web 2.0

Monday, January 24, 2011

රෝස මලේ නටුවෙ කටු???

අද කියන්නම් දහම් පාසලේ අපේ රජ තුන් කට්ටුවෙන් එකෙක්,ඒ කියන්නේ තරංග අයියා කරපු වැඩක් ගැන.
වැඩේ මෙහෙමයි.
හැමෝම වගේ දන්නවනේ ඔය දගම් පාසල් වල මාසෙකට සැරයක් සමිතියක් තියෙනව කියලා.ඉතින් ඒ වගේ අපේ දහම් පාසලෙත් සමිතියක් තියෙනවා.1-5 වසර වලට එකක්.6-11 තව එකක්.
ඉතින් සමිතිය දවසක දහම් පාසල භාර හාමුදුරුවොත් නෑ.භාර සර් ඇත්තෙත් නෑ.අපිත් එක්ක ඉතින් දහම් පාසලේ අනිත් ඔක්කොම ගුරුවරු හොඳයි.හාමුදුරුවන්ත තියෙන ගවුරවේට නෝමල් එකේ හිටියා.භාර සර් නම් මල පඬ්යා.දෙන්නම නෑ කියන්නේ ඉතින් අනිත් අයගෙන් අපට අවුලක් නෑ කොහොමත්.
අතින් මිස්ලා(කිව්වට අක්කලා.)කිව්වා අපඉ තුන් දෙනාගෙන් එක්කෙනෙකුට සිංදුවක් කියන්න කියලා.
ඕන්න මම පැත්තක.එපාර අකිලට කිව්වා.අකිල කිව්ව 

"මම කියන්නේ රෝස මලේ නටුවෙ කටු"කියල.

ඉතින් මිස්ලා හිනා වෙවී කිව්වා පුලුවන්නම් කියන්න කියලා...

විනාඩියයි ගියේ,අපේ අකිල වේදිකාවට ගියා...
පට ගත්තේ නැද්ද රෝස මලේ නටුවේ කටු..

හැමෝටම හිනා.හැබැයි රෝස මලේ කියන්න කියපු මිස්ලගෙ මූණු නම් රතේ රතු වෙලා.මොකද ඊළඟ දවසේ හාමුදුරුවොන්ට කිව්වොත්?

පස්සෙ සතියේ එහෙම අවුලක් වුනේ නෑ කොහොම හරි.
ඒ දවස් වල හාමුදුරුවො කොහොමත් අපට බැන්නේ නෑ.ඒ හාමුදුරුවෝ දැනගෙන හිටියා අපි කොච්චර කැත වැඩ කළත් ඒ කොළුකමට කියලා.නැතුව වෙන දේකට නෙවෙයි කියලා.ඒ වගේම දහම් පාසලේ කොල්ලෝ ඔක්කොම වගේ අපි 3 දෙනාට මාර ආදරෙයි.අපි දහම් පාසලේ වැඩකට බහිනවා කියන්නේ කොල්ලො ටික කොහොමත් එතන.

1 ප්‍රතිචාර:

Nadhini said...

අයියො දෙයියො සාක්කි

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න