web 2.0

Sunday, January 3, 2010

ZENITH කොම්පියුටර්




හැමෝම දන්නවනේ Zenith computers? කාලෙකට ඉස්සෙල්ල ආපු නමක්.කොහොම නමුත් මම කියන්න යන්නේ මම දැකපු,ලෙඩ සනීප කොරපු සෙනිත් කොම්පියුටර් ගැන.

මම දැන් වෙනකම් කිසිම Zenith Computer එකක් දැකලා නෑ යහතින් වැඩ කරන.කොහොම උනත් මටනම් හිතෙන්නේ Zenith Computers කියන්නේ ලංකාවට ආපු තවත් Computer කුණුගොඩක් කියලා.අනික Computer ගැන දන්න කිසිම කෙනෙක් Zenith ගන්නවා කියලා මම හිතන්නේ නෑ.

මීට අවුරුද්දකට විතර කලින් ආපු ඒවත් දැන් එන Software වලට ඔට්ටු නෑ.මම දන්න එක මැසිමක් ගන්න දවස් වල XP වල එලටම වැඩ.දැන් වෙනකොට බූට් කරගන්නවත් බෑ.ඒ මදිවට හාඩ් එකේ වෙන මුකුත් ඇත්තෙත් නෑ.




තවත් Computer එකක මොනිටරේ පිස්සු කෙලිනවා.හරියට Warranty දෙන්නෙත් නෑ.අනේ මන්ද...Zenith Computers ගැන ඔයාල දරන ආකල්පය මම දන්නේ නෑ.නමුත් මම හිතන්නේ Zenith මැශින් කියන්නේ කුණුගොඩවල් කියන එක...ඒ මදිවට පිටරට වලින් ගෙන්වන භාවිතා කරපු කොම්පියුටර් නිසාත් කවදා හරි ලංකාව Digital කුණුගොඩක් වෙයි වගේ...

1 ප්‍රතිචාර:

Unknown said...

ඕක ඉන්දියන් භාන්ඩයක්. ඒජන්ත උන්නැහේලා කළින් හිටියේ කිරුළපන පැත්තේ. දැන් කොහෙද දන්නේ නෑ. අපේ ආයතනයට අවුරුදු ගාණකට කලින් පරිගණක වගයක් මිලදී ගැනීමට අවශ්‍යවෙලා මේ අයගෙන් Quatations ගත්තා. configurations වුනත් ඒකාලේ හැටියට අනිත් ඒවා එක්ක බැලුවම ඒ තරම් හොඳ නෑ. අපි ගත්තෙත් නෑ.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න