web 2.0

Sunday, September 13, 2009

මගේ ඇසින්....

සිරිලක නමින් නම්ලත් අපෙ ජන්ම බිම
මේ රට අපේ අප රැකගත යුතුයි එය
යාල කුමන සිංහරාජ සපිරි ලක
ලොව අගනාම මුතු කැටයයි සෑම දින


කොරල් පර වලින් පොහොසත් හික්කඩුව
සීතල දේශ ගුණයෙන් පිරි නුවරලිය
බෝපත් ඇල්ල දුන්හිඳ සහ හඳපාන
දිය ඇලි වැඩිකරයි අප රට රූ සිරිය


සිලෝන් ටී නමින් පිටරට වල පතල
හොඳ ඉල්ලුමක් පවතී ලක් තේ වලට
මෙවන් අසිරි සිරි පිරි අප සිහල බිම
සිහල දෙමල මුස්ලිම් රැකි යුතුයි එය


බුදුරදුන්ගෙ දන්ත ධාතු නුවර මාළිගාවෙ වෙසෙති
සිරීපාද කන්ද මුදුනෙ සිරි පතුලෙහි රැස් විහිදෙති
අනුරාපුර පොළොන්නරුවෙ අහස උසට වෙහෙර විහාරත් බැබලෙති
ලෝක උරුමයක් වූ රට සියල්ලන්ම රැක යුතුවෙති

1 ප්‍රතිචාර:

මනුශාන් said...

එළ එළ

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න