ඕන් ඉතින් හැමෝම ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩ වෙලා ඇතිනේ.ඉතින් මම ඉස්කෝලේ ගිහිල්ලා මතක හිටින්න ගුටි කාපු හැටි තමයි ඉතින් ලියන්න යන්නේ.මතක හිටින්න ගුටි කෑවේනම් දෙපාරයි.(ඕං ඉතින් කියන්න එපා මෙන්න මේක මෙච්චර ඉස්කෝලේ ගිහින් ගුටි කනව.මතක හිටල තියෙන්නේ දෙපාරයි කියල.මම වැඩිය කන්නේ නෑ ඕන්.මම හරී හොඳ එකා.)
මුලින්ම මතක හිටින්න කෑවේ සෙනෙවිරත්න සර්ගෙන්.ඒ 6 වසරෙදී.6 ජී පන්තියෙදි.අලුත් ඉස්කෝලෙට ගිහිල්ලා දවස් 5යි.අනිත් හේතුව තමයි අලුත් ඉස්කෝලෙදි මුලින්ම මතක හිටින්න කෑවේ මගේ උපන්දිනේ දවසේ.හරියටම කිව්වොත් 2005-02-24 වෙනිද.
ගහන්න හේතුව ගෙදර වැඩ කලේ නැති එක.ඉස්සරහම පේළියේ වාඩි වෙලා ගාථා කියද්දී වැඩ කරන අතරේ වැදුන පිට මැද්දට "පටාං" ගාල.අපොයි.ඒ කෑම මතක හිටිනව කියන්නේ තාමත් සර්ව දැක්කහම මතක් වෙනව....
දෙවෙනි එක කෑවේ ගිය අවුරුද්දේ.කෑවේ නාගහවත්ත සර්ගෙන්.හරියටම කිව්වොත් 2010-01-06 වෙනි බ්‍රහස්පතින්ද.ඒක කන්න හේතුව වුනේ මෙහෙමයි.
ඔය සිද්ධිය වෙච්ච දවස් කියන්නේ වාරේ මුලනේ.ඉතින් මහ ලොකුවටම වැඩක් කලේ නෑ.නිකන් ඉන්න වෙලාවක මගේ පර්ස් එක බලන්න ගත්තා යාලුවෙක්.ඒකට අපේ පේළියේ ඔක්කොම කොල්ලො ටික වට වුනා.
ඒ අතරේ තමයි සර් දැක්කේ.සර් හිතුවේ වට වෙලා බැලුවේ කෙල්ලෙක්ට ලියපු ලියුමක් කියලා.(මම ලියන ලියුම් බැරිය.ඒක නෙවෙයි ඕව ලියපු උන් කියමු බලන්න කෙල්ලොන්ට ලියන්නේ රාජකාරි ලිපිද?පෞද්ගලික ලිපිද කියල.)
සර් කිව්වා"මමත් බලන් හිටියේ ඔහොම එකක් අහුවෙනකම්,පර්ස් එකේ අයිතිකාරය ඕකත් එරගෙන එමු බලන්න"කියලා.
මමත් පණ බයෙන් ගියා.(නාගහවත්ත සර් හෙන සැරයි.හැබැයි මාත් එක්ක කිසිම අවුලක් තිබුනේ නෑ.වැඩටික කරලා පන්තියේ වැඩ කරන අවුලක් නැති පොරනේ මම.ඒ නිසාම හිතුනා බැන්නත් ගහන එකක්නම් නෑ කියලා.)
ගිහින් සර්ට දුන්නා පර්ස් එක.
සර් පර්ස් එක බැලුවා.
ඒකේ තිබුනා බිස්නස් කාඩ් වගයක්.ඉංග්‍රිසි සින්දු වගයක්.සිම් 5ක්.එටිසලාට් හිමිකම් සහතිකයක්.ආවර්තිතා වගුවක්.
"අදිමු බලන්න කලිසම් සාක්කු එලියට"
ඇද්දා.
වම් සාක්කුවේ පෙන් එක.
ඕවත් අරගෙන එමු බලන්න ඔපිස් එකට.
ගියා.
"තමුන් ගිය අවුරුදු දෙකේ ශිෂ්‍ය නායකයෙක්"
"ඔව් සර්."
"තමුන් දන්නවද ඉස්කෝලෙට පෙන් ගේන්න තහනම්"
"ඔව් සර්"
"මේ සිම් ගේන්න වැරදි බව දන්නවද?"
"නෑ සර්"
"ඒ මොකද?"
"සර් ෆෝන් ගේන්න තහනම් බව දන්නව.සිම් එකට නම් දන්නේ නෑ"
චටාං
ලෝකේ පෙරළුනා වගේ දැනුනා.කැරකිලා ගියා.නොවැටී බේරුනා.ඔලුවනම් කැරකෙනව.
"ගිහින් ලියුමක් ලියාගෙන එනව මේ හම්බෙච්ච දෙවලුත් එක්ක"ලියාගෙන ආව.ඒ අතරේ සර් තව සර්ල දෙන්නෙකුත් එක්ක පන්තියට ආව.හැමෝම බෑග් අරගෙන එලියට බහිමු.
සර්ල කොල්ලොන්ගේ බෑග් බලනව.
එකෙක් මාට්ටු උනා...
කෙල්ලෙක්ට ලියපු පිටු 8ක ලියුමක් එක්ක.
තව එකෙක් පෙන් එකක්.
තවත් එකෙක් ඩී.වී.ඩී 3ක්.
"ඔක්කොම එමු ඔෆිස් එකට"
ගියා.
"ගෙවල් වලින් එක්කන් එන්න පුලුවන් කවදද?"
හෙටටම වැඩේ සෙට් උනා.
එක්කගෙන ගියා මමත් ඉතින්.
කොහොම හරි තත්තත් මට මුකුත් කිව්වේ නෑ.තාත්තා දන්නව මම බලු වැඩ කරන්නේ නෑ කියල.
කොහොම හරි සර් තත්තට මුකුත් බැනලා නෑ.අර අහුවෙච්ච ඔක්කොම දීලා.මම ගෙදර එනකොට ඒ ඔක්කොම මගේ මේසේ උඩ.
පස්සේ දවසක තාත්තා ගෙදරදි මාත් එක්ක කිව්වා"සර් මට (මම මම.පුතා.) බැන්නේ නෑ.හොඳට වැඩ කරනව......."කිව්ව කියල.
අර ලියුම මාට්ටු වෙච්ච එකාගෙ අම්මට ඇහෙන්න සර් කියුම කියවල.පුතත් ඵැත්තකින්.
මිනිහ පස්සෙ මාත් එක්ක කිව්ව "මචන් මාත් ලියුම ලිව්වට ලියල තිබුනෙ මොනවද කියල දන්නේ දැන්"කියලන.
ඔතනින් වැඩේ ශේප්.
ඊට පස්සේ කොහොම උනත් මම නාගහවත්ත සර්ට එච්චර මුහුණ දුන්නේ නෑ.හේතුවක් අනේ මන්දා.
අන්තිමට විභාගෙට කලින් ගුරුවරු කාටවත් වඳින්න බැරි උනා.අන්තිමට 6 වසර භාරව හිටපු වර්ණා මිස්ට නම් වැන්ඳා.
අන්තිම දවසේ දන්නවනේ ඉතින් කොල්ලොන්ගේ නැති නාඩගම් ඔක්කොම එළියට දාගෙන ෆන් එකේ යන දවසනේ.එදා සර්ලා ඇවිත් හිටපු වෙලේ නාගහවත්ත සර් සහ නාලක සර් ලට වැඳා.
නාලක සර් තමයි අපට විද්‍යාව කලේ.ඒ සර් ත් හෙන හොඳයි.ඒ සර් ගැන පස්සේ ලියන්නම්.
කොහොම උනත් නාගහවත්ත සර් ට වැඳ වෙලේනම් සර් අර පරණ සිද්ධිය මතක් කලා.
කොහොම උනත් එදා සර් ගහපු එකටනම් කිසි අවුලක් නෑ.ඒ මොකද විනය රැකගන්න එහෙම නොකර බෑ.අනික මම වැරදි තොගයකුත් කරලනේ.
ඒ නිසා අපේ ඉස්කෝලේ විනය රැකගන්න මේ ගුරුවරුන්ගෙන් සිද්ධ වෙන්නේ නම් ඉතාම වටින සේවයක්....
Monday, January 31, 2011
මතක හිටින කෑම්...
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/31/2011 12:52:00 PM
වර්ගීකරණ
පාසලට සම්බන්ධ,
මගේ අත්දැකීම්,
යාලුවො
1 ප්‍රතිචාර
Sunday, January 30, 2011
දහම් පාසල්....
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/30/2011 08:48:00 PM
වර්ගීකරණ
අපේ UN,
අමුතු,
ආතල්,
නිවේදන,
මගේ අත්දැකීම්
1 ප්‍රතිචාර
අදත් කියන්න යන්නේ දහම් පාසල් ස්ටොරියක් තමයි...
ඇත්තමට අපි දැන් 12 වසරේ නිසා(2013 ඒ.ලෙවල්.)මේ අවුරුද්ද තමයි අපට දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය ලියන්න හම්බෙන අවුරුද්ද.කොහොම උනත් ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ නිසා දහම් පාසලේ හාමුදුරුවොනම් අපට පූර්ණ නිදහසක් දීලා තිබුනා නවතින්න.ඒත් අපි අන්තිම මාස 3,4 විතරයි නොගියේ.ආතල් එකට කොල්ලො එක්ක සෙට් වෙන්න වගේම ඉස්සෙල්ල ලියපු පාරමී එහෙම බලන්නත් එක්ක තමයි දහම් පාසල් ගියේ...
කොහොම නමුත් විභාගයෙන් පස්සේ ආයි දහම් පාසල් එක්ක කිව්වා ගිය සතියේ.ඉතින් අපි(මම,දසුන්,හසිත,තුසර.......) ගියා දහම් පාසලට.ගිහින් හාමුදුරුවෝ හම්බ වුනා.ඒලෙවල් ක්ලාස් නිසා ඉරිදා උදේ පන්ති කරන්න බෑ කිව්වා.ඒ නිසා ලබන සතියේ (30-01-2011) දහම් පාසල් එන්න කියලා අපිව එව්වා.
ඉරිදා ක්ලාස් තිබුනේ කෙල්ලොන්ට.අපිට ප්‍රී.ඉතින් ඔක්කොමත් එක්ක අපෙහ ආව.
අනේ බන් සරම මල වදේ කියල ගෙදෙට්ට ආපු ගමන් අපේ උන්ගේ සරම් අතේ...
කොහොම හරි අපෙහ ඉඳලා 11ට විතර ගෙවල් වල ගියා...
ඒ ගිහිපු හැටි පහතින් බලාගන්නකො..
ඉතින් ඔන්න ඔහොමයි වැඩේ උනේ.කොහොම වුනත් 2005 වසරේ ඉඳන් දහම් පාසල් ගිහිපු,හොඳ හාමුදුරුවන්ලාගෙන්,ගුරුතුමන්ගෙන් සහ ගුරුතුමියන්ගෙන් ඉගෙන ගනිපු,හොඳ අයියලා අක්කලා හම්බ වුනු,පාන්දර එක දෙක වෙනකම් දහම් පාසලේ වැඩ වලට කට්ට කාපු,දහම් පාසලේ මල් කඩපු,අනේ බෑ බං කියද්දිත් අපේ උන් ටික ඇදගෙන දහම් පාසල් ගිහිපු,"ආ..දිලංක අයියේ" කියල පුංචි මල්ලිල ආසාවෙන් කතා කතාකරපු ......... ඒ හැමදෙයක්ම දැන් ඉතින් අතීතෙ.සමහරවිට මේ අවුරුද්දේ ත්‍යාග ප්රධානෝත්සවේ සෙට් වෙයි.එච්චරයි....
ඒ කියන්නේ මගේ අත්දැකීම් වලින් දහම් පාසලට අදාලව ඉස්සරහට ලියවෙන්න තව අලුත් කතා එකතු වෙන එකක් නෑ.පරන කතා ටිකක් නම් මතක් වෙන වෙන සැරේට මම ලියන්නම්කෝ....
දහම් පාසල සම්බන්ධ ඉස්සර කතා...
ඇත්තමට අපි දැන් 12 වසරේ නිසා(2013 ඒ.ලෙවල්.)මේ අවුරුද්ද තමයි අපට දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය ලියන්න හම්බෙන අවුරුද්ද.කොහොම උනත් ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ නිසා දහම් පාසලේ හාමුදුරුවොනම් අපට පූර්ණ නිදහසක් දීලා තිබුනා නවතින්න.ඒත් අපි අන්තිම මාස 3,4 විතරයි නොගියේ.ආතල් එකට කොල්ලො එක්ක සෙට් වෙන්න වගේම ඉස්සෙල්ල ලියපු පාරමී එහෙම බලන්නත් එක්ක තමයි දහම් පාසල් ගියේ...
කොහොම නමුත් විභාගයෙන් පස්සේ ආයි දහම් පාසල් එක්ක කිව්වා ගිය සතියේ.ඉතින් අපි(මම,දසුන්,හසිත,තුසර.......) ගියා දහම් පාසලට.ගිහින් හාමුදුරුවෝ හම්බ වුනා.ඒලෙවල් ක්ලාස් නිසා ඉරිදා උදේ පන්ති කරන්න බෑ කිව්වා.ඒ නිසා ලබන සතියේ (30-01-2011) දහම් පාසල් එන්න කියලා අපිව එව්වා.
ඉරිදා ක්ලාස් තිබුනේ කෙල්ලොන්ට.අපිට ප්‍රී.ඉතින් ඔක්කොමත් එක්ක අපෙහ ආව.
අනේ බන් සරම මල වදේ කියල ගෙදෙට්ට ආපු ගමන් අපේ උන්ගේ සරම් අතේ...
කොහොම හරි අපෙහ ඉඳලා 11ට විතර ගෙවල් වල ගියා...
ඒ ගිහිපු හැටි පහතින් බලාගන්නකො..
ඉතින් ඔන්න ඔහොමයි වැඩේ උනේ.කොහොම වුනත් 2005 වසරේ ඉඳන් දහම් පාසල් ගිහිපු,හොඳ හාමුදුරුවන්ලාගෙන්,ගුරුතුමන්ගෙන් සහ ගුරුතුමියන්ගෙන් ඉගෙන ගනිපු,හොඳ අයියලා අක්කලා හම්බ වුනු,පාන්දර එක දෙක වෙනකම් දහම් පාසලේ වැඩ වලට කට්ට කාපු,දහම් පාසලේ මල් කඩපු,අනේ බෑ බං කියද්දිත් අපේ උන් ටික ඇදගෙන දහම් පාසල් ගිහිපු,"ආ..දිලංක අයියේ" කියල පුංචි මල්ලිල ආසාවෙන් කතා කතාකරපු ......... ඒ හැමදෙයක්ම දැන් ඉතින් අතීතෙ.සමහරවිට මේ අවුරුද්දේ ත්‍යාග ප්රධානෝත්සවේ සෙට් වෙයි.එච්චරයි....
ඒ කියන්නේ මගේ අත්දැකීම් වලින් දහම් පාසලට අදාලව ඉස්සරහට ලියවෙන්න තව අලුත් කතා එකතු වෙන එකක් නෑ.පරන කතා ටිකක් නම් මතක් වෙන වෙන සැරේට මම ලියන්නම්කෝ....
දහම් පාසල සම්බන්ධ ඉස්සර කතා...
රෝස මලේ නටුවෙ කටු???
සිතුවේ නෑ.දැනුනේ නෑ ඔබ දකින තුරා
මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ
වෙන කෙනෙකුන්ගේ නෙත් සඟලේ හසරැල්ලේ
සිතුවේ නෑ.දැනුනේ නෑ ඔබ දකින තුරා
සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා සුන්දරයි ඔබ
මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා
මගෙ ජීවිතේ...
අස්ථිරයි කියූ සියලු දෙයම බොරු වී ස්ථිරයි ඔබ
කවිසිතකැයි කී මගෙ සිත පාළු මැකී හිනහෙනවා ඔබ
මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා
මගෙ ජීවිතේ...
ගායනය_දයාන් විතාරණ මහතා.
මෙතනින් බාගන්න..
Friday, January 28, 2011
Query
ලිව්වේ
Dilanka Madhawa
ලිව්ව වෙලාව
1/28/2011 08:52:00 AM
වර්ගීකරණ
ආතල්,
යාලුවන්ගෙන් ලැබුන දේවල්,
විහිලු තහලු
2
ප්‍රතිචාර
Cheers!!!!!! !
CREATE PROCEDURE MyMarriage
@ BrideGroom Char ( NotBad) ,
@ Bride Char ( Good )
AS
BEGIN
SELECT Bride FROM COLOMBO Brides
WHERE
FatherInLaw = 'Millionaire' AND
CarCount > 2 AND
HouseStatus ='TwoStoreyed' AND
BrideEduStatus = 'PG orAbove' AND
YoungerSisters > 0 AND
HavingBrothers = 'NO' AND
HavingElderSisters ='No' AND
AllowRelocate ='YES'
SELECT Gold , Cash , Car , BankBalance FROM FatherInLaw
UPDATE MyBankAccout SET MyBal = MyBal + FatherinLawBal
UPDATE MyLocker SET MyLockerContents = MyLockerContents + FatherinLawGold
INSERT INTO MyCarShed VALUES ( 'BMW')
END
GO
....
Then the wife writes the below query:
FORMAT HUSBAND
CREATE PROCEDURE MyMarriage
@ BrideGroom Char ( NotBad) ,
@ Bride Char ( Good )
AS
BEGIN
SELECT Bride FROM COLOMBO Brides
WHERE
FatherInLaw = 'Millionaire' AND
CarCount > 2 AND
HouseStatus ='TwoStoreyed' AND
BrideEduStatus = 'PG orAbove' AND
YoungerSisters > 0 AND
HavingBrothers = 'NO' AND
HavingElderSisters ='No' AND
AllowRelocate ='YES'
SELECT Gold , Cash , Car , BankBalance FROM FatherInLaw
UPDATE MyBankAccout SET MyBal = MyBal + FatherinLawBal
UPDATE MyLocker SET MyLockerContents = MyLockerContents + FatherinLawGold
INSERT INTO MyCarShed VALUES ( 'BMW')
END
GO
....
Then the wife writes the below query:
FORMAT HUSBAND
Thursday, January 27, 2011
අවසාන මොහෝත මාගේ-පෝරකය පේන මානේ....
ඔන්න සෙම් පති යා ලියන පලවෙනි ලිපිය.මගේ කොම්පීතරේ තිබිල හම්බුනු සින්දුවක් මේක.යාලු මිත්‍රයන්ගෙන් අහුවහම ජංජාලේ හොයාගන්නත් අමාටුයි කිව්වා.ඉතින් බෙදා හදා ගැනීම උපරිමෙන් නිසා මේන් සෙම්පතිය දානව.
අහල කොමෙන්ටුවක් දාමු බලන්න.
මෙතනින් <<<---බා ගන්න...
Tuesday, January 25, 2011
ආදරය වියපත් ද?
ලිව්වේ
Dilanka Madhawa
ලිව්ව වෙලාව
1/25/2011 08:29:00 AM
වර්ගීකරණ
ආදරේ,
යාලුවන්ගෙන් ලැබුන දේවල්
0
ප්‍රතිචාර
Monday, January 24, 2011
රෝස මලේ නටුවෙ කටු???
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/24/2011 04:04:00 PM
වර්ගීකරණ
අපේ UN,
ආතල්,
මගේ අත්දැකීම්,
විහිලු තහලු
1 ප්‍රතිචාර
අද කියන්නම් දහම් පාසලේ අපේ රජ තුන් කට්ටුවෙන් එකෙක්,ඒ කියන්නේ තරංග අයියා කරපු වැඩක් ගැන.
වැඩේ මෙහෙමයි.
හැමෝම වගේ දන්නවනේ ඔය දගම් පාසල් වල මාසෙකට සැරයක් සමිතියක් තියෙනව කියලා.ඉතින් ඒ වගේ අපේ දහම් පාසලෙත් සමිතියක් තියෙනවා.1-5 වසර වලට එකක්.6-11 තව එකක්.
ඉතින් සමිතිය දවසක දහම් පාසල භාර හාමුදුරුවොත් නෑ.භාර සර් ඇත්තෙත් නෑ.අපිත් එක්ක ඉතින් දහම් පාසලේ අනිත් ඔක්කොම ගුරුවරු හොඳයි.හාමුදුරුවන්ත තියෙන ගවුරවේට නෝමල් එකේ හිටියා.භාර සර් නම් මල පඬ්යා.දෙන්නම නෑ කියන්නේ ඉතින් අනිත් අයගෙන් අපට අවුලක් නෑ කොහොමත්.
අතින් මිස්ලා(කිව්වට අක්කලා.)කිව්වා අපඉ තුන් දෙනාගෙන් එක්කෙනෙකුට සිංදුවක් කියන්න කියලා.
ඕන්න මම පැත්තක.එපාර අකිලට කිව්වා.අකිල කිව්ව
"මම කියන්නේ රෝස මලේ නටුවෙ කටු"කියල.
ඉතින් මිස්ලා හිනා වෙවී කිව්වා පුලුවන්නම් කියන්න කියලා...
විනාඩියයි ගියේ,අපේ අකිල වේදිකාවට ගියා...
පට ගත්තේ නැද්ද රෝස මලේ නටුවේ කටු..
හැමෝටම හිනා.හැබැයි රෝස මලේ කියන්න කියපු මිස්ලගෙ මූණු නම් රතේ රතු වෙලා.මොකද ඊළඟ දවසේ හාමුදුරුවොන්ට කිව්වොත්?
පස්සෙ සතියේ එහෙම අවුලක් වුනේ නෑ කොහොම හරි.
ඒ දවස් වල හාමුදුරුවො කොහොමත් අපට බැන්නේ නෑ.ඒ හාමුදුරුවෝ දැනගෙන හිටියා අපි කොච්චර කැත වැඩ කළත් ඒ කොළුකමට කියලා.නැතුව වෙන දේකට නෙවෙයි කියලා.ඒ වගේම දහම් පාසලේ කොල්ලෝ ඔක්කොම වගේ අපි 3 දෙනාට මාර ආදරෙයි.අපි දහම් පාසලේ වැඩකට බහිනවා කියන්නේ කොල්ලො ටික කොහොමත් එතන.
Sunday, January 23, 2011
අක්කේ,,,,
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/23/2011 07:38:00 PM
වර්ගීකරණ
අපේ UN,
ආතල්,
විහිලු තහලු
2
ප්‍රතිචාර
10 වසරෙදි කරපු වැඩක් තමයි මේක.සිද්ධිය වෙන වෙලාවේ නම් මම පන්තියේ හිටියේ නෑ ඔන්න කලින්ම කිව්වා.
වැඩේ මෙහෙමයි.දන්නෝ දනිති අපේ ඉස්කෝලේ, තියෙන පාරෙන්ම තවත් බාලිකා පාසලකට යන පාර තියෙනවනේ.(එහෙම කිව්වට පාර අපේ ඉස්කෝලේ.)
ඉතින් 10 වසරෙදී අපට හම්බුනේ ඉස්කෝලේ උඩින්ම,පාර අයිනේ තියෙන පන්ති කලාස් එක.
නැවතත් දන්නෝ දනිති ඉස්කෝලේ පන්ති වල දෙපැත්තේම දැල් විතරයිනේ ගහලා තියෙන්නේ.අවට සිරි නරඹ නරඹ ඉගෙන ගන්න.ඉතින් 10 වසරේ ඉඳගෙන අපේ උන් උදේ ඉඳන්ම අවට සිරි නරඹනවා.අවට කිව්වට පාර පැත්තේ.
ඔය හැමෝම වගේ දන්නවනේ 10 වසර කියන්නේ ඉතින් මදි නොකියන්න විසේ සහ මනමාලකම තියෙන වසරක් කියලා.එහෙමම දන්නවනේ කැත කතා කියන්න නොදන්න ලමයි නෙවෙයි කියලත්.
ඉතින් දවසක් අක්කා කෙනෙක්(ලු.)අර පාරේ යනවලු.අපේ අයටත් නිකන් ඉන්න බෑ නේ...
"අක්කේ පැ........... කීයද?"
කියල අහල අපේ උනුත්.
අක්කගෙන් ලැබිච්ච ප්‍රතිචාරේ මෙහෙම දාන්න නම් බෑ.අම්මා සහ තාත්තා මතක් කරගන්න ගානට අපේ උන්ට අහගන්න වුනා කියලා තමයි කියන්ට වෙන්නේ.
නරකද අපේ උන්ගෙත් වැඩ!
වැඩේ මෙහෙමයි.දන්නෝ දනිති අපේ ඉස්කෝලේ, තියෙන පාරෙන්ම තවත් බාලිකා පාසලකට යන පාර තියෙනවනේ.(එහෙම කිව්වට පාර අපේ ඉස්කෝලේ.)
ඉතින් 10 වසරෙදී අපට හම්බුනේ ඉස්කෝලේ උඩින්ම,පාර අයිනේ තියෙන පන්ති කලාස් එක.
නැවතත් දන්නෝ දනිති ඉස්කෝලේ පන්ති වල දෙපැත්තේම දැල් විතරයිනේ ගහලා තියෙන්නේ.අවට සිරි නරඹ නරඹ ඉගෙන ගන්න.ඉතින් 10 වසරේ ඉඳගෙන අපේ උන් උදේ ඉඳන්ම අවට සිරි නරඹනවා.අවට කිව්වට පාර පැත්තේ.
ඔය හැමෝම වගේ දන්නවනේ 10 වසර කියන්නේ ඉතින් මදි නොකියන්න විසේ සහ මනමාලකම තියෙන වසරක් කියලා.එහෙමම දන්නවනේ කැත කතා කියන්න නොදන්න ලමයි නෙවෙයි කියලත්.
ඉතින් දවසක් අක්කා කෙනෙක්(ලු.)අර පාරේ යනවලු.අපේ අයටත් නිකන් ඉන්න බෑ නේ...
"අක්කේ පැ........... කීයද?"
කියල අහල අපේ උනුත්.
අක්කගෙන් ලැබිච්ච ප්‍රතිචාරේ මෙහෙම දාන්න නම් බෑ.අම්මා සහ තාත්තා මතක් කරගන්න ගානට අපේ උන්ට අහගන්න වුනා කියලා තමයි කියන්ට වෙන්නේ.
නරකද අපේ උන්ගෙත් වැඩ!
Wednesday, January 19, 2011
පිස්සුද මන්දා...
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/19/2011 10:01:00 PM
වර්ගීකරණ
අපේ UN,
ආතල්,
ආදරේ,
යාලුවන්ගෙන් ලැබුන දේවල්,
විහිලු තහලු
2
ප්‍රතිචාර
පොතකින් උස්සපු කවියක් සහ සමීකරනයක්....
මුලින් කවිය...
ඉවසන දනා රුපු යුදයටමයි කොඩිය
එය කිව් එකාගේ කට තැලුවත් මදිය
ඉවසපු නැති එකා ලඟා අද කෙල්ලන් හත අට ය
ඉවසපු අනේ මම තාමත් තනිකඩ ය....
දැන් සමීකරණය...
ආදරයේ සීඝ්‍රතාවය=බයිසිකලය පැද්ද දුර/(ගත වූ කාලය+ බලා සිටිය සහ නිදි මැරූ කාලය.)
Tuesday, January 18, 2011
සොරින් නරකම නෑ.
ආයුබොවන්ඩ අද ලියන්න යන්නේ සොරින් ඕ.එස්.එක ගැන.මේ ගැන මම දැනගත්තේ නම් විජය පරිගණක සඟරාවෙන්.
මමත් ඉතින් අන්ලිමිටඩ් හම්බෙච්ච එකේ ඩවුන් ලෝඩ් කලා.සයිස් එක 1.16 ජී.බී.වගේ.විශේෂත්වය තමයි වින්ඩෝස් අතුරු මුහුනත සැරසිලා තියෙන විදිහට තමයි මේකෙත් අතුරු මුහුනත.තව ග්‍රැෆික් අතින් වින්ඩෝ එකක් ක්ලෝස් කරද්දී එහෙම ඇනිමේශන් එහෙමත් තියෙනවා.
මේ මෙහෙයුම් පද්ධතිය නොමිලේ බාගත කරගන්න පුලුවන්.ඒ කියන්නේ හෙට අනිද්දා මයික්‍රෝසොෆ්ට් එකේ පරිත්‍යාගශීලී මහත්වරු අපේ ගෙවල් වලට ඔරිජිනල් මෙහෙයුම් පද්ධති පරික්ෂා කරන්න එනකොට අපට ගේමක් නැතුව ඉන්න පුලුවන් කියන එකනේ.
මේ මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් කර්නල් එක මත තමයි ගොඩනගලා තියෙන්නේ.මෙහෙම කිව්ව ගමන් ගොඩක් අයට ලොකු ගැටලුවක් එනවනේ මේ මෙහෙයිම් පද්ධතියේ සිංදුවක් අහන්නත් මාර කස්ටක් කන්න වෙනවා කියලා.නෑ.මේ මෙහෙයුම් පද්ධතිය තුල ඔයාගේ අදහස වැර
දියි.සොරින් තුල එම්.පී.3 ඇතුලු ඕඩියෝ,වීඩියෝ ප්ලේ කරන්න අවශ්‍ය සියලුම කොඩෙක්ස් තියෙනවා.
වින්ඩෝස් වල වැඩකරන මෘදුකාංග ස්ථාපනය කරන්න "වයින්" ඉන්ස්ටෝල් කර කර කට්ට කන්න ඕන නෑ.ඒකත් සොරින් තුල ස්ථාපනය කරල තමයි එන්නේ.
තව විස්තර ටිකක් දාන්නම්කෝ විජය බල බල...
*වින්ඩෝස් 7 වගේ 4 ගුණයක් වේගවත්.(මම නම් බූටබල් එකෙන් බූට් කරලා බැලුවා.අනිත් ලිනක්ස් වර්ශන් වලට වඩා වේගවත් බවක් දැනුනා.)
*"ලුක් චේන්ජර්" යුටිලිටිය මගින් ඕනම ඉන්ටර්ෆේස් එකකට මාරු වෙන්න පුලුවන්.
*වයිරස් සහ මැල්වෙයාර් අතින් ආරක්ෂිතයි.(නමුත් වයින් ති
යෙන නිසා මම හිතන විදිහට වයිරස් වලටනම් 100%ක් ආරක්ෂිතද දන්නේ නෑ.දන්න කෙනෙක් කමෙන්ටුවකින් නිවැරදි කරත්වා.)
*භාෂා 55 කින් යුක්තයි.(එහෙම 55 ම තියෙද බලන්න ගිහින් බාසාව කාගෙන හදාගන්න හැටි මගෙන්නම් අහන්න එපෝ.අහ් තව එකක් සිංහල යුනිකේත වලටත් සහාය දක්වනවා.හැබැයි සමහර වෙලාවට ඉස්පිලි,ඇලපිලි එහෙම අවුල් සැලකිය යුතු ප්‍රමානයක් තියෙනවා.)
*වින්ඩෝස් වගේ ඔපිස් ස්ථාපනය කරන්න ඕන නෑ.ඕපන් ඔපිස් ස්ථාපනය කරලමයි තියෙන්නේ.)
*පොටෝ හදන්න "ගිම්ප්" තියෙනවා.
මම පහතින් මේ ඕඑස් එකේ ස්ක්‍රීන් සොට් ටිකකතුත් දාන්නම්.ආස හිතුනොත් ඊටත් පහලින් තියෙන ලින්ක් එකෙන් බාගන්න.

Sunday, January 16, 2011
Thursday, January 13, 2011
හුළඟත් එක්ක පින්නත් ගහනව නේ
අදත් ටිකක් හිනාවෙන්න කතවක් ලියන්න හිතුනා.ඊයේ එකට වඩා හොඳට හිනාවෙන්න පුලුවන්.මේකනම් අපේ අන්කල් කෙනෙක්ගේ අත්දැකීමක්.
මෙහෙමයි සිද්ධිය...
මේ අන්කල්ලා කට්ටියක් දවසක් සීගිරිය බලන්න ගිහිල්ලා තියෙනවා.(කොල්ලා කාලේ මං හිතන්නේ.)
ඉතින් කොහොම හරි ඒ දවස් වල හරියට හුළඟ ලු.මේ නිසා ගොඩාක් අය උඩට යන්නේ නැතුව මගදි නැවතිලා.
අංකල් එක්ක හිටපු තව හතර පස් දෙනෙක් නම් සීගිරිය උඩට නැගලා.
හුළඟ වැඩි නිසා දන ගාගෙන වගේ තමයි නැගලා තියෙන්නේ.
දැන් කට්ටියටම උඩට යනකොට පොඩි අවශ්‍යතාවක් හැදිලා.මොනව කරන්නද?සීගිරියේ වැසිකිලි නෑ නේ.ශේප් එකේ පැත්තකට වෙලා බරින් නිදහස් වෙලා.
ටිකක් වෙලා යනකොට අර නඩේ අයගේ කටහඬ ඇහෙනවලු උඩට
"හුළඟත් එක්ක පින්නත් ගහනව නේ"
කියලා.
කොහොම හරි මේ සිද්ධිය අනිත් අයට කියලා නම් නෑ.
පින්නට අහු වෙච්ච අයත් ඉතින් මූණ පිහිදන් නිකන් ඉන්න ඇති මයෙ හිතේ...
Wednesday, January 12, 2011
ළමයි, සල්ලි දීලා යන්න...
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/12/2011 08:22:00 PM
වර්ගීකරණ
අපේ UN,
ආතල්,
ඉංග්‍රිසි සාහිත්‍ය,
පාසලට සම්බන්ධ,
මගේ අත්දැකීම්,
විහිලු තහලු
2
ප්‍රතිචාර
අදත් ලිපියක් දාන්න කියලා හිතුනා.මේ දවස් වල දේශගුනේ ද කොහෙට චේන්ජ් වෙලා හෙන කූල් මෙයා.ඉතින් ඒක නිසා පට්ට කම්මැලිත් එක්ක.අදනම් කියන්න යන්නේ අපි ඉස්කෝලේ සර් කෙනෙකුට කරපු පුංචි පහේ වැඩක් ගැන.
දැන් මෙහෙමයි ස්ටෝරිය පටන් ගන්නේ...
දෙසැම්බර් මාසේ ඉතින් අපට ප්රමුඛතාවයනේ.ඉතින් අපේ ඉංග්‍රිසි සාහිත්‍ය කරන කොල්ලෝ ටිකට වැඩමුළු ටිකක් තිබුනා.ටිකක් කිව්වට ගණිතමය වශයෙන් 2යි.එකක් තිබ්බේ අපේ ඉස්කෝලෙට උඩ ඉස්කෝලේ.ඒකට මම ගියේ නෑ.
අනිත් එක තිබ්බේ අඹකොලේ ඉස්කෝලේ.ඒකට ගියා.ඒක තිබුනේ දෙසැම්බර් මාසේ 02 වෙනිද්ද කොහෙද.උදේ ඉඳන් වහිනවා.අපේ අයත් විභාගෙට ඇඩ්මිසන් හම්බෙච්ච නිසා කම්මැලිකමේ තමයි ගෑටුවේ.කොහොම හරි චාටර් කාලා සර්වත් හොයාගෙන අර ඉහත දෙවනුව කී ඉස්කෝලේට යන්න බස් එකකට නැග්ගා.
"මචන්,ආතල් එකටත් එක්ක කොන්දා සල්ලි ඉල්ලුවහම සර් දේවි කියමු."
ඔන්න අපේ කොල්ලොන්ගේ ආතල් එක.
කිව්වත් වගේ අපිත් කොලා.(අපි නැග්ගේ බස් එකේ පිටිපස්සෙන්.සර් නැග්ගේ ඉස්සරහින්.)
කොන්දත් ගිහිල්ලා සර්ගෙන් සල්ලි ඉල්ලපි.
"
ළමයි, සල්ලි දීලා යන්න
."
අපට දැන් ඉස්සරහින් ඇහෙනවා.කොහොමින් හරි මාර දුරකතරක් ගෙවාගෙන අන්තිමට සල්ලිත් නොදී ආවා.ගුටිත් නොකා.
හික්z.
Monday, January 10, 2011
ආදරය දැනෙන්නේ හිතටද??
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/10/2011 03:27:00 PM
වර්ගීකරණ
ආදරේ,
මගේ අත්දැකීම්,
මගේ වැඩ,
විරහව,
සමාජයීය
2
ප්‍රතිචාර
ඊයේ කිව්වත් වගේ අද ලියන්න හම්බ වුනා.හැබැයි පිළිවෙල වෙනස් කරල ලියන්නේ.ඒ කියන්නේ අද ලියන්න යන්නේ ආදරය දැනෙන්නේ හිතටද? කියන කාරනේ ගැන.
මගේ අත්දැකීම් එක්ක ගනිද්දී මම දකින ආදරේ ප්‍රභේද දෙකටම මට අත්දැකීම් තියෙනවා.මුලින්ම ප්‍රභේද දෙක කියල ඉන්නම්කෝ.
1.රූපය ඇතිවන ආදරය (ඇඟට ආදරේ කරන එක.)
2.හිතට දැනෙන ආදරය (බොක්කට දැනෙන ආදරේ.)
මම නම් බොහෝවිට දකින්නේ ආදරේ කියලා ඔය මුලින් සඳහන් කරපු එක.ඒ කියන්නේ ඇඟේ ලස්සනට ආදරේ කරන එක.ඒක අතිශයින්ම තාවකාලිකයි.කෙටි කාලයකින් ඉවර වෙනවා.
කෙනෙකුට දුකක් හෙවත් අපේ බාසාවෙන් බූට් එක කන්න වෙන්නේ මේ ආදරේ හිඳා කියලා තමයි මටනම් හිතෙන්නේ.කෙනෙක්ගේ සතුටකට තවත් කෙනෙක් භාවිතා කරලා අන්තිමට එයාව නොසලකා හැරීමක් නේද මේ කරන්නේ...
දැන් ලියන්නම් දෙවෙනි එක ගැන.
මේ ආදරේ තමයි තමන් අනෙකාට ලබාදෙන්න ඕනේ.මෙහෙම ආදරේ තමයි සමාජයේ තරුණ තරුණියන් අතරේ නැත්තෙත්.ඉතින් මේ ගැන තෙරුම් ගන්න මේ වගේ ලිපියක් කියෙව්වටත් බැහැ.කොහොම වුනත් අනෙත් කෙනාට දුකක් නොදෙන්න ආදරේ කරන්න පුලුවන්නම් ඒක ඒ දෙන්නටම ගොඩාක් වටිනවා.
Sunday, January 9, 2011
කාලෙකින් ලිපියක්...
ලිව්වේ
Xpress (SiS™ )
ලිව්ව වෙලාව
1/09/2011 08:21:00 PM
වර්ගීකරණ
නිවේදන,
මගේ අත්දැකීම්,
මගේ වැඩ
0
ප්‍රතිචාර
හ්ම්..කාලයක්ම නිස්සද්දව හිටිය විභාගෙ පිට දාල.එහෙම කිව්වට සේප් වෙන්න නෙවෙයි.ඇත්තටම වෙලාවක් නැතුව හිටියෙ.හැබැයි හිතෙ නම් එක එක මාතෘකා වලින් ලිපි කීපයක්ම ඔලුව වටේ කැරකි කැරකි තිබුන.හිතේ තිබුනේ නම් විභාගේ ඉවර වුන හැටියේම ලිපි ටික දාන්න.අනේ මන්දා ඒකත් කල් ගියා.
මේපාරනම් ලිපි ලියන්න හිතන් ඉන්නේ වහින් ඔරෝ නෙවෙයි.කෙලින්ම තිතට.(දැන් ඉතින් ළමා ලපටි වයස පැනල.යමක් අමක් තේරෙනවනේ.)
ඉස්සරහට ලියන්න හිතන් ඉන්නව ලියන්න කියල පහත මාතෘකා හරහා මගේ මතය.ඒවයින් මගේ වැරදි අදහස් තියෙනම් හදාගන්නත් පුලුවන් වෙයි නේ.
ආහ් තව එකක්.ඒ මාතෘකා වලින් ගොඩක්ම ඒවා මම ලබපු අත්දැකීම් වලින් තේරුම් ගත්ත දේවල් කියලත් කියන්න එපාය.
ඔන්න එහෙනම් මාතෘකා ටික...
* දෑවැද්ද සහ විවාහය?
* ආදරය දැනෙන්නේ හිතටද??
* බඳින්න කලින් සුදුසුකම්???
සහ තවත් ඒව.ඉතින් මාතෘකා දැක්කහමම තේරෙනවනේ මොන වගේ තියරියක්ද තියෙන්නේ කියලා.ඕකට මුල් වෙච්ච අත්දැකීමත් මම ලිපි වල ලියලා ඇතිනේ.කැමතිනම් ඒ ලිපි මෙතනින් කියවන්න.පරණ ලිපි වුනත් ඔයාලගේ අදහස් වටිනවා.
එහෙනම් අදට ඇති.දැන් ඉතින් ඔයාලට පොරොන්දු වුනා වගේ ලිපි ටික ලියන්න ඕන.
හැමෝටම සුබ රාත්‍රියක්!!!
මේපාරනම් ලිපි ලියන්න හිතන් ඉන්නේ වහින් ඔරෝ නෙවෙයි.කෙලින්ම තිතට.(දැන් ඉතින් ළමා ලපටි වයස පැනල.යමක් අමක් තේරෙනවනේ.)
ඉස්සරහට ලියන්න හිතන් ඉන්නව ලියන්න කියල පහත මාතෘකා හරහා මගේ මතය.ඒවයින් මගේ වැරදි අදහස් තියෙනම් හදාගන්නත් පුලුවන් වෙයි නේ.
ආහ් තව එකක්.ඒ මාතෘකා වලින් ගොඩක්ම ඒවා මම ලබපු අත්දැකීම් වලින් තේරුම් ගත්ත දේවල් කියලත් කියන්න එපාය.
ඔන්න එහෙනම් මාතෘකා ටික...
* දෑවැද්ද සහ විවාහය?
* ආදරය දැනෙන්නේ හිතටද??
* බඳින්න කලින් සුදුසුකම්???
සහ තවත් ඒව.ඉතින් මාතෘකා දැක්කහමම තේරෙනවනේ මොන වගේ තියරියක්ද තියෙන්නේ කියලා.ඕකට මුල් වෙච්ච අත්දැකීමත් මම ලිපි වල ලියලා ඇතිනේ.කැමතිනම් ඒ ලිපි මෙතනින් කියවන්න.පරණ ලිපි වුනත් ඔයාලගේ අදහස් වටිනවා.
එහෙනම් අදට ඇති.දැන් ඉතින් ඔයාලට පොරොන්දු වුනා වගේ ලිපි ටික ලියන්න ඕන.
හැමෝටම සුබ රාත්‍රියක්!!!
Subscribe to:
Posts (Atom)