ඕන තැනින් බැහැ ගත්ත.
හපොයි! තව තොප්පියක්???????බස් එකේ හොඳ කමට අපේ එකෙක් මජං වගයක් ගාගෙන.ඒකත් කලිසමේ සිප් එක ගාව.මිනිහ මෝලා වගේ වතුර එකකින් ලේන්සුව තෙත්කරල අතුල්ලනව.[මටනම් ඇති.මොකෝ මිනිහ මේ වැඩේ කළේ පැලවත්තේ ටවුන් එකේ මැද ඉඳන්. :O ]
ඊට පස්සෙ පයින් ගමන්.පොඩ්ඩ දුරයි යන්තම් ප්ලේස් එකට ආව.ගිහින් එතන Security එකෙන් ඇහැව්ව කොහෙද කියල.උඩට යන්න කිව්ව.ගිහාම යන්තම එතන ඉන්න ඩයල් එකක් හම්බුනා.මිනිහ කිව්ව Make Up කරගන්න යන්න කියල.තව ඩයල් එකකුත් එක්ක අපි දැන් යනව.යනගමන් හෙමීට මිනිහගෙන් අහගත්ත Toilets කොහෙද කියල.ඒක දැක්ක විතරයි.මෙලෝ මහන්සියක් නෑ.[ :) ]Make Up කාරය Make Up කරන්න කතා කරනව.අපි Toilet එකට දුවනව.යන්තම් වැඩේ හරි.මීළඟට ගියා Make Up රූම් එකට.යනකොට අපට කළින් වෙන ඉස්කෝලෙකින් ඇවිල්ල.සෙල්ලංද මුං ටයි දාගෙන කයිය ගහනව.ඒ මදිවට Blazer ගෙනල්ල.අපේ ඒවත් නෑ.ඒකත් කමක් නෑ කියමු.යකෝ මුංගේ Tye එකයි අපේ Tye එකයි එකම පාටවල්.ඒ විතරක්ද?100% සමානයි.කමක් නෑ කියල Silence හිටියා අපි.ඊළඟට අහගත්ත මොනවද කරන්න තියෙන්නේ කියල.කරන්න තියෙන්නේ අපේ IT Society එක ගැන විස්තර කියන්නලු.දැන් අපි කට්ටිය දාගෙන ප්‍රැක්ටිස් කරනව.එළියෙයි,ඇතුලෙයි.කාමර වලයි,හැමතැනම.[හැබැයි එකෙක්වත් හරියට කරන්නේ නෑ.එකෙක් මොකක් හරි බාල්දියක් පෙරලනව මදි නොකියන්න. :D ]
පස්සේ කිව්ව.ඔයාලට රියර්සල් එකක් දෙනවා කියල.කමක් නෑ කෝකටත් කියල අපි Practice කළා.දැන් අපට ඉස්සෙල්ලා ආපු කට්ටිය ගිහිල්ලා රියර්සල් එකට.අපි දැන් ෆුල් රෙඩී වෙනව.තව ඉස්කෝලයක් ආව ඒ අතරේ රූම් එකට.[ඒ වෙලාවෙත් අපි Practice කර කර හිටියේ]දැන් අපේ ඒව මුන්ට ඇහෙනවනේ.ඒකටත් කළා වැඩක්.[Programme එක කරන්න තියෙන්නේ සිංහලෙන්.]මුන් ටික ආව විතරයි අපේ උන් ටික දෙසාබාන්න ගත්ත ඉංග්‍රිසියෙන්.සෙල්ලංද.සිංහලට වඩා හොඳට ඉංග්‍රිසියෙන් කරනව.විනාඩි 10 ක් විතර ඒ මදිවට.පස්සෙ කතා කලා අපට රියර්සල් වලට.කස්ටිය ගියා.දැන් අර අපේ Tye තිබුන අයගේ Programme එක Record කරනවා.එයාලත් එක්ක අපටත් කරන්න කිව්ව.දැන් දෙගොල්ලොම එකට රියර්සල් කරනව.[අපට කියලා තිබුනේ පටන් ගන්න කෙනා ඉස්කෝලේ ගැන කියල පටන් ගන්න කියල.]අපේ පටන් ගත්තේ සංකල්ප අයියා.මිනිහා පටන්ගත්තේම නිදහස් අධ්‍යාපනයේ පියාවන සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහත්තයාගෙන්. ඊළඟට අතිගරු ජනාධිපති තුමන් ගැන කිව්වා.මොකද ඒ දෙන්නම අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍යයොනේ.
ඕක අහපු අරුන්ට කට උත්තර නෑ.මොකද අපේ තරම් උන්ගේ එක කොළිටි නෑ.පස්සේ අපිව කන්න එව්වා.කාල එනෙකොට අරුන්ටික පේන්නවත් නෑ.දැන් අපේ එක Record කරන්න යන්නේ.පිටිපස්සේ White board එකේ Lesson එකක් දාන්න පුලුවන්.අපට කලින් අය දාල තිබුනේ Bus Topoligy එක ගැන.අපි ඉතින් ආතල්නේ ගන්නේ.අපි දැම්ම JAVA Script එකක්.කට්ටියට මෝල් වෙන්නත් එක්ක. ;D
Programme එක ඉවර වුනාට පස්සේ දැන් එන්නයි ලෑස්තිය.මොන??? ලස්සන කෙල්ලෙක් දැකල එපාර ෆොටෝ ගන්නව.යංතම් ඇදගෙන ආව.එහෙන් එනකොට කොහොම හරි හවස 3.30 පහුයි.
එපාර වමනේ යන එවුන් කෑ ගහනව කෝච්චියේ යමු කියල.[අපට ඕන තැනට කෝච්චි එන්නේ නෑ නේ.]දෙහිවල ස්ටේසමට යන්න බස් එකකට නැග්ගා.දෙන්න යන සීට් 4 ක තමයි ගියේ.සර් තනියම.සර්ගේ වෙලාව ආයෙත් හොඳ නෑ.සර් ගාවින් වාඩි වුනේ අංකල් කෙනෙක්.ටික වෙලාවක් යද්දි අංකල් සර්ගේ ඇඟට හේත්තු වෙලා නිදි.සර්ට කරකියා ගන්න දෙයක් නෑ.මොකෝ නැගිට්ටවන්නද?ඒකෙත් ගත්ත ෆොටෝ.


ඒ අතරේ කෝල් එකක් දුන්නා 1919 ට කෝච්චියේ වෙලාව අහගන්න.කිව්ව වෙලාව 17:27 ද කොහෙද.එතෙන්ට ගිහින් ඇහුවහම 18:17 [ඒකත් ස්ලෝ එකක්.වෙලාවට ගාල්ලටම යනව] මොනව කරන්නද ටිකට් ගත්ත.අරගෙන අපට ගමන ගියාට හම්බුන රු.2500කම කන්න තීරණය කලා.කඩේකට ගිහිල්ලා කෑමයි,මයිලෝ පැකටුයි ගත්ත.දැන් වේලාවත් හරි කෝච්චියට.බීම බෝත ගේන්න ගිහිපු 3 දෙනෙක් නෑ.යන්තම් කෝල් දීලා දීලා ගෙන්න ගත්ත.ස්ටේසමට ගියා විතරයි.කෝච්චිය ආව.ටිකට් අරගෙන තිබුන නිසා හොඳයි.ටග්ගාල නැගගත්ත.
චීකේ.සීට් නෑ.මොනව කරන්නද?එක සෙට් එකක් හම්බුනා.ඒකේ සර්ව වාඩි කළා.[අපරාදේ කියන්න බෑ ඒ සීට් එකත් ගැබිනි මවුවරුන්ට.පස්සේ දැක්කේ.ෆොටෝ ගන්න වුනේ නෑ. :( ]
ටික ටික සීට් හිස් වුනා.කළුතර පහු වෙනකොට අපි විතරයි.ඔන්න කන්න ගත්ත.කාල මයිලෝ බිව්ව.හිස් පැකට් ටික එකතු කරලා පාරට දැම්ම.[ :D ]පස්සේ කට්ටිය ෆුල් ෆෝම් වෙලා.නටනවා,සින්දු කියනව.වෙලාවකට එක විකාරයක්.[අර රු.2500යේ ඉතුරු සල්ලි වලින් ඊට පස්සෙන්දට කැන්ටිමට බිල දාන්නත් තීරණය කරගත්ත.]කොහොම හරි ඇවිල්ල ඇවිල්ල.රිච්මන්ඩ් කන්ද ස්ටේසමේදි කෙල්ලෙක් බැස්ස.මෙන්න අපේ එකෙක් කෑ ගහපි "අයි ලව් යූ"කියල.දැන් මොනව කරන්නද?වෙලාවට කෝච්චිය අද්දනවා.යන්තම් මූණ බේරගත්ත.[ :O ]
කෝච්චිය ගාල්ලටම ආව.එනකොට රෑ 10.15 විතර වෙලා.පස්සේ ඉතින් කට්ටිය ගෙවල් වල ගියා.

ඊට පස්සෙන්දා (06) වෙනිදා ඉස්කෝලෙ Video කරගන්න එනව කියපු නිසා කරපු දේවල් හෙට කියන්නම්.අදහසක් උදහසක් දාල යන්න අමතක කරන්න එපා!!!!

4 ප්‍රතිචාර:

shiran said...

Thanks bro.... This post remind me our sweet school times tooo.

keep it up...

budhajeewa said...

උඹල මොකට කොහේ ගියාද කියල ලියල නැහැ නොවැ ?:O

Xpress (SiS™ ) said...

@ Shiran _ Welcome Bro.
@ බුධාජීව _ කියන්නම් කියන්නම්.ඉවසන්නකො.

මගේ බ්ලොග් එකට ආවට දෙන්නටම තුති.

Anonymous said...

:)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න