web 2.0

Monday, January 31, 2011

මතක හිටින කෑම්...

ඕන් ඉතින් හැමෝම ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩ වෙලා ඇතිනේ.ඉතින් මම ඉස්කෝලේ ගිහිල්ලා මතක හිටින්න ගුටි කාපු හැටි තමයි ඉතින් ලියන්න යන්නේ.මතක හිටින්න ගුටි කෑවේනම් දෙපාරයි.(ඕං ඉතින් කියන්න එපා මෙන්න මේක මෙච්චර ඉස්කෝලේ ගිහින් ගුටි කනව.මතක හිටල තියෙන්නේ දෙපාරයි කියල.මම වැඩිය කන්නේ නෑ ඕන්.මම හරී හොඳ එකා.)
මුලින්ම මතක හිටින්න කෑවේ සෙනෙවිරත්න සර්ගෙන්.ඒ 6 වසරෙදී.6 ජී පන්තියෙදි.අලුත් ඉස්කෝලෙට ගිහිල්ලා දවස් 5යි.අනිත් හේතුව තමයි අලුත් ඉස්කෝලෙදි මුලින්ම මතක හිටින්න කෑවේ මගේ උපන්දිනේ දවසේ.හරියටම කිව්වොත් 2005-02-24 වෙනිද.
ගහන්න හේතුව ගෙදර වැඩ කලේ නැති එක.ඉස්සරහම පේළියේ වාඩි වෙලා ගාථා කියද්දී වැඩ කරන අතරේ වැදුන පිට මැද්දට "පටාං" ගාල.අපොයි.ඒ කෑම මතක හිටිනව කියන්නේ තාමත් සර්ව දැක්කහම මතක් වෙනව....
දෙවෙනි එක කෑවේ ගිය අවුරුද්දේ.කෑවේ නාගහවත්ත සර්ගෙන්.හරියටම කිව්වොත් 2010-01-06 වෙනි බ්‍රහස්පතින්ද.ඒක කන්න හේතුව වුනේ මෙහෙමයි.
ඔය සිද්ධිය වෙච්ච දවස් කියන්නේ වාරේ මුලනේ.ඉතින් මහ ලොකුවටම වැඩක් කලේ නෑ.නිකන් ඉන්න වෙලාවක මගේ පර්ස් එක බලන්න ගත්තා යාලුවෙක්.ඒකට අපේ පේළියේ ඔක්කොම කොල්ලො ටික වට වුනා.
ඒ අතරේ තමයි සර් දැක්කේ.සර් හිතුවේ වට වෙලා බැලුවේ කෙල්ලෙක්ට ලියපු ලියුමක් කියලා.(මම ලියන ලියුම් බැරිය.ඒක නෙවෙයි ඕව ලියපු උන් කියමු බලන්න කෙල්ලොන්ට ලියන්නේ රාජකාරි ලිපිද?පෞද්ගලික ලිපිද කියල.)
සර් කිව්වා"මමත් බලන් හිටියේ ඔහොම එකක් අහුවෙනකම්,පර්ස් එකේ අයිතිකාරය ඕකත් එරගෙන එමු බලන්න"කියලා.
මමත් පණ බයෙන් ගියා.(නාගහවත්ත සර් හෙන සැරයි.හැබැයි මාත් එක්ක කිසිම අවුලක් තිබුනේ නෑ.වැඩටික කරලා පන්තියේ වැඩ කරන අවුලක් නැති පොරනේ මම.ඒ නිසාම හිතුනා බැන්නත් ගහන එකක්නම් නෑ කියලා.)
ගිහින් සර්ට දුන්නා පර්ස් එක.
සර් පර්ස් එක බැලුවා.
ඒකේ තිබුනා බිස්නස් කාඩ් වගයක්.ඉංග්‍රිසි සින්දු වගයක්.සිම් 5ක්.එටිසලාට් හිමිකම් සහතිකයක්.ආවර්තිතා වගුවක්.
"අදිමු බලන්න කලිසම් සාක්කු එලියට"
ඇද්දා.
වම් සාක්කුවේ පෙන් එක.
ඕවත් අරගෙන එමු බලන්න ඔපිස් එකට.
ගියා.
"තමුන් ගිය අවුරුදු දෙකේ ශිෂ්‍ය නායකයෙක්"
"ඔව් සර්."
"තමුන් දන්නවද ඉස්කෝලෙට පෙන් ගේන්න තහනම්"
"ඔව් සර්"
"මේ සිම් ගේන්න වැරදි බව දන්නවද?"
"නෑ සර්"
"ඒ මොකද?"
"සර් ෆෝන් ගේන්න තහනම් බව දන්නව.සිම් එකට නම් දන්නේ නෑ"


චටාං


ලෝකේ පෙරළුනා වගේ දැනුනා.කැරකිලා ගියා.නොවැටී බේරුනා.ඔලුවනම් කැරකෙනව.


"ගිහින් ලියුමක් ලියාගෙන එනව මේ හම්බෙච්ච දෙවලුත් එක්ක"ලියාගෙන ආව.ඒ අතරේ සර් තව සර්ල දෙන්නෙකුත් එක්ක පන්තියට ආව.හැමෝම බෑග් අරගෙන එලියට බහිමු.
සර්ල කොල්ලොන්ගේ බෑග් බලනව.
එකෙක් මාට්ටු උනා...
කෙල්ලෙක්ට ලියපු පිටු 8ක ලියුමක් එක්ක.
තව එකෙක් පෙන් එකක්.
තවත් එකෙක් ඩී.වී.ඩී 3ක්.
"ඔක්කොම එමු ඔෆිස් එකට"
ගියා.
"ගෙවල් වලින් එක්කන් එන්න පුලුවන් කවදද?"
හෙටටම වැඩේ සෙට් උනා.
එක්කගෙන ගියා මමත් ඉතින්.
කොහොම හරි තත්තත් මට මුකුත් කිව්වේ නෑ.තාත්තා දන්නව මම බලු වැඩ කරන්නේ නෑ කියල.
කොහොම හරි සර් තත්තට මුකුත් බැනලා නෑ.අර අහුවෙච්ච ඔක්කොම දීලා.මම ගෙදර එනකොට ඒ ඔක්කොම මගේ මේසේ උඩ.
පස්සේ දවසක තාත්තා ගෙදරදි මාත් එක්ක කිව්වා"සර් මට (මම මම.පුතා.) බැන්නේ නෑ.හොඳට වැඩ කරනව......."කිව්ව කියල.
අර ලියුම මාට්ටු වෙච්ච එකාගෙ අම්මට ඇහෙන්න සර් කියුම කියවල.පුතත් ඵැත්තකින්.
මිනිහ පස්සෙ මාත් එක්ක කිව්ව "මචන් මාත් ලියුම ලිව්වට ලියල තිබුනෙ මොනවද කියල දන්නේ දැන්"කියලන.


ඔතනින් වැඩේ ශේප්.


ඊට පස්සේ කොහොම උනත් මම නාගහවත්ත සර්ට එච්චර මුහුණ දුන්නේ නෑ.හේතුවක් අනේ මන්දා.
අන්තිමට විභාගෙට කලින් ගුරුවරු කාටවත් වඳින්න බැරි උනා.අන්තිමට 6 වසර භාරව හිටපු වර්ණා මිස්ට නම් වැන්ඳා.


අන්තිම දවසේ දන්නවනේ ඉතින් කොල්ලොන්ගේ නැති නාඩගම් ඔක්කොම එළියට දාගෙන ෆන් එකේ යන දවසනේ.එදා සර්ලා ඇවිත් හිටපු වෙලේ නාගහවත්ත සර් සහ නාලක සර් ලට වැඳා.
නාලක සර් තමයි අපට විද්‍යාව කලේ.ඒ සර් ත් හෙන හොඳයි.ඒ සර් ගැන පස්සේ ලියන්නම්.
කොහොම උනත් නාගහවත්ත සර් ට වැඳ වෙලේනම් සර් අර පරණ සිද්ධිය මතක් කලා.


කොහොම උනත් එදා සර් ගහපු එකටනම් කිසි අවුලක් නෑ.ඒ මොකද විනය රැකගන්න එහෙම නොකර බෑ.අනික මම වැරදි තොගයකුත් කරලනේ.


ඒ නිසා අපේ ඉස්කෝලේ විනය රැකගන්න මේ ගුරුවරුන්ගෙන් සිද්ධ වෙන්නේ නම් ඉතාම වටින සේවයක්....

1 ප්‍රතිචාර:

Anonymous said...

අද තමයි අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කෙ.යකෝ තොපි මාරයිනෙ.බොලාලට වෙච්ච සිද්දි බහුතරයක් අපිටත් වෙලා තිනව,උබලැයි සෙට් එකේ උන්ට තීන නම් ම තමා අපේ උන්ටත් තිබුනෙ.චින් බෙට්ටා,කුට්ටි...ඒත් මම හිතුව අපේ එකෙක්ද දන්නෙත් නෑ කියල,එත් අවුරුදු වෙනස්.මම 2008 A/L.කලින් පෝස්ට් එකක දැක්කා කෙල්ලෙක්ට කෑගහල සම්බුව හම්බෙච්ච එකක්.ඒ වලේ ප0තියෙනෙ,අපෙ එකෙක් කෑව 10 උඩ තට්ටුවෙ කොනේම ප0තියෙදි(10-A) කොණ්ඩදෙණිය සර්ගෙන්.තව දෙයක් මගෙත් උපන් දිනෙත් ඔය දවස තමා.මම කහටයයි ඔෆිස් එක ඉස්සරහ 2004,2005 අවුරුදු දෙකේම උපන් දිනෙ දවසෙ ඉදල තියෙනො කොන්ඩෙ වැඩි වෙලා.උබට අමතකනම් මම කියන්නම් 2005 උපන්දිනෙ තිබ්බෙ බ්‍රහස්පතින්ද දාක,මට කහටය ගාව හිටපු නිසා යන්න බැරි උනේ පෙරදිග ස0ගීත පීරියඩ් එකට.බොලත් ඒ කියන්නෙ එදාම සබ්බුව කාල තියෙනවනෙ.ලොල් ය.එල එල මල්ලිලා හොදට කරගෙන යන්න...All the Best!!!

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න