web 2.0

Friday, September 4, 2009

අපේ ගෙදර පදිංචියට හුරතල් යාලුවො



ඊයා.....යා........යෑ......දඩිං........බිඩිං............පටෝං.......... කස්ටිය බලනව ඇති මේ මොකද කියල.මේකයි.වැඩි කලබලයක් නෑ.පොඩි වලියක්. අපේ ගෙදර පදිංචියට හුරතල් යාලුවො සෙට් එකක් ඇවිල්ලා.දැන් අපිත් එක්ක දිගට හරහට වලි. ආපු අමුත්තො කවුරුවත් නෙවෙයි.මීයො සෙට් එකක්.මුලින්ම එකෙක් මාට්ටු වුනා එකෙක් කබඩ් එකක හිර කරගත්තා.දැන් දවස් 3 ක් තිස්සෙ ඒක ඇතුලේ.
තව එකෙක් ඊයේ මට මාට්ටු.බාත් රූම් එකට යනකොට පොඩි මී පැටියෙක් නානව.සෙල්ලන්ද මම තාත්තට කියල ඌටත් වැඩේ සෙට් කළා. ඊට පස්සේ තමයි මීයොංගෙන් මට කරදර දෙන්න ගත්තේ.
ඊයේ රෑ නිදාගෙන ඉන්නකොට මගේ ඇඟේ මොකක් හරි වදිනව.මෙලෝ රහක් නෑ.මට නිදිමරගාතේ නැගිටින්නත් කම්මැලියි.ඇදේ ඉඳන්ම තාත්තට කතා කලා.නැගිට්ටේ අම්මා.ඒත් එක්කම මෙච්චර වෙලා මාත් එක්ක සෙල්ලන් දාපු මීයා නෙට් එකෙන් එළියට පැනලා.මම ආයෙත් නිදි.කොහොම හරි මම නැගිට්ටේ නම් නෑ.[මීයා වගේද නින්ද?]මතක විදිහට මීයත් නිවන්පුරේ!
නැගිට්ටේ නැතුවට මට ඉතින් සීන් එක මතකයිනේ.අම්ම ඇවිල්ල අහනව මීයෙක් ඇඳේ ඉන්න බව දැනගෙනත් නිදාගත්තේ කොහොමද කියල. J කොහොමහරි උදේ නැගිට්ටට පස්සේ උනත් මතකයිනේ ඊයේ රෑ ඇඳ Share කරගෙන මීයෙක් එක්ක නිදා ගත්තා කියලා.මොනව කරන්නද? L නැගිට්ටේ 9.00 9.30වෙන කොට කොල්ලා Dish Wash Bar ගාල නාලත් ඉවරයි.හපෝයි වැරදුනා.මචන්,ගෑවේ ඇඟේ ගාන ඒව.මොකද මචන් මම තාච්චියක් නෙවෙයිනේ. ;-) ඔන්න ඔහොමයි අද උදේම වලියට ඇද ගත්තේ.දැන්නම් නාපු එකේ සැප දැනෙනවා.බටර්...... බටර්......[ටවුන් එක පැත්තේ රවුමක් දාල විකුණලා දාන්න ඕන.ඔයාලටත් ඕනනම් Comment එකක් හරහා ඉල්ලීමක් දාන්න.]

4 ප්‍රතිචාර:

උෂාන් කෝදාගොඩ විතාරණ said...

බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැගිටින්නෙ...... මීයොත් එක්ක නිදාගත්තම? ඔයාම කියන්න.

Indranama said...

මී කුණක් විකුණලා කොටිපතියෙක් වෙච්ච බුවෙක් ගැනත් අර බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නෙ..
ඒ නිසා ට්‍රයි කලොත් උඹටත් බැරිවෙන එකක් නෑ :P

ශාකුන්තල | Shaakunthala said...

පට්ට ආතල් සීන් එකක් නොවැ වෙලා තියෙන්නේ? සුවර්ද මීයෙක් කියලා? :P

Xpress (SiS™ ) said...

@ Ushan_මීයොත් එක්ක නිදා ගත්තහම නැගිටින්න වෙන්නේ දවල් වෙලා
:P
@ අන්දරේ අයියා_කලින් කියන්න එපාය.ඒ මීයව පණ පිටින් විකුනනවා කලින් කිව්වනම්.අපරාදේ.එකෙනම් කෝටි නෙවෙයි.ලක්ෂපතියෙක් වෙන්න තිබුනා.
:P
@ ශාකුන්තල_සුවර් නෑ අයියේ.කියන්න බෑ සමහරවිට කූඹියෙක් වෙන්නත් පුළුවන්.නැතිනම් පැනලා යන අලියෙක් වෙන්නත් පුළුවන්.
;)
නැත්නම් මට ලව් කරපු කෙල්ලෙක් වෙන්නත් පුළුවන්නේ. <3

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න