web 2.0

Saturday, September 12, 2009

Blog Post එක කෙළින්ම

ආයුබොවන්ඩ!ඔන්න අදත් මගේ Blog එකට මොකක් හරි විකාරයක් දාල යන්න කියලයි හදන්නේ.අද මම Blogging කරද්දි දැක්ක පොඩි පොඩි Case වගයක් ගැන දාන්නම්.(මම ඊයේ කිව්ව විදිහට පන්ති වල නටන පිස්සු ගැන පස්සේ දාන්නම්(මම ඡන්දෙට ඉල්ලනවා කියල හිතන්න එපා :) )
_
මේ මුල්ම අත්දැකීම
_
සාමාන්යමයෙන් අපේ කට්ටිය කරන්නේ Blog Post එක කෙළින්ම Posting වල Type කරන එකනේ.අවුලක් නෑ ඉතින් Auto Save වෙනවනේ.හැබැයි පුතේ...???පොඩි Case එකක් තියෙනවා.අපි හිතමු Blog Post එක පැය 2ක් මහන්සි වෙලා දානවා කියල.හැබැයි ඒ Post එක පළ වෙද්දී ඒක Publish කරපු වෙලාව වෙන්නේ අපි මුළින්ම Post එක Type කරද්දී Auto Save වෙන වෙලාව. ඒ නිසා අපේ සින්ඩියේ පහළින් වැටෙන්න පුළුවන්.පහත උදාහරණේ බලන්නකෝ.එතකොට ඔය මම කියපු කතාව හොඳට තේරෙයි.
අපි Blog Post එක Posting වල Type කරන්න ගන්නේ උදේ 8.00 ට.කරලා ඉවර වෙන්නේ උදේ 10.00 ට.ඊට පස්සේ අපි Post එක Publish කරනවනේ.හැබැයි Blogger එකෙන් පෙන්නන්නේ Article එක මුළින්ම Auto Save වෙච්ච වෙලාව. (අපි උදේ 8.10 කියලා කියමු.)ඊට පස්සේ (උදේ 9.00 ට කියලා කියමු.)Post එකක් Publish කලොත් ඔයාගේ Article එක සින්ඩියේ වැටෙන්නේ අර 9.00 ට කරපු එකට යටින්....(මම කියනවට පොඩ්ඩක් බලන්නකෝ.මට මේ එක වෙලා ටිකක් කල්.දැන් දැන් වෙනකොට මේ ප්ර්ශ්නේ හදලද දන්නේ නෑ.)
_
මේ දෙවෙනි අත්දැකීම
_
Blog කවුරුත් ආසයිනේ තමන්ගේ Blog එක ලස්සන කරගන්න.ඉතින් කට්ටිය ඉවක් බවක් නොබලා Gadget දානවනේ???හැබැයි කොට්ටෝරුව(ඔයා)මාට්ටු ඔයාගේ Blog එකට කෙලවගන්නේ widjeo එකෙන් Gadget දාපු දවසට තමයි.මොකද Blog Page එක Load වෙද්දී widjeo එකෙන් Pop-Up වගයක් එනවා.ඒ නිසා පරිස්සමින්.
මම කියනවට අහන්නත් එපා.පොඩ්ඩක් සෝදිසියෙන් බලන්නකෝ.( Opera 10.0 එකෙන් නම් ලස්සනට ඒ හොරේ අල්ල ගන්න පුලුවන්.)
හරි.අදට ඇති.ආයෙත් (බොහෝවිට සිකුරාදා) තමයි Post එකක් දාන්න වෙන්නේ.(ඔයාලටත් නිදහසෙ ඉන්න පුළුවන්.)එහෙනම් ලබන සතියේ Set වෙමු.Comments දාලා යන්න අමතක කරන්න එපා. :)

7 ප්‍රතිචාර:

RITS said...

ela ela kolla

Siribiris said...

ඔයා පාවිච්චි කරන්නෙ Blogger නම්, post කරන page එකේ options ඔබන්න, ඒකෙන් ඔය කියන පලවෙන වේලාව වෙනස් කරන්න පුලුවන්. ඕනෙ නම් අනාගතයට උනත් පලවෙන වේලාව හදාගන්න පුලුවන්.

Thilina said...

මටත් ඕක කලින් සිද්ධ වුනා. පෝස්ට් එකේ බාගයක් කලින් දවසේ ටයිප් කරලා ඉතුරුටික ඊලග ‍දවසේ ටයිප් කරලා පබ්ලිෂ් කළා. සින්ඩියේ දෙවෙනි පිටුවෙන් තමයි පෝස්ට් එක මතුවුනේ. ඒ නිසා දැන්නං මම නෝට් පෑඩ් එකේ ටයිප් කරලා බ්ලොගර් එකට කොපි පේස්ට් කරනවා. හරිම සිම්පල් :D

NUWAN said...

කතාව ඈත්ත මුලින්ම වෙලාව තමයි වෑටෙන්නෙ.

Indranama said...

මම කියනවට පොඩ්ඩක් බලන්නකෝ.මට මේ එක වෙලා ටිකක් කල්.දැන් දැන් වෙනකොට මේ ප්ර්ශ්නේ හදලද දන්නේ නෑ.


ඒක සින්ඩියට හදන්න විදියක් නෑ නෙ මල්ලී. ඔයාගේ පෝස්ට් එකේ Published Time තමයි feed එකට වැටෙන්නේ. ඉතින් feed එකේ තියෙන ටයිම් එක කියවන්න විතරයි සින්ඩියට පුලුවන්. ඒ නැතුව ඒක ලියන්න පටන් ගත්ත වෙලාවද, නැත්තම් පබ්ලිෂ් කරපු වෙලාවද කියලා සින්ඩිය දන්නෙ නෑ.

කරන්න තියෙන එකම දේ තමයි පැය ගාණක් තිස්සේ ලියපු පෝස්ට් එකක් නම් පබ්ලිෂ් කරන වෙලාවෙදි ඒ වෙලාව Time එක විදියට දීලා පබ්ලිෂ් කරන එක. වෙනත් විසඳුමක් නෑ.

ශාකුන්තල | Shaakunthala said...

Blogger Settings වලට ගිහින් අළුත් editor එක enable කරගන්න. එතකොට ඔය පළවෙනි කාරණාව කරදරයක් වෙන්නෙ නෑ.

ඉන්දික said...

වෙලාවට මම නං ඕකෙන් දාල තිබ්බෙ නෑ. ඔයාගෙ උපදෙසට ගොඩක් ස්තුතියි මල්ලී..!

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න