web 2.0

Friday, September 25, 2009

තුරුණු විය නම් (සොඳුරු ???) සමයෙහි


රාමා සීතා, රෝමියෝ ජුලියට්
තැබූ පියවර අනුව යමු යැයි
දහස් ගනනක් පැතුම් බොදි බැඳ
තනිව අද පිය නගමි මම

දෙදෙනා එකතුව තැබූ පියවර
රකුසු වෙස් ගත් සුළං රොදකට
මැකී සුණු විසුණු වී ගොස්
ලබන්නමි දුක් තැවුල්
තුරුණු විය නම් සොඳුරු සමයෙහි

එදා ඔබ නැඟූ සුසුම්වල
සුවඳ තවමත් මසිත
සිප ගනී උණුහුමට
ලබමි ආදරයෙහි රුදුරු ප්‍රතිඵල

තවමත් පෙරමග
දෙනෙත් හැරගෙන
බලා සිටින්නේ ඔබ දකින තුරු
ඔබේ සුලලිත රුව
ලිව්වේ_සංදීප ඩයස්

1 ප්‍රතිචාර:

Travel Ceylon said...

අපි සේරම එකම බෝට්ටුවෙ. ගනන් ගන්න එපා ඕක තමයි ජීවිතේ.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න